2019.01.03
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති උඩුගම්පොළගේ මරණය හා සමගාමීව විවිධ
පුද්ගලබද්ධ මත බුකියේ පළවනවා දුටිමි. ඇතැම් ඒවා දැනුම උදෙසා share කළෙමි.
නමුත් ඒ share කළ post වල තිබූ කරුණු මාගේ මතය බවට වැරදි වැටහීමක් ඇතිවිය
හැකි බැවින් ඒ පිළිබදව කෙටි සටහනක් තබමි.
1948න් පසු රටේ ප්‍රධාන
වශයෙන් කැරළි 3ක් ඇතිවිය. ඒ ජවිපෙ 71 කැරැල්ල, 88-89 කැරැල්ල සහ ඊළාම්
යුද්ධයයි. ඉන් එක් කැරැල්ලක් රටේ කොටසක වෙනම රාජ්‍යයක් බිහිකිරීම සදහාද
දෙකක් සමස්ථ රාජ්‍ය බලය ඇල්ලීම සදහාද විය. කැරළි සදහා පදනම් වෙනස් බවට තර්ක
ඉදිරිපත් වුවද භීතිය පතුරුවා අරමුණු ඉටුකරගැනීමෙ ක්‍රමය හෙවත් ත්රස්තවාදය
එම කැරළි තුනටම පොදු කරුණක් වූ බව පිළිගැනීමට සිදුවේ. ඒ ඒ කැරළි ඒ ඒ කාලවල
පැවැති රජයන් විසින් මර්දනය කිරීමට ක්‍රියා කරන ලදී.
කැරළි මර්දනය
කිරීමට රජයක් ක්‍රියා කිරීමේ කිසිදු වරදක් මම දකින්නේ නැත. යම් රජයකට
"පාඩුවේ සිට කැරළිකරුවන්ට බලය අත්පත් කරගැනීමට ඉඩදීමට තිබුණි" වැනි හෝ ඊට
සමාන නිගමන යෝජනා කෙරෙන තර්ක ඉදිරිපත් වුවද රජයක් කැරැල්ලක් මර්දනය නොකළ
යුත්තේය යන්න පිළිගතහැකි තර්කයක් නොවේ.
වරද ඇත්තේ කැරැල්ල මර්දනය
කිරීමට යොදාගන්නා උපාය උපක්‍රම වලය. නීතියක් පවත්නා රටක් වශයෙන් නීතියේ
රාමුව තුල සිටිමින් කැරැලි මර්දනයට අවශ්‍ය පියවර ගතයුතුව තිබුණද එම සීමාව
ඉක්මවා ගොස් ත්රස්තවාදයට ත්රස්තවාදයෙන් පිළිතුරු දෙන්නට යාම ඉහත කී කැරළි
තුනේදීම රජයන් කළ වරදකි. එය අසවල් කැරැල්ලේදී කමක් නැති බවත්, අසවල් එකේදී
එසේ කිරීම පමණක් වැරදි බවත් කීම හුදු පුද්ගල වාසිය මත පදනම් වූ ප්‍රකාශයක්
පමණි. උදාහරණයක් ලෙස ඕනෑම කැරළි මර්දන ක්‍රියාදාමයකදී හෝ යුද්ධයකදී සන්නද්ධ
කැරළිකරුවන් යුධබිමේදී. මරාදැමීම කිසිවෙක් අභියෝගයට ලක්කරන්නේ නැත. නමුත්
ජීවග්‍රහයෙන් පැහැරගෙන යාම, අත්අඩංගුවට පත්වූ පසු අධිකරණයට ඉදිරිපත්
නොකිරීම, දින ගණන් මාස ගණන් රදවාගෙන වධ හිංසාවට ලක්කිරීම, රදවාගෙන කප්පම්
ඉල්ලීම, අත්අඩංගුවේදී ඝාතනය කිරීම, අතුරුදන් කිරීම, ලිංගික වදහිංසා
පැමිණවීම යනාදී මෙකී නොකී කාරණා කුමන තත්වයක් යටතේ වුවද සාධාරණීකරණය කළ
නොහැක. ඒවා කවුරුන් සිදුකළද වැරදිය. ත්රස්තවාදී සංවිධානයක් එසේ කරන නිසා ඊට
පිළිතුරු ලෙසයැයි කියමින් හෝ ඒවා සිදුකළ නොහැක.
එබැවින් යමෙකු
කුරිරු පරපීඩාකාමිත්වයට විරුද්ධ වන්නේ නම් විරුද්ධ විය යුත්තේ එවැනි පුළුල්
පදනමකින් මිස තෝරාගත් එක එක්කෙනාට වච්චිල් දෙමින් නොවේ. නමුත් ඉහත කී
කැරළි තුනේදීම, රජයන් විසින් ක්‍රියාත්මක කරන ලද මර්දන ක්‍රියාදාම තුල
ඉහතකී කාරණා අන්තර්ගතව තිබුණි. ඒවා සදහා කැරළි තුනටම පොදුවේ ඒකමතික
විරෝධයක් ඉදිරිපත් කලෝ අතලොස්සක් පමණක් විය.
මාගේ මතය අනුව
කෲරත්වයට විරුද්ධ වන්නාට උඩුගම්පොළගේ සහ සුනිල් රත්නායකගේ වෙනසක් පෙනිය
නොහැකි අතර ඔවුන් දෙදෙනාගෙන්ම, නිරෝ, හසලක ගාමිණී, ඩෙන්සිල් කොබ්බෑකඩුව,
ෆස්ලි ලෆීර්, කමල් ගුණරත්න ආදීන් වෙනස් වන්නේ කෙසේදැයි මනාව අවබෝධ විය
යුතුය. නමුත් එය අවබෝධ කරගන්නෝ තබා අවබෝධ කරගැනීමට උත්සාහ දරන්නෝද
අතලොස්සකි.
එයට හේතුව අතිමහත් බහුතරයක් ඒ දෙස පුද්ගලබද්ධ
දෘෂ්ටිකෝණයෙන් පමණක් බැලීම වේ. මතවාදීව විරුද්ධ වුවද අනෙකාටද රිදීම, සිත්
වේදනාව, ආදරය, තරහව, වෛරය, අපේක්ෂා භංගත්වය වැනි හැගීම් ඇති බවත් එම හැගීම්
සිත්තුල දැරීමට සියල්ලන්ට සීමානොහැකි අයිතියක් ඇති බවත් වටහා ගැනීමට එකී
පුද්ගලබද්ධ දෘෂ්ටිය මහත් බාධාවකි.
මම මළ මිනිස්සුන්ට අපහාස කරන්නේ
නැත. මිනිසෙකුගේ මරණයක් සන්තෝෂයට කාරණයක් කරගැනීමට තරම් කුරිරු සිතක්ද මට
නැත. උඩුගම්පොළ මා පුද්ගලිකව අදුනන්නේද නැත. එබැවින් ඔහුගේ මරණය පිළිබඳව මා
හට ඇත්තේ උදාසීන හැගීමක් පමණි. නමුත් ඒ මළමිනිසා පිටුදැකීමට සුජාත
අයිතියක් ඇත්තේ කෲරත්වයට භේදයකින් තොරව පොදුවේ විරුද්ධ වන සැබෑලෙසම
මනුෂ්‍යත්වය අගයන්නන්ට පමණක් බව අවධාරණය කරමි. තමාගේ එකාට හානියක් වනවිට
පමණක් රෙද්ද උස්සාගෙන එන, අනෙකාට හානි වන විට නෑසුකන්ව සිටින හෝ හුරේ දමන
භාග මිනිසුන්ට ඒ අයිතිය නැත.
ඒ පිළිබඳව විදර්ශන ප්‍රකාශන අධිපති ජනක ඉනිමංකඩ මහතා පහත පරිදි ලියා තිබෙනු දැක මමද එය share කළෙමි:-
"අර හැටදාහ දෙමළ වුණානම් අරය යන්නෙ ආචාර වෙඩිමුර මැද"
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Wednesday, April 15, 2020
වාලම්පුරි අර්බුදය
කලකට ඉහත තිරගත වූ අමීර් ඛාන් රගන PK චිත්රපටයේ එක්තරා ජවනිකාවක මෙසේ සිදුවේ.
එම චිත්රපටය අනුව ඉන්දියාවේ ප්‍රසිද්ධ පූජකවරයකු වන තපස්වී හමුවීමට වයස්ගත පුද්ගලයෙකු පැමිණේ. ඔහුගේ බිරිද දැඩිලෙස අසනීප බව පවසන ඔහු තපස්වී වෙතින් පිහිටක් ඉල්ලා සිටියි. තපස්වී කියා සිටින්නේ හිමාලය ආසන්නයේ පිහිටි එක්තරා දෙවොලක් වෙත පා ගමනින් ගොස් යම් බාරයක් ඔප්පු කළ විට බිරිඳ සුව වනු ඇති බවයි. එහිදී හදිසියේ ඉදිරිපත් වන PK පෙරකී වයස්ගත තැනැත්තාට කියා සිටින්නේ ඔහු තපස්වී ප්‍රකාශ කරන බාරය ඔප්පු කළ විට බිරිඳ නිසැකවම සනීප වන බවට තපස්වී වෙතින් රිසිට් පතක් ලබාගන්නා ලෙසයි.
අප සියල්ලෝම පාහේ යම්තාක් දුරට එසේය. දේවවාදය හෝ අද්භූත ගුප්ත විද්‍යාව සපුරා ප්‍රතික්ෂේප කරන අයට පවා ඉතා අසරණ වූ අවස්ථා වල "අනේ දෙවියනේ" කියැවෙන්නේ නිතැතිනි. එබැවින් එය විශ්වාසය සම්බන්ධ කාරණයකි. අසරණ වූ අවස්ථා වලදී සහ තමන් සිදුකරන කටයුතු සාර්ථක කරගැනීමෙහිලා ධනාත්මක හැගීමක් සිතෙහි ඇතිකරගැනීම සදහා බොහෝ දෙනා එවන් ප්‍රතිකර්ම වලට යොමු වෙති. ඒවායේ ඇති විද්‍යාත්මක බව හෝ යථාර්ථවාදී බව වෙනම කතාකලයුතු කරුණකි. නමුත් පුද්ගලිකව ආගමික විශ්වාසය මත ඉටුකල යුතුයැයි කෙනෙකු කල්පනා කරන පිළිවෙත් ආදිය අනෙකෙකුට බාධාවක් නොවන සීමාව තුල ඉටුකිරීමට ඕනෑම පුද්ගලයෙකුට අයිතියක් තිබේ.
මේ දිනවල ව්‍යාජ වාලම්පුරි අලෙවි කළ අයෙකු අත්අඩංගුවට පත්වීම පිළිබදව ඉතා තදබල කතාබහක් සමාජයේ ඇතිවී තිබේ. "ව්‍යාජ වාලම්පුරි" කියූ පමණින් මාගේ මනසට පැමිණි ප්‍රශ්නය වූයේ "සැබෑ වාලම්පුරි" මොනවාද යන්නයි. ඒ පිළිබඳව පිළිගතහැකි නිර්වචනයක් ඇත්තේ කොහේද යන්න ප්‍රශ්නයකි. ඇතැම් කෙනෙකුට ස්වභාවිකව මුහුදෙන් ලබාගත් වාලම්පුරි සැබෑ වාලම්පුරි ලෙස තර්ක කළ හැකි වුවද, මෙහිදී ප්‍රශ්නගත ආගමික විශ්වාසය තුල සැබෑ වාලම්පුරි අනුව යමින් පැරිස් බදාමයෙන් නිපදවන ලද අනුරූ පවා ප්‍රමාණවත් බවට තර්කයක්ද ඉදිරිපත් විය හැකිය. එනම් මෙහිදී නීත්‍යානුකූලත්වය හා නීති විරෝධීත්වය අතර ඇති රේඛාව පැහැදිලි නැත.
යම් අයෙකුට යම් භාණ්ඩයක අනුරුවක් පැරිස් බදාමයෙන් තනා විකිණීමට කිසිදු නෛතික බාධාවක් නැත. එමෙන්ම කැමති කෙනෙකුට ඒවා මිළදී ගැනීමටද බාධාවක් නැත. ගැටලුව ඇත්තේ සැබෑ ලෙස මුහුදෙන් ලබාගත් වාලම්පුරියක් හෝ බෙල්ලෙකු හෝ හක් ගෙඩියක් ලෙස මවා පෙන්වා අනුරුවක් අලෙවි කළේනම් පමණි.
එය මිත්‍යාව නම් එය දුරු කළ යුත්තේ අවබෝධය තුලිනි. එසේ නොමැතිව හුදෙක් ව්‍යාජ වාලම්පුරි විකිණුවේයැයි කීම තුලින්ම සැබෑ ආශ්චර්යමත් වාලම්පුරි ඇත්තේය යනුවෙන් වූ මතයක්ද වක්‍රව සමාජගත වීම නොවැලැක්විය හැකිය. එවැනි පුද්ගලබද්ධ විශ්වාස මත පදනම් වූ කරුණකට නෛතික පිළිගැනීමක් ලැබීම යහපත් ප්‍රවණතාවයක් නොවේ.
මෙවන් අවස්ථා වල ගැණුම්කරුවන්ද බොහෝ ප්‍රවේශම් විය යුතුය. තමා යම් අයෙකුට මුදලක් ගෙවා යම් භාණ්ඩයක් හෝ සේවාවක් මිළදී ගන්නේ නම් එය මිළදී ගන්නේ කාගෙන්ද, ඔහු විශ්වාසවන්තද, පූර්ව කල්ක්‍රියාවන් කෙබදුද යනාදී කාරණා පිළිබඳව සැළකිලිමත් වීමේ වගකීමක් ගැණුම්කරුවන්ටද ඇත. එය වාලම්පුරි වැනි ඇදහිලි විශ්වාස මත පදනම් වූ නිෂ්පාදිත සදහාද එකසේ අදාළ වන්නේය.

ඝරසරප
ඝරසරප
ඇවිත් අව්රුද්දක් පමණ ගතවෙලා තිබුණත් මට ඒක බලන්න බැරි වුණු හේතු දෙකක්
තිබ්බ. පළවෙනි හේතුව කාර්යබහුලත්වයත් එක්ක දැන් ඉස්සර වගේ හිතූ හිතූ හැටියට
චිත‍්‍රපට බලන්න වෙලාවක් නැති එක.
දෙවෙනි හේතුව තරමක් මෝඩ වගේම judgemental හේතුවක්. ඒ තමයි ඝරසරප නිෂ්පාදකවරයා පිළිබදව මගේ හිතේ මැවී තිබූ චිත‍්‍රය හරහා ඔහුගේ චිත‍්‍රපටය පිළිබදවත් මට නොදැනීම මම යම් මැණීමක් ඇතිකරගෙන තිබීම. ඝරසරප නිෂ්පාදකයා අර්ජුන් කමලනාත්. ඔහු ගෑවිලා නිසා එතරම් ගැඹුරක් නොමැති නිර්මාණාත්මක ගුණයක් නැති සිනමා නිර්මාණයක් වෙන්න ඇති කියන හැගීම මටත් නොදැනිම හිතේ පැළපදියම් වෙලා තියෙන්න ඇති.
නමුත් අත යූ ටියුබ් හරහා ඝරසරප බැලුවාම ඒ පූූර්ව නිගමනය වැරදි බව මටම වැටහුණා. කාලයකට ඉස්සර ආසාවෙන් බලපු දඩුබස්නාමානය අකාල සන්ද්‍යා වැනි ජයන්ත චන්ද‍්‍රිසිරිගේ නිර්මාණවල තිබුණ ඒ අසහාය නිර්මාණාත්මක ගුණය ඝරසරප ඇතුලටත් මැනවින් කවල තිබ්බ.
ඒ සුපිරි මෙහෙයවීම යටතේ ජැක්සන් කමල් අද්දරආරච්චි සංගීතා විතරක් නෙවෙයි චිත‍්‍රපටය පුරාම වචනයක් වත් කතා නොකරන වසන්ත විට්ටච්චි පවා තමන්ගෙ උපරිමය දීල තිබ්බ.
කාලෙකට කලින් ඝරසරප ගැන කතාබහක් අඇහුණ වෙලාවක කෙනෙක් කියනව මං අහගෙන අප්පෝ අමූලික බොරුවක්නෙ තියෙන්නෙ කියල. ඉතිං මොකද චිත‍්‍රපටයක් මිත්‍යාවෙන් තොර වෙන්නය කියල කොහෙවත් නෑනෙ

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම
2019.01.16
විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සහ නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය අද ඊයේ ඇතිවූ කතාබහක් නොවේ. එය 1978 පටන් මේ දක්වාම සෑම ප්‍රධාන මැතිවරණයකදීම යටත් පිරිසෙයින් එක පක්ෂයක හෝ ප්‍රධාන සටන් පාඨය බවට පත්විය. 2005න් පසු සෑම ප්‍රධාන මැතිවරණයකදීම ප්‍රධාන පක්ෂ දෙකම එම සටන්පාඨය භාවිත කර ඇත. ඒ අනුව විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම යනු 1978න් පසු ශ්‍රී ලංකාවේ දේශපාලන වේදිකාවෙන් ගිලිහී නොගිය සටන්පාඨ අතලොස්සෙන් එකකි. නමුත් පොරොන්දු කෙසේ වුවද සෑම අවස්ථාවකම විධායක ජනාධිපති ධුරය හොබවන පක්ෂය මැතිවරණයෙන් පසු එක්කෝ ඍජුවම නැතිනම් වක්‍රව එකී පොරොන්දුව ඉටු නොකර සිටීමට පොටක් පාදාගැනීමට වෑයම් කිරීම සාමාන්‍ය තත්වයක් බවට පත්වී තිබේ. ඒ අනුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සටන්පාඨය ඇතැම් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් උපක්‍රමිකව ජනතාව ඇන්දවීම සදහා භාවිතා කර ඇතිවා මිස සත්‍යවාදීව එය ඉටුකිරීමේ සැබෑ වුවමනාවෙන් සිදු කළදෙයක් නොවන බව මනාව පැහැදිලි වේ. හාස්‍යජනක කාරණය වන්නේ ඇතැම් පාර්ශව කිසිදු හිරිකිතයකින් තොරව තමන් මැතිවරණ පොරොන්දුවක් වශයෙන් කියූ ඒ ගජබින්නය සාධාරණීකරණය කිරීමය. මෙය තවත් කෙතක් කල් නම් ඇදී යාදැයි දන්නේ දෙවියන් පමණි.
විධායක ජනාධිපති ධුරයේ මහිමය කෙතෙක්දැයි මනාව ජීවමාන උදාහරණ සහිතව පෙන්වූයේ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. මළපහ කර ඒ මළ තමාගේ සියොළඟද ගාගෙන වටේ සිටින සිල්ලන්ගේද ගාන්නේ කෙසේදැයි ඔහු මනාව නිරූපණය කර පෙන්වන ලද්දේය. ජනාධිපති සිරිසේන ධුරයට පත්වන අවස්ථාවේ ඔවැනි විකෘතියකින් පෙළුණේ නැත. ශ්‍රී ලංකාවේ අවසාන විධායක ජනාධිපතිවරයා තමා බවට ඔහු සැබැවින්ම ඍජු සහ ස්ථිරසාර ප්‍රතිඥාවක් ලබාදුන්නේය. 19 වැනි සංශෝධනය හරහා තමා පොරොන්දු වූ මගෙහි යම් දුරක් ගමන් කිරීමද කළේය. එසේනම් එහෙව් මෛත්‍රීපාල සිරිසේන අද සිටින ඔරංඔටන් බවට පත්වූයේ කුමන වෛරසයක් ශරීරගත වීමෙන්ද? එය නම් බලයයි. විධායක ජනාධිපතිධුරයේ ඇති පුද්ගලයෙකුට දරාගත නොහැකි තරමේ අප්‍රමාණ බලය මහින්ද රාජපක්ෂව සිය දෙවැනි ධුර කාලයේදීද මෛත්‍රීපාල සිරිසේන සිය පළමු ධුර කාලයේදීමද බල උන්මන්තකයන් බවට පත්කලේය. එපමණක් නොව එජාප නායක රනිල් වික්‍රමසිංහවද my precious කියමින් විධායක ජනාධිපති ධුරය පසුපස හැල්මේ ගාටන ස්මීගොල් කෙනෙකු බවට පත්කළේය.
විධායක ජනාධිපති ධුරය යනු කෙතරම් බරපතළ වෛරසයක්දැයි වටහා ගන්නට වෙනත් උදාහරණ නුවුවමනාය. තවද එය අහෝසි කළ යුත්තේ මන්ද යන කාරණය සම්බන්ධයෙන් 1978 සිට එකතු වූ මෙහි සදහන් නොකළ හේතු සහ තර්කයන් තවත් කොතෙකුත් තිබේ.
එවැනි මුවවිටකට පැමිණ තිබෙන මේ අවස්ථාව උදාකරගන්නා ලද්දේ දවසකින් දෙකකින් නොව දශක හතරක සිට පියවරෙන් පියවරය. ඒ දශක හතර තුලදී එකම වතාවක් හෝ විධායක ජනාධිපති ධුරය පිළිබඳව කතිකාවට කිසිදු ලෙසකින් සම්බන්ධ නොවූ පිරිස් හිටි අඩියේ කුලප්පු වී මේ මොහොතේ රටේ ඊට වඩා ප්‍රමුඛතා ඇති බව පෙන්වීමට යාම සැබැවින්ම හාස්‍යජනකය. ඒ හාස්‍යජනක බවට ගිහි පැවිදි භේදයක් නැත. (මෙතැනදී මා හාස්‍යයට ලක්කරන්නේ දිගින් දිගටම විධායක ජනාධිපතිධුරය පිළිබඳව කතිකාවේ සිටිමින් එය අවශ්‍ය බවට තමන්ගේම පදනම් සහිතව තර්ක කළ අයව නොවන බව අවධාරණය කරමි)
පවත්නා ව්‍යවස්ථාව සංශෝධන 19කින් විකෘති වී තිබේ. එබැවින් නව ව්‍යවස්ථාවක් මේ රටට අවශ්‍යය. එය කුමක් විය යුතුද යන්න තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුව විසින් තුනෙන් දෙකේ බලයකින් සහ ජනමතවිචාරණයකිනි. දැනට පවත්නා ආණ්ඩුවට තුනෙන් දෙකක් නැත. නව ව්‍යවස්ථාව හෝ එහි යම් යම් ප්‍රතිපාදන අනුචිත වේ නම් ඒවාට තුනෙන් දෙක අහිමි කර පරාජය කරවීම මිස තැන් තැන්වල බැණ බැණ යාමේ කිසිදු පළක් නැත.
තවද නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක්කරන බොහෝ දෙනා එහි කෙටුම්පතක ඇතැයි කියන බොහෝ කරුණු ගැන කිය කියා යනු පෙනේ. මෙයද සත්‍යවාදී විවේචනයක් නොවන්නේ තවමත් එවැනි කෙටුම්පතක් මෙලොවට බිහිවී නැති බැවිනි.
දෝෂාරෝපණය කරන බොහෝ දෙනා තවම කෙටුම්පතක් නැති බවත් ඉදිරිපත් කර ඇති කමිටු වාර්තාවේ ඇත්තේ යෝජනා බවත් ඒවා රට පුරා ප්‍රසිද්ධ සැසි පවත්වමින් ජනතාවගෙන් එකතු කළ යෝජනා බවත් ඒවා අතර එකිනෙකට විකල්ප යෝජනාද ඇති බවත් දන්නා බවක් හෝ නොපෙනේ.
හුදෙක් තමන් නියෝජනය කරන යම් දේශපාලන කණ්ඩායමක් හිතූ හිතූ ලෙස පළකරනු ලබන අදහස් ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් පරම සත්‍යය ලෙස ගෙන කටයුතු කිරීමෙන් පෙනීයන්නේ ශ්‍රී ලාංකිකයා කෙතරම් අවිචාරවත්ද යන්නය.
ව්‍යවස්ථාව සැකසීමට හෝ එහි ඇති ප්‍රතිපාදන සදහා සියල්ලෝම එකග විය යුතු නැත. ඒ සම්බන්ධයෙන් විසම්මුතික මතවාද සහ ප්‍රතිතර්ක තිබීම අත්‍යවශ්‍ය වේ. වඩා ඵලදායි අග්‍රඵලයක් ළගාකරගැනීමට එය තිබිය යුතුමය. නමුත් එම ප්‍රතිතර්ක සහ විසම්මුතික මත හුදෙක් කියන්නන් වාලේ කියන දේවල් නොව නිසි පදනමක් සහ සත්‍ය කරුණු මත පදනම් වූ සබුද්ධික ඒවා වීම අත්‍යවශ්‍ය වේ.

හාල්මැස්සො-කරවල
පුංචි කාලෙ ඉදලම මම මස් මාළු වලට වඩා ආසාවෙන් බත් කෑවෙ හාල්මැස්සො-කරවල
එක්ක. හොදට කෑලි මිරිස් ටිකක්, හීනියට කපපු රතුළූනු ගෙඩි දෙකක් විතර දාල
යාන්තමට කරවෙන ගානට බැදල ගත්තාම කන එකයි ඇත්තෙ. විවිධ මස් වර්ග වාරණයකින්
තොරව රස බලල තිබුණත් අදටත් මොනවද කන්න ආසම කියල ඇහුවාම බැදපු කරවල හරි
හාල්මැස්සො හරි එක්ක පොල් සම්බෝලයි පරිප්පු හොද්දයි බතුයි මගෙ ප්‍රියතම කෑම
ලැයිස්තුවේ ඉහළින්ම තියනව. ඔය කරවල හාල්මැස්සො බැදුම් වලට මුරුංගා කොළ
(කතුරුමුරුංගා නෙවෙයි) දාල බැදගත්තාමත් තියෙන්නෙ අමුතුම රහක්.
ඒ වුණත් විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබලා කොළඹ ගියාට පස්සෙ ඔය කෑම වට්ටෝරුව වෙනස් කළා නෙවෙයි කරන්න සිද්ධ වුණා. මොකද කොළඹදි බත් කිව්වොත් බීෆ්, චිකන්, පෝක්, ෆිෂ් සහ බිත්තර කෑම තමයි තියෙන්නෙ. ආය තියෙන්නෙ ෆ්‍රයිඩ් රයිස් තමයි. එතැනින් එහාට තෝරාගැනීමක් කරන්න කෑම වර්ග අඩුයි. ඉතින් සල්ලි අතේ තියන දවසට තුන්වේලටමත් නැති දවසට දෙවේලකට හෝ තනි වේලටත් ඔය කීපය අතරින් එකක් එක්ක තමා කන්න වෙන්නෙ.
ඔව්. සල්ලි නැති දවස් ඕන තරම් තිබුණා. උදේට නැගිට්ටම වැඩිපුර බඩගිනි නම් කන්නත් සල්ලි හිග නම් දවල් වෙනකල්ම එහෙමම නිදාගෙන 11ට විතර ඇහැරලා දවල්ටම කාපු දවසුත් තිබුණ.
හොස්ටල් එකට ගියපු මුලු දවසවල කෑවෙ කැන්ටිමෙන්. එතනින් කන එක සතියෙන් එපා වුණා. බලාගෙන ඉද්දි කෙට්ටු වුණා. ඊට පස්සෙ ගියෙ නාලන්දාවට එහා පැත්තෙ තිබුණ කර්ෂියට. එතනිනුත් වැඩි දවසක් කන්න පුළුවන් වුණේ නෑ. ඊට පස්සෙයි පුංචි බොරැල්ල හන්දියෙ තියන කඩවලට යොමුවුණේ.
වැඩියෙන්ම කෑවෙ මාළු කෑම. මාළු හෝ බිත්තර කෑම කනවනම් මම වගේම පුංචි බොරැල්ල කිත්‍යාකර නේවාසිකාගාරයෙ හිටපු වැඩිදෙනෙකුගෙ තේරීම වුණේ බෝගහ ගාව තිබුණ පරණ මාතර බත්කඩේ. එතන තිබුණ පිරිසිදු කමේ ප්‍රශ්න හින්ද මාස දෙකකට තුනකට සැරයක් PHI පැනල කඩේ වහනව. සතියක් දෙකක් වහල තිබිල ආයෙත් අරිනව. මොනව වුණත් ඇරිය ගමන් අපිත් ආයෙමත් යනව. ගෙවන මුදලට කටට රසට සැරට කන්න තිබුණෙ එතනම විතරයි.
රයිස් කනවනම් ගියෙ මාදම්පා එකට හරි පැරිෂින් එකටහරි. ඒක ඒ ඒ අවස්ථානුකූලව සල්ලි අතේ ගැවසෙන විදියට වෙනස් වුණා.
චිකන් කෑම කන්න තැන් දෙකක් තිබුණ. ඒ කළු ඇන්ටිගෙ කඩෙයි සෙක්සි ඇන්ටිගෙ කඩෙයි. (සෙක්සි ඇන්ටි කිව්වෙ ස්කිනි අදින අවුරුදු 70ක විතර ඇන්ටි කෙනෙක්) ඇන්ටි ඒ කඩ දෙකේම කෑම ටිකක් මිළ අධිකයි. නමුත් එක බත් එකට චිකන් කෑලි දෙකතුනක් හම්බ වෙන හොදට රම්පෙ කරපිංචා තුනපහ දාල හදපු ඒ බත් එක අඩුම ගානෙ රෑ වේලට හරි කන්නයි අපි හැමදාම ට්‍රයි කලේ.
ඔහොම ඉන්නකොට ෆැකල්ටියෙ ෆොටෝකොපි සෙන්ටර් එක කරපු ශ්‍රීනාත් අයිය බත් කඩයක් දැම්ම. අපිට කිව්ව "කෑම එක රුපියල් සීයයි උඹල ඇවිත් ඇතිතරම් බෙදාගෙන කාපල්ල" කියල. ඉබ්බා දියේ දැම්ම වගේ. අපි මාස තුනක් විතර හිතේ හැටියට කෑව. ශ්‍රී අයියට කඩේ වහන්න වුණා.
ආය කන්න තැනක් තිබ්බෙ මැගසින් බන්ධනාගාරයෙ. ඒකෙ ආපන ශාලාවෙ කෑම එකක් වුණේ රුපියල් හතලිහයි. චිකන් බීෆ් ඕන එකක් තිබුණ. ඒත් තිබුණ ගැටලුව තමයි දුර. මීටර් අටසීයක් විතර පයින් ගිහින් කෑම කාල ආපහු එනකොට ආය බඩගිනි. ඉතින් මම වැඩේ අතෑරල දැම්ම.
ඔය කොතනින් කෑවත් හාල්මැස්සො කරවල වලට තිබුණ බැදීම ලැදියාව අඩු වුණේ නෑ. ඒව තියන කෑම කඩයක් කොළඹින් හම්බ වුණෙත් නෑ. ඔහොම ඉන්නකොට දවසක් අතේ සල්ලි තිබුණෙ රුපියල් සීයයි. ටවුන් හෝල් එක ගාවින් බැස්සම තව රුපියල් අනූ දෙකක් ඉතුරුයි. රුපියල් දෙක ඉතුරු දුන්නෑ. ඉතිං අනූවයි. රුපියල් දෙකට කොන්දගෙන් ගේම ඉල්ලන්නවත් හිතෙන්නෙ නැති තරම් බඩගිනි. කැම්පස් එක ළගට යනකොට ඉතිරි වෙන්නෙ අසූවයි. මොකද කරන්නෙ කිය කිය හිතන ගමන් බහිනකොට තමයි එතන පෙට්ටි කඩේක තිබුණ බත් පැකට් දැක්කෙ.
"අංකල් මේ කෑම කීයද?"
මං ඇහුවෙ කීය වුණත් කන්න හිතාගෙන.
"හතලිහයි පුතා. ඕක කන්න එපා. මේක තිස්පහයි. මේක කාල බලන්න. රසයි. ගෙදරින් හදාගෙන එන කෑම එකනෙ"
"මොනවද තියෙන්නෙ අංකල්?"
"අල තියනවා කැකිරි තියනවා කරවල තෙල් දාලා තියනවා. කන්න. රසයි"
අංකල් ආයෙත් කිව්වා.
කොළඹ කෑමවල කොහෙද කරවල බැදුං. මට ඒ වචනෙ අහද්දිත් ඇග කිළිපොලා යනව. වැඩිය හිතන්නෙ නැතුව මම බත් එකක් අරන් එතන තිබුණ පුංචි ලී බංකුවෙ වාඩි වුණා. ඇත්තම තමයි. කෑම එක මාර රසයි. මම ඇටයක්වත් ඉතුරු නොකර කෑව.
"ඇත්තටම රසයි අංකල්" මම සල්ලි දෙන ගමන් කිව්ව.
"ඒකනෙ පුතා කියන්නෙ. කොළඹ ආපුහම පොඩි කඩේකින් කන්න. පිරිසිදුයි. රසයි" අංකල් හිනා වෙලා කිව්ව.
එදා ඉදන් මම හාල්මැස්සො කරවල කන්න හිතුණාම අංකල්ගෙ පෙට්ටි කඩෙන් කන්න පටන්ගත්ත. කොළඹින් එනකල්ම අඩුම ගානෙ සතියකට සැරයක්වත් ඒ කඩෙන් කෑව.
ළගදිත් එතනින් වාහනේ යනකොට අර පරණ විදියටම අංකල්ගෙ පෙට්ටි කඩේ දැක්ක. ආසයි ආපහු එතනින් කන්න.

First Man
First Man (2018) යනු විශිෂ්ට සිනමා නිර්මාණයකට වඩා අධ්‍යාපනික
වටිනාකමකින් යුතු documentary ගණයේ සිනමා කෘතියකි. සද මත පා තැබූ පළමු
මිනිසා වන Neil Armstrongගේ චරිතය ආශ්‍රිතව සදගමන සම්බන්ධ සිද්ධීන් දාමයක්
හම චිත්රපටියෙන් නිරූපණය කර ඇත.
සද ගමන කීදෙනෙකුගේ කැපවීම් සහ ජීවිත පරිත්‍යාග වලින් ලබාගත් ජයග්‍රහණයක්ද යන්න එහිදී මැනවින් පෙන්වා ඇත. චිත්රපටිය නරඹා අවසානයේ මට සිතුණේ එය ලැප්ටොප් පරිඝනකයකින් නරඹනවා වෙනුවට 3D තාක්ෂණය යටතේ සහ Digital Surround sound තාක්ෂණය සහිතව නැරඹුවේ නම් ගගනගාමියෙකු ගුවන්ගත වීමකදී සහ අභ්‍යාවකාශයේදී මුහුණදෙන අත්දැකීම යම් ආකාරයකට සජීවීව වින්දනය කිරීමට එය මග පාදනු ඇති බවයි.
කෙසේ වෙතත් සද ගමන ගැන සැබෑ උනන්දුවක් දක්වන තැනැත්තෙකු හැර සාමාන්‍ය සිනමා ලෝලියෙකු මෙම චිත්රපටිය නැරඹීම අතරමග නවත්වා දැමීමට බොහෝදුරට ඉඩ තිබේ.
සදගමන විශාල පිරිවැයක් දරා සිදුකරන ලද දැවැන්ත ක්‍රියාදාමයක ප්‍රතිඵලයකි. එය ආරම්භයේ සිට අවසානය දක්වාමත් ඉන්පසුවත් මුදල් නාස්තියක් වශයෙන් දැඩි විවේචනයට ලක්වී ඇත. ඉහත කී සිනමා නිර්මාණය තුල whitey's on the moon නම් පහත දැක්වෙන ගීතය යොදාගෙන ඇත්තේ රටේ මුදල් වියදම් කළ යුතු ප්‍රමුඛතාවයන් පසෙක තිබියදී අභ්‍යාවකාශ ගවේෂණ සදහා විශාල මුදලක් වෙන් කිරීම සම්බන්ධයෙන් එල්ල වූ මහජන විරෝධතා නිරූපණය කිරීම සදහාය. එය සැබැවින්ම අසා/කියවා බලන්නට වටිනා ගීතයකි.
A rat done bit my sister Nell.
(with Whitey on the moon)
Her face and arms began to swell.
(and Whitey's on the moon)
I can't pay no doctor bill.
(but Whitey's on the moon)
Ten years from now I'll be payin' still.
(while Whitey's on the moon)
The man jus' upped my rent las' night.
('cause Whitey's on the moon)
No hot water, no toilets, no lights.
(but Whitey's on the moon)
I wonder why he's uppi' me?
('cause Whitey's on the moon?)
I was already payin' 'im fifty a week.
(with Whitey on the moon)
Taxes takin' my whole damn check,
Junkies makin' me a nervous wreck,
The price of food is goin' up,
An' as if all that shit wasn't enough
A rat done bit my sister Nell.
(with Whitey on the moon)
Her face an' arm began to swell.
(but Whitey's on the moon)
Was all that money I made las' year
(for Whitey on the moon?)
How come there ain't no money here?
(Hm! Whitey's on the moon)
Y'know I jus' 'bout had my fill
(of Whitey on the moon)
I think I'll sen' these doctor bills,
Airmail special
(to Whitey on the moon)

A Private War
මරී
කොල්වින් යැයි කියූ පමණින් ඔබට ඇයව සිහියට නැගේ යැයි මම නොසිතමි. නමුත්
2001 දී ශ‍්‍රී ලංකා රජයේ අවසරයක් නොමැතිව උතුරේ එල් ටී ටී ඊ පාළන
ප‍්‍රදේශවල වාර්තාකරණයේ යෙදෙමින් සිටියදී අත් බෝම්බ ප‍්‍රහාරයකින් ඇසක්
අහිමි කරගත් බ‍්‍රිතාන්‍ය සන්ඩේ ටයිම්ස් මාධ්‍යවේදිනිය කියූ විට ඇය
පිළිබදව යම් මතකයක් අවදි වනු ඇත.
ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවට හොරෙන් උතුරට රිංගා ප‍්‍රභාකරන් හා තමිල් චෙල්වම්ගේ පට්ට බේගල් සත්‍යාපනය කිරීම සදහා ඔත්තු බලමින් සිටියදී ඇසකට කෙළවාගෙන තව මදිවී ඩොලර් වලට අනුන්ගේ මගුල් හොයන්නට ගොස් 2012 වසරේ සිරියාවේදී විහින් කෙළවාගත් සුදු බැල්ලිය යනුවෙන් බොහෝ දෙනා හැදින්වූයේ ඇය බව කී විට නම් ඇය කවුදැයි සිහිපත් වනු නියතය. ඔව්. ඇය මියගිය බව වාර්තා වූ පසුව මාගේ එක්තරා ෆේස්බුක් මිතුරෙකු ඇය ගැන සටහනක් තබා තිබුණේ එසේය. A Private War යනු ඇයගේ කතාවය.
යුද්ධයකදී හෝ අරගලයකදී නොව වෙනත් කටයුත්තකදී පවා මාධ්‍ය වාර්තාකරණයේ භූමිකාව කුමක්දැයි ශ‍්‍රී ලංකාවේ වැඩිදෙනාට තවමත් අවබෝධයක් නොමැත. එක් පාර්ශවයකට හෝ පුද්ගලයෙකුට වාසි සහගත වන අයුරින් කරුණු වාර්තා කිරීම ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය භාවිතාවේ සාමාන්‍ය තත්වය වන අතර ඇතැමුන් එය ජාතික මෙහෙවරක් ලෙසද කල්පනා කරනු පෙනේ.
වරප‍්‍රසාද ලත් පාර්ශවයේ හෝ පුද්ගලයාගේ කතාව කියන්නට හෝ වාර්තා කරන්නට ප‍්‍රමාණවත් මාධ්‍ය ආවරණයක් හැමවිටම ලැබේ. නමුත් වරප‍්‍රසාද අහිමි ප‍්‍රසිද්ධියේ මාධ්‍ය ඉදිරියට පැමිණීමට නොහැකි පාර්ශවයන්ට හා අදාළ අරගලයන්ට කිසිදු සම්බන්ධයක් නැති අහිංසකයන්ටද කියන්නට කතාවක් ඇත. බොහෝ විට මරී කොල්වින්ගේ භූමිකාව වූයේ යම් සිද්ධියක එම නොඇසෙන නොපෙනෙන පැත්ත ලෝකය හමුවේ අනාවරණය කිරීමය.
එය කිසිසේත් ජනප‍්‍රිය භූමිකාවක් නොවන්නේමය. මන්ද අදාළ අරගලය පවතින රටේම ඉපිද ඔබ එය අපක්ෂපාතීව දකින්නට විග‍්‍රහ කරන්නට උත්සාහ කළහොත් ඔබ ද්රෝහියෙකු බවට පත් කෙරෙනු ඇත. ඔබේ නොවන රටක ප‍්‍රශ්නයක් සම්බන්ධයෙන් ඔබ එවැනි විග‍්‍රහයක යෙදෙන කල ඔබ ඩොලර් වලට පෙරේතකමේ කටුකන බල්ලෙකු හෝ බැල්ලියකැයි කියනු ඇත. නමුත් එසේ බණින කිසිවෙකු සැබෑ අපක්ෂපාතී මාධ්‍යකරණය එනම් සිදුවූ දෙය ඇති සැටියෙන් වාර්තා කිරීමේ අරුත වටහා නොගනු ඇත.
සැබෑ මාධ්‍යකරුවෙකු අති ප‍්‍රබල වෘත්තීමය පෞරුෂයකට හිමිකම් කියන්නේය. ලොව ඔ්නෑම ප‍්‍රබල දේශපාලනඥයෙකු හෝ වෙනයම් බලවතෙකු හෝ සමග සම මට්ටමේ සිටිමින් අභියෝගාත්මකව ප‍්‍රශ්න විචාරීමේ හැකියාව සැබෑ මාධ්‍යකරුවා සතු විය යුතුය. ශ‍්‍රී ලංකාවේ එවැනි මාධ්‍යකරුවන් දක්නට ලැබෙන්නේ අතලොස්සකි. එබැවින් තමන්ගේ පෞද්ගලික දේශපාලන මතවාද තම තමන්ගේ මාධ්‍ය කඩ හරහා ජනගත කරන්නට උත්සාහ කරන මාධ්‍ය මුදලාලිලාට සහ ඒම මුදලාලිලා යටතේ කුලියට මුට්ට කරගහන මාධ්‍ය කම්කරුවන්ට මරී කොල්වින් චරිතයෙන් උගත හැකි දේ බොහෝය.
මෙම චිත‍්‍රපටය අර්ධ වාර්තාමය ස්වරූපයෙන් යුක්ත වේ. 2001 වසරේ ශ‍්‍රී ලංකාවේදී ඇසක් අහිමි වන අවස්ථාවේ පටන් 2012 සිරියාවේදී ජීවිතය අහිමි වන අවස්ථාව දක්වා මරී කොල්වින්ගේ ජීවිතයේ තීරණාත්මක හැළ හැප්පුම් මෙම චිත‍්‍රපටය තුලින් විද්‍යාමාන වේ. සැබෑ යුධ පුවත් වාර්තාකරුවකුගේ ජීවිතය එයට අදාළ කැපවීම ඒ නිසා අහිමි වන දේවල් අපක්ෂපාතීත්වය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම අවදානම අලාභහානි යනාදී සියල්ල මෙම විනාඩි එකසිය දහය තුල ඇතුලත් වේ.
මම සැබැවින්ම එය ඉතා ආශාවෙන් නැරඹුවෙමි. මමද කළක් මාධ්‍ය ක්ෂේත‍්‍රයේ සිටීමත් පුවත්පත් තීරු ලිපි රචකයෙකු වීම කලකට ඉහත මාගේ ප‍්‍රධාන සිහිනය හා ඉලක්කය වීමත් එම ආශාවට හේතු වන්නට ඇත. එවැනි ආශාවක් ඇති අය මෙම චිත‍්‍රපටයට මා මෙන්ම ඇලුම් කරනු ඇත. නමුත් වාර්තාකරණය අපක්ෂපාතී විය යුතුයැයි එළිපිට කිව්වද ඇතුලතින් "එය අපිට වාසි විදියට කරගන්නේ කොහොමද?" යැයි කල්පනා කරන අයෙකුට මෙම චිත‍්‍රපටයේ කිසිදු වැදගත්කමක් නොපෙනෙනු ඇත.

දත් ගැලවීම
මට මතක විදියට ඒ 1994 අවුරුද්ද. මම එතකොට පොල්ගහවෙල ශාන්ත බර්නාදෙත් ආදර්ශ මහා විද්‍යලෙයේ 1 වසරේ ශිෂ්‍යයෙක්.
කිරි දත් හැළිලා ස්ථිර දත් එන කාලෙ. මගෙ ඉස්සරෝම හෙළවෙන්න ගත්තෙ යටි තල්ලෙ
කෘන්තක දත් දෙක. ඔහොම සතියක් විතර හෙළවිලා හෙළවිලා වැටිල යන එකයි ඊට
පස්සෙ ආයෙ අලුතින් ස්ථිර දත් එන එකයි සාමාන්‍ය තත්වයක් කියල මම දැනගත්තෙ ඊට
පස්සෙ.
දත් හෙළවෙන්න හෙළවෙන්න දිවෙන් තල්ලු කර කර තව තව හොළවන එක පොඩ්ඩො කොහොමත් කරන වැඩක්නෙ. මමත් එහෙම කර කර සතියක් ගෙවුණත් දත් වැටුණෙ නෑ. තව තව හෙළවි හෙළවි එහෙමම තිබුණා විතරයි. බලනකොට මම දිවෙන් තල්ලු කරන පාරට පරණ දත් දෙක අහකට තල්ලු වෙලා ඒ යටින් එන්න තිබුණ දත් දෙක ඊට පිටිපස්සෙන් ඇවිත්.
ඔන්න ඔය හුටපටේ හින්ද තමයි අප්පච්චි මාව ඒකාලෙ තිබුණ හොන්ඩා සීබී 90 බයිසිකලේ පෙට්‍රල් ටැංකිය උඩ වාඩි කරවගෙන පොල්ගහවෙල සෙන්ට්‍රල් එකේ දන්ත වෛද්‍ය අංශයට එහෙම නැත්නම් ඩෙන්ටල් එකට එක්ක ගියෙ. දත් ගලවනවා කියන එක අත්දැකල නොතිබුණාට අහල තිබුණ විදියට ගොඩක් රිදෙන පණ යන වැඩක්. ඉතින් දත් ගලවන කතාවක් අප්පච්චි කිව්වෙ නෑ.
අපි යනකොට ඩෙන්ටල් එක වහලා. අපි ඒ පුංචි ගොඩනැගිල්ල ඉස්සරහ බයික් එක නවත්තගෙන බලාගෙන හිටියෙ ඩොක්ටර් එනකල්. එතන හරි ලස්සන තැනක්. ඩෙන්ටල් කාමරය හදල තිබුණෙ වෙල අයිනෙ රූස්ස මාර ගහක් යට. වෙලෙන් එගොඩ මීටර් පනහක් විතර එහා පැත්තෙ පොල්ගහවෙල දුම්රිය තුන් මංසන්ධිය නුවර පැත්තටයි අනුරාධපුර පැත්තටයි බෙදෙන තැන පේනව. ඊට වම් පැත්තෙන් පේන්නෙ යෝගමුවා කන්ද. ඔය සුන්දරත්වය විද විද ඉන්නකොට මට ආවෙ දත් සම්බන්ධ වැඩකට කියලත් අමතක වුණා.
ඔහොම ඉන්නකොට ඩොක්ටර් (නර්ස් කෙනෙක්ද මන්ද) ආව. මාව පුටුවෙ ඉන්දවල දත් බැලුව. වෙලා තිබුණ සංගෙඩිය දැකල හිනාවෙලා කිව්ව "අයින් කරමු" කියල. අප්පච්චි ඔළුව වැනුව. මමත් ගලවනව අයින් කරනවා දෙකේ වෙනසක් ඇති කියල හිතාගෙන සුපුරුදු ඉරි හිනාව දාගෙන හිටිය. මං හිතන්නත් කලින් දත් මුලට පුළුන් කෑල්ලක් තියල අඩුවෙන් ඇදල දැම්මෙ නැද්ද දත් දෙකම. බෙහෙත් විදිලි හිරිවැට්ටිලි මොකවත් නෑ. හැබැයි රිදුණෙත් නෑ චුට්ටක්වත්. දත් ගලවලා කියල දැකල මම අඩන්න පටන්ගන්නකොට මං ඉස්සරහ තිබුණ තසිමට දත් දාලත් ඉවරයි. රිදුණෙ නැති වුණත් දත් ගැලෙව්ව හින්දා මං ඇඩුවා. අප්පච්චි මාවත් වඩාගෙන එළියට ආවෙ දත් දෙකත් අතේ අරං. එහෙම ඇවිත් ඩෙන්ටල් එකේ මිදුලට වෙලා මගෙ ඇඩිල්ල නතර වෙනකල්ම අපි කෝච්චි බැලුව. ඊට පස්සෙ ගලවපු දත් දෙක අප්පච්චිගෙන් ඉල්ලගෙන "ලේනෝ ලේනෝ මේ දත අරගෙන අලුත් දතක් මට දියෝ දියෝ" කියල ඩෙන්ටල් එකේ වහලෙටම විසිකරල අපි එන්න ආව.
ඔය ෆොටෝ එකේ තියෙන්නෙ ඒ ඩෙන්ටල් එක තමයි. දෙවනි ෆොටෝ එකේ තියෙන්නෙ එතනට කෝච්චි යනව පේන විදිය. දැන් ඒක ඩෙන්ටල් එකක් නෙවේ. පොල්ගහවෙල සෙන්ට්‍රල් එකේ ශිෂ්‍යභට ඒකකය. මං එතෙන්ට ආවෙ හරියටම අවුරුදු 25කට පස්සෙ. අද මාත් එක්ක අප්පච්චි ආවෙ නෑ. ඒත් ඒ පුංචි ගොඩනැගිල්ල රේල් පාර මාර ගහ වගේම යෝගමුවා කන්දත් තාම එහෙමමයි. පුංචි වුණත් ඒ සුන්දර මතකයත් එහෙමමයි.

ශ්‍රී ලංකා ක්‍රිකට්
අප රටේ ක්‍රිකට් ක්‍රීඩාව යනු ඉන්දියාවේ තරමට නැති වුණත් එක්තරා දුරකට
පිස්සුවකි. මිනිස්සුන්ට ප්‍රශ්න අමතක කරවූ මත් බෙහෙතකි. දශක ගණනාවක
යුද්ධයක් තිබියදීත් ඇතැම් අවස්ථා වල එයින් මාස ගණන් නොකා නොබී වැළපෙන්නට
තරම් පරාජයන් ලබද්දීත් හිස ඔසවාගෙන යම් මනෝ සංතුලනයක් ශ්‍රී ලාංකිකයා තුල
ඇති කිරීමට හේතු සාධක වූ කාරණා අතරින් ඉහළින්ම තිබෙන කාරණයකි ක්‍රිකට්.
එහෙව් ක්‍රිකට් අප ටෙස්ට් වරම් ලැබූ පසුව මුහුණ දුන් දරුණුතම පසුබෑමට මේ දිනවල ලක්වී තිබේ. විවිධ අය ඒ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන්ට බැණවදිති. නමුත් පුද්ගලයන්ට දෝෂාරෝපණය කරමින් සිටිනවා විනා ඒ පසුබෑමට සැබෑ හේතුව වටහාගෙන එයට පිළියම් යොදන්නට කිසිවෙකු උනන්දු වන බවක් පෙනෙන්නේ නැත. එම අසාර්ථක බවට ඇති හේතු අතර පහත ඒවා විශේෂ වේ:-
1. සුපිරි තරු නොමැතිව කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කරන ආකාරය පිළිබඳව අදහසක් නොමැති වීම
1996 ලෝක කුසලානයේ පටන්ම මේ දක්වාම තුන් ඉරියව්වෙන්ම ලොව ක්‍රීඩකයන්ගෙන් මුල් දසදෙනා අතර සිටින ක්‍රීඩකයන් අවම වශයෙන් තිදෙනෙකුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි අතර අන් අය අසාර්ථක වුවද ඉන් එකෙකු හෝ දෙන්නෙකු ක්‍රියාත්මක වී ජාමය බේරීම පුරුද්දක් වී තිබුණි. එබැවින් කණ්ඩායම පුරුදු වී සිටියේ එම සුපිරි තරු මත බරතබා තරග ජයගැනීම මිස කණ්ඩායමක් ලෙස උපක්‍රමශීලීව ක්‍රීඩා කිරීමට නොවේ. වර්තමාන කණ්ඩායම තුල සුපිරි තරු නැත. ලසිත් මාලිංගද බැසයමින් සිටින තරුවකි. එබැවින් කණ්ඩායමේ බර පටවා ආශ්චර්යයක් බලාපොරොත්තු වීමට කෙනෙකු නැත. එබැවින් කණ්ඩායමක් වශයෙන් අසාර්ථක බව නැවත නැවතත් කැපී පෙනේ.
2. ක්‍රිකට් ලෝකයේ නව ප්‍රවණතා වලට අනුවර්තනය නොවීම
ක්‍රිකට් ක්‍රීඩාවේ හැඩය හා දිශානතිය 90 දශකයට සාපේක්ෂව ගත්කල උඩු යටිකුරු වී තිබේ. එයට හේතුව පන්දුවාර 20 විස්ස තරග රටාව හා ක්‍රිකට් ක්‍රීඩාව වාණිජකරණය වීමත් සමග ඇතිවූ අධික තරගකාරීත්වයයි. ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව එම ප්‍රවණතාව සමග යම් දුරක් ගමන් කොට මැදදී එයට එරෙහිවී ඉන්පසු නැවතත් ඒ සමග සමපාත වන්නට ගොස් අසාර්ථක වූ රටකි. ඒ අතර අනෙකුත් සියලුම ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් (බංග්ලාදේශය පවා) උඩුගම් බලා පිහිනීම පසෙක තබා ක්‍රීඩාවේ ඇතිවූ නව ප්‍රවණතාවයන්ට අනුව අනුවර්තනය වෙමින් සෑහෙන දුරට සාර්ථක ප්‍රතිඵල ලබා ඇත.
වර්තමානයේ ලසිත් මාලිංග හැරුණු විට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් කිසිවෙකුට අයි.පී.එල් හි වෙළදපොලක් නැත. වෙනත් වචන වලින් කියන්නේ නම් ඔවුන් අපේ ක්‍රීඩකයන් මිළට ගන්නේ නැත. එය ඇතැමුන් කියන පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව බිද වැට්ටවීම සදහා ඉන්දියාව විසින් සිදුකරන සැළසුම් සහගත කටයුත්තකි. නමුත් වඩා යථාර්ථවාදී ලෙස එය සැළකීමේදී පෙනී යන්නේ එවන් ඊනියා කුමන්ත්‍රණයකට වඩා, මිළදීගන්නට තරම් වටිනා ක්‍රීඩකයන් අපට නොමැති බවයි. එය දවසින් දෙකෙන් ඇතිවූ තත්වයක් නොවේ.
අයි.පී.එල් ආරම්භ වූ සමයේ අපගේ ක්‍රීඩකයන්ට එහි විශාල වෙළදපොලක් විය. සනත් ජයසූරිය, ලසිත් මාලිංග, සංගක්කාර, මහේල, මුරලිදරන්, ඩිල්ෂාන්, වාස්, අජන්ත මෙන්ඩිස් පමණක් නොව නුවන් කුලසේකර, ෆර්විස් මහරුෆ් සහ දිල්හාර ප්‍රනාන්දු පවා එකම අයි.පී.එල් තරගාවලියක තරගවැදී ඇත. එනම් සමස්ථ ශ්‍රී ලංකා කණ්ඩායමම පාහේ එදා අයි.පී.එල් තුල දක්නට ලැබුණි.
පසුව මෙය ඇතැමුන්ගේ ඇහේ කටු ඇණෙන කාරණයක් බවට පත්විය. අයි.පී.එල් ක්‍රීඩා කිරීම හරහා එම ක්‍රීඩකයන්ට ලැබුණු අති විශාල මුදල් ඊට බොහෝදුරට හේතු වන්නට ඇත. හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග වරක් පැවසුවේ තමා ක්‍රිකට් පරිපාලනයට පත්වුවහොත් අයි.පී.එල් සදහා සහභාගි වීම ක්‍රීඩකයන්ට තහනම් කරන බවයි.
ඒ අනුව රටට ආදරේ ක්‍රීඩකයන් අයි.පී.එල් ගහන්නේ නැති බවට සාවද්‍ය මෙන්ම පසුගාමී මතයක් ඇතිවිය. ඒ අනුව යමින් වත්මන් ක්‍රිකට් නායක චන්දිමාල් වරක් අයි.පී.එල් කණ්ඩායමක් සදහා තෝරාගෙන තිබියදී තමා ඊට සහභාගි නොවන බවත් ශ්‍රී ලංකාවේ සිටිමින් ඊළග තරග සංචාරයට පුහුණු වීම් කරන බවත් පුහුණුවීම් නොමැති දිනවල තම පවුලේ අය සමග ගතකරන බවත් මහත් ගර්වයෙන් යුතුව මාධ්‍යයට පවසා තිබුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද නිල නොවන මට්ටමින් එම ප්‍රතිපත්තියේම සිටිමින් අයි.පී.එල් පැවැත්වීමට නියමිත කාලසීමාවන්ටම තරග සංචාර යොදාගැනීමට සිතාමතාම කටයුතු කළ බව රහසක් නොවේ. එහි ප්‍රතිඵලය වූයේ සංගා, මහේල සහ ඩිල්ෂාන් වැනි ක්‍රීඩකයන්ට අයි.පී.එල් වෙළෙදපොල අහිමි වී යාමත් ලසිත් මාලිංගට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට අනියමෙන් දැඩි පෙළඹවීමක් ඇති වීමත්ය.
මේ හරහා ගොලීය මට්ටමේ ක්‍රිකට් ප්‍රවණතාවයන් සහ අපේ ක්‍රිකට් ක්‍රීඩාව අතර සැළකියයුතු පරතරයක් නිර්මාණය විය. වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති අධිවේගී පහරදීමේ රටාව සහ එසේ පහර දෙමින් දිගටම කඩුල්ලේ රැදී සිටීමට ඇති හැකියාව අද දක්වාම අපේ ක්‍රීඩකයන් වර්ධනය කරගෙන නැත. අප තවමත් ක්‍රීඩා කරන්නේ ලෑල්ල දමමින් බෝල හැටකට පමණ ලකුණු හතලිහක් විතර ගහන, වැනුවොත් ඉක්මනින් දැවීයන අනූව දශකයේ ක්‍රිකට්ය. ඒ හරහා නැවතත් නැවත නැවතත් පරාජයම හිමිවීමේ පුදුමයක් නැත.

ජනාධිපති සමාවට අදාළ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන
1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාව මගින්
වරදකරුවන්ට ජනාධිපති සමාව ලබාදීම සදහා අවශ්‍ය බලතල ජනාධිපතිවරයාට ලබාදී ඇත.
උපුටාගැනීම 1
"34 (1) ශ්‍රී ලංකා ජනරජයේ කවර වූ හෝ අධිකරණයකදී වරදකරු කරන ලද කවර වූ හෝ වරදකරුවකුට :-
(අ) සම්පූර්ණ සමාවක් හෝ නීත්‍යානුකූල කොන්දේසි සහිත සමාවක් හෝ දීමට;
(ආ) නියම කරන ලද යම් දඩුවමක් ක්‍රියාත්මක කිරීම කාලසීමාවක් නොමැතිව හෝ සුදුසු යැයි ජනාධිපතිවරයා කල්පනා කරන කාලසීමාවක් ඇතිව හෝ කල් තැබීමට;
(ඇ) ඒ වරදකරුට නියම කරන ලද දඩුවමක් වෙනුවට ලිහිල් දඩුවමක් නියම කිරීමට; හෝ
(ඈ) නියම කරන ලද දඩුවමක් මුළුමනින්ම නිෂ්ප්‍රභ කිරීමට හෝ ඉන් කොටසක් අඩු කිරීමටද එකී වරදකරු කළ වරද හේතුකොටගෙන ඔහුගෙන් ජනරජයට අයවිය යුත්තාවූ යම්කිසි දණ්ඩනයක් මුළුමනින්ම නිෂ්ප්‍රභ කිරීමට හෝ ඉන් කොටසක් අඩු කිරීමටද එකී වරදකරු කිරීම හේතුකොට ගෙන ඔහුට අයත් වස්තුවක් රාජසන්තක විය යුත්තේ නම් එසේ රාජසන්තක විය යුත්තා වූ වස්තුවෙන් කොටසක් පමණක් රජයට ගැන්වීමට හෝ ඒ වස්තුව රාජසන්තක කිරීම මුළුමනින්ම අත්හිටුවීමට
ජනාධිපතිවරයාට බලය ඇත්තේය.
එසේ වුවද එසේ යම් වරදකරුවකුට අධිකරණයකින් මරණ දඩුවම නියම වූ විටක ජනාධිපතිවරයා විසින් ඒ නඩුව විභාග කළ විනිශ්චයකාරවරයාගෙන් වාර්තාවක් ලබාගැනීමට සැලැස්විය යුත්තේය. එම වාර්තාව ජනාධිපතිවරයා වෙත ලැබුණු විට, ඒ පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් දීමෙන් පසුව නීතිපතිවරයාගේ ඒ උපදෙස් සමග එය අධිකරණ විෂයය භාර අමාත්‍යවරයා වෙත යැවිය යුතු බව නියම කොට ජනාධිපතිවරයා විසින් එය නීතිපතිවරයා වෙත යැවිය යුත්තේය. ඉන්පසු ඒ අමාත්‍යවරයා විසින් සිය නිර්දේශ ද සමග එම වාර්තාව ජනාධිපතිවරයා වෙත එවිය යුත්තේය."
උපුටාගැනීම 1 අවසන්.
ඒ අනුව පෙනී යන්නේ ඕනෑම වරදකරුවකුට සමාව ලබාදීමට ජනාධිපතිවරයාට බලතල ඇති බවයි. මරණීය දණ්ඩනය නියම කරන ලද වරදකරුවන්ට සමාව දීමේදී අදාළ නඩුව විභාග කළ විනිසුරුවරයාගේ වාර්තාවක්, නීතිපති උපදෙස් සහ අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශ ලබාගතයුතු බව දැක්වුණද ජනාධිපතිවරයාගේ තීරණය එම වාර්තා, උපදෙස් සහ නිර්දේශයන්ට යටත් බවක් කියැවෙන්නේ නැත. ඒ අනුව එකී අවශ්‍යතා හුදෙක්ම කාර්යාලයීය අවශ්‍යතා පමණක් බවට පත්වන අතර තීරණාත්මක වන්නේ ජනාධිපතිවරයාගේ අභිමතය පමණක්ම වේ.
යම් දඩුවමක් නියම වීම හේතුවෙන් තැනැත්තෙකුගේ ප්‍රජා අයිතියට සිදුවන බලපෑම පවා ජනාධිපති සමාව හරහා වෙනස් කළ හැකිය. ඒ පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (2) අනු ව්‍යවස්ථාවේ පහත පරිදි දැක්වේ:-
උපුටාගැනීම 2
34 (2) ජනාධිපතිවරයා විසින් 89 වන ව්‍යවස්ථාවේ (ඈ), (ඉ), (ඊ), (උ) හෝ (ඌ) ඡේදයේ හෝ 91 වන ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාවේ (උ) ඡේදයෙහි හෝ දැක්වෙන නුසුදුසුකමට පාත්‍රව සිටින්නා වූ හෝ පාත්‍ර වන්නා වූ හෝ යම්කිසි තැනැත්තෙකු සම්බන්ධයෙන් -
(අ) සම්පූර්ණ සමාවක් හෝ නීත්‍යානුකූල කොන්දේසි සහිත සමාවක් හෝ දිය හැක්කේය; නැතහොත්
(ආ) එම නුසුදුසුකමේ කාල සීමාව අඩු කළ හැක්කේය."
උපුටාගැනීම 2 අවසන්
තවද අපරාධ සහයකයෙකුට සමාව දීමට ජනාධිපතිවරයාට ඇති බලය සම්බන්ධයෙන් 34 (3) ව්‍යවස්ථාවේ ප්‍රකාරව බලය ඇත.
උපුටාගැනීම 3
"34 (3) ශ්‍රී ලංකා ජනරජයේ අධිකරණයක් ඉදිරියට පමුණුවා දඩුවම් දියහැකි වරදක් සිදුකරනු ලැබූ විටක එකී වරද කළ ප්‍රධාන වරදකරු හෝ ප්‍රධාන වරදකරුවන් කීපදෙනෙක් වෙත්නම් ඔවුන් අතරින් කවරකු හෝ වරදකරු කිරීමට තුඩුදෙන තොරතුරක් සපයන්නාවූ අපරාධ සහායකයෙකුට සමාවක් දීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේය"
උපුටාගැනීම 3 අවසන්.
ඒ අනුව පෙනී යන්නේ වරදකරුවන්ට ජනාධිපති සමාව ලබාදීම සදහා ජනාධිපති වරයාට අසීමිත බලයක් ඇති බවයි. සමාව දීමේදී අනුගමනය කළයුතු ක්‍රියා පටිපාටීන් දක්වා තිබුණද ඒවා හරිහැටි අනුගමනය කෙරෙන්නේද යන්න සම්බන්ධයෙන් හෝ අනුගමනය නොකළහොත් ඇතිවන ප්‍රතිවිපාක පිළිබදව හෝ කිසිදු සදහනක් නැත. එමෙන්ම එම ජනාධිපති සමාව ලබාදීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අධීක්ෂණ බලයක් හෝ යටත් පිරිසෙයින් නිරීක්ෂණ බලයක් හෝ කිසිදු බලධාරියෙකුට පවරා නොමැති තත්වයක් තුල ජනාධිපති සමාව සම්බන්ධයෙන් සර්වබලධාරී බවට ජනාධිපතිවරයා පත්වේ.

Subscribe to:
Posts (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...