මට මතක විදියට ඒ 1994 අවුරුද්ද. මම එතකොට පොල්ගහවෙල ශාන්ත බර්නාදෙත් ආදර්ශ මහා විද්‍යලෙයේ 1 වසරේ ශිෂ්‍යයෙක්.
කිරි දත් හැළිලා ස්ථිර දත් එන කාලෙ. මගෙ ඉස්සරෝම හෙළවෙන්න ගත්තෙ යටි තල්ලෙ
කෘන්තක දත් දෙක. ඔහොම සතියක් විතර හෙළවිලා හෙළවිලා වැටිල යන එකයි ඊට
පස්සෙ ආයෙ අලුතින් ස්ථිර දත් එන එකයි සාමාන්‍ය තත්වයක් කියල මම දැනගත්තෙ ඊට
පස්සෙ.
දත් හෙළවෙන්න හෙළවෙන්න දිවෙන් තල්ලු කර කර තව තව හොළවන එක පොඩ්ඩො කොහොමත් කරන වැඩක්නෙ. මමත් එහෙම කර කර සතියක් ගෙවුණත් දත් වැටුණෙ නෑ. තව තව හෙළවි හෙළවි එහෙමම තිබුණා විතරයි. බලනකොට මම දිවෙන් තල්ලු කරන පාරට පරණ දත් දෙක අහකට තල්ලු වෙලා ඒ යටින් එන්න තිබුණ දත් දෙක ඊට පිටිපස්සෙන් ඇවිත්.
ඔන්න ඔය හුටපටේ හින්ද තමයි අප්පච්චි මාව ඒකාලෙ තිබුණ හොන්ඩා සීබී 90 බයිසිකලේ පෙට්‍රල් ටැංකිය උඩ වාඩි කරවගෙන පොල්ගහවෙල සෙන්ට්‍රල් එකේ දන්ත වෛද්‍ය අංශයට එහෙම නැත්නම් ඩෙන්ටල් එකට එක්ක ගියෙ. දත් ගලවනවා කියන එක අත්දැකල නොතිබුණාට අහල තිබුණ විදියට ගොඩක් රිදෙන පණ යන වැඩක්. ඉතින් දත් ගලවන කතාවක් අප්පච්චි කිව්වෙ නෑ.
අපි යනකොට ඩෙන්ටල් එක වහලා. අපි ඒ පුංචි ගොඩනැගිල්ල ඉස්සරහ බයික් එක නවත්තගෙන බලාගෙන හිටියෙ ඩොක්ටර් එනකල්. එතන හරි ලස්සන තැනක්. ඩෙන්ටල් කාමරය හදල තිබුණෙ වෙල අයිනෙ රූස්ස මාර ගහක් යට. වෙලෙන් එගොඩ මීටර් පනහක් විතර එහා පැත්තෙ පොල්ගහවෙල දුම්රිය තුන් මංසන්ධිය නුවර පැත්තටයි අනුරාධපුර පැත්තටයි බෙදෙන තැන පේනව. ඊට වම් පැත්තෙන් පේන්නෙ යෝගමුවා කන්ද. ඔය සුන්දරත්වය විද විද ඉන්නකොට මට ආවෙ දත් සම්බන්ධ වැඩකට කියලත් අමතක වුණා.
ඔහොම ඉන්නකොට ඩොක්ටර් (නර්ස් කෙනෙක්ද මන්ද) ආව. මාව පුටුවෙ ඉන්දවල දත් බැලුව. වෙලා තිබුණ සංගෙඩිය දැකල හිනාවෙලා කිව්ව "අයින් කරමු" කියල. අප්පච්චි ඔළුව වැනුව. මමත් ගලවනව අයින් කරනවා දෙකේ වෙනසක් ඇති කියල හිතාගෙන සුපුරුදු ඉරි හිනාව දාගෙන හිටිය. මං හිතන්නත් කලින් දත් මුලට පුළුන් කෑල්ලක් තියල අඩුවෙන් ඇදල දැම්මෙ නැද්ද දත් දෙකම. බෙහෙත් විදිලි හිරිවැට්ටිලි මොකවත් නෑ. හැබැයි රිදුණෙත් නෑ චුට්ටක්වත්. දත් ගලවලා කියල දැකල මම අඩන්න පටන්ගන්නකොට මං ඉස්සරහ තිබුණ තසිමට දත් දාලත් ඉවරයි. රිදුණෙ නැති වුණත් දත් ගැලෙව්ව හින්දා මං ඇඩුවා. අප්පච්චි මාවත් වඩාගෙන එළියට ආවෙ දත් දෙකත් අතේ අරං. එහෙම ඇවිත් ඩෙන්ටල් එකේ මිදුලට වෙලා මගෙ ඇඩිල්ල නතර වෙනකල්ම අපි කෝච්චි බැලුව. ඊට පස්සෙ ගලවපු දත් දෙක අප්පච්චිගෙන් ඉල්ලගෙන "ලේනෝ ලේනෝ මේ දත අරගෙන අලුත් දතක් මට දියෝ දියෝ" කියල ඩෙන්ටල් එකේ වහලෙටම විසිකරල අපි එන්න ආව.
ඔය ෆොටෝ එකේ තියෙන්නෙ ඒ ඩෙන්ටල් එක තමයි. දෙවනි ෆොටෝ එකේ තියෙන්නෙ එතනට කෝච්චි යනව පේන විදිය. දැන් ඒක ඩෙන්ටල් එකක් නෙවේ. පොල්ගහවෙල සෙන්ට්‍රල් එකේ ශිෂ්‍යභට ඒකකය. මං එතෙන්ට ආවෙ හරියටම අවුරුදු 25කට පස්සෙ. අද මාත් එක්ක අප්පච්චි ආවෙ නෑ. ඒත් ඒ පුංචි ගොඩනැගිල්ල රේල් පාර මාර ගහ වගේම යෝගමුවා කන්දත් තාම එහෙමමයි. පුංචි වුණත් ඒ සුන්දර මතකයත් එහෙමමයි.

No comments:
Post a Comment