අප රටේ ක්‍රිකට් ක්‍රීඩාව යනු ඉන්දියාවේ තරමට නැති වුණත් එක්තරා දුරකට
පිස්සුවකි. මිනිස්සුන්ට ප්‍රශ්න අමතක කරවූ මත් බෙහෙතකි. දශක ගණනාවක
යුද්ධයක් තිබියදීත් ඇතැම් අවස්ථා වල එයින් මාස ගණන් නොකා නොබී වැළපෙන්නට
තරම් පරාජයන් ලබද්දීත් හිස ඔසවාගෙන යම් මනෝ සංතුලනයක් ශ්‍රී ලාංකිකයා තුල
ඇති කිරීමට හේතු සාධක වූ කාරණා අතරින් ඉහළින්ම තිබෙන කාරණයකි ක්‍රිකට්.
එහෙව් ක්‍රිකට් අප ටෙස්ට් වරම් ලැබූ පසුව මුහුණ දුන් දරුණුතම පසුබෑමට මේ
දිනවල ලක්වී තිබේ. විවිධ අය ඒ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන්ට බැණවදිති.
නමුත් පුද්ගලයන්ට දෝෂාරෝපණය කරමින් සිටිනවා විනා ඒ පසුබෑමට සැබෑ හේතුව
වටහාගෙන එයට පිළියම් යොදන්නට කිසිවෙකු උනන්දු වන බවක් පෙනෙන්නේ නැත. එම
අසාර්ථක බවට ඇති හේතු අතර පහත ඒවා විශේෂ වේ:-
1. සුපිරි තරු නොමැතිව කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කරන ආකාරය පිළිබඳව අදහසක් නොමැති වීම
1996 ලෝක කුසලානයේ පටන්ම මේ දක්වාම තුන් ඉරියව්වෙන්ම ලොව ක්‍රීඩකයන්ගෙන්
මුල් දසදෙනා අතර සිටින ක්‍රීඩකයන් අවම වශයෙන් තිදෙනෙකුවත් ශ්‍රී ලංකා
ක්‍රිකට් කණ්ඩායමේ සිටි අතර අන් අය අසාර්ථක වුවද ඉන් එකෙකු හෝ දෙන්නෙකු
ක්‍රියාත්මක වී ජාමය බේරීම පුරුද්දක් වී තිබුණි. එබැවින් කණ්ඩායම පුරුදු වී
සිටියේ එම සුපිරි තරු මත බරතබා තරග ජයගැනීම මිස කණ්ඩායමක් ලෙස
උපක්රමශීලීව ක්‍රීඩා කිරීමට නොවේ. වර්තමාන කණ්ඩායම තුල සුපිරි තරු නැත.
ලසිත් මාලිංගද බැසයමින් සිටින තරුවකි. එබැවින් කණ්ඩායමේ බර පටවා ආශ්චර්යයක්
බලාපොරොත්තු වීමට කෙනෙකු නැත. එබැවින් කණ්ඩායමක් වශයෙන් අසාර්ථක බව නැවත
නැවතත් කැපී පෙනේ.
2. ක්‍රිකට් ලෝකයේ නව ප්රවණතා වලට අනුවර්තනය නොවීම
ක්‍රිකට් ක්‍රීඩාවේ හැඩය හා දිශානතිය 90 දශකයට සාපේක්ෂව ගත්කල උඩු යටිකුරු
වී තිබේ. එයට හේතුව පන්දුවාර 20 විස්ස තරග රටාව හා ක්‍රිකට් ක්‍රීඩාව
වාණිජකරණය වීමත් සමග ඇතිවූ අධික තරගකාරීත්වයයි. ශ්‍රී ලාංකීය ක්‍රිකට්
ක්‍රීඩාව එම ප්‍රවණතාව සමග යම් දුරක් ගමන් කොට මැදදී එයට එරෙහිවී ඉන්පසු
නැවතත් ඒ සමග සමපාත වන්නට ගොස් අසාර්ථක වූ රටකි. ඒ අතර අනෙකුත් සියලුම
ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් (බංග්ලාදේශය පවා) උඩුගම් බලා පිහිනීම පසෙක තබා
ක්‍රීඩාවේ ඇතිවූ නව ප්රවණතාවයන්ට අනුව අනුවර්තනය වෙමින් සෑහෙන දුරට සාර්ථක
ප්‍රතිඵල ලබා ඇත.
වර්තමානයේ ලසිත් මාලිංග හැරුණු විට ශ්‍රී ලංකාවේ
ක්‍රීඩකයන් කිසිවෙකුට අයි.පී.එල් හි වෙළදපොලක් නැත. වෙනත් වචන වලින්
කියන්නේ නම් ඔවුන් අපේ ක්‍රීඩකයන් මිළට ගන්නේ නැත. එය ඇතැමුන් කියන පරිදි
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව බිද වැට්ටවීම සදහා ඉන්දියාව විසින්
සිදුකරන සැළසුම් සහගත කටයුත්තකි. නමුත් වඩා යථාර්ථවාදී ලෙස එය සැළකීමේදී
පෙනී යන්නේ එවන් ඊනියා කුමන්ත්‍රණයකට වඩා, මිළදීගන්නට තරම් වටිනා
ක්‍රීඩකයන් අපට නොමැති බවයි. එය දවසින් දෙකෙන් ඇතිවූ තත්වයක් නොවේ.
අයි.පී.එල් ආරම්භ වූ සමයේ අපගේ ක්‍රීඩකයන්ට එහි විශාල වෙළදපොලක් විය. සනත්
ජයසූරිය, ලසිත් මාලිංග, සංගක්කාර, මහේල, මුරලිදරන්, ඩිල්ෂාන්, වාස්, අජන්ත
මෙන්ඩිස් පමණක් නොව නුවන් කුලසේකර, ෆර්විස් මහරුෆ් සහ දිල්හාර ප්‍රනාන්දු
පවා එකම අයි.පී.එල් තරගාවලියක තරගවැදී ඇත. එනම් සමස්ථ ශ්‍රී ලංකා කණ්ඩායමම
පාහේ එදා අයි.පී.එල් තුල දක්නට ලැබුණි.
පසුව මෙය ඇතැමුන්ගේ ඇහේ කටු
ඇණෙන කාරණයක් බවට පත්විය. අයි.පී.එල් ක්‍රීඩා කිරීම හරහා එම ක්‍රීඩකයන්ට
ලැබුණු අති විශාල මුදල් ඊට බොහෝදුරට හේතු වන්නට ඇත. හිටපු ක්‍රිකට් නායක
අර්ජුන රණතුංග වරක් පැවසුවේ තමා ක්‍රිකට් පරිපාලනයට පත්වුවහොත් අයි.පී.එල්
සදහා සහභාගි වීම ක්‍රීඩකයන්ට තහනම් කරන බවයි.
ඒ අනුව රටට ආදරේ
ක්‍රීඩකයන් අයි.පී.එල් ගහන්නේ නැති බවට සාවද්‍ය මෙන්ම පසුගාමී මතයක්
ඇතිවිය. ඒ අනුව යමින් වත්මන් ක්‍රිකට් නායක චන්දිමාල් වරක් අයි.පී.එල්
කණ්ඩායමක් සදහා තෝරාගෙන තිබියදී තමා ඊට සහභාගි නොවන බවත් ශ්‍රී ලංකාවේ
සිටිමින් ඊළග තරග සංචාරයට පුහුණු වීම් කරන බවත් පුහුණුවීම් නොමැති දිනවල තම
පවුලේ අය සමග ගතකරන බවත් මහත් ගර්වයෙන් යුතුව මාධ්‍යයට පවසා තිබුණි. ශ්‍රී
ලංකා ක්‍රිකට් ආයතනයද නිල නොවන මට්ටමින් එම ප්‍රතිපත්තියේම සිටිමින්
අයි.පී.එල් පැවැත්වීමට නියමිත කාලසීමාවන්ටම තරග සංචාර යොදාගැනීමට සිතාමතාම
කටයුතු කළ බව රහසක් නොවේ. එහි ප්‍රතිඵලය වූයේ සංගා, මහේල සහ ඩිල්ෂාන් වැනි
ක්‍රීඩකයන්ට අයි.පී.එල් වෙළෙදපොල අහිමි වී යාමත් ලසිත් මාලිංගට ටෙස්ට්
ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට අනියමෙන් දැඩි පෙළඹවීමක් ඇති වීමත්ය.
මේ හරහා ගොලීය මට්ටමේ ක්‍රිකට් ප්රවණතාවයන් සහ අපේ ක්‍රිකට් ක්‍රීඩාව අතර
සැළකියයුතු පරතරයක් නිර්මාණය විය. වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති අධිවේගී
පහරදීමේ රටාව සහ එසේ පහර දෙමින් දිගටම කඩුල්ලේ රැදී සිටීමට ඇති හැකියාව අද
දක්වාම අපේ ක්‍රීඩකයන් වර්ධනය කරගෙන නැත. අප තවමත් ක්‍රීඩා කරන්නේ ලෑල්ල
දමමින් බෝල හැටකට පමණ ලකුණු හතලිහක් විතර ගහන, වැනුවොත් ඉක්මනින් දැවීයන
අනූව දශකයේ ක්‍රිකට්ය. ඒ හරහා නැවතත් නැවත නැවතත් පරාජයම හිමිවීමේ පුදුමයක්
නැත.
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment