Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Friday, September 18, 2020
Jailbreak Pact (2020)
Tuesday, September 15, 2020
Walking with the Enemy (2013)
Wednesday, August 26, 2020
The Vanished (2020)
Sunday, August 16, 2020
Snowpiercer (2013) - විප්ලවයක හරස්කඩක්
Friday, August 14, 2020
ද නිවුස්පේපර් - සමාජ අසමත්කම පිළිබදව විස්තීර්ණ විවරණයක්
"ද නිවුස්පේපර්" නම ඇසූ පමණින් එය පත්තර පිළිබද චිත්‍රපටයකැයි කෙනෙකුට හැගෙනවා ඇත. එහි වරදක් නැත. එය එක් අතෙකින් පත්තර පිළිබදව චිත්‍රපටයක් බව ඇත්තය. ශ්‍රීලංකාවේ මුද්‍රිත මාධ්‍ය භාවිතාව තුල ඇති කල් පැහුණු අගතීන් මත සමාජ සංස්ථාවේ ඇතිවන කුණු වී ඔජස් ගලන වාතාවරණය මේ චිත්‍රපටයට විෂය වී ඇති බව ඇත්තකි. නමුත් එම විෂය පළයේ අවකාශය තුල සමස්ථ සමාජ ක්‍රමයේම පවත්නා අසමර්ථකම පිළිබදව සිදුකෙරෙන විස්තරාත්මක විවරණය තුල මීට පෙර ශ්‍රී ලංකාවේ චිත්‍රපට කලාව තුල නිර්මාණය වූ ක්‍රමය ප්‍රශ්න කරන සියලුම චිත්‍රපට වලට සාපේක්ෂව වැඩි වැදගත්කමක් "ද නිවුස්පේපර්" වෙත ආරෝපණය වේ.
යුධ කාලසීමාවේ හමුදා පුද්ගලයන් ගමන්ගත් බස්රථයක් ඉලක්ක කර එල්ල කැරුණු බෝම්බ ප්‍රහාරයකින් ඒ අසළින් ගමන් කළ අහිංසක කම්කරුවෙකුද ජීවිතක්ෂයට පත්වෙයි. බෝම්බ ප්‍රහාරය ආසන්නයේ එය වාර්තා කරන සියළුම පුවත්පත් සදහන් කරන්නේ බෝම්බ ප්‍රහාරය එකී කම්කරුවා විසින් සිදුකර ඇති බවත් ඔහු සිංහලයෙකු බැවින් සිංහල කොටියෙකු බවත්ය. මෙයින් කුපිතවන ගම්වාසීන් ඒ කම්කරුවාගේ නිවස ගිනිබත් කරයි. ඔහුගේ වැඩිමහල් සොහොයුරාට පහරදී දෙපා කඩා දමයි. චිත්‍රපටය ආරම්භ වන්නේ එම බෝම්බ ප්‍රහාරයෙන් වසර 9කට පසු එක්තරා අවස්ථාවකිනි.
දෙපා ආබාධිත ගුණා (සරත් කොතලාවල) එසේත් නැත්නම් කම්කරුවාගේ වැඩිමහල් සොහොයුරාට පරණ පුවත්පතක කුඩා කොටසක් නෙත ගැටෙන්නේ අහම්බෙනි. එහි සදහන් වන්නේ හමුදා බස් රථය ඉලක්ක කළ බෝම්බ ප්‍රහාරයට එයින් මියගිය සිංහල කම්කරුවා වගකිවයුතු නැති බව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇති බවයි. එය දකින ගුණා පත්තර කැබැල්ල ගෙන වහා ඔවුන්ගේ පැල්පතට පැමිණ මවට පුවත පෙන්වයි. ඇය ඒ දෙස බලා සිටින්නේ හිස් බැල්මෙනි. ඉන්පසු කඩපිලට යන ගුණා මුදලාලි ඇතුළු කඩපිලේ සිටින පිරිසට පත්තර කැබැල්ල පෙන්වයි. හරියට දිනයක් නමක් නැති පත්තර කැබැල්ලක් පෙන්වා තමන් රවටන්නට ගුණා තැත් කරතැයි ඔහුට බැණ වදින පිරිස ගුණාව එළවා ගනී.
ගුණාව විශ්වාස කරන්නේ ඔහුගේ හිතවත්ම මිතුරා පමණි. ගුණා මිතුරා සමග පත්තර කැබැල්ල ගෙන ග්‍රාම නිලධාරී හමුවන්නට යයි. ඔහු ගුණාගේ මියගිය සොහොයුරා වෙනුවෙන් කතා කිරීම ප්‍රතික්ශේප කරයි. ඉන්පසු දෙදෙනා යන්නේ පන්සලටය. පන්සලේ ස්වාමීන් වහන්සේ දෙදෙනාට "බණ" කියා ඔය පත්තර කැබැල්ල අතහැර දමා අත්හැරීම ප්‍රගුණ කරන ලෙසත් ඔවුන්ට මුහුණ දීමට සිදුවූ අභාග්‍යය සම්පන්න ඉරණම පෙර කර්මය මත සිදුවූ බවත් කියයි.
ගුණා සහ මිතුරා කොළඹ ගොස් අදාළ පත්තර කන්තෝරුවේ මහත්තුරුන් හමුවී ගුණාගේ බාල සොහොයුරා නිර්දෝෂී බවට මුල් පිටුවේ ලොකු අකුරින් පළ කරවාගැනීමට තීරණය කරන්නේ ඔය වාතාවරණය සහ ගුණාගේ මවගේ දැඩි ඉල්ලීම මතය.
චිත්‍රපටයේ ප්‍රධානම කොටස එකී කොළඹ ගමන විෂය කරගෙන නිර්මාණය වී ඇත. එහිදී සමාජයේ පොළව මට්ටමේ ජීවත් වන සැබෑ දුගී දුප්පත් මිනිසුන්ට පවත්නා සමාජ ක්‍රමය කෙතරම් අසංවේදී වන්නේද යන්න නැවත නැවතත් නිරූපණය වන්නේ නරඹන්නා දැඩි කළකිරීමකට පත්කරවමිනි. පුවත්පතකින් සිදුවූ අගතියක් චිත්‍රපටයේ ප්‍රධාන විෂය වස්තුව වුවද ඒ හරහා සමාජ අසාධාරණයේ විවිධ මුහුණුවරවල් වලින් ළග ළග නරඹන්නාට දමා ගැසීමට මේ ප්‍රබල චිත්‍රපටය සමත් වී ඇත.
අවසානයේ අහම්බෙන් සිදුවන අන්ත දුර්දාන්ත සිදුම් මාලාවකට පසු අරමුණ ඉටුකරගැනීමට ගුණා සමත් වෙයි. එහෙත් එම පුවත තම මවට සැළ කිරීමට හෝ ගමේ මිනිසුන්ට කියා ඔවුන්ගේ ප්‍රතිචාරය දැන ගැනීමට ගුණාට අවස්ථාවක් ලැබෙන්නේ නැත. ගුණාට අත්වන ඉරණම ඔහුගේ මවටවත් මවට අත්වන ඉරණම ගුණාටවත් කිසිදාක දැනගන්නට නොළැබීම ප්‍රේක්ෂකයාට යම් ආකරයක සහනය හා කළකිරීම මුසු හැගීමක් ඇති කරවයි.
චිත්‍රපටයේ සෑම රූප රාමුවක්ම දෙබසක්ම පසුබිමින් ඇසෙන කුඩා හඩක්ම පැය ගණන් ගතකොට විවරණය කළ හැකි තරම් ඉතා පොහොසත් ප්‍රබල නිර්මාණාත්මක ප්‍රකාශනයන් වෙයි. ඒ එක් එක් රූපරාමුවක් දෙබසක් හඩක් පාසා වෙන වෙනම චිත්‍රපට නිර්මාණය කළ හැකි තරම් එම ප්‍රකාශන ප්‍රබලය. සමස්ථ චිත්‍රපටය පුරාම දිවෙන මූලික හරය සමාජයේ ඇති සැබෑ ප්‍රශ්න වලට සමාජ ක්‍රමය හා ඊට අනුගත වූ මිනිසුන් දක්වන අසංවේදීතාව වේ. මාෂි සිරිවර්ධන නිරූපණය කරන චරිතය යම් ආකාරයක සංවේදීතාවයක ඉගියක් පළ කළද එය සැබෑ ප්‍රශ්නය තේරුම් ගැනීමකට වඩා අනුකම්පාව මත පදනම් වූ එකක් බව පෙනී යයි.
මෙම අසංවේදී අසාධාරණ සමාජ ක්‍රමය නඩත්තු කිරීම සම්බන්ධයෙන් ආර්ථිකමය වශයෙන් ඉහළම මට්ටමේ සිටින ධනපතීන්ට සහ එකී ධනපතීන්ගේම නියෝජනයක් වන දේශපාලනඥයන්ට දොස් පැවරීම සාමාන්‍ය සිරිත වේ. නමුත් මෙම චිත්‍රපටය ඉදිරිපත් කරන අමිහිරි කටුක සත්‍යය නම් සමාජයේ ඉහළම ධනපතියාගේ සිට පහළම මට්ටමේ යාචකයා දක්වා සියල්ලෝම දැන හෝ නොදැන මෙම දූෂිත ක්‍රමය නියෝජනය කරන බවයි. ඔවුන් සියල්ලන්ගේම හැසිරීම මෙම දූෂිත ක්‍රමයේ ප්‍රකාශන බවට පත්වේ.
සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර අසමාන මිනිසුන් බව දැන සිටියෙමි. නමුත් සැබැවින්ම මෙතරම් ප්‍රබල වූද විස්තීර්ණ වූද ප්‍රකාශනයන් රැසක් එක සිනමා නිර්මාණයක් තුලින් මම කිසිසේත් බලාපොරොත්තු නොවූ බව කිව යුතුය. විශේෂයෙන්ම එය ධනපති දේශපාලකයෙකු වන බන්දුල ගුණවර්ධනගේ නිෂ්පාදනයක් ලෙස එළිදකින විට.
Thursday, August 13, 2020
Princess of Thieves (2001)
An Inspector Calls (2015)
Monday, July 20, 2020
Trial By Fire
Sunday, June 14, 2020
The Personal History of DAVID COPPERFIELD (2019)
ඩේවිඩ් කොපර්ෆීල්ඩ් මම මුලින්ම කියෙව්වෙ 2000දි. ඒ අපේ අම්මා පොල්ගහවෙල ගොඩවෙල, ඈපාකන්ද බුවනෙකබා කණිෂ්ඨ විද්‍යාලයේ උගන්වන කාලෙ පාසල් නිවාඩු කාලෙක ඉස්කෝලෙ පුස්තකාලෙන් ගෙනත් මට දීල. පොත දෙන ගමන් අම්මා විස්තරයකුත් කිව්වා මට මතකයි. අම්මා කියපු විදියට ඩේවිඩ් කොපර්ෆීල්ඩ් කියන්නෙ ඒ පොත ලියපු චාල්ස් ඩිකන්ස්ගෙම කතාව. චාල්ස් ඩිකන්ස් තමන්ගෙ නමේ මුල් අකුරු දෙක වන C සහ D අරන් ඒක අග අකුර මුල නමටත් මුල අකුර අග නමටත් යොදල David Copperfield චරිතය නිර්මාණය කළා කියලයි අම්මා කිව්වෙ.
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
පාහියන් ගල්ලෙනේ සිදුකළ කැණීම් වලින් වසර 48000ක් පමණ පැරණි බව සැක කෙරෙන දුනු ඊතල වල අවශේෂ කොටස් සොයාගැනීමට පුරාවිද්‍යාඥයින් සමත් වී ඇත. මෙ...
-
රත්න ශ් රී විජේසිංහයන් ලියපු රෝහණ වීරසිංහයන් සංගීතවත් කරපු මේ සුන්දර ගීතය පිළිබදව අර්ථකථන ගණනාවක් මම කියවලා තියෙනව. ඒවා බොහොම සුන්දර අර්...
-
"නූතන විද්‍යාවේ අහවල් සංකල්පය බොරුවක් ලෙස ඔප්පු විය. එනිසා හේතුවාදීන්ගේ පදනම සුන්විය. හූ... හූ...." ඉහත විවේචනය/ ඔච්චම බොහෝවිට ආගම...









