Showing posts with label චිත්‍රපට විචාර. Show all posts
Showing posts with label චිත්‍රපට විචාර. Show all posts

Friday, September 18, 2020

Jailbreak Pact (2020)

 
සිරගෙයකින් පලා යාම නීති විරෝධී ක්රියාවකි. තත්වය එසේ තිබියදී සිරගෙවල් වලින් පලා යාම පාදක කරගෙන නිර්මාණය කරන ලද කතාන්තර, චිත්රපට ආදිය මහත් ජනාදරයට පත්වෙයි. විශේෂයෙන්ම සත්ය ලෙසම සිදුවූ සිරගෙයින් පලා යාමක් පිළිබදව වන චිත්රපටයක් වඩාත් ආකර්ශනීය වෙයි. එම පළායාම ඒකාධිපති ආඥාදායකයෙකුගේ පාලනයට පශ්චාත් භාගය පෙන්වා ඔහුව විහිළුවට ලක් කර පළා ගිය ගමනක් වන කළ ඕනෑම විමුක්තිකාමියෙකු එම කතාන්තරයට ප්රේමයෙන් බැදෙන්නේය. එය නැරඹීමෙන් සිනමාමය සුරතාන්තයක් අත් විදින්නේය.

චිලී රාජ්යයේ හමුදා ආඥාදායක ඔගස්ටෝ ෆිනෝෂේගේ ඒකාධිපති පාලනයට එරෙහිව සන්නද්ධ කැරැල්ලක සාමාජිකයන් වීමේ වරදට සිරගත කරන ලද දේශපාලන සිරකරුවන් 120කගෙන් 49 දෙනෙකුගේ කතාන්තරය මෙම චිත්රපටයට පාදක වී ඇත.

ඕනෑම සිරගෙවල් බිදුම් චිත්රපටයක (Prison Break Movie) දක්නට ලැබෙන සූක්ෂම බව, සුපරික්ෂාකාරීත්වය, සැළසුම් සහගත බව මෙහි අන්තර්ගත වෙතත් චිත්රපටයේ ආරම්භයේ සිට අවසානය දක්වා නරඹන්නා එයට ඇද බැද තබාගන්නා සුවිශේෂී මායාව, චිත්රපටය පුරාවටම දිවෙන ඒකාධිපති විරෝධී, විමුක්තිකාමී මනෝභාවයයි. එහි ගතවන තත්පරයක් පාසා ඔවුන්ගේ පලා යාම සාර්ථක වන්නට යැයි ඉත සිතින් පතන්නෙකු බවට නරඹන්නා පත් වේ.

විමුක්තිකාමීන්ද සාමාන්ය ජනතාවගේම කොටසකි. සාමාන්ය ජනතා හැසිරීම් දුර්වලතා ආදිය ඔවුන් තුලද වෙත්. ඒ අතර එන සහෝදරත්වය, සරාගීත්වය, ආදරය, දයාව, කරුණාව මෙන්ම පාවාදීමද මෙම චිත්රපයට තුල එක මිටකට කැටි කොට නරඹන්නා වෙත පිරිනමා ඇත.

ෆිනෝෂේගේ වසර 17ක ඒකාධිපති පාලන කාලය තුල චිලී රාජ්යය දකුණු අමෙරිකාවේ වැඩිම ආර්ථික වර්ධනයක් පෙන්වූ රට බව කියැවේ. එසේ වුවද දිනෙන් දින වර්ධනය වන ආදායම් බෙදී යාමේ විෂමතාවය පන්ති භේදය සහ උග්ර වූ මර්දනය ෆිනෝෂේ පාලනය ලෝකයේ වාර්තාගත භීම යුගයක් බවට පත්කළේය. රටක් සාර්ථකත්වය කරා ගෙන යාමට ශක්තිමත් ඒකාධිපති හා ආඥාදායක ස්වරූපයේ පාලනක් අවශ්ය බව කෙනෙකුට සිතිය හැකිය. සැබැවින්ම එවන් ආඥාදායකත්වයක් තුල රටක් ආර්ථික අග්ර ඵල අත්කරගැනීමට ඉඩ ඇති බවද අසත්යයක් නොවේ. නමුත් ඒ හා සමගාමීව සිදුවන සමාජීය පිරිහීම මිනිසාගේ ජීව ගුණය වියැකී යාම කෙතරම් බරපතළද යන්න පිළිබදව ඉතිහාසය නැවත නැවතත් පාඩම් උගන්වා ඇත. එවන් එක් පාඩමක පරිච්ඡේදයක් මෙම චිත්රපටයෙන් ඔබට නැරඹිය හැකි වනු ඇත.

පෙරකී පරිදි ඒකාධිපති වන්දනාවාදියෙකුට මෙම චිත්රපටයේ සුවිශේෂී බවක් නොපෙනෙණු ඇත. නමුත් විමුක්තිකාමී සටනක් දැකීමෙන් වුව අමන්දානන්දයට පත්වන සැබෑ විමුක්තිකාමියෙකුට මෙය ළබැදි සිනමා කෘතියක් වනවා නොඅනුමානය.

සැබෑ විමුක්තිකාමියාට ලොව ඕනෑම තැනක මානව නිදහස උදෙසා කෙරෙන ඕනෑම විමුක්තිකාමී සටනක් තමාගේ සටනක් ලෙස හැගෙනවා ඇත. ලොව ඕනෑම තැනක සිටින ඕනෑම ඒකාධිපති ආඥාදායකයෙකුට පරාජය අත්කරදීම, සමච්චලයට ලක්කර දැමීම, බිමට ඇද දැමීම තමාගේ ජයක් ලෙස හැගෙනවා ඇත. මෙම චිත්රපටය එවැනි අයටයි.

Tuesday, September 15, 2020

Walking with the Enemy (2013)

 



දෙවැනි ලෝක යුද්ධය හා බැදුණු සාහිත්ය සහ සිනමා නිර්මාණ බොහෝවිට මනුසත්බවට නිගාදෙන මනුෂ්ය ක්රියා පිළිබදව ජුගුප්සාවක් විනා සිතට ආශ්වාදයක් ජනිත කරන්නේ නැත. තම ජාතිය අන් ජාතීන්ට වඩා උසස්ය ශ්රේෂ්ඨය යන හැගීම ඉහ වහා ගිය කල සිදුවන විනාශය ඒ නිර්මාණ තුලින් නැවත නැවතත් ලෝකයට අනතුරු අගවයි.

මනුෂ්ය ප්රාණීන් කොටසක් උත්පතියෙන් පැවැත්මෙන් සහ ආගමික විශ්වාසයෙන් වෙනස් වූ පලියට තමන් ආර්ය ජන කොටසක් ලෙසත් තවත් එවැනිම මනුෂ්ය ප්රාණීන් කොටසක් අනාර්ය ජනකොටසක් ලෙසත් වර්ග කර ඔවුන් මත මුදාහළ මහා භීෂණයේ පරිමාණය කෙතෙක්දැයි අදටත් පවසන්නට සිදුවී ඇත්තේ අනුමාන වශයෙන් පමණි. ඒ අන්ධකාර කාල පරිච්ඡේදය තුල හංගේරියාව තුල සිදුවූ අදුරු වළාවක රිදී රේඛාවක් වන් සිදුවීම් පෙළක් පාදක කර ගනිමින් මෙම විශිෂ්ඨ සිනමා නිර්මාණය බිහිවී ඇත.

ජර්මනිය සමග හංගේරියානු එකගතාවය සහ හංගේරියාව එයට අනුකූලත්වය නොදැක්වීම මත ජර්මානු හමාදා හංගේරියාවේ බලය අත්පත් කරගත් 1944 වසර මෙම චිත්රපටයට පාදක වේ. ජර්මානු හමුදා හංගේරියානු යුදෙව්වන් අතර තරුණ පිරිස මුලින් වහල් කදවුරු වලට ගාල් කිරීමත් ඉන්පසු අනෙකුත් යුදෙව් ජනයා මුඩුක්කු වලට ගාල් කිරීමත් පසුව ක්රමක්රමයෙන් ඔවුන්ව අවුෂ්විට්ස් වැනි ඝාතක කදවුරු කරා මහා පරිමාණයෙන් ප්රවාහනය කොට ඝාතනය කිරීමත් පිළිබදව දර්ශන නරඹන්නාගේ රෝමොද්ගමනය කරවයි.

සියල්ල අහිමි වූ යුදෙව් ජාතික තරුණයෙකු එයට එරෙහිව තමාට හැකි අයුරින් සටන් වැදීමට තීරණය කරන්නේ ඒ සටනේ අවසානය කෙසේ වේදැයි යන්න පිළිබදව පැහැදිලි බලාපොරොත්තුවක් හෝ ඇතිව නොවේ. ඔවුන් විසින් ඝාතනය කරන ලද ජර්මානු හමුදා නිලධාරීන්ගේ නිල ඇදුම් ඇගලා ගන්නා මේ පිරිස ඝාතනයට කැපවූ අහිංසක අසරණ යුදෙව් මිනිසුන් ගැහැණුන් හා කුඩා දරුවන් දහස් ගණනකගේ ජීවිත බේරා ගැනීමට සමත් වෙයි.

ජර්මනිය හංගේරියාවට ඇතුළු වීමත් සමගම හංගේරියානු ඇරෝ ක්රොස් පක්ෂය එනම් හංගේරියානු ෆැසිස්ට්වාදීන් ජර්මානුන් සමග එක්වී යුදෙව්වන් මර්දන ක්රියාවලිය වේගවත් කිරීමට කටයුතු කරන ආකාරය මෙන්ම යුදෙව්වන් ඔවුන්ගේ නිවෙස් වලින් පළවා හැර හංගේරියානු ජාතිකයන් විසින් ඔවුන්ගේ දේපල නිවාස අත්පත් කරගන්නා ආකාරය ඉතාම ජුගුප්සාව දනවන ආකාරයට නිරූපණය කර ඇත.

චිත්රපටයේ එවන් දර්ශන නරඹන තත්පරයක් පාසා හංගේරියානු යුදෙව්වන්ට අත්වූ ශෝචනීය ඉරණම පිළිබදව මහත් වේදනාවක් ඇති වීම නොවැලැක්විය හැකිය. එමෙන්ම එදා හංගේරියානු යුදෙව්වන්ට සිදුවූ අයුරින්ම තම නිවාස දේපල වලින් එළියට ඇද දමා ඒවා අත්පත් කරගැනීම වර්තමානය වන විට යුදෙව්වන් විසින් පලස්තීන ජාතිකයන්ට එරෙහිව සිදුකිරීම සාධාරණීකරණය කළ හැක්කේ කෙසේද යන සාධාරණ තත්කාලීන ප්රශ්නයට මම මැදි වූයෙමි.

මනුෂ්යයාගේ ජාතිය මනුෂ්යය. මනුෂ්යයා සෑම විටම ගත යුත්තේ මනුෂ්යත්වයේ පැත්තයි. උපතින් පසුව උරුම වන අනේකවිධ භේද මත එක් ජනකොටසක් උසස් ලෙසත් තවත් ජනකොටසක් පහත් ලෙසත් සළකා සිදුකරන ඕනෑම යුද්ධයක් අරගලයක් සාධාරණීකරණය කළ නොහැක්කේ එබැවිනි. දෙවැනි ලෝක යුද්ධය ආශ්රිත අතිශය සංවේදී සිදුවීම් මාලාවක් කුතුහලය දනවන ආකාරයෙන් වේගවත් ගලා යාමකින් ඉදිරිපත් කරන මෙම විශිෂ්ඨ සිනමා නිර්මාණය මනුෂ්යත්වය අගය කරන සෑම කෙනෙකුම අනිවාර්යයෙන්ම නැරඹිය යුතු යැයි මම කල්පනා කරමි.


Wednesday, August 26, 2020

The Vanished (2020)





අම්මයි තාත්තයි අවුරුදු 10ක පුංචි දුවයි බොහොම සුන්දර විනෝද ගමනක් යනව. ඒ චාරිකා යන්නම හදපු කැරවෑන් එකක් වගේ නිවසකට සමාන වාහනේක. වැඩිය කවුරුත් නැත නිස්කලංක තැනකට ගිහින් මාළු බෑම, කඳවුරු දින කීපයක් ගෙවීම වගේ අහද්දිත් ආස හිතෙන බලාපොරොත්තු ගොඩක් එයාලට තියනව.

ඒත් ඒ බලාපොරොත්තු සුන්වෙලා යන්නෙ අවුරුදු 10ක පුංචි දුව හිටි හැටියේ අතුරුදහන් වීමෙන්. බොහොම කලබලයට පත්වෙන අම්මයි තාත්තයි දෙන්න දුව හැම තැනම හොයනව. හම්බ වෙන්නෙ නැති පාර පොලිසියටත් දැනුම් දෙනව. පොලිසියත් විශාල වෙහෙසක් දරල විශාල පිරිසක් යොදවල අර දරුවව හොයන්න උත්සාහ කරනව. ඒ හොයන අතරතුරදි වටපිටේ ඉන්න විවිධ මිනිස්සු ගැන ඉතාම සැක සහිත හොර පවා අහුවෙනව. ඒ ගැනයි මේ චිත්‍රපටය.

ආදරය කරන කෙනෙක් අහමි වීම හිත දරාගන්නෙ පියවර ගණනාවකින්. මේ චිත්‍රපටයෙ කියන විදියට 5කින්. මුළින්ම ගණන් නොගැනීම, ඉන්පසු කේන්තිය, ඉන්පසු අන් අයට දොස් පැවරීම, ඊට පස්සෙ මානසික අවපීඩනය, ඊටත් පස්සෙ ඒ අහිමි වීම පිළිගැනීම.

අහිමි වීමේ වියෝ දුකින් පෙළෙන ඕනම කෙනෙක් ඔය අදියර පහ පහු කරන්න ඕන. මානසික උපදේශකවරයෙක් කරන්නෙ ඒ පියවර හරියට පහු කරන්න වේදනාව දුක විඳින කෙනාට සහය වෙන එක. තනියම විඳ දරාගන්න බැරි නම් එහෙම උපදේශක සහයක් ගන්න එක ඉතාම වැදගත්. මොකද ඔය එක අදියරක හෝ හිර වුණොත් තත්වය ඉතාම භයානක වෙන්න පුළුවන්. තමන්ට වගේම අන් අයටත්.

Folie a deux syndrome නොහොත් ෆෝලී අ ඩූක්ස් සින්⁣ඩ්රෝමය කියන්නෙ ඉතාම බරපතළ වෙන්න පුළුවන් මානසික රෝගී තත්වයක්.

නිකම් තේරුම් ගන්න බෑ වගේ නේද? එුක තේරුම් ගන්න මේ ⁣චිත්‍රපටිය බලන්නම වෙනව. ඇත්තටම මේක බලන්නම ඕන ෆිල්ම් එකක්.

Sunday, August 16, 2020

Snowpiercer (2013) - විප්ලවයක හරස්කඩක්



මා මෙතෙක් නැරඹූ චිත්‍රපට අතරින් මගේ සිතට තදින්ම කාවැදුණු අංක එකේ චිත්‍රපටය ලෙස Snowpiercer හැඳින්වීමට මම කැමතිය. එය ආරම්භයේ පටන් අවසානය දක්වා පමණක් නොව අවසානයෙන් පසුවද නරඹන්නා දැඩිව ඇද බැඳ තබාගන්නා, කෙනෙකු සිතීමට පොළඹවන අතිශය ප්‍රබල වූ සිනමා නිර්මාණයකි.

කෙනෙකුට මෙය දුම්රියකදී සිදුවන ගැටුමක් පිළිබඳව කතාන්තරයක් ලෙස සළකා බැහැර කිරීමටද හැකියාව තිබේ. නමුත් එම කතාන්තරය තුල ඇති දේශපාලනික වැදගත්කම කියා නිම කළ නොහැකි තරම් වෙයි.

මහපොළොව හිමෙන් වැසීගිය, එළිමහනට ගියහොත් තත්පර ගණනකදී නියත වශයෙන්ම අධික ශීතල හේතුවෙන් මරණය හිමිවන පරිසර තත්වයක් මෙම චිත්‍රපටයට පසුබිම් වේ. ලෝකය වටා නොනැවතී නිරන්තරයෙන් ගමනේ යෙදෙන එක්තරා දුම්රියක් තුල පමණක් ජීවය ආරක්ෂා වී පවතී. එම දුම්රිය සමස්ථ ලෝකයේ පවත්නා සමාජ ක්‍රමයේ ඉතා පැහැදිලි හරස්කඩකි.

දුම්රියේ පසුපසම සිටින දුගී දුප්පත් ජනතාව දුම්රිය් ඉදිරි කොටසේ සිටින ඉහළ පැළැන්තිය විසින් තමන් මත මුදා හරින ප්‍රචණ්ඩත්වයට සහ මනුෂ්‍යත්වයට තරම් නොවන සැළකීමට එරෙහිව කැරැල්ලක් අරඹයි. කැරැල්ලේ ඉලක්කය කෙමෙන් කෙමෙන් දුම්රිය තුලින් ඉදිරියට ගමන් කොට එංජිමේ බලය අල්ලා ගැනීම මගින් දුම්රියේ පාලන බලය දුගී දුප්පත් ජනතාවට ලබාගෙන වඩාත් සාධාරණ තත්වයකට දුම්රියේ කටයුතු පත්කර ගැනීමයි.

දුම්රියේ පසුපස සිට ඉදිරිපසට යන ගමන එක් අතෙකින් සමාජයේ පහළම පැළැන්තියේ සිට ඉහළම පැළැන්තිය දක්වා නරඹන්නා කැඳවාගෙන යන ත්‍රාසජනක වූ චාරිකාවකි. අනෙක් අතින් නිර්ධන පංතියේ විප්ලවයකදී පසුකරන්නට සිදුවන අවධීන් පිළිබඳව යථාර්ථවාදී චිත්‍රණයකි.

සමාජ මට්ටම් පිළිබඳව වන චාරිකාවේදී පහළම සමාජ මට්ටමේ ජීවන අත්දැකීම් ඉහළට කෙමෙන් කෙමෙන් ගමන් කරන විට වෙනස් වන ආකාරය, පහළම මට්ටමේ ආහාර, ඇඳුම් පැළඳුම්, පහසුකම්, සමාජ ඇවතුම් පැවතුම් විධි ආදිය පිළිබඳව සවිස්තරාත්මක විස්තර කථනයක මෙම චිත්‍රපටය තුලින් දැකිය හැකිය.

පාලන බලය අත්පත් කරගැනීම සඳහා යන විප්ලවීය ගමනේදී ඉහළ සිට පහළට යෙදෙන අනිවාර්ය ප්‍රතිරෝධය, ඒ හරහා ඇතිවන ලේ වැගිරීම්, අරගලය වෙනුවෙන් සිදුකරන්නට වන කැපකිරීම්, ජීවිත පරිත්‍යාගයන්, නොමඟ යැවීම්, ඉදිරි ගමන තුළ මේ අරගලය සැබැවින්ස නිවැරදි එකක්මදැයි තමාගෙන්ම ප්‍රශ්න කරගන්නට සිදුවන අවස්ථා, හිණි පෙත්තට නගින තැනැත්තාට තමා තුල තමා සමඟම පැනනගින සංග්‍රාමය ආදී සියල්ල ඉතා සිත ඇදගන්නාසුළු ලෙස මෙම චිත්‍රපටයේ අන්තර්ගතය.

චිත්‍රපටයේ කතාන්තරය සැළකීමේදී සමස්ථ ලෝකයක් දුම්රියක් තුලට ගෙනැවිත් විහිදුවා ඇති ආකාරය අපූරුය. ස්වභාවික ලෝකයේදී වඳවී නොයාම සඳහා අවශ්‍ය පාරිසරික තුලනය ස්වභාවිකව රැකෙතත්, කෘතීමව එම තුලනය රැකීමට යාමේදී මුහුණ දෙන්නට සිදුවන අභියෝග, දුෂ්කරතා, අපහසු සහ අමානුෂික තීරණ යනාදිය පිළිබඳව චිත්‍රපටයේ අවසාන අදියරේදී කෙරෙන ගැඹුරු සාකච්ඡාව නරඹන්නා මහත් උභතෝකෝටිකයකට ඇද දමයි.

චිත්‍රපටයේ කතාව මා විස්තර කරන්නට යන්නේ නැත. එය දැන ගැනීම මෙය කියවා එය නරඹන්නට තීරණය කරන ඔබටම ඉතිරි කරමි. සැබැවින්ම එහි කියැවෙන කතාන්තරයට වඩා මාගේ සිත ඇද බැඳ ගත්තේ, මා මහත් අවුලකට ඇද දැමුවේ ඒ කතාවට බැඳී ඊට යටින් දිවෙන දේශපාලනික කථනය බව අවධාරණය කළ යුතුය.

සැ.යු:- ලෝකය දෙස එය අපට පෙනෙන ආකාරයෙන්ම පමණක් බැලීමට කැමති, යමක් පැති කීපයකින් විග්‍රහ කිරීම කාලය කා දැමීමක් යැයි සිතන, දෙන⁣ දෙය කා වෙන දෙය බලාගෙන පහසුවෙන් ඉන්නට කැමති අය, තමන්ගේ එම පැවැත්මට පහසු චිත්ත ස්වභාවය දිගටම පවත්වාගෙන යාමට කැමැත්තක් දක්වන්නේ නම් "මෙම චිත්‍රපටය නැරඹීමෙන් වළකින්න".

Friday, August 14, 2020

ද නිවුස්පේපර් - සමාජ අසමත්කම පිළිබදව විස්තීර්ණ විවරණයක්

 

"ද නිවුස්පේපර්" නම ඇසූ පමණින් එය පත්තර පිළිබද චිත්‍රපටයකැයි කෙනෙකුට හැගෙනවා ඇත. එහි වරදක් නැත. එය එක් අතෙකින් පත්තර පිළිබදව චිත්‍රපටයක් බව ඇත්තය. ශ්‍රීලංකාවේ මුද්‍රිත මාධ්‍ය භාවිතාව තුල ඇති කල් පැහුණු අගතීන් මත සමාජ සංස්ථාවේ ඇතිවන කුණු වී ඔජස් ගලන වාතාවරණය මේ චිත්‍රපටයට විෂය වී ඇති බව ඇත්තකි. නමුත් එම විෂය පළයේ අවකාශය තුල සමස්ථ සමාජ ක්‍රමයේම පවත්නා අසමර්ථකම පිළිබදව සිදුකෙරෙන විස්තරාත්මක විවරණය තුල මීට පෙර ශ්‍රී ලංකාවේ චිත්‍රපට කලාව තුල නිර්මාණය වූ ක්‍රමය ප්‍රශ්න කරන සියලුම චිත්‍රපට වලට සාපේක්ෂව වැඩි වැදගත්කමක් "ද නිවුස්පේපර්" වෙත ආරෝපණය වේ. 

යුධ කාලසීමාවේ හමුදා පුද්ගලයන් ගමන්ගත් බස්රථයක් ඉලක්ක කර එල්ල කැරුණු බෝම්බ ප්‍රහාරයකින් ඒ අසළින් ගමන් කළ අහිංසක කම්කරුවෙකුද ජීවිතක්ෂයට පත්වෙයි. බෝම්බ ප්‍රහාරය ආසන්නයේ එය වාර්තා කරන සියළුම පුවත්පත් සදහන් කරන්නේ බෝම්බ ප්‍රහාරය එකී කම්කරුවා විසින් සිදුකර ඇති බවත් ඔහු සිංහලයෙකු බැවින් සිංහල කොටියෙකු බවත්ය. මෙයින් කුපිතවන ගම්වාසීන් ඒ කම්කරුවාගේ නිවස ගිනිබත් කරයි. ඔහුගේ වැඩිමහල් සොහොයුරාට පහරදී දෙපා කඩා දමයි. චිත්‍රපටය ආරම්භ වන්නේ එම බෝම්බ ප්‍රහාරයෙන් වසර 9කට පසු එක්තරා අවස්ථාවකිනි. 

දෙපා ආබාධිත ගුණා (සරත් කොතලාවල) එසේත් නැත්නම් කම්කරුවාගේ වැඩිමහල් සොහොයුරාට පරණ පුවත්පතක කුඩා කොටසක් නෙත ගැටෙන්නේ අහම්බෙනි. එහි සදහන් වන්නේ හමුදා බස් රථය ඉලක්ක කළ බෝම්බ ප්‍රහාරයට එයින් මියගිය සිංහල කම්කරුවා වගකිවයුතු නැති බව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇති බවයි. එය දකින ගුණා පත්තර කැබැල්ල ගෙන වහා ඔවුන්ගේ පැල්පතට පැමිණ මවට පුවත පෙන්වයි. ඇය ඒ දෙස බලා සිටින්නේ හිස් බැල්මෙනි. ඉන්පසු කඩපිලට යන ගුණා මුදලාලි ඇතුළු කඩපිලේ සිටින පිරිසට පත්තර කැබැල්ල පෙන්වයි. හරියට දිනයක් නමක් නැති පත්තර කැබැල්ලක් පෙන්වා තමන් රවටන්නට ගුණා තැත් කරතැයි ඔහුට බැණ වදින පිරිස ගුණාව එළවා ගනී. 

ගුණාව විශ්වාස කරන්නේ ඔහුගේ හිතවත්ම මිතුරා පමණි. ගුණා මිතුරා සමග පත්තර කැබැල්ල ගෙන ග්‍රාම නිලධාරී හමුවන්නට යයි. ඔහු ගුණාගේ මියගිය සොහොයුරා වෙනුවෙන් කතා කිරීම ප්‍රතික්ශේප කරයි. ඉන්පසු දෙදෙනා යන්නේ පන්සලටය. පන්සලේ ස්වාමීන් වහන්සේ දෙදෙනාට "බණ" කියා ඔය පත්තර කැබැල්ල අතහැර දමා අත්හැරීම ප්‍රගුණ කරන ලෙසත් ඔවුන්ට මුහුණ දීමට සිදුවූ අභාග්‍යය සම්පන්න ඉරණම පෙර කර්මය මත සිදුවූ බවත් කියයි. 

ගුණා සහ මිතුරා කොළඹ ගොස් අදාළ පත්තර කන්තෝරුවේ මහත්තුරුන් හමුවී ගුණාගේ බාල සොහොයුරා නිර්දෝෂී බවට මුල් පිටුවේ ලොකු අකුරින් පළ කරවාගැනීමට තීරණය කරන්නේ ඔය වාතාවරණය සහ ගුණාගේ මවගේ දැඩි ඉල්ලීම මතය. 

චිත්‍රපටයේ ප්‍රධානම කොටස එකී කොළඹ ගමන විෂය කරගෙන නිර්මාණය වී ඇත. එහිදී සමාජයේ පොළව මට්ටමේ ජීවත් වන සැබෑ දුගී දුප්පත් මිනිසුන්ට පවත්නා සමාජ ක්‍රමය කෙතරම් අසංවේදී වන්නේද යන්න නැවත නැවතත් නිරූපණය වන්නේ නරඹන්නා දැඩි කළකිරීමකට පත්කරවමිනි. පුවත්පතකින් සිදුවූ අගතියක් චිත්‍රපටයේ ප්‍රධාන විෂය වස්තුව වුවද ඒ හරහා සමාජ අසාධාරණයේ විවිධ මුහුණුවරවල් වලින් ළග ළග නරඹන්නාට දමා ගැසීමට මේ ප්‍රබල චිත්‍රපටය සමත් වී ඇත.

අවසානයේ අහම්බෙන් සිදුවන අන්ත දුර්දාන්ත සිදුම් මාලාවකට පසු අරමුණ ඉටුකරගැනීමට ගුණා සමත් වෙයි. එහෙත් එම පුවත තම මවට සැළ කිරීමට හෝ ගමේ මිනිසුන්ට කියා ඔවුන්ගේ ප්‍රතිචාරය දැන ගැනීමට ගුණාට අවස්ථාවක් ලැබෙන්නේ නැත. ගුණාට අත්වන ඉරණම ඔහුගේ මවටවත් මවට අත්වන ඉරණම ගුණාටවත් කිසිදාක දැනගන්නට නොළැබීම ප්‍රේක්ෂකයාට යම් ආකරයක සහනය හා කළකිරීම මුසු හැගීමක් ඇති කරවයි.

චිත්‍රපටයේ සෑම රූප රාමුවක්ම දෙබසක්ම පසුබිමින් ඇසෙන කුඩා හඩක්ම පැය ගණන් ගතකොට විවරණය කළ හැකි තරම් ඉතා පොහොසත් ප්‍රබල නිර්මාණාත්මක ප්‍රකාශනයන් වෙයි. ඒ එක් එක් රූපරාමුවක් දෙබසක් හඩක් පාසා වෙන වෙනම චිත්‍රපට නිර්මාණය කළ හැකි තරම් එම ප්‍රකාශන ප්‍රබලය. සමස්ථ චිත්‍රපටය පුරාම දිවෙන මූලික හරය සමාජයේ ඇති සැබෑ ප්‍රශ්න වලට සමාජ ක්‍රමය හා ඊට අනුගත වූ මිනිසුන් දක්වන අසංවේදීතාව වේ. මාෂි සිරිවර්ධන නිරූපණය කරන චරිතය යම් ආකාරයක සංවේදීතාවයක ඉගියක් පළ කළද එය සැබෑ ප්‍රශ්නය තේරුම් ගැනීමකට වඩා අනුකම්පාව මත පදනම් වූ එකක් බව පෙනී යයි. 

මෙම අසංවේදී අසාධාරණ සමාජ ක්‍රමය නඩත්තු කිරීම සම්බන්ධයෙන් ආර්ථිකමය වශයෙන් ඉහළම මට්ටමේ සිටින ධනපතීන්ට සහ එකී ධනපතීන්ගේම නියෝජනයක් වන දේශපාලනඥයන්ට දොස් පැවරීම සාමාන්‍ය සිරිත වේ. නමුත් මෙම චිත්‍රපටය ඉදිරිපත් කරන අමිහිරි කටුක සත්‍යය නම් සමාජයේ ඉහළම ධනපතියාගේ සිට පහළම මට්ටමේ යාචකයා දක්වා සියල්ලෝම දැන හෝ නොදැන මෙම දූෂිත ක්‍රමය නියෝජනය කරන බවයි. ඔවුන් සියල්ලන්ගේම හැසිරීම මෙම දූෂිත ක්‍රමයේ ප්‍රකාශන බවට පත්වේ. 

සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර අසමාන මිනිසුන් බව දැන සිටියෙමි. නමුත් සැබැවින්ම මෙතරම් ප්‍රබල වූද විස්තීර්ණ වූද ප්‍රකාශනයන් රැසක් එක සිනමා නිර්මාණයක් තුලින් මම කිසිසේත් බලාපොරොත්තු නොවූ බව කිව යුතුය. විශේෂයෙන්ම එය ධනපති දේශපාලකයෙකු වන බන්දුල ගුණවර්ධනගේ නිෂ්පාදනයක් ලෙස එළිදකින විට.

Thursday, August 13, 2020

Princess of Thieves (2001)

රොබින්හුඩ් තේමා කරගෙන නිර්මාණව වුණ ටෙලිනාට්
ය චිත්රපට කාටුන් වැඩසටහහන් ගණනාවක් මම බලල තියනව. නමුත් ඒ හැම නිර්මාණයක් අතරින්ම වැඩියෙන්ම හිතට වදින්නෙ පුංචි කාලෙ ඉදන් ජාතික රූපවාහිනියේ සිංහල උපසිරැසිත් එක්ක බලපු ෂර්වුඩයේ රොබින් කතා මාළාව. සමහරවිට ඒක මුළින්ම බලපු නිසා වෙන්න ඇති. රොබින් හුඩ් ගෑවෙන අනෙක් හැම නිර්මාණයක්ම ෂර්වුඩයේ රොබින්හි පවත්න කතා තේමාව සහ චරිත ස්වභාවයන් අනුව කියවීමට පෙළඹීමේ අගතියට මම නතු වෙලා තියනව.

මේ චිත්රපටයේ රොබින්හුඩ්ට දෙන ප්රවේශය වෙනස් එකක්. එතනදි රොබින්හුඩ් ලයන්හාට් රිචඩ් රජුගෙ විශ්වාසවන්ත සේවකයෙක්. රිචඩ් රජු තමන්ගෙ ඇවෑමෙන් එංගලන්තයේ කිරුළ සදහා නම් කරන පිලිප් කුමාරයාගෙ ආරක්ෂාව සම්බන්ධයෙන් පවා ඔහු විශ්වාසය තියන්නෙ රොබින්හුඩ් කෙරෙහි.

රජතුමාගේ බාල සහෝදරයා ජෝන් කුමාරයා නොටිංහැම්හි ෂෙරිෆ් සමග එකතු වෙලා ප්රංශයේ සිට එංගලන්තය බලා එන පිලිප් කුමාරයාව ඝාතනය කරන්නටත් ඉන්පසු කිරුළ තමන් සතු කරගන්නටත් උත්සාහ කරනව. කතාව දුවන්නෙ ඔය සන්දර්භය ඇතුලෙ.

එතනදි කලින් රොබින්හුඩ් කතා වල නොඉදපු ආකර්ශනීය චරිතයක් කරළියට ගේනවා. ඒ තමයි රොබින්ගෙන් මැරියන්ගෙයි දියණිය වන ලොක්ස්ලිහි ග්වෙන්. ඇගේ චරිතයට පණ පොවන්නෙ Keira Knightley. දැනටත් වඩා ඇගේ හොදම නාඹර වයසෙදි මේ චරිතය නිරූපණය කරල තියෙන්නෙ. බලා ඉන්න ලස්සනයි.

කතාවෙ තියෙන්නෙ නම් සුපුරුදු වැඩවසම් වීරත්වයම තමයි. රජවරු හදන එකෙන් සාමාන්ය ජනතාවට සැළසෙන යහපත බොහොම ටිකයි. ඒත් අතීතයේ ඉදන් මේ දක්වාම රජුන් තනන එක ලේ වලටම දැනෙන ආතල් වැඩක්. ඒ ගැන කතා අහන එක කියවන එක චිත්රපටි බලන එකත් ඒ වගේම ආතල්. හැබැයි ඒ හැම කතාවකම ගොවියෝ කම්කරුවො රජුන් තැනීම සදහා ජීවිත පරිත්යාගයෙන් ඉස්කෝප්ප මුල්ලු අලවංගු අතේ අරගෙන ආයුධ සන්නද්ධ හමුදාවක් එක්ක සටන් කරල රජාව දිනවලා ඒ රජාට ආයුද දීල සන්නද්ධ කරල අත් පස්ස පැත්තේ පිහදාගෙන ආපහු ගෙදර යන්නෙ තමන්ගෙ සුපුරුදු දුක්බර ජීවිතේට. ඇත්ත කතන්දරේ ඕක වුණාට අවුරුදු සිය ගාණක් තිස්සෙ මානව වර්ගයා තවම ආස කරන්නෙ වඩා හොද ක්රමයක් හදනවට වඩා ප්රතාපවත් රජෙක් හදන්න. ඒක සාමාන්ය මිනිසාගෙ සමස්ථ දෘෂ්ටියෙන් ගත්තාම හරි මෝඩ බලාපොරොත්තුවක් / ආසාවක් වුණත් ඒකෙ තියන සතුට ත්රාසය පොඩ්ඩක්වත් අඩු වෙන්නෙ නෑ. මේ කතාවෙත් මුළ ඉදන් අගටම ඒ හැගීම තදින්ම දැනෙනවා.

පිලිප් ඉදිරියට එන්නෙ සාමාන්ය මිනිසුන්ගේ උදව්වෙන්. පිලිප්ව ඉදිරියට ගේන රොබින් ග්වෙන් වගේ සාමාන්ය මිනිස්සුන්ට එතනදි ව්යාජව දැනෙන අර ශ්රේෂ්ඨ අරමුණක් වෙනුවෙන් කැපවෙනවයි කියන හැගීම මේ චිත්රපටය නරඹන්නාටත් නොඅඩුව දැනෙනව. අන්තිමට රොබින්ට රාජසබාවෙ උපදේශක කමක් හම්බ වෙනව. දැන් වගේමයි. අවසානය දක්වාම හිතෙන්නෙ පිලිප් කුමාරයයි ග්වෙනුයි කසාද බදියි කියල. නමුත් රජතුමාගේ රාජකීයත්වයත් ග්වෙන් සාමාන්ය කෙනෙක් වීමත් කියන කරුණ දෙන්නම තේරුම් අරන් පැත්තකට වෙනව.

එතනදි එක අතකට බලාපොරොත්තු කඩවෙනව වුණත් මේ චිත්රපටියත් රොබින්හුඩ් තේමාවෙ ආපු විවිධාකාර චිත්රපටි අතරේ හොයාගෙන බලන්න වටින තවත් එකක් විදියට මතකයේ රදවාගන්න මම කැමතියි.

An Inspector Calls (2015)



ධනේශ්වරය විසින් නිර්ධන පංතිය සූරාකෑමේ විවිධ මුහුණුවර සහ එහි ඵල විපාක මේ චිත්‍රපටයේ තරම් සියුම් ලෙස නරඹන්නාට දැනෙන ලෙස නිරූපණය වූ වෙනත් චිත්‍රපටයක් මම දැක නැහැ.

චිත්‍රපටය ආරම්භ වෙන්නෙ ලන්ඩනයේ ඉහළ පෙලේ පවුලක සතුටුදායක සන්ද්‍යා භෝජන සංග්‍රහයකින්. හැමෝම බොහොම ප්‍රීතියෙන් ඉන්නෙ ඒ පවුලෙ දියණියගේ විවාහ ගිවිස ගැනීම හේතුවෙන්. ඇය විවාහ ගිවිස ගන්නෙ ඔවුන්ගේ පවුල විසින් පවාත්වාගෙන ගියපු ව්‍යාපාරයේ දිගුකාලීන තරඟකරුවෙකුගේ පුතෙක් සමඟ. ව්‍යාපාරික සටන අවසන් කරලා දෙගොල්ලම එකතු වෙලා අළුත් ව්‍යාපාරික අධිරාජ්‍යයක් ගොඩනගන හැටි පවා කතා බහ වෙන්නෙ බොහොම සතුටින්. මදක් හෝ අසතුටින් ඉන්නෙ විවාහ ගිවිසගත් කාන්තාවගෙ මල්ලි පමණයි. ඔහු යම්තාක් දුරකට සමාජ අසාධාරණය සම්බන්ධයෙන් සංවේදි බවක් පෙන්වනවා.

පොලිස් පරීක්ෂක ගූල් ඔවුන්ගේ නිවසට එන්නෙ භෝජන සංග්‍රහය අවසන් වනවාත් සමඟම. ඒ එදා සියදිවි නසාගත් තරුණියක පිළිබඳ විමර්ශනයක් සඳහා. ඔහු ඇවිත් පරිසගෙන් ප්‍රශ්න කරනවා. මේ මොහොත වෙනකොට නරඹන්නාගේ හිතෙත් ඒ සතුටුදායක සන්ද්‍යාව විනාශ කිරීම ගැන පරීක්ෂක ගූල් ගැන අප්‍රසාදයක් ඇතිවෙන ආකාරයට ඉතා සියුම් නිරූපණයක් දකින්න ලැබෙනවා. 

ඔහු විසින් සිදුකරන ලද ප්‍රඕන කිරීම් වලින් අනාවරණය වෙන්නෙ මියගිය ඊවා ස්මිත් නම් තරුණිය රැකියාවෙන් ඉවත දැමීම පවුලේ පියා විසිනුත්, ඇය ඊළඟට රැකියාව කරන ස්ථානයෙන් නෙරපීම සඳහා ඇගේ ලස්සන ගැන ඊර්ෂ්‍යාවෙන් සුළු කරුණක්ක ගැන කළමනාකාරීත්වයට පැමිණිලි කිරීම විවාහ ගිවිසගත් දියණිය විසිනුත්, ඊට පසු යන එන මං නැතිව අසරණ වන තරුණිය අනියම් බිරිඳ ලෙස කලක් තබාගෙන සිට ඇයව අතහැර ඇගේ හිත කඩා දැමීම දියණිය සමග විවාහ ගිවිසගත් තරුණයා විසිනුත්, ඉන්පසු ඉබාගාතේ ගිය තරුණිය සමඟ සබඳතාවයක් ඇතිකරගෙන ඇයව ගර්භනී භාවයට පත්කිරීම පවුලේ පුතා විසිනුත්, ගර්භනීව අසරණව ස්වේච්ඡා සංවිධානයක පිහිට සොයා යන තරුණිය හිස් අතින් ආපසු හරවා එවීම පවුලේ මව විසිනුත් කර ඇති බවයි. 

ඒ අනුව අපරාධමය වශයෙන් නොවුණත් ඇගේ මරණයට මෙම පවුලේ සියළු දෙනා වගකිව යුතු බව ඔවුන්ට ඒත්තු ගන්වන පොලිස් පරපරීක්ෂකවරයා නිවසින් පිටවී යනවා. ඉන්පසු සිදුවන දෙයත් කුතුහලය දනවනසුළුයි. 

නමුත් මම වැඩියෙන්ම ආශා කරන්නෙ ඉහළ සමාජය සමහරවිට වැඩිය හිතා බැලීමකින් තොරව සිදුකරන පොඩි පොඩි කාරණා පීඩිත පංතියට කෙතරම් සංවේදී අයුරින් බලපාන්නේද යන කාරණය මෙම චිත්‍රපටයේ නිරූපණය කරලා තියෙන සියුම් සහ ප්‍රබල ස්වරූපයට. 

ඒ අනුව වරප්‍රසාද ලත් පංතියේ කෙනෙකු වැඩිදුර නොසිතා ඉතාම සුළු දෙයක් ලෙස සළකා කරන දෙයක් වුණත් පීඩිත පංතියේ කෙනෙකුගේ ජීවිතය හා මරණය තීරණය කළ හැකි තරම් බරපතළ බවට පත්වන අයුරින් හැඩගැසී ඇති ජරාජීර්ණ වූද අසාධාරණ වූද සමාජ ක්‍රමය මේ චිත්‍රපටයෙන් දැඩිව ප්‍රශ්න කරනවා. 

Thriller ගණයේ සිනමා නිර්මාණයක් වන මෙය සමාජය දෙස විසම්මුතිකව බලන්න කැමති ඕනෑම කෙනෙකු ආදරයෙන් වැළඳගනු ඇතිවාට කිසිම සැකයක් නැහැ. 

Monday, July 20, 2020

Trial By Fire

ජීවිතේටම බලපු චිත්
රපට අතරින් ගොඩක්ම හිත අවුල් කරපු චිත්රපට කීපයෙන් එකක්. හැබැයි මේක සුන්දර චිත්‍රපටයක් නම් නෙමෙයි. ජීවිතයේ කාටත් මුහුණදෙන්න වෙන මහපොළොවේ කටුක ඇත්තක් ගැන කතා කරන ඉතාම සංවේදී සිනමා නිර්මාණයක්. මරණීය දණ්ඩනයට එරෙහි වීම කවදත් මගේ ස්ථාවරය. එයට එරෙහි වීමේ වටිනාකම සංවේදී ලෙස පෙන්වන චිත්රපටයක්. මම හිතනවා අධිකරණ ක්ෂේත්රයේ සහ අපරාධ විමර්ශන ක්ෂේත්රවල සේවයේ නියුතු හැමෝම සහ මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් පක්ෂපාතී, විරුද්ධ මෙන්ම කිසිම අදහසක් නැති අයත් අනිවාර්යයෙන්ම මේ චිත්රපටය නැරඹිය යුතුමයි.

විමර්ශන නිලධාරීන් අතින් කොයි තරම් අත්වැරදීම් වෙන්න පුළුවන්ද? යම් කෙනෙක් අපරාධකාරයෙක්මයි කියන පූර්ව නිගමනයේ ඉදන් ඔහුගේ වරදකාරීත්වය උසාවියේදි ඔප්පු කරන්න කරුණු හොයාගෙන අපරාධ ස්ථානයකට යන විමර්ශකයෙකුට හමුවෙන්නෙ අර අත්අඩංගුවේ ඉන්න පුද්ගලයා වරදකරු කරන්න උදව් වෙන සාක්ෂි පමණක් නොවුණට ඔහුට බොහෝවිට පේන්නෙ එහෙම සාක්ෂි පමණයි. අනිත් සියලු දේ ඔහු දැනුවත්ව හෝ නොදැනුවත්ව නොසළකා හරිනවා.

ඒ සත්යය අපි අධිකරණයේදි ඕනෑ තරම් අත්දැකලා තියනව. විශේෂඥ සාක්ෂිකරුවෙකුගේ භූමිකාව හරිහැටි වටහාගත් විශේෂඥයන් නෙමෙයි අපිට බොහෝ අවස්ථා වලදි අධිකරණයෙදි හමුවෙන්නෙ. ඔවුන් වැඩිදෙනෙක් පැමිණිල්ලේ නඩුව ශක්තිමත් කිරීම තමන්ගෙ කාර්යභාරය ලෙස හිතන බව පේනව. විශේෂයෙන් ස්ත්රී දූෂණ නඩුවකදි වගේ කන්යා පටලයට හානි වෙලා නැත්නම් 99ක්ම අවස්ථා වල අධිකරණ වෛද්යවරයා ලියන්නෙ මේ කාන්තාවට ඇදෙනසුළු කන්යා පටලයක් ඇති බවත් එබැවින් තුවාල නොතිබූ පමණින් කාන්තාව ප්රකාශ කරන දේ බැහැර කළ නොහැකි බවත්. එහෙම කිව්වාම ඇත්තටම ඇදෙනසුළුද කියලා තව කෙනෙකුට බලන්න ක්රමයක් නෑ. වෛද්යවරයාගෙ මතය බොහෝ වෙලාවට පිළිගැනෙනවා.

මේ චිත්රපටයේ කියවෙන නඩුවේ චූදිත ගැන සාක්ෂියක් දෙන මනෝ වෛද්යවරයා අඩුම ගණනෙ චූදිත මුණ ගැහිලාවත් නෑ. නඩුවේ ප්රශ්නය වන ගින්න ඇතිකලේ චූදිතමයි කියන මතයේ ඉදන් ගෙට ඇතුල් වෙන රහස් පරීක්ෂකයො ඔහු ගිනි තිබ්බාමයි කියන්න කරුණු හොයනවා මිසක් ගින්න ඇතිවිය හැකිව තිබූ වෙනත් ක්රම ගැන සොයා බලන්නෙවත් නෑ. ගින්න ඇතිවීම ගැන අපරාධ පරීක්ෂකයො නඩුවෙදි ඉදිරිපත් කරපු සාක්ෂි පදනම් විරහිත බව තීරණය වෙන්නෙ 2011දි. ඒ කියන්නෙ මේ පුද්ගලයව මරණීය දණ්ඩනයට ලක්කරලා අවුරුදු 7කට පස්සෙ.

ඔහුට මරණීය දණ්ඩනය නියම වුණාට පස්සෙ ඔහුට ඇමෙරිකානු නීතිය යටතේ ඇති අයිතිවාසිකම් අනුව හය වතාවක් අභියාචනය කරනවා. හයවෙනි හෙවත් අවසාන වතාවෙ ඔහුගෙ නීතිඥයා ඉදිරිපත් කරන තර්කය හා කරුණු ඉතාම ශක්තිමත් මෙන්ම තීරණාත්මක ඒවා. නමුත් ඒ අභියාචනයත් සුවිශේෂී කරුණු නැතැයි කියන පදනම මත නොකියවාම ප්රතික්ශේප කරනවා. අවසානයේ ඔහුගේ එකම ගැලවීම ආණ්ඩුකාරවරයාගේ සමාවක් හෝ මරණීය දණ්ඩනය ක්රියාත්මක කිරීම කල් දැමීම පමණයි. ඒ සදහා ආණ්ඩුකාරවරයාට ඉදිරිපත් කරන ඉල්ලීම ඔහු කියවන්නෙවත් නෑ.

මේ චිත්රපටයේ ආරම්භයේදි ටොඩ් විලිංහැම් පිළිබදව ප්රසාදයක් ඇතිවෙන්නෙ නෑ. ඒත් චිත්රපටයේ අවසානය දක්වා ඔහුත් එක්ක ජීවත් වෙනකොට ඔහු ඒ අපරාධය කළත් නැතත් ඔහු මරණයෙන් බේරා ගතයුතුයි කියල හැගීමක් ඇති වෙන එක වලක්වන්න බැහැ. ඒ වගේම දඩුවමක ඇති පුනරුත්ථාපනීය ගුණය ඇත්තේම නැති මරණීය දණ්ඩනය ගැන බොහෝ දෙනෙකුගෙ පූර්ව නිගමන වෙනස් කරන්න මේ චිත්රපටය හේතුවක් වේවි.

Sunday, June 14, 2020

The Personal History of DAVID COPPERFIELD (2019)


ඩේවිඩ් කොපර්ෆීල්ඩ් මම මුලින්ම කියෙව්වෙ 2000දි. ඒ අපේ අම්මා පොල්ගහවෙල ගොඩවෙල, ඈපාකන්ද බුවනෙකබා කණිෂ්ඨ විද්‍යාලයේ උගන්වන කාලෙ පාසල් නිවාඩු කාලෙක ඉස්කෝලෙ පුස්තකාලෙන් ගෙනත් මට දීල. පොත දෙන ගමන් අම්මා විස්තරයකුත් කිව්වා මට මතකයි. අම්මා කියපු විදියට ඩේවිඩ් කොපර්ෆීල්ඩ් කියන්නෙ ඒ පොත ලියපු චාල්ස් ඩිකන්ස්ගෙම කතාව. චාල්ස් ඩිකන්ස් තමන්ගෙ නමේ මුල් අකුරු දෙක වන C සහ D අරන් ඒක අග අකුර මුල නමටත් මුල අකුර අග නමටත් යොදල David Copperfield චරිතය නිර්මාණය කළා කියලයි අම්මා කිව්වෙ.

ඒ වෙනකොට චාල්ස් ඩිකන්ස්ගෙ ඔලිවර් ට්විස්ට් සහ Great Expectations කියවලා තිබුණ මම බොහොම ආසාවෙන් ඩේවිඩ් කොපර්ෆීල්ඩ් කියෙව්වෙ මිදුලෙ කෙළවරේ තිබුණ ගලක් උඩ ඉඳගෙන. යෞවනයට ආසන්න වෙමින් හිටපු මට මුලින්ම පෙම්කතාවක් හින්ද හිරිවැටිලා යන ගතිය දැනුණෙ ඩේවිඩ් කොපර්ෆීල්ඩ්ගෙ පෙම් කතා දෙක කියවද්දි. ඇග්නස් සහ ඩෝරා. නැත්නම් ඩෝරා සහ ඇග්නස් කියන්නත් පුළුවන්.

මේ චිත්‍රපටය මම බලන්නෙ හරියටම ඊට අවුරුදු 20කට පස්සෙ. ආපහු ඩේවිඩ් කොපර්ෆීල්ඩ් කියවන්නත් බැරිවුණා. නමුත් නම දුටු ගමන්ම ඒ පොත මා තුල ඇති කරපු වෙනස මතක නිසා ඒක බැලිය යුතුමයි කියල තීරණයකට ආව.

නමුත් වෙනසක් තියනව. මේ චිත්‍රපටයේ ඩේවිඩ් කොපර්ෆීල්ඩ් කළුයි. ඔහු ඉන්දියානුවෙක්. මම ආයෙමත් අන්තර්ජාලයේ පරික්ෂා කරලා බැලුවෙ බැරිවෙලාවත් චාල්ස් ඩිකන්ස්ට එහෙම කලවමක්වත තිබුණද කියල. ඒත් එහෙම දෙයක් හොයාගන්න බැරිවුණා. පේන විදියට නම් චාල්ස් ඩිකන්ස්ටත් තියෙන්නෙ අර තිස්ස ජනනායක මහත්තයට වගේ ශුද්ධ අමිශ්‍ර ජාන. මම ඒක හෙවිල්ල නවත්තල ආපහු චිත්‍රපටය නරඹන්න ගත්ත.



ඒකෙන් මම තවදුරටත් අවුල් වුණා. අප්‍රිකානු කළු ජාතික වංශාධිපතියො, සුදු ජාතික සේවකයො, චීන ජාතික පියෙකුට නීග්‍රෝ ජාතික දුවක්. ඔය වගේ නොගැලපෙන වර්ණ සංකලනයක් තමයි චිත්‍රපටයේ පුරාම තිබුණෙ.

චිත්‍රපටය නරඹලා ආයෙත් කියවලා බැලුවා. චිත්‍රපටය ගොඩනැගීමේදී පදනම් කරගෙන තියන තේමාව වර්ණභේදවාදයට විරුද්ධ එකක්. එතනදි හම සුදු හා හම කළු සියලු දෙනාම එක සමානව එකම සමා⁣ජයේ හිටපු විදියට තමයි චරිත වලට යොදාගෙන තියෙන්නෙ. ඒක යථාර්ථවාදී නැහැ තමයි. ඒත් බොහොම හිතට වදින වෙනසක්.

ඩේවිඩ් කොපර්ෆීල්ඩ්ගෙ චරිතය නිරූපණය කරන දේව් පටෙල් කියන විදියට චිත්‍රපටය ඉදිරිපත් කරන්නෙ වර්ණභේදවාදය මත පදනම් නොවූ සමාජ විෂමතා. ඒක ටිකක් ඔළුවට දාගන්න එක අමාරු දෙයක්. හරියට කොහොඹා කංකාරිය නෙළුම් පොකුණෙ කරනව වගේ. හැඩය සහ පසුබිම ටිකක් වෙනස්.

මේ ප්‍රවණතාවය ගොඩක් විවේචනයට ලක්වෙලත් තියන බව පේනව. ඒත් වර්ණභේදවාදය අහෝසා කරන්න ඉලක්ක කරද්දි මෙවැනි තේමාවක් යොදා ගැනීමේ ලොකු දේශපාලනික වැදගත්කමක් තියනව. ඕක ලංකාවෙදිත් කලොත් ටිකක් හිතල මතල ටෙලිනාට්‍ය චිත්‍රපටි බලන නරඹන්නාව ටිකක් සාධනීය විදියට අවුල් කරන්න පුළුවන්. හින්දු පියෙක්, මුස්ලිම් මවක්, සිංහල ⁣සීයෙක්, බර්ගර් ආච්චි කෙනෙක් එක්ක නිරාගමික පුතෙක් වගේ දාල බලන එක වටිනව.

දේව් පටෙල්. ස්ලම්ඩෝග් මිලියනර් චිත්‍රපටයෙන් දිනාගත් අවධානය දිගටම රඳවාගන්න සමත් වුණ සුපිරි නළුවා ඩේවිඩ් කොපර්ෆීල්ඩ් චරිතයට උපරිම සාධාරණයක් කරනවා. 

චිත්‍රපටයේ අධ්‍යක්ෂ Armando Iannucci මුලින්ම මගේ අවධානය දිනාගන්නෙ The Death of Stalin චිත්‍රපටයෙන්. ඔහු ඩේවිඩ් කොපර්ෆීල්ඩ්ව ප්‍රතිනිර්මාණය කරන ආකාරයත් නැවත නැවත කියවිය යුතුයි. ඒ සඳහා තුන් සැරයක්වත් මේ චිත්‍රපටය බලන්න වෙයි මං හිතන්නෙ.

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...