1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාව මගින්
වරදකරුවන්ට ජනාධිපති සමාව ලබාදීම සදහා අවශ්‍ය බලතල ජනාධිපතිවරයාට ලබාදී ඇත.
උපුටාගැනීම 1
"34 (1) ශ්‍රී ලංකා ජනරජයේ කවර වූ හෝ අධිකරණයකදී වරදකරු කරන ලද කවර වූ හෝ වරදකරුවකුට :-
(අ) සම්පූර්ණ සමාවක් හෝ නීත්‍යානුකූල කොන්දේසි සහිත සමාවක් හෝ දීමට;
(ආ) නියම කරන ලද යම් දඩුවමක් ක්‍රියාත්මක කිරීම කාලසීමාවක් නොමැතිව හෝ
සුදුසු යැයි ජනාධිපතිවරයා කල්පනා කරන කාලසීමාවක් ඇතිව හෝ කල් තැබීමට;
(ඇ) ඒ වරදකරුට නියම කරන ලද දඩුවමක් වෙනුවට ලිහිල් දඩුවමක් නියම කිරීමට; හෝ
(ඈ) නියම කරන ලද දඩුවමක් මුළුමනින්ම නිෂ්ප්‍රභ කිරීමට හෝ ඉන් කොටසක් අඩු
කිරීමටද එකී වරදකරු කළ වරද හේතුකොටගෙන ඔහුගෙන් ජනරජයට අයවිය යුත්තාවූ
යම්කිසි දණ්ඩනයක් මුළුමනින්ම නිෂ්ප්‍රභ කිරීමට හෝ ඉන් කොටසක් අඩු කිරීමටද
එකී වරදකරු කිරීම හේතුකොට ගෙන ඔහුට අයත් වස්තුවක් රාජසන්තක විය යුත්තේ නම්
එසේ රාජසන්තක විය යුත්තා වූ වස්තුවෙන් කොටසක් පමණක් රජයට ගැන්වීමට හෝ ඒ
වස්තුව රාජසන්තක කිරීම මුළුමනින්ම අත්හිටුවීමට
ජනාධිපතිවරයාට බලය ඇත්තේය.
එසේ වුවද එසේ යම් වරදකරුවකුට අධිකරණයකින් මරණ දඩුවම නියම වූ විටක
ජනාධිපතිවරයා විසින් ඒ නඩුව විභාග කළ විනිශ්චයකාරවරයාගෙන් වාර්තාවක්
ලබාගැනීමට සැලැස්විය යුත්තේය. එම වාර්තාව ජනාධිපතිවරයා වෙත ලැබුණු විට, ඒ
පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් දීමෙන් පසුව නීතිපතිවරයාගේ ඒ උපදෙස් සමග එය
අධිකරණ විෂයය භාර අමාත්‍යවරයා වෙත යැවිය යුතු බව නියම කොට ජනාධිපතිවරයා
විසින් එය නීතිපතිවරයා වෙත යැවිය යුත්තේය. ඉන්පසු ඒ අමාත්‍යවරයා විසින් සිය
නිර්දේශ ද සමග එම වාර්තාව ජනාධිපතිවරයා වෙත එවිය යුත්තේය."
උපුටාගැනීම 1 අවසන්.
ඒ අනුව පෙනී යන්නේ ඕනෑම වරදකරුවකුට සමාව ලබාදීමට ජනාධිපතිවරයාට බලතල ඇති
බවයි. මරණීය දණ්ඩනය නියම කරන ලද වරදකරුවන්ට සමාව දීමේදී අදාළ නඩුව විභාග කළ
විනිසුරුවරයාගේ වාර්තාවක්, නීතිපති උපදෙස් සහ අධිකරණ අමාත්‍යවරයාගේ
නිර්දේශ ලබාගතයුතු බව දැක්වුණද ජනාධිපතිවරයාගේ තීරණය එම වාර්තා, උපදෙස් සහ
නිර්දේශයන්ට යටත් බවක් කියැවෙන්නේ නැත. ඒ අනුව එකී අවශ්‍යතා හුදෙක්ම
කාර්යාලයීය අවශ්‍යතා පමණක් බවට පත්වන අතර තීරණාත්මක වන්නේ ජනාධිපතිවරයාගේ
අභිමතය පමණක්ම වේ.
යම් දඩුවමක් නියම වීම හේතුවෙන් තැනැත්තෙකුගේ
ප්‍රජා අයිතියට සිදුවන බලපෑම පවා ජනාධිපති සමාව හරහා වෙනස් කළ හැකිය. ඒ
පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (2) අනු ව්‍යවස්ථාවේ පහත පරිදි දැක්වේ:-
උපුටාගැනීම 2
34 (2) ජනාධිපතිවරයා විසින් 89 වන ව්‍යවස්ථාවේ (ඈ), (ඉ), (ඊ), (උ) හෝ (ඌ)
ඡේදයේ හෝ 91 වන ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාවේ (උ) ඡේදයෙහි හෝ දැක්වෙන
නුසුදුසුකමට පාත්‍රව සිටින්නා වූ හෝ පාත්‍ර වන්නා වූ හෝ යම්කිසි
තැනැත්තෙකු සම්බන්ධයෙන් -
(අ) සම්පූර්ණ සමාවක් හෝ නීත්‍යානුකූල කොන්දේසි සහිත සමාවක් හෝ දිය හැක්කේය; නැතහොත්
(ආ) එම නුසුදුසුකමේ කාල සීමාව අඩු කළ හැක්කේය."
උපුටාගැනීම 2 අවසන්
තවද අපරාධ සහයකයෙකුට සමාව දීමට ජනාධිපතිවරයාට ඇති බලය සම්බන්ධයෙන් 34 (3) ව්‍යවස්ථාවේ ප්‍රකාරව බලය ඇත.
උපුටාගැනීම 3
"34 (3) ශ්‍රී ලංකා ජනරජයේ අධිකරණයක් ඉදිරියට පමුණුවා දඩුවම් දියහැකි
වරදක් සිදුකරනු ලැබූ විටක එකී වරද කළ ප්‍රධාන වරදකරු හෝ ප්‍රධාන වරදකරුවන්
කීපදෙනෙක් වෙත්නම් ඔවුන් අතරින් කවරකු හෝ වරදකරු කිරීමට තුඩුදෙන තොරතුරක්
සපයන්නාවූ අපරාධ සහායකයෙකුට සමාවක් දීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේය"
උපුටාගැනීම 3 අවසන්.
ඒ අනුව පෙනී යන්නේ වරදකරුවන්ට ජනාධිපති සමාව ලබාදීම සදහා ජනාධිපති වරයාට
අසීමිත බලයක් ඇති බවයි. සමාව දීමේදී අනුගමනය කළයුතු ක්‍රියා පටිපාටීන්
දක්වා තිබුණද ඒවා හරිහැටි අනුගමනය කෙරෙන්නේද යන්න සම්බන්ධයෙන් හෝ අනුගමනය
නොකළහොත් ඇතිවන ප්‍රතිවිපාක පිළිබදව හෝ කිසිදු සදහනක් නැත. එමෙන්ම එම
ජනාධිපති සමාව ලබාදීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අධීක්ෂණ බලයක් හෝ යටත්
පිරිසෙයින් නිරීක්ෂණ බලයක් හෝ කිසිදු බලධාරියෙකුට පවරා නොමැති තත්වයක් තුල
ජනාධිපති සමාව සම්බන්ධයෙන් සර්වබලධාරී බවට ජනාධිපතිවරයා පත්වේ.
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment