Wednesday, April 15, 2020

ඝරසරප

ඝරසරප ඇවිත් අව්රුද්දක් පමණ ගතවෙලා තිබුණත් මට ඒක බලන්න බැරි වුණු හේතු දෙකක් තිබ්බ. පළවෙනි හේතුව කාර්යබහුලත්වයත් එක්ක දැන් ඉස්සර වගේ හිතූ හිතූ හැටියට චිත‍්‍රපට බලන්න වෙලාවක් නැති එක.

දෙවෙනි හේතුව තරමක් මෝඩ වගේම judgemental හේතුවක්. ඒ තමයි ඝරසරප නිෂ්පාදකවරයා පිළිබදව මගේ හිතේ මැවී තිබූ චිත‍්‍රය හරහා ඔහුගේ චිත‍්‍රපටය පිළිබදවත් මට නොදැනීම මම යම් මැණීමක් ඇතිකරගෙන තිබීම. ඝරසරප නිෂ්පාදකයා අර්ජුන් කමලනාත්. ඔහු ගෑවිලා නිසා එතරම් ගැඹුරක් නොමැති නිර්මාණාත්මක ගුණයක් නැති සිනමා නිර්මාණයක් වෙන්න ඇති කියන හැගීම මටත් නොදැනිම හිතේ පැළපදියම් වෙලා තියෙන්න ඇති.

නමුත් අත යූ ටියුබ් හරහා ඝරසරප බැලුවාම ඒ පූූර්ව නිගමනය වැරදි බව මටම වැටහුණා. කාලයකට ඉස්සර ආසාවෙන් බලපු දඩුබස්නාමානය අකාල සන්ද්‍යා වැනි ජයන්ත චන්ද‍්‍රිසිරිගේ නිර්මාණවල තිබුණ ඒ අසහාය නිර්මාණාත්මක ගුණය ඝරසරප ඇතුලටත් මැනවින් කවල තිබ්බ.

ඒ සුපිරි මෙහෙයවීම යටතේ ජැක්සන් කමල් අද්දරආරච්චි සංගීතා විතරක් නෙවෙයි චිත‍්‍රපටය පුරාම වචනයක් වත් කතා නොකරන වසන්ත විට්ටච්චි පවා තමන්ගෙ උපරිමය දීල තිබ්බ.

කාලෙකට කලින් ඝරසරප ගැන කතාබහක් අඇහුණ වෙලාවක කෙනෙක් කියනව මං අහගෙන අප්පෝ අමූලික බොරුවක්නෙ තියෙන්නෙ කියල. ඉතිං මොකද චිත‍්‍රපටයක් මිත්‍යාවෙන් තොර වෙන්නය කියල කොහෙවත් නෑනෙ

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...