පුංචි කාලෙ ඉදලම මම මස් මාළු වලට වඩා ආසාවෙන් බත් කෑවෙ හාල්මැස්සො-කරවල
එක්ක. හොදට කෑලි මිරිස් ටිකක්, හීනියට කපපු රතුළූනු ගෙඩි දෙකක් විතර දාල
යාන්තමට කරවෙන ගානට බැදල ගත්තාම කන එකයි ඇත්තෙ. විවිධ මස් වර්ග වාරණයකින්
තොරව රස බලල තිබුණත් අදටත් මොනවද කන්න ආසම කියල ඇහුවාම බැදපු කරවල හරි
හාල්මැස්සො හරි එක්ක පොල් සම්බෝලයි පරිප්පු හොද්දයි බතුයි මගෙ ප්‍රියතම කෑම
ලැයිස්තුවේ ඉහළින්ම තියනව. ඔය කරවල හාල්මැස්සො බැදුම් වලට මුරුංගා කොළ
(කතුරුමුරුංගා නෙවෙයි) දාල බැදගත්තාමත් තියෙන්නෙ අමුතුම රහක්.
ඒ
වුණත් විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබලා කොළඹ ගියාට පස්සෙ ඔය කෑම වට්ටෝරුව
වෙනස් කළා නෙවෙයි කරන්න සිද්ධ වුණා. මොකද කොළඹදි බත් කිව්වොත් බීෆ්, චිකන්,
පෝක්, ෆිෂ් සහ බිත්තර කෑම තමයි තියෙන්නෙ. ආය තියෙන්නෙ ෆ්‍රයිඩ් රයිස්
තමයි. එතැනින් එහාට තෝරාගැනීමක් කරන්න කෑම වර්ග අඩුයි. ඉතින් සල්ලි අතේ
තියන දවසට තුන්වේලටමත් නැති දවසට දෙවේලකට හෝ තනි වේලටත් ඔය කීපය අතරින්
එකක් එක්ක තමා කන්න වෙන්නෙ.
ඔව්. සල්ලි නැති දවස් ඕන තරම් තිබුණා. උදේට
නැගිට්ටම වැඩිපුර බඩගිනි නම් කන්නත් සල්ලි හිග නම් දවල් වෙනකල්ම එහෙමම
නිදාගෙන 11ට විතර ඇහැරලා දවල්ටම කාපු දවසුත් තිබුණ.
හොස්ටල් එකට
ගියපු මුලු දවසවල කෑවෙ කැන්ටිමෙන්. එතනින් කන එක සතියෙන් එපා වුණා. බලාගෙන
ඉද්දි කෙට්ටු වුණා. ඊට පස්සෙ ගියෙ නාලන්දාවට එහා පැත්තෙ තිබුණ කර්ෂියට.
එතනිනුත් වැඩි දවසක් කන්න පුළුවන් වුණේ නෑ. ඊට පස්සෙයි පුංචි බොරැල්ල
හන්දියෙ තියන කඩවලට යොමුවුණේ.
වැඩියෙන්ම කෑවෙ මාළු කෑම. මාළු හෝ
බිත්තර කෑම කනවනම් මම වගේම පුංචි බොරැල්ල කිත්‍යාකර නේවාසිකාගාරයෙ හිටපු
වැඩිදෙනෙකුගෙ තේරීම වුණේ බෝගහ ගාව තිබුණ පරණ මාතර බත්කඩේ. එතන තිබුණ
පිරිසිදු කමේ ප්‍රශ්න හින්ද මාස දෙකකට තුනකට සැරයක් PHI පැනල කඩේ වහනව.
සතියක් දෙකක් වහල තිබිල ආයෙත් අරිනව. මොනව වුණත් ඇරිය ගමන් අපිත් ආයෙමත්
යනව. ගෙවන මුදලට කටට රසට සැරට කන්න තිබුණෙ එතනම විතරයි.
රයිස් කනවනම් ගියෙ මාදම්පා එකට හරි පැරිෂින් එකටහරි. ඒක ඒ ඒ අවස්ථානුකූලව සල්ලි අතේ ගැවසෙන විදියට වෙනස් වුණා.
චිකන් කෑම කන්න තැන් දෙකක් තිබුණ. ඒ කළු ඇන්ටිගෙ කඩෙයි සෙක්සි ඇන්ටිගෙ
කඩෙයි. (සෙක්සි ඇන්ටි කිව්වෙ ස්කිනි අදින අවුරුදු 70ක විතර ඇන්ටි කෙනෙක්)
ඇන්ටි ඒ කඩ දෙකේම කෑම ටිකක් මිළ අධිකයි. නමුත් එක බත් එකට චිකන් කෑලි
දෙකතුනක් හම්බ වෙන හොදට රම්පෙ කරපිංචා තුනපහ දාල හදපු ඒ බත් එක අඩුම ගානෙ
රෑ වේලට හරි කන්නයි අපි හැමදාම ට්‍රයි කලේ.
ඔහොම ඉන්නකොට ෆැකල්ටියෙ
ෆොටෝකොපි සෙන්ටර් එක කරපු ශ්‍රීනාත් අයිය බත් කඩයක් දැම්ම. අපිට කිව්ව
"කෑම එක රුපියල් සීයයි උඹල ඇවිත් ඇතිතරම් බෙදාගෙන කාපල්ල" කියල. ඉබ්බා දියේ
දැම්ම වගේ. අපි මාස තුනක් විතර හිතේ හැටියට කෑව. ශ්‍රී අයියට කඩේ වහන්න
වුණා.
ආය කන්න තැනක් තිබ්බෙ මැගසින් බන්ධනාගාරයෙ. ඒකෙ ආපන ශාලාවෙ
කෑම එකක් වුණේ රුපියල් හතලිහයි. චිකන් බීෆ් ඕන එකක් තිබුණ. ඒත් තිබුණ
ගැටලුව තමයි දුර. මීටර් අටසීයක් විතර පයින් ගිහින් කෑම කාල ආපහු එනකොට ආය
බඩගිනි. ඉතින් මම වැඩේ අතෑරල දැම්ම.
ඔය කොතනින් කෑවත් හාල්මැස්සො
කරවල වලට තිබුණ බැදීම ලැදියාව අඩු වුණේ නෑ. ඒව තියන කෑම කඩයක් කොළඹින් හම්බ
වුණෙත් නෑ. ඔහොම ඉන්නකොට දවසක් අතේ සල්ලි තිබුණෙ රුපියල් සීයයි. ටවුන්
හෝල් එක ගාවින් බැස්සම තව රුපියල් අනූ දෙකක් ඉතුරුයි. රුපියල් දෙක ඉතුරු
දුන්නෑ. ඉතිං අනූවයි. රුපියල් දෙකට කොන්දගෙන් ගේම ඉල්ලන්නවත් හිතෙන්නෙ නැති
තරම් බඩගිනි. කැම්පස් එක ළගට යනකොට ඉතිරි වෙන්නෙ අසූවයි. මොකද කරන්නෙ කිය
කිය හිතන ගමන් බහිනකොට තමයි එතන පෙට්ටි කඩේක තිබුණ බත් පැකට් දැක්කෙ.
"අංකල් මේ කෑම කීයද?"
මං ඇහුවෙ කීය වුණත් කන්න හිතාගෙන.
"හතලිහයි පුතා. ඕක කන්න එපා. මේක තිස්පහයි. මේක කාල බලන්න. රසයි. ගෙදරින් හදාගෙන එන කෑම එකනෙ"
"මොනවද තියෙන්නෙ අංකල්?"
"අල තියනවා කැකිරි තියනවා කරවල තෙල් දාලා තියනවා. කන්න. රසයි"
අංකල් ආයෙත් කිව්වා.
කොළඹ කෑමවල කොහෙද කරවල බැදුං. මට ඒ වචනෙ අහද්දිත් ඇග කිළිපොලා යනව. වැඩිය
හිතන්නෙ නැතුව මම බත් එකක් අරන් එතන තිබුණ පුංචි ලී බංකුවෙ වාඩි වුණා.
ඇත්තම තමයි. කෑම එක මාර රසයි. මම ඇටයක්වත් ඉතුරු නොකර කෑව.
"ඇත්තටම රසයි අංකල්" මම සල්ලි දෙන ගමන් කිව්ව.
"ඒකනෙ පුතා කියන්නෙ. කොළඹ ආපුහම පොඩි කඩේකින් කන්න. පිරිසිදුයි. රසයි" අංකල් හිනා වෙලා කිව්ව.
එදා ඉදන් මම හාල්මැස්සො කරවල කන්න හිතුණාම අංකල්ගෙ පෙට්ටි කඩෙන් කන්න
පටන්ගත්ත. කොළඹින් එනකල්ම අඩුම ගානෙ සතියකට සැරයක්වත් ඒ කඩෙන් කෑව.
ළගදිත් එතනින් වාහනේ යනකොට අර පරණ විදියටම අංකල්ගෙ පෙට්ටි කඩේ දැක්ක. ආසයි ආපහු එතනින් කන්න.
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Wednesday, April 15, 2020
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment