Wednesday, April 15, 2020

First Man

First Man (2018) යනු විශිෂ්ට සිනමා නිර්මාණයකට වඩා අධ්‍යාපනික වටිනාකමකින් යුතු documentary ගණයේ සිනමා කෘතියකි. සද මත පා තැබූ පළමු මිනිසා වන Neil Armstrongගේ චරිතය ආශ්‍රිතව සදගමන සම්බන්ධ සිද්ධීන් දාමයක් හම චිත්රපටියෙන් නිරූපණය කර ඇත.

සද ගමන කීදෙනෙකුගේ කැපවීම් සහ ජීවිත පරිත්‍යාග වලින් ලබාගත් ජයග්‍රහණයක්ද යන්න එහිදී මැනවින් පෙන්වා ඇත. චිත්රපටිය නරඹා අවසානයේ මට සිතුණේ එය ලැප්ටොප් පරිඝනකයකින් නරඹනවා වෙනුවට 3D තාක්ෂණය යටතේ සහ Digital Surround sound තාක්ෂණය සහිතව නැරඹුවේ නම් ගගනගාමියෙකු ගුවන්ගත වීමකදී සහ අභ්‍යාවකාශයේදී මුහුණදෙන අත්දැකීම යම් ආකාරයකට සජීවීව වින්දනය කිරීමට එය මග පාදනු ඇති බවයි.

කෙසේ වෙතත් සද ගමන ගැන සැබෑ උනන්දුවක් දක්වන තැනැත්තෙකු හැර සාමාන්‍ය සිනමා ලෝලියෙකු මෙම චිත්රපටිය නැරඹීම අතරමග නවත්වා දැමීමට බොහෝදුරට ඉඩ තිබේ.

සදගමන විශාල පිරිවැයක් දරා සිදුකරන ලද දැවැන්ත ක්‍රියාදාමයක ප්‍රතිඵලයකි. එය ආරම්භයේ සිට අවසානය දක්වාමත් ඉන්පසුවත් මුදල් නාස්තියක් වශයෙන් දැඩි විවේචනයට ලක්වී ඇත. ඉහත කී සිනමා නිර්මාණය තුල whitey's on the moon නම් පහත දැක්වෙන ගීතය යොදාගෙන ඇත්තේ රටේ මුදල් වියදම් කළ යුතු ප්‍රමුඛතාවයන් පසෙක තිබියදී අභ්‍යාවකාශ ගවේෂණ සදහා විශාල මුදලක් වෙන් කිරීම සම්බන්ධයෙන් එල්ල වූ මහජන විරෝධතා නිරූපණය කිරීම සදහාය. එය සැබැවින්ම අසා/කියවා බලන්නට වටිනා ගීතයකි.

A rat done bit my sister Nell.
(with Whitey on the moon)
Her face and arms began to swell.
(and Whitey's on the moon)
I can't pay no doctor bill.
(but Whitey's on the moon)
Ten years from now I'll be payin' still.
(while Whitey's on the moon)
The man jus' upped my rent las' night.
('cause Whitey's on the moon)
No hot water, no toilets, no lights.
(but Whitey's on the moon)
I wonder why he's uppi' me?
('cause Whitey's on the moon?)
I was already payin' 'im fifty a week.
(with Whitey on the moon)
Taxes takin' my whole damn check,
Junkies makin' me a nervous wreck,
The price of food is goin' up,
An' as if all that shit wasn't enough
A rat done bit my sister Nell.
(with Whitey on the moon)
Her face an' arm began to swell.
(but Whitey's on the moon)
Was all that money I made las' year
(for Whitey on the moon?)
How come there ain't no money here?
(Hm! Whitey's on the moon)
Y'know I jus' 'bout had my fill
(of Whitey on the moon)
I think I'll sen' these doctor bills,
Airmail special
(to Whitey on the moon)

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...