Monday, June 1, 2020

ප්‍රචණ්ඩ ඉස්ලාමය


ඉස්ලාම් ආගමික පොත්පත්වල යුධකාමී සටන්කාමී පාඨ ඇතුලත් වෙන්නෙ ඒ පාඨ (පහළවූ බව කියන) ලියැවුණු කාලයේ සමාජ දේශපාලන පසුබිමට සමාන්තරව. මක්කම සේනාව මදීනාව ආක්‍රමණය කළ කාල වකවානුවේ පහල වූ බව කියන කුරාන් පාඨ වල මිත්‍යාදෘෂ්ටිකයින් කඩුගා දමනු අනුකම්පාවක් නොදක්වනු වගේ කොටස් ඇතුලත්.

ඒවා ඇත්තටම ඉස්ලාම් ආගමට පමණක් විශේෂ තත්වයක් නොවේ. ඕනෑම යුධමය වාතාවරණයකදී එම යුද්ධයට අනුශාසනා කරන නායකයෙකු කිය හැකි දේවල්.

නමුත් ඒවා මහම්මත් නබිනායක විසින් කියන ලද බැවින් කුරාණ් පාඨ ලෙස ආගමික ඉගැන්වීමක් වශයෙන් ඉස්ලාම් ආගමික පොත පත තුල ඇතුලත් කෙරුණා. ඉතින් යම් කෙනෙකු එම පාඨ පහල වූ සමයේ සමාජ දේශපාලනික පසුබිම හා ගලපා නොගෙන හුදෙක් කුරාණ් පාඨය විතරක් සර්වකාලීන ආගමික මඟපෙන්වීමක් ලෙස ගත්තොත් ඒ කෙනා මුළු ජීවිත කාලය පුරාම ඒ යුධකාමී මානසිකත්වයේ ඉන්නට පුළුවන්. එය සහමුලින්ම කුරාණය කියවන්නාගේ සබුද්ධික බව මත රඳා පවතින දෙයක්.

මම හිතන විදියට ඉස්ලාම් ආගම සම්පූර්ණයෙන්ම භෞතික දේශපාලනික සැළැස්මක්. එහි අප්‍රකාශිත කූටප්‍රාප්තිය වන ⁣ඉස්ලාමිකයන්ගේ ලෝක ආධිපත්‍යය සම්පූර්ණයෙන්ම භෞතික ජයග්‍රහණයක්. නමුත් ඒ සැළසුම අනුව කටයුතු කරන්නට බුද්ධි හීන ප්‍රජාව පෙළඹවීම සඳහා යම් ගුඪවාදී ප්‍රවේශයක් අවශ්‍ය වුණා. ඒ හේතුවෙනුයි එම අරමුණට බාධා වන සියල්ල ආගමට අනුව සර්වබලධාරියාට එරෙහිව සිදුකරන පාපයන් ලෙස හඳුන්වා තහනම් කර ඉතාම බරපතළ විපාක ලැබෙන බව දක්වා ඇත්තේ.

සැබැවින්ම ඉස්ලාමික ඉගැන්වීම හරිහැටි ඉස්ලාමික ප්‍රජාව අනුගමනය කළහොත් අප්‍රකාශිත මුඛ්‍ය දේශපාලන අරමුණ වන ලෝක ආධිපත්‍යය ඔවුන් ප්‍රචණ්ඩත්වයෙන් තොරවම සාමකාමීව යම් කාලයකදී අත්පත් කරගනු ඇති.

ලෝකයේ අනෙක් දේශපාලනික ආගමික කණ්ඩායම් විශේෂයෙන්ම බටහිර මෙය සැබෑ අභියෝගයක් ලෙස යථාර්ථවාදීව හඳුනාගන්නවා. එයට ඔවුන්ගේ සැළසුම් සහගත පිළිතුර තමයි පෙරකී ප්‍රචණ්ඩකාරී යුධවාදී කුරාණ් පාඨ එනයින්ම සර්වකාලීන මඟපෙන්වීමක් ලෙස ගන්නා පිරිසක් බිහි කිරීම. එය හරියට ඇතුලත ලෙස පිළිකා ස්වභාවයෙන් ක්‍රියාත්මක වන පළිබෝධ පාලන ක්‍රමයක් වගේ. එය ඔවුන් ඉතා සූක්ෂමව ඉස්ලාමිකයන් තුල පැල කරනවා.

මේ හරහා ඉස්ලාමය පිළිගන්නා ඇතැම් කණ්ඩායම් අනෙකුත් ජාතීන් ආගම් මිත්‍යාදෘෂ්ටිකයින් යන පදනමේ සිට නැසිය යුතුය කියන ස්ථාවරයට ඇවිත් ලේ වැගිරීම් සිදුකරද්දි සෙසු ලෝකයට ඉස්ලාමයට පොදුවේ පහර දෙන්න අවස්ථාවක් සැළසෙනවා. එයින් ඔවුන්ට හැකියාව ලැබෙනවා අර මුලින් කියපු දේශපාලන සැළැස්ම අනුව යටින් ක්‍රියාත්මක වන ඇඟට පතට නොදැනී ලෝක ආධිපත්‍යය කරා යන ඉස්ලාම් ප්‍රජාවට පහරදීම මර්දනය කිරීම කරන්න.

මෙය ඉතාම සූක්ෂම සහ ප්‍රවේශමෙන් රෝපණය කරන ලද යුධ සැළැස්මක් බවයි මගේ හැඟීම. යම් මතයක් මානව ප්‍රජාව තුල පැල කළාට පස්සෙ එය වඳ කිරීම ඉතාම අපහසුයි. එබැවින් මුලින් මේ අදහස රෝපණය කරන්නට දායක වූ අය අද ජීවතුන් අතර නැතත් ජිහාඩ් යනු මිනිසාගේ මනස අභ්‍යන්තරයේ යුද්ධයක් නොව මහ පොළොවේ අන්‍යාගමිකයන්ට එරෙහි ශුද්ධ වූ යුද්ධයක්ය යන මතය වර්ධනය වෙමින් ඉදිරියට යනවා.

අද ඉස්ලාමය මේ හේතුවෙන් භේද භින්න වෙලා. සාමකාමී ඉස්ලාමිකයන් කාගේ පැත්ත ගන්නදැයි අවුලට පත්වී තිබෙනවා. පෙරකී යුධවාදී පාඨ පිළිගන්නා අන්තවාදී කණ්ඩායම් වල ක්‍රියාකාරකම් හේතුවෙන් ඉස්ලාම් නොවන කණ්ඩායම් සමස්ථ ඉස්ලාම් ප්‍රජාව ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වන තැනටම තල්ලු වෙමින් තිබෙනවා.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...