Tuesday, April 14, 2020

In the Shadow of the Moon 2019


දේශපාලනික විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට අතර The Matrix ට පමණක් දෙවැනි වන ඇතැම් විට එයටත් දෙවැනි වන්නේයැයි නොසිතෙන අපූරු තේමාවක් රැගත් සිනමා පටයක්.

ස්වභාවික විපත් වලින් සිදුවන විනාශයන් පසෙක තැබුවත් මානව සංහතියේ විනාශයට වැඩිම දායකත්වයක් සපයන්නේ මිනිසා විසින්මයි. එය අති විනාශකාරී ආයුධ හරහා විය හැකියි. මාරක ලෙඩරෝග පතුරුවන වෛරස වැනි ජීව විද්‍යාත්මක අවි හරහා විය හැකියි. එසේත් නැතහොත් යම් දේශපාලනික මතයක් නිසා විය හැකියි.

එවැනි ඕනෑම විනාශකාරී දෙයක මූලාරම්භය යම් අදහසක් පමණයි. ඒ අදහස බොහෝවිට දශක ගණනක් සියවස් ගණනක් තිස්සේ අතු ඉති ලා වැඩුණු එකක් විය හැකියි. එබැවින් අනාගතයේ යම් ස්ථානයකදී එසේ දළු ලා වැඩෙන අදහසක් මහා විනාශයකට මුළපුරයි නම් ඒ බව දැනගන්නා අවස්ථාවේදී මිනිසා කාල තරණය කිරීමේ හැකියාව ලබා සිටී නම් අතීතයට ගොස් එම අදහස බිහිවීම වැලැක්වීම සදහා එම අදහස බිහිවීමේ හේතූන් ඇතැම්විට ජීවිත මුලිනුපුටා දැමීම වරදක් විය හැකිද?

ලෝකයා දැනට අගය කරන දේශපාලනික සංකල්ප අනුව එය වරදක් බව ඇත්ත. එමෙන්ම යම් අදහසක් බිහිවීම වැලැක්වීමට මනුශ්‍ය ඝාතනයන් සිදුවන්නේ නම් එය බරපතළ වරදක්. නමුත් එහි දෙපැත්තක් ඇතිනම්. මානව වර්ගයාගේ පැවැත්ම ඒ මත රදා පවතින්නේ නම් තත්වය කෙබදුද?

එය නැවත නැවතත් සිතන්නට පොළඹවන අපූරු තේමාවක් රැගත් සිනමාපටයක් ලෙස මෙය නිර්දේශ කළ හැකියි.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...