හිටපු පොලිස්පති මහින්ද බාලසුරිය වරක් චමින්ද වාස්ගෙන් අහනවා "ඔබ ශ්‍රී
ලංකා ක්‍රිකට් නායකත්වයට පත්වෙන්න සූදානම්ද?" කියලා. වාස් කැමතියි කියනවා.
ඔහුට යොමුවෙන ඊළඟ ප්‍රශ්නය තමයි මොකක්ද ඔබ ඒ වෙනුවෙන් කරල තියෙන්නෙ කියන
එක. ලොව හොඳම එකදින පන්දු යැවීම, කඩුළු අතිවිශාල සංඛ්‍යාවක් දවාගැනීම,
පසුපෙල පිතිකරුවෙකු වශයෙන් හොඳින් පන්දුවට පහර දීමට ඇති හැකියාව වගේ දේවල්
ගණනාවක් වාස් කියනවා. මහින්ද බාලසුරිය හිනා වෙලා කියන්නෙ "ඔය එකක්වත් වැඩක්
නෑ. ඔයාට කැප්ටන් වෙන්න ඕන නම් කැම්පේන් කරන්න ඕන" කියන එක. වාස් ඔහු කියන
විදියට තමන්ගෙ නායකත්ව හීනය එතනින්ම අතහැරල දානවා.
මේ කතාව පසුකාලීනව වාස් papare.com සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදි සඳහන් කරනව. ඒක දැනටත් youtube වල තියෙනවා. කැමති කෙනෙකුට බලන්න පුළුවන්.
මොනව වුණත් ඒක තමයි ඇත්ත. දැන් නායකත්වය සඳහා විතරක් නෙමෙයි, කණ්ඩායමේ
මුල් එකොළොස් දොනාට එන්නත් ගොඩක් අය කැම්පේන් කරනව එළිපිටම. ආරංචි විදියට ඒ
කැම්පේන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුලෙ වගේම පිටත් තියෙනව. ඇතුලෙ තියන
කැම්පේන් ගැන හරියටම කියන්න දන්නෙ නෑ. ඒත් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් බාහිර
සමාජයේදි විශේෂයෙන්ම ෆේස්බුක් යොදාගෙන කරන කැම්පේන් අපි ඇස් පනාපිට හැමදාම
දකිනව.
දැන් ජාතික මට්ටමේ සෑම ක්‍රීඩකායකුටම වගේ නිල ෆේස්බුක්
පිටුවක් තිබෙනවා. තමන්ගෙම කැමරා ශිල්පියෙක් ඉන්නවා. මේ අයට මුදල් ගෙවල
තියාගෙන ඉන්නෙ අදාළ ක්‍රීඩකයාගෙ කළමනාකරු විසින් ඒ ක්‍රීඩකයා සම්බන්ධයෙන්
ජනමතය හැඩගස්වන්න.
ඔහු පුහුණුවීම් කරන අතරතුර ගන්නා ලද ඡායාරූප,
කලකට පෙර දැක්වූ දැන් අමතක වී ඇති දක්ෂතා යනාදිය මේ නිල ෆේස්බුක් පිටු
වලින් නැවත නැවතත් මතක් කර දෙනව. ඊට අමතරව වෙනත් නම් වලින් පවත්වාගෙන යන
ෆේස්බුක් පිටු මගින් අර ක්‍රීඩකයාට අභියෝගයක් වන අනෙක් ක්‍රීඩකයන්ට පහර
ගැසීමත් සිදුකරනවා.
ඇතැම් ක්‍රීඩකයෙකු කණ්ඩායමට තෝරා නොගැනීම
ප්‍රශ්න කරන අතරම ඊට වඩා අඩු දක්ෂතා ඇතැයි පෙනෙන කණ්ඩායමට තේරුණු
ක්‍රීඩකයෙක් ඊට නුසුදුසු බවට වූ පෝස්ට් වලින් ෆේස්බුක් පුරවනවා. වර්තමානය
දේශපාලනයේදි වගේම ක්‍රීඩාවෙදිත් ශ්‍රී ලාංකිකයා, ඉන්දියානුවාගේ ළඟ විතරක්
පේන බුද්ධි මට්ටමට වේගයෙන් ළං වෙමින් සිටින යුගයක්. ඉතින් ඒහෙම යන වෙලාවක
අර ගෲප්/පේජ් ඇඩ්මින්ල හිතාමතා කැම්පේන් එකක කොටසක් විදියට නිර්මාණය කරල
බුකිගත කරන පෝස්ට් පැයක් වගේ ඇතුලත් ලංකාව පුරාම යනව. ඊට පස්සෙ ඒක රැල්ලක්
බවට පත්වෙනව. එතකොට ඒක ඉබේ ඇතිවුණ රැල්ලකට වඩා ඇති කරපු රැල්ලක්.
සුපිරි පිතිකරු සනත් ජයසූරිය කියන විදියට ඔවුන් ක්‍රිකට් වලට ආපු අලුත
අර්ජුන, අරවින්ද වගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයො දුර පළාත් වල ඉඳල එන නවක
ක්‍රීඩකයන්ට කන්න බොන්න දීල නවාතැන් දීල ගෙවල් වල තියාගෙන ආරක්ෂා කරල රට
වෙනුවෙන් ක්‍රීඩා කරන තත්වයට ගෙනත් තියෙන්නෙ. නමුත් අද එක කණ්ඩායමේ එකට
ක්‍රීඩා කරන අනෙක් ක්‍රීඩකයාට මුහුණට හොඳට කතා බහ කළත් ඔහුව කපා දමන්න පඩි
ගෙවල ෆේස්බුක් ගේම් ගහන යුගයක් නිර්මාණය වෙලා තියෙනව. ඒකට ක්‍රීඩාව වගේ
දේකදි සාකච්ඡාවටවත් නොගත යුතු ඉතාම පුද්ගලික ක්‍රීඩාවට අදාළ නොවන දේ පවා
ඉතාම පහත් මිනිසුන් විදියට ඔවුන් කරළියට ගේනව.
ඇන්ජෙලෝ මැතිව්ස්
පහුගිය කාලෙ සුපුරුදු දක්ෂතා අතර නොහිටපු නමුත් දැන් ආපහු දක්ෂතා වලට
අවතීර්ණ වෙමින් ඉන්න ශ්‍රී ලංකා කණ්ඩායමේ මම දකින විදියට අත්දැකීම් බහුලම
වටිනාම ක්‍රීඩකයෙක්. ඔහුව නායකත්වයෙන් නෙරපීම සඳහා වන කැම්පේන් වලදි මේ
කුලී පේජ් කරුවන් ඔහුගේ ජාතිය ආගම පවා ඉතාම කැත විදියට යොදාගත්ත.
නමුත් ඇන්ජෙලෝ මැතිව්ස් ඊට හොඳ උත්තරයක් දුන්න කියල මම හිතනව. එහෙම හිතල මේ
පැත්ත බලද්දි මෙන්න මැතිව්ස්ගෙ පේජ් එකෙනුත් කැම්පේන් පෝස්ට් යනව.
එහෙම තමයි. මේක දැන් දේශපාලනය වගේම හරිම කැතයි, හරිම ගඳයි, එකෙක්ට එකෙක්
නෑ. බොහොම කණගාටුයි ඒ ගැන. Dressing room එකේ කතාවෙන පුද්ගලික දේවල් පවා
වීඩියෝ කරල ෆේස්බුක් දාන තැනට ක්‍රීඩකයන්ගෙ මමත්වය ඉහවහා ගිහින් තියනව.
එක්දින තරඟාවලියක් 3-0ක් ලෙස ජයඅරන් ජයග්‍රාහී මානසිකත්වයක ක්‍රීඩකයොයි
ක්‍රීඩා ලෝලීනුයි හැමෝම ඉන්න වෙලාවක මම මූසල කතා කියනව කියල කෙනෙකුට
හිතෙයි. ඒත් ඒක තමයි ඇත්ත. ඒ ඇත්ත වැටුණ වෙලාවක කතා කරනවට වඩා මේ විදියට
ජයග්‍රාහී මානසිකත්වයකින් ඉන්න වෙලාවක කතා කරල විසඳගන්න එක වඩා හොඳයි
කියලයි මට හිතෙන්නෙ.
1996 ඉඳන් 2015දක්වාම අපේ ක්‍රිකට් කණාඩායමේ
ලෝක පූජිත සුපිරි තරු හිටිය. එතකොට කණාඩායම් හැඟීමක් ලොකුවට තිබ්බත් නැතත්
අර සුපිරි තරු වල එළියෙන් ගොඩක් වෙලාවට වැඩේ ගොඩ ගියා. ඒත් විශේෂයෙන්ම
සුපිරි තරු නැති වෙලාවට වැදගත්ම දේ කණ්ඩායම් හැඟීම කියන එක අපේ ක්‍රීඩකයන්ට
අමතක වුණා. පහුගිය වසර ගණනාවක ක්‍රිකට් කඩා වැටීමට හේතුව ඔය "සුපිරි තරු
නැතිවු මොකද කරන්නෙ?" කියන ප්‍රශ්නයට උත්තරයක් හොයාගන්න ශ්‍රී ලංකා කණ්ඩායම
අසමත් වීම.
මේ තරඟාවලිය අපි ජයගත්තා. ඒ ගැන සතුටුයි. ඒත් ඒ තත්වය
පවත්වාගෙන නැවතත් ලෝකයේ අංක එකේ කණ්ඩායම වෙන්න තවත් බොහෝ දුර යායුතුයි. ඊට
තියෙන ලොකුම බාධා තියෙන්නෙ වෙන කොහෙවත් නෙමෙයි. ක්‍රීඩකයන්ගෙ හිත් තුලමයි
කියල තේරුම් ගත්ත දවසට මේ ප්‍රශ්න වලින් වැඩිහරියක් විසඳෙයි.
ඒ අතර
ෆේස්බුක් ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලන්නෙ තමන් පුද්ගලිකව ක්‍රීඩකයෙකුට ආස
කිරීම ආදරය කිරීම සහ ඒ ක්‍රීඩකයා වෙනුවෙන් හෝ තවත් ක්‍රීඩකයෙකුට එරෙහිව හෝ
කැම්පේන් වලට සම්බන්ධ වීම කියන්නෙ එකක් නොව දෙකක් බව තේරුම් ගන්න කියලයි.
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment