(2018 දෙසැම්බර් 26 වැනි දිනැති පොස්ටුවකි)
වසරකට අධිකරණ නිවාඩු තුන්වරක් ලැබේ. අප්‍රේල් නිවාඩුව අළුත් අවුරුද්ද
හේතුවෙන් ඉටුකලයුතු දහසකුත් එකක් කාර්යයන් වෙනුවෙන් නොදැනීම ගෙවී යයි.
අගෝස්තු නිවාඩුවේදීද ලැබෙන සතිය තුල සැබැවින්ම විවේකයක් ගැනීමට ඉඩ
ප්‍රස්තාව ලැබෙන්නේ කලාතුරකිනි. තවද අප්‍රේල් සහ අගෝස්තු නිවාඩු දෙකම වසර
මැද යෙදීම හේතුවෙන් නිවාඩුවකැයි නමට සදහන් කළද නීතිඥවරුන්ට විවේකීව
ගතකිරීමට ලැබෙනවාට වඩා සිදුවන්නේ සාමාන්‍ය අධිකරණ දිනවලටත් වඩා වැඩ අධික
වීමය. එබැවින් සැබෑ ලෙස නිවාඩුවක් ගතකිරීමට නීතිඥවරයෙකුට යන්තමට හෝ අවස්ථාව
ලැබෙන්නේ වර්ෂ අවසානයේ ලැබෙන දෙසැම්බර් නිවාඩුවේ පමණි.
මේ වසරේද
දෙසැම්බර් නිවාඩුව නිවාඩුවක් ලෙස ගතකිරීමේ සැළසුම හිතෙන් සකසා ගත්තේ ජූලි
මාසයේ පමණ සිටය. සාමාන්‍යයෙන් එහෙමය. ඒ අනුව අධිකරණ නිවාඩුවෙන් දින හතරකට
පමණ පසු සැබෑ නිවාඩුව ඇරඹුවෙමි. එයද නීතිඥ වරයෙකුට නිකම් ලැබෙන්නක් නොව
බලහත්කාරයෙන් අරඹාගතයුතු එකකි.
නීතිඥ වරයෙකු නිවාඩුවක් සදහා පිටත්ව
ගියද රාජකාරි ජංගම දුරකථනය ක්‍රියාත්මක තත්වයේ අතේ තබාගෙන යන්නේ නම් එය
නිවාඩුවක් වන්නේ නැත. මන්ද කෙළවරක් නැති ඇමතුම් වලට පිළිතුරු දීමෙන්ම
නිවාඩුවේ සැළකියයුතු කොටසක් විනාශ වී යන බැවිනි.
එබැවින් මෙවර
නිවාඩුවට අරඹන දිනයේ වොයිස් මේල් සේවාව ඔස්සේ පණිවිඩයක් පටිගතකරතබා ජංගම
දුරකථනය ක්‍රියා විරහිත කර ගෙදර තබා නිවාඩුවට පිටත් වූයෙමි. මා සිටින්නේ
නිවාඩුවක් ගතකරමින් බවත්, එය අවසන් වන්නේ අසවල් දින (දෙසැම්බර් 26) බවත් මා
හට දුරකථනයට පිළිතුරු දියහැක්කේ එදිනට පසුව පමණක් බවත් හදිසි පණිවුඩ වේනම්
වට්ස්ඇප් හෝ වයිබර් හරහා යොමුකරන ලෙසත් එහි ඉතා පැහැදිලිව සිංහල භාෂාවෙන්
පටිගත කර තැබුවෙමි. ඉන්පසු ජංගම දුරකථනය නැවත ක්‍රියාත්මක කරන ලද්දේ අද
උදෑසනය.
එසේ ක්‍රියාත්මක කිරීමෙන් පසුව පැමිණි දුරකථන ඇමතුම්
ගණනාවකට පිළිතුරු දුනිමි. එයින් බොහොමයක් කිසිදු විශේෂත්වයක් නොමැති
නිවාඩුවක් සදහා මට ඇති අයිතිය පිළිගත් ඒවා විය. නමුත් ඉන් කිහිපයක් මා ජංගම
දුරකථනය විසන්ධි කිරීම විශාල වරදක් ලෙස සළකා කෝපයෙන් ලබාදුන් ඇමතුම් වීමත්
ඉන් ඇමතුම් දෙකක් ලබාදුන් අය මාගේ පටිගත කළ පණිවිඩය නැවත නැවත අසමින්
විසිපාරක් පමණ ඇමතුම් ලබාගෙන තිබූ අය වීමත් පිළිබදව මම යම්තාක් දුරකට
පුදුමයට පත්වීමි. 26වැනිදා දක්වා මෙම අංකයෙන් මා ඇමතිය නොහැකි බව නැවත
නැවතත් එකී පටිගත කළ පණිවිඩය මගින් කියවෙද්දී එයට නැවත නැවතත් සවන් දෙමින්
ඊළග අවස්ථාවේ මම දුරකථනයට පිළිතුරු දෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් නැවත නැවතත්
ඇමතුම් ලබාගත් අයගේ සාක්ෂරතාව පිළිබදව මම සැබැවින්ම කණගාටු වෙමි.
එයට හේතුව එකී හඩපටයෙන් මා ලබාදුන් පණිවිඩය නොවැටහීමද නැතහොත් දුරකථනයෙන්
අමතන කල කුමන තත්වයක් යටතේ වුවද අනෙක් පසෙන් ප්‍රතිචාර දක්වනු ලැබීම තම
අයිතියක් ලෙස සිතීමද යන්න පැහැදිලි නැත.
ජංගම දුරකථනය යනු පෞද්ගලික
උපාංගයකි. දියුණු යැයි සම්මත රටවල ජංගම දුරකථන අංකය රාජකාරි හෝ ව්‍යාපාරික
ආගන්තුකපත්වල (visiting cards) ඇතුලත් නොවේ. එය ලබාදෙන්නේ පෞද්ගලික
හිතමිතුරන්ට සහ සේවාදායකයන් අතරින් සුවිශේෂීම අයට පමණි. එසේ ලබාගන්නා
සුවිශේෂී අය පවා රාජකාරි වේලාවෙන් පසුව සහ නිවාඩු දිනවල රාජකාරි කටයුතු
සම්බන්ධයෙන් ජංගම දුරකථනයට අමතන්නේ නොකරම බැරි අවස්ථාවකදී පමණි. එනම්
අනෙකාගේ පෞද්ගලිකත්වයේ සීමාව ආක්‍රමණය නොකිරීම ඔවුන් දැඩි ලෙස රකින ශික්ෂා
පදයක් ලෙස සළකති.
නමුත් ශ්‍රී ලංකාවේ සියලුම දෙනාට පොදුවේ ජංගම
දුරකථන අංකය ලබාදීම සිදුකරන අතර ඔවුන්ද කිසිදු විනයකින් තොරව හිතූ හිතූ
වේලාවට හිතූ හිතූ පරිදි එයට ඇමතුම් ගැනීම සිදුකරති. ඇතැම් සේවාදායකයන්
පුරුද්දක් ලෙසම "මහත්තයා එක්ක නිදහසේ කතාකළහැකි" යැයි කියමින් කාර්යාල
වේලාවෙන් පසුව හෝ නිවාඩු දිනවලම ඇමතුම් ගනිති. විවේක කාලසීමාව තුල නිදහසේ
රාජකාරි කටයුතු කතා කරන්නේ නම් එය තවදුරටත් විවේකයක් හෝ නිවාඩුවක් නොවන බව
ඔවුහු අමතක කරති.
එබැවින් අවශ්‍ය වන්නේ දුරකථනය හරහා නීතිඥ වරයෙකු
පමණක් නොව ඕනෑම අයෙකු ඇමතීමේදී හදිසි අවස්ථා වල පමණක් එසේ ඇමතීමට විනයක්
ඇතිකරගැනීමය. ඔබ සාමාන්‍යයෙන් ඔබේ වෛද්‍යවරයාට රාත්‍රි 10ට අමතා "පැනඩෝල්
පෙත්තක මිළ කීයද?" වැනි ප්‍රශ්න අසන්නෙකු නම් ඔබ හෘදයාබාධයක් හැදී ඔහු අමතන
විටක වුවද එයට පිළිතුරු දීමට ඔහු එතරම් උනන්දු නොවනු ඇත.
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Sunday, April 12, 2020
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
පාහියන් ගල්ලෙනේ සිදුකළ කැණීම් වලින් වසර 48000ක් පමණ පැරණි බව සැක කෙරෙන දුනු ඊතල වල අවශේෂ කොටස් සොයාගැනීමට පුරාවිද්‍යාඥයින් සමත් වී ඇත. මෙ...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
-
රත්න ශ් රී විජේසිංහයන් ලියපු රෝහණ වීරසිංහයන් සංගීතවත් කරපු මේ සුන්දර ගීතය පිළිබදව අර්ථකථන ගණනාවක් මම කියවලා තියෙනව. ඒවා බොහොම සුන්දර අර්...
No comments:
Post a Comment