(2018 දෙසැම්බර් 29 වැනි දිනැති පොස්ටුවකි)
මම සාමාන්‍යයෙන් ෆේස්බුක් මැසෙන්ජර් භාවිත නොකරමි. භාවිත කරතොත් ඒ
අත්‍යවශ්‍යම යම් අවස්ථාවකදී පමණි. අද උදෑසන මා හට එකම පුද්ගලයෙකු මැසෙන්ජර්
හරහා අටවතාවක් පමණ පණිවුඩ තබා තිබුණි. ඒවායින් කියා තිබුණේ හෂිනි සැමුවෙල්
නැමැත්තිය සහ ෆිල්ටී නැමැත්තෙකුගේ ක‍්‍රියා කළාපය සම්බන්ධයෙන් රෙදි ගැලවෙන
විචාරයක් ලියන ලෙස වූ ඉල්ලීමකි.
මම එය කියවා නිකම් සිටියෙමි. ඉන්පසු 10ට
පමණ මෙම පුද්ගලයා නැවතත් මැසෙන්ජර් හරහා අසන්නේ මාගේ විචාරය තවමත් ප‍්‍රමාද
ඇයිද යන්නයි. මම එයට ආචාරශීලී ප‍්‍රතිචාරයක් දක්වමින් කියා සිටියේ මා හට ඒ
සම්බන්ධයෙන් විචාරයක් ලිවීමට අවශ්‍යතාවයක් නොමැති බවයි.
එයින් මේ
පුද්ගලයා කුපිත වූ බවක් පෙනුණි. ඔහු සිතා සිටියේ මා දේශීයත්වය සංස්කෘතිය
හා සභ්‍යත්වය අගයන්නෙකු බවත් ඔහුගේ සිතේ තිබූ එම ප‍්‍රතිරූපය මාගේ ක‍්‍රියා
කළාපය හේතුවෙන් බිදවැටුණු බවත් ඒ සම්බන්ධයෙන් මම කණගාටු විය යුතු බවත් මට
සාප වන බවත් කියමින් නැවත නැවත පණිවුඩ එවන්නට වූයෙන් මම එම පුද්ගලයා බ්ලොක්
කොට දැමුවෙමි.
මාගේ මෙම ෆේස්බුක් ගිණුම හරහා මම ඇතැම් අවස්ථාවල
ඉතාම දැඩි ලෙස විවාදයට භාජනය වන දෑ පළකොට ඇත්තෙමි. ඇතැම් කාලවලදී මාගේ
පොස්ට් දැඩි ලෙස දේශපාලනික ඒවාය. මාගේ මිතුරු ලැයිස්තුවේ සිටින වැඩි
දෙනෙක් මා හදුනාගෙන ඇත්තේ ෆේස්බුක් හරහාමය. ඔවුන් ඇතැම් අවස්ථාවල මාගේ
අදහස් දැඩි ලෙස විවේචනය කළද ඉතාමත් දැඩිව මා සමග මතවාදීව ගැටුණද කිසිදු
දිනක බ්ලොක් කර දැමීමට සිදුවන තරමට ඇණයක් වූ කෙනෙකු නැත.
ඇරත්
මෙතෙක් කල් මා ලියූ දෙයක් වෙනුවෙන් විවේචන එල්ල වූවා මිස අසවල් දෙය නොලියූ
හෙයින් බ්ලොක් කරදැමීමට තරම් පුද්ගලයෙකු ඇණයක් වූ අවස්ථාවක් මේ සිදුවීමට
පෙර මා අත්දැක හෝ අසා හෝ නැත.
හෂිනි සැමුවෙල් සහ ෆිල්ටීගේ ඊයේ
නිකුත් වූ වීඩියෝව මමද නැරඹුවෙමි. ඒ පිළිබදව බොහෝ කතාබහක් නිර්මාණය වී
තිබීම නිසා මම එය නැරඹුවෙමි. එය නැරඹුවා මෙන්ම ඊළග මොහොතේ නොසළකා හැරියෙමි.
මන්ද එහි පැසසීමට හෝ පිටුදැකීමට හෝ යමක් මා සැබැවින්ම නුදුටු නිසාවෙනි.
යූ ටියුබ් ඇතුළු වීඩියෝ බෙදාහැරෙන අන්තර්ජාලයේ අනෙකුත් වෙබ් අඩවි අතර
සැරිසරන්නෙකුට ඔය කියන වීඩියෝව අධෝවාතයක් තරම්වත් නොවනු ඇත. මන්ද ඊට වඩා
බරපතළ යැයි කිවහැකි බොහෝ වීඩියෝ ඇති තරම් අන්තර්ජාලයෙන් සොයාගැනීමට හැකියාව
ඇති හෙයිනි.
ඒ පිළිබදව විවිධාකාර අය විවිධාකාර මත පළකර තිබුණි.
ඇතැමුන් හෂිනි සැමුවෙල් නැමැත්තිය විවාහ වූයේයැයි කියන විශ්ව නම් අයෙකුගේ
පැත්ත ගෙන හෂිනිට හා ෆිල්ටී නම් අයට බැණවැදුණහ. ඇතැමුන් එකී වීඩියෝවේ ඇති
රූපරාමු පිළිබදව උරණව සරම් කරතබාගෙන උන්නහ. ඇතැමුන් එහි රැප් එකේ ඇති අරුත
පිළිබදව එළෝ මෙළෝ නැතිව බැණවදිමින් සිටියහ. නමුත් අවසානයේ ඒ සියල්ලෝම අදාළ
වීඩියෝව බලා තිබුණහ.
එහි අරුත කුමක්ද? එම වීඩියෝව පිළිබදව ඔබ
බැණවදින වාරයක් පාසා එය අළුතෙන් කියවන අයෙකු ඒ කතන්දරය කුමක්දැයි දැනගනු
රිසියෙන් එම වීඩියෝව මෙන්ම ඒ හා සබැදි අනෙකුත් වීඩියෝ නැවත නැවතත් නරඹනු
ඇත. එසේ නරඹන වාරයක් පාසා ඔය බැණුම් අහන එකා කවුරුන් වුවද ඔහුගේ මඩිය තව
තවත් පිරෙනු ඇත. බුකීවාසීහු තව තව බැණවදිමින් නොදැනුවත්වම ඒ මඩිය තව තවත්
තරකර දෙනු ඇත.
අප ජීවත් වන්නේ නිදහසේ තොරතුරු ගලායන ලෝකයකය. ඒ
තොරතුරු අතර යහපත් දේ මෙන්ම අයහපත් දේද තිබිය හැකිය. ඒවායින් තෝරාබේරාගත
යුතුදේවල් ජීවිතයට එක්කරගතයුතු දේවල් බැහැර කළයුතු දේවල් බැලීමෙන් සෑහීමකට
පත්විය යුතු දේවල් ආදිය පිළිබදව තීරණයක් ගැනීමට මොළයක් කියා එකක් සෑම
මිනිසෙකුටම පිහිටා ඇත. එය නිවැරදිව භාවිත කර අවශ්‍ය දෙය තෝරාගෙන අකමැති හා
අනවශ්‍ය දේවල් බැහැර නොකර අනුන්ගේ කෙහෙම්මල් වලට සරම් කරේ තබාගෙන
බැණවැදීමෙන් කාටවත් ඵලක් අත්වන්නේ නැත.
දරුවෝද ඔය විගඩම් දකිනු
ඇතැයි යන බිය මත ඇතැමුන් ඒවා පිළිකෙව් කරන බව පෙනේ. මගේ මතයනම් දරුවන්ට
තේරුම් බේරුම් ඇති කාලය පැමිණිවිට ඔවුන්ද ඒවා දැකිය යුතු බවයි. මන්ද මේ
සමාජයේ එහෙම පැත්තක්ද ඇති බව වහන්නට බැරි යථාර්ථයක් නිසාය. එහෙම පැත්තක්
නැති බවට දරුවාට බොරු කීමට වඩා වටින්නේ එහෙම පැත්තක් ඇති බව පෙනෙන්නට හැර ඒ
පැත්ත තෝරා නොගත යුත්තේ ඇයිද යන්න ඔවුන්ට අවබෝධ කරවීමයි. එසේ නොමැතිව ඒ
ක්ෂේත‍්‍රය පිළිබදව දරුවා සම්පූර්ණයෙන්ම අන්ධ කොට සිටි කල එවැන්නක්ද ඇති බව
ඔහු එකවරම වටහාගතහොත් ඔහු අන්ද මන්ද වී නොමග යාමට ඇති ඉඩකඩ බොහෝවිට වැඩිය.
එවැනි තේරෙන වයසකට එනතෙක් දරුවන් අන්තර්ජාලය පරිශීලනය කරන ආකාරය සීමා
කිරීමට ක‍්‍රම ඇති තරම් තිබේ. ලිමිටඩ් ඇක්සස්, පේරන්ටල් කන්ට්‍රෝල්,
පේරන්ටල් ඇලර්ට් ආදිය තිබෙන්නේ ඒ සදහාය.
කළ යුතුදෙය අවබෝධකර නොගෙන
හුදෙක් කෝපයෙන් බැණ වැදීම නිෂ්ඵල ක‍්‍රියාවක් වනවා පමණක් නොව ඔබ අකමැති
ඔවුන්ගේ රේටිංස් වැඩිකිරීමටද හේතුවක් වනු ඇත.
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment