(2018 දෙසැම්බර් 15 වැනි දිනැති පොස්ටුවකි)
මහින්ද රාජපක්ඹ මහා අද මහත් උත්සවාකාරයෙන් කුමක්දෝ තනතුරකින් ඉල්ලා
අස්වන බවක් රගපෑවේය. යමෙකු යම් තනතුරකින් ඉල්ලා අස්වන්නේ නම් එම ඉල්ලා
අස්වීමට තිබිය යුතු මූලික කරුණක් වන්නේ ඔහු එම ඉල්ලා අස්වන තනතුර දරමින්
සිටීමය. එසේ දරමින් නොසිටින තනතුරකින් යමෙකු ඉල්ලා අස්වන බව කියන්නේ නම් එම
ඉල්ලා අස්වීම හුදු රගපෑමක් පමණක් වන්නේය.
තවත් ඇතැම් පිරිස් එම
ඉල්ලා අස්වීමේ රගපෑම මහත් උත්කර්ශයට නගමින් රට වෙනුවෙන් කළ ශ්‍රේෂ්ඨ කැප
කිරීමක් බව කියන පෝස්ට් මම බුකියේ ඉදහිට දුටුවෙමි. එම පොස්ට් වලට සැබැවින්ම
සිදුවූයේ කුමක්දැයි කමෙන්ට් කළවිට එම පිරිස් මහත් කෝපයට පත්වී දන්නා වචන
කියමින් තම සැබෑ ස්වරූපය පෙන්වීම අද දවස පුරා සාමාන්‍ය දෙයක් බවට පත්විය.
එබැවින් පසුගිය දින 50ක කාලසීමාව තුල සැබැවින්ම සිදුවූයේ කුමක්ද යන්න
පිළිබදව සංක්ෂිප්ත සටහනක අවශ්‍යතාවය දැනුුණි. නැතහොත් එම ලැජ්ජා සහගත
නාටකයේ පරාජිතයාට අවසාන ජවනිකාව පමණක් හුදෙකලාව සළකන්නන් විසින් අනවශ්‍ය
උත්කර්ශයක් ආරෝපණය කරනු ඇත.
- 2018 ඔක්තෝබර් 26 වැනිදා හිටි හැටියේ
මහින්ද රාජපක්ෂ මන්ත‍්‍රීවරයා අගමැති ධුරයේ දිවුරුම් දුන්නේයැයි මාධ්‍යයෙන්
ප‍්‍රචාරය විය. අගමැතිවරයෙකු සිටියදී එසේ කරන්නේ කෙසේදැයි ඇසූ අය බොහෝ වූ
හෙයින්දෝ රනිල් වික‍්‍රමසිංහව අගමැති ධුරයෙන් ඉවත් කරමින් ජනාධිපතිවරයා
ගැසට් එකක්ද ගැස්සවීය. අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලය දෙමින්
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පැවති ප‍්‍රතිපාදනය 19 වැනි සංශෝධනය මගින් ඉවත්
කර ඇති බව ඔහුට අමතක විය. නැතිනම් අමතක සෙයක් මවා පෑවේය.
- තමන්ට
පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බවත් එය නුදුරේදීම පෙන්වන බවත් මහින්ද ඇතුළු
පිරිවර පාරම් බෑවෝය. කොටින්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අදහසක්වත් එම
අවස්ථාවේ තිබුණේ නැත. සැළසුම වූයේ එජාපයෙන් එනවා යැයි පොරොන්දු වී සිටි
යම් පිරිසක්ද එක්කාසු කොටගෙන බහුතරය හදාගෙන ඉතිරි වසර එකහමාර ආණ්ඩුව කරගෙන
යාමය. ජනතාවට මහමැතිවරණයක් ලබාදුන් වීරයා වීමේ කිසිදු අභිප‍්‍රායක් 26
වැනිදා දිවුරුම් දෙන විට මහින්දට හෝ සිරිසේනට තිබුණේ නැත.
- කැබිනට්
මණ්ඩලය යැයි කියාගත් කණ්ඩායමක් දිවුරුම් දුන්නේ වරින් වර කල්ලි වශයෙනි.
එකවර කැබිනට් මණ්ඩලය පත්කරනවා වෙනුවට අද දෙන්නෙක් හෙට තුන්දෙනෙක් අනිද්දා
දහදෙනෙක් බැගින් දිවුරුම් දීම මත තවමත් ආණ්ඩුව යැයි කියාගත් කණ්ඩායමට
පාර්ලිමේන්තුවේ බහුතරය නොතිබූ බව මනාව පසක් විය. එහෙත් අද ගිණි අවුවේ
දේශනයක් දී සුදනා වෙන්නට තැනූ මහින්ද රාජපක්ෂ මන්ත‍්‍රීවරයාද ඔහුගේ
සහචරයන්ද පුන පුනා මාධ්‍යයට කීවේ ඔවුන් සතුව පාර්ලිමේන්තුවේ 120ක්
ඉක්මවා යන සහ බොහෝ විට 130කට ආසන්න වියහැකි බහුතරයක් පවතින බවයි. එය
පට්ටපල් බොරුවක්ම විය.
- සැළසුමේ බහුතරය හදාගැනීමේ අදියර
ලැජ්ජාසහගත ලෙස අසාර්ථක විය. එජාපයෙන් ආනන්ද අලුත්ගමගේ රතන හිමි විජේදාස
වසන්ත සේනානායක වඩිවේල් සුරේෂ් වැනි කිහිපදෙනෙකු මහින්ද වෙත ගියද එය
පාර්ලිමේන්තුවේ බහුතරය සදහා ප‍්‍රමාණවත් පිල්මාරුවක් නොවීය. තවත් පිරිසක්
තමන් වෙත ඈදාගැනීමට ඉතා දැඩි උත්සාහයක් දරණ ලද නමුත් එය කිසිදු ආකාරයකින්
සාර්ථක වූයේ නැත.
- එස්. බී. දිසානායක විසින් සහ ජනාධිපතිවරයා
විසින්ම පාලිත රංගේ බණ්ඩාර මහතා පිල් මාරුවකට එකග කරවාගැනීම සදහා දරණ ලද
උත්සාහය (ප‍්‍රසිද්ධ "රංගෙද?" ඇමතුම සහ "අපි හම්බවෙමුද?" ඇමතුම) එකී දුරකථන
පණිවුඩ හඩපටද සමග ජනගත වීමද තවත් මන්ත‍්‍රීවරුන්ට ලබාදීමට උත්සාහ කරන ලද
සන්තෝ්සම් සහ තනතුරු පිළිබදව එකී මන්ත‍්‍රීවරුන් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ
කිරීම හරහා බහුතරය හදාගැනීමේ උත්සාහය වල පල්ලටම ගියේය.
- මහින්ද
සිරිසේන හවුල විසින් ජනතා පරමාධිපත්‍යය යන වචනය වෛශ්‍යා වෘත්තියේ යොදවන්නට
තීරණය කරන්නේ පැවති පාර්ලිමේන්තුවේ බහුතරය හදා පෙන්වීමේ කාර්යයේදී හොදටම
නාගන්නට සිදුවූ නිසා මිස අන් කිසිවක් නිසා නොවේ. මෙහිදී එජාපයෙන් මහින්ද
ළගට ගොස් ඇමති ධුර භාරගෙන වැඩපටන්ගත් ඇමතිවරුන්ගෙන්ද පාර්ලිමේන්තුව නියමිත
කලට කලින් විසිරවීම නිසා විශ‍්‍රාම වැටුප අහිමි වන අනෙකුත්
මන්ත‍්‍රීවරුන්ගෙන්ද මහින්දට සහ සිරිසේනට කුණු බැණුම් අසන්නට සිදුවූ බවද
රහසක් නොවේ.
- කිසිවක් කරකියාගත නොහැකිව නියපොතු කමින් බිත්තියේ
ඔලුව හප්පාගන්නට සිදුවන තරම් අපහසුවට පත් මහින්ද-මෛත‍්‍රී සහ පිරිවරට
විකල්ප දෙකක් ඉතිරිව තිබුණි. එකක් තමන් කෙළවාගත් බව පිළිගෙන පැත්තකකට වීමය.
අනෙක කෙසේ හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සදහා පොටක් පාදා ගැනීමය. ඒ
සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නීතිපතිවරයා වෙතින් උපදෙස් ගත් බවද "එය කෙසේවත්
කළ නොහැකි" බවට නීතිපතිවරයා උපදෙස් දුන් බවද එයට කිපුණු ජනාධිපතිවරයා "උඹේ
උපදෙස් මට වැඩක් නෑ. මේක කරන්න විදියක් හොයාපිය" යනුවෙන් නීතිපතිවරයාට
බැණවැදී තිබුණු බවක් යම් ගොසිප් වෙබ් අඩවියක් විසින් වාර්තා කර තිබිණි. ඒ
සියල්ල තිබියදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී.
- එය ව්‍යවස්ථාවද පටහැණි බව කියූ අයට හැකිනම් උසාවි යන ලෙස බුකියේ
මහින්දවාදීහු පාරම් බෑ අවස්ථාද කොතෙකුත් දක්නට ලැබුණි. ඒ අනුව
පාර්ලිමේන්තුව විසිරවීමේ ගැසට්ටුව අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ
මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොණුවිය. ඒවා සම්බන්ධයෙන් සළකා බැලූ අධිකරණය
නඩුව අසා නිමවෙනතුරු ප‍්‍රශ්නගත ගැසට්ටුවට අතුරු තහනමක් ද පණවන ලදී. එය
අතුරු තහනමක් පමණක් බවත් අවසාන තීන්දුවේදී නොවැරදීම තීරණය වෙනස්වන බවත්
පවසමින් මහින්දවාදීහු තව තවත් පාරම් බෑහ.
- එකී නඩු හා සමගාමීව
මහින්ද සිරිසේන කල්ලිය විසින් සැළසුම් තුනක් ක‍්‍රියාත්මක කරන ලදී. පළමු
සැළැස්ම වූයේ පාර්ලිමේන්තුව නියමිත කලට කලින් විසිරවීම නීත්‍යානුකූල සහ
ව්‍යවස්ථානුකූල බවට මතයක් ජනගත කිරීමය. දෙවැනි සැළැස්ම වූයේ පාර්ලිමේන්තුව
විසිරවීම එසේ ව්‍යවස්ථානුකූල නොවුවත් ගැටලු සහගත තත්වයකදී ජන මතයට ඉඩදීම
වඩා හොද බවට මතයක් ජනගත කිරීමය. තුන්වැනි සැළැස්ම වූයේ ශ‍්‍රී ලංකාවේ සැබෑ
උරුමකරුවන් වන සිංහල බෞද්ධ බහුතරයගේ පැවැත්ම දැඩි අවදානමක ඇති බවත් එය
කෙසේ හෝ පරාජය කළ යුතු බවටත් ඒ සදහා කෙසේ හෝ මහ මැතිවරණයක් ලබාගත යුතු
බවටත් මතයක් ජනගත කිරීමය.
- ඉහත කී සැළසුම් තුනම සැළකිය යුතු තරමට
ජනගත කරගැනීමට මහින්ද සිරිසේන කල්ලියට හැකියාව ලැබුණි. ඒ සදහා නොමද මාධ්‍ය
අනුග‍්‍රහයක් රාජ්‍ය මාධ්‍ය හරහා මෙන්ම දෙරණ සහ හිරු වැනි මාධ්‍ය හරහාද
සිරස හරහා යම් ප‍්‍රමාණයකට ඔවුන්ට ලැබුණි. තුන්වැනි සැළැස්මේ සාර්ථකත්වය
කෙතෙක්ද යත් මාගේ සහෝදර නීතිඥවරයෙකු මා සමග වරක් පවසා සිටියේ නිදහස ලබා වසර
70ක් ගතවී තිබුණත් සිංහල බෞද්ධ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හත්දෙනෙකු
දාගන්නට අපට නොහැකි වීම කෙතරම් අභ්‍යාග්‍යක්ද යනුවෙනි. තවත් නීතිඥවරයෙකු
කීවේ අගවිනිසුරුවරයා ටී එන් ඒ මන්ත‍්‍රී සුමන්දිරන්ගේ ආගමික නිකායේම
බැවින් සාධාරණ තීන්දුවක් පිළිබදව තමන්ට විශ්වාසයක් නැති බවයි. ආණ්ඩුක‍්‍රම
ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතිද
නැතිද යන්න තීරණය කළ යුතු නඩුවක නීතිමය කාරණා කෙසේ වෙතත් ජාතිය හා ආගම මත
පදනම් වෙමින් තීරණ ලබාදිය යුතුයැයි සිතන උගත් නීතිඥවරුන්ද සිටියේ නම්
සාමාන්‍ය ජනතාව ගැන කවර කතාද? මහින්ද සිරිසේන කල්ලියේ තුන්වෙනි සැළැස්ම
ජනගත වීමේ මහිමය එයින් මනාව පෙනී යයි.
- පාර්ලිමේන්තුව විසිරවීමේ
ගැසට්ටුව අතුරු තහනමකට ලක්වීමත් සමගම ඊට පෙර නිකුත් කරන ලද ගැසට්
නිවේදනයක් ප‍්‍රකාරව නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුව රැස්විය. එහිදී
මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක්ද සම්මත කරගන්නා ලදී. ඒ
සදහා ඔහුගේ සහචරයින් විරෝධය පලකරමින් බාධා කරනු ලැබුවද අදාළ විශ්වාසභංගය
සම්මත කරගන්නා ලදී. එහි නීත්‍යානුකූල භාවය පිළිබදව ප‍්‍රශ්නයක් නැතත් රටක
අගමැති බලයෙන් පහකිරීමේ විශ්වාස භංගයක් හඩ අනුව සම්මත කරගැනීම අනුචිත බව
පමණක් අපගේද ස්ථාවරය විය. නමුත් මහින්දවාදී පාර්ලිමේන්තු කණ්ඩායම එය නමින්
(බයි නේම්) සම්ම්ත කරගැනීමට කිසිසේත් ඉඩ නොදුන් තත්වයක් තුල වෙනත්
විකල්පයක්ද තිබුණේ නැත.
- පෙරකී විශ්වාසභංගය ජනාධිපතිවරයා විසින්
පිළි නොගන්නා ලදී. එසේ පාර්ලිමේන්තුවේ තීරණයක් පිළිගැනීම ප‍්‍රතික්ශේප
කිරීමට ඔහුට බලයක් ව්‍යවස්ථාව අනුව නැතත් ඔහු විසින් එසේ කරන ලදී. ඔහු
කතානායකවරයාට කීවේ එය නිවැරදිව සම්මත කර තමන්ට ඉදිරිපත් කරන ලෙසය. එය
හුදෙක් කඩේ යැවීම සදහා කියන බොරු ප‍්‍රකාශයක් පමණක් විය.
-
පාර්ලිමේන්තුව රැස්වූ ඊළග දිනයේ අරුන්දික ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා
කතානායක අසුනේ ඉදගෙන මහින්දවාදී මන්ත‍්‍රී පිරිස කතානායක අසුන වටකරගෙන සිටි
බැවින් කතානායකවරයාට තම අසුන ආසන්නයට ළගා වීමට හෝ නොහැකි විය. ඔහු විසින්
පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පෙර සම්මත කරන ලද විශ්වාසභංග යෝජනාවේ පළමු වගන්තිය
ඉවත් කර නැවත සම්මත කිරීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එයද බාධා
හේතුවෙන් සම්මත කරගැනීමට සිදුවූයේ හඩ අනුවය. එයද ජනාධිපතිවරයා පිළිගත්තේ
නැත.
- ඉන්පසු මහින්දවාදී මන්ත‍්‍රීවරුන් දිගින් දිගටම
පාර්ලිමේන්තුව වර්ජනය කරන ලදී. එජාපය විපක්ෂයේ අසුන්ගනිමින් ජවිපෙ සහ ටී
එන් ඒ සහභාගිත්වයෙන් ඒකපාක්ෂිකව පාර්ලිමේන්තුව පවත්වාගෙන යන ලදී. එසේ
පාර්ලිමේන්තුව රැස්වූ සෑම දිනයකම පාහේ කුමක් හෝ කරුණක් සම්බන්ධයෙන් චන්දය
විමසා මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුව තුල බහුතරයක් නැති බව නැවත නැවතත්
තහවුරු කරන ලදී. එහෙත් ඔහු සහ ඔහුගේ පිරිවර පාර්ලිමේන්තුවෙන් පිටත විවිධ
ප‍්‍රකාශ කරමින් කියා සිටියේ බහුතරය තමන් සතු බවය. ඒ අනුව පාර්ලිමේන්තු
මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාව අනිවාර්යයෙන්ම 225කට වැඩිවිය යුතු බවට වන සරළ ගණිත
සමීකරණය නොසළකා හරිමින් ඔවුන් මේ අතේ පැළවෙන බොරුව සමාජගත කළේය. එය
කෙතරම් වියරුවෙන් කරන ලද්දේද ඇතැම් මාධ්‍ය එයට කෙතරම් සහය දක්වන ලද්දේද
යන්න පිළිබදව දෙරණ 360 වැඩසටහනේදී ඩිල්කා සමන්මලී විසින් ලාල් කාන්තට යොමු
කරන ලද පාර්ලිමේන්තුවේ බහුතරය පිළිබදව වූ ගොන් ප‍්‍රශ්න වලින්ම පැහැදිලි
වේ.
- මහින්ද රාජපක්ෂට එරෙහිව විශ්වාස භංග දෙකක්ද තවත්
අග‍්‍රාමාත්‍ය වැය ශීර්ෂය අමාත්‍ය මණ්ඩල වියදම් කපාහැරීම වැනි යෝජනා
ගණනාවක් සම්මත වී තිබියදීත් මහින්දව ධුරයෙන් පහකර ඇති බව පිළිගැනීම
ජනාධිපතිවරයා ප‍්‍රතික්ශේප කළ අතර මහින්දද ලැජ්ජා සහගත ලෙස එම ධුරයේ රැදී
සිටිමින් අගමැතිවරයා ලෙස තමාවම හදුන්වා ගන්නා ලදී. ඔහුගේ ඊනියා කැබිනට්
මණ්ඩලයද ඒ ආකාරයෙන්ම විය. එසේ හෙයින් ඔහුට හා කැබිනට් මණ්ඩලයට එරෙහිව
අභියාචනාධිකරණයේ ක්වෝ වොරන්ටෝ රිට් ආඥාවක් ඉල්ලා පාර්ලිමේන්තුවේ බහුතර
මන්ත‍්‍රී කණ්ඩායම විසින් නඩු පවරන ලදී. එම නඩුව සළකා බැලූ අභියාචනාධිකරණය
මහින්දගේ අගමැතිකමට සහ කැබිනට් මණ්ඩලයට එරෙහිව අතුරු තහනමක් නිකුත් කරන
ලදී. උදය ගම්මන්පිල ප‍්‍රකාශ කරන ලද්දේ අධිකරණයක් එවැනි නියෝගයක් කරන ලද්දේ
ලොව පළමු වතාවට බවයි. එහි යම් ඇත්තක් තිබේ. නමුත් වඩාත් නිවැරදි ඇත්ත
වන්නේ බලයෙන් පහකරන ලද අගමැති වරයෙක් සහ ආණ්ඩුවක් බලහත්කාරයෙන් එසේ බලයේ
එල්ලී සිටියේද ලොව පළමු වතාවට බවයි. අධිකරණයට එවැනි නියෝගයක් නිකුත් කිරීමට
සිදුවන්නේ ඒ නිසාය. එකී අතුරු තහනම සම්බන්ධයෙන් විවිධ කාරණා කියමින්
මහින්ද සහ පිරිවර ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන
ලදී.
- ඒ අතර පාර්ලිමේන්තුව විසිරවීමේ ගැසට් නිවේදනය
සම්බන්ධයෙන් තීන්දුව ලබාදෙන දිනය ළංවිය. මා පෙර සදහන් කරන ලද සැළසුම් තුනම
ක‍්‍රියාත්මක කරමින් මහින්ද සිරිසේන කල්ලිය ඒ සම්බන්ධයෙන් සාවද්‍ය කරුණු
ඉදිරිපත් කරමින් වැරදි චිත‍්‍රයක් මවන ලදී. බැලු බැල්මටම ගන්න දෙයක් නැති
ඉතා පැහැදිලි clear cut black case එකක් වශයෙන් පෙනුණ එම නඩු තීන්දු
ආසන්නයට එනවිට මහමැතිවරණයක් සදහා තීන්දුවක් එන බව සැබැවින්ම විශ්වාස කළ
පිරිසක්ද විය. තීන්දුව දීමෙන් පසුවද එය වැරදි තීන්දුවක් බවත් විවිධ කාරණා
මත සැබෑ නීතිමය තත්වය යටපත් වී ඇති බවත් කියමින් නාහෙන් අඩමින් සිටින
පිරිස් තවමත් දක්නට ලැබේ. ඒ මහින්ද සිරිසේන හවුල විසින් දියත් කරන ලද
පෙරකී සැළසුම් තුනේ බලයයි.
- ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය වූයේ නියමිත
කලට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් ජනාධිපතිවරයාට නොමැති බවයි.
එය නීතිමය වශයෙන් හා අනාගතය පිළිබදව සළකා බලන කල කෙතරම් නිවැරදි වටිනා
තීරණයක්ද යන්න ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබව මදක් හෝ අවබෝධයක්
ඇත්තෙකුට වැටහී යනු ඇත.
- මෙම තීරණයෙන් පසු මහින්ද සිරිසේන කල්ලියට
තවදුරටත් ගැසීමට තුරුම්පුවක් ඉතිරිව තිබුණේ නැත. පෙරකී ක්වෝ වොරන්ටෝ රිට්
ආඥා නඩුවට අදාළ තීරණය කුමක් වුවද ඔවුන්ට පාර්ලිමේන්තුවට ගොස් බහුතරය
විසින් එල්ල කරන පීඩනයට ගොදුරු වී පීචං වීමට සිදුවීම අනිවාර්ය විය. ඉල්ලා
අස්වීම හැර වෙනත් විකල්පයක් ඉතිරි වී නොතිබිණි.
- එසේ කෙළවී නට්ටං
වී සිටියදීවත් මහින්ද ඉල්ලා අස්වූයේ නැත. ඔහු බලා සිටියේ පෙරකී රිට් ආඥා
නඩුවේ අභියාචනය සළකා බලන ශ්‍රේෂ්ඨාධිකරණය තමාට හා තමාගේ ඊනියා කැබිනට්
මණ්ඩලයට පනවා තිබූ අතුරු තහනම ඉවත් කරනු ඇතැයි කියාය. නමුත්
ශ්‍රේෂ්ඨාධිකරණය එසේ කිරීම ප‍්‍රතික්ශේප කරන ලදී. තිබුණු එකම අවසාන
බලාපොරොත්තුවත් නැතිවී ගියේය. තවත් නැතිවෙන්නට දෙයක් තිබුණේ නැත. මෝඩ
ජෝඩුවක් වශයෙන් අමු හෙළුවෙන් මහජනයා ඉදිරිපිට තව තවත් පීචං වීමේ නියත
අනාගතයක් පමණක් ඉතිරිව තිබුණි. හැබූ කදුලින් වුවද ඉල්ලා අස්වන්නට පියවර
ගත්තේ එබැවිනි.
මහින්ද කොන්ද කෙළින් තබාගෙන බැස ගිය බවත් බෞද්ධාගමට
අනුව අතහැරීමට දන්නා සිංහයෙකු වන් නායකයෙකු බවත් නියම කෙළින් මිනිහෙකු බව
ලෝකයට පෙන්නූ බවටත් ඇතැමුන් කියන ප‍්‍රශංසාත්මක ශෝක ගීතිකා වලට කිසිදු
වලංගු භාවයක් නැත. ඒ කියන සුදුසුකම් හෝ උත්තුංග ගුණාංග කිසිවක් මහින්ද තුල
වී නම් ඔහු ඔක්තෝබර් 26 වැනිදා නීති විරෝධී ලෙස අගමැති වන්නට පනින්නේ නැත.
එවැනි great මහින්ද කෙනෙකු අපි දැන සිටියෙමු. නමුත් දැන් සිටින්නේ කොන්ද
වකුටු වූ ලොං හැලිච්ච නාටු මහින්ද කෙනෙක් මිස පරණ මහින්ද නොවන බව ඔහුගේ
ඔක්තෝබර් 26 වැනිදා සිටි මේ දක්වා ක‍්‍රියා කළාපය මනාව ඔප්පු කර තිබේ.
ඒ අනුව ඔහු අද කළ ඉල්ලා අස්වීමකැයි කියාගන්නා ක‍්‍රියාව තුල කිසිම ගෞරවයකට
හේතුවක් ඇත්තේ නැත. සිදුවූයේ පෙරේත ලෙස කෙළ හළමින් අවසාන මොහොත දක්වාම
එල්ලී සිටීමට වලිකා ඇදිවතත් අහිමි කරගෙන කරගන්නටම දෙයක් නැතිවූ කල අමු
හෙළුවෙන් හූ හඩ මැද පැන දිවීමක් පමණි.
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ‍්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment