ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය මාලිමාව ලකුණ යටතේ
ඉදිරිපත් කරන ලද ජනාධිපති අපේක්ෂකයා වූ ජවිපෙ නායක අනුර කුමාර දිසානායකට
ලබාගත හැකිවූයේ ඡන්ද ලක්ෂ හතරකට මදක් වැඩි ප්‍රමාණයක් පමණි. එය ඔවුන්
විසින් ගාලු මුවදොර පිටියේ පවත්වන ලද ආරම්භක රැළියට සහභාගි වූ පිරිස මෙන්
හතර ගුණයකටත් අඩු ප්‍රමාණයකි. ඒ පිළිබඳව විවිධ පාර්ශව වල විවිධ කියවීම් මේ
වනවිට අසන්නට ලැබේ. ඒ කියවීම් අතර බහුතරය මාලිමාව ලැබූ අඩු ඡන්ද ප්‍රතිශතය
පිළිබඳව කුරිරු සතුටකින් යුතුව සිදුකරන ඒවා බව පෙනෙන්නට තිබේ. එය සාමාන්‍ය
ස්වභාවයයි.
යම් මතයක් ජයග්‍රහණය කළ පසු ජයග්‍රාහී මතය සමග එකට
බැඳුණු සාධනීය සහ පසුගාමී ලක්ෂණ සියල්ල භේදයකින් තොරව නිවැරදි යැයි
අර්ථකථනය කෙරෙන අතර, පරාජිත මතය සමඟ බැඳුණු පසුගාමී ලක්ෂණ මෙන්ම සාධනීය
කරුණුද පිළිකෙව් කෙරේ. මෙම යථාර්ථය අනු කවරෙකු නැතත් ජාතික ජනබලවේගයට ඡන්දය
ලබාදුන් අය විසින් අවබෝධ කොටගතයුතුවෙයි.
ජාතික ජනබලවේගය
ජනාධිපතිවරණ සටනට අවතීර්ණ වන්නේ ප්‍රධාන දේශපාලන ධාරා දෙකට විකල්ප බලවේගයක්
වශයෙනි. එහිදී ආරම්භයේ පටන්ම එය ජයග්‍රහණය ඉලක්ක කළ විකල්පයක් නොවන බවට වූ
යථාර්ථය පිළිගත යුතුවේ. එනම් ජාතික ජනබලවේගයට ඡන්දය ලබාදෙන පුද්ගලයෙකුගෙන්
අපේක්ෂා කරන ලද්දේ කිසිවෙකුගේ ජයග්‍රහණයට හෝ පරාජයට පාර කැපීමට වඩා රටේ
ප්‍රධාන දේශපාලන ධාරා දෙකම ප්‍රතික්ෂේප කරන බවට ප්‍රකාශයක් නිකුත් කරවා
ගැනීමය. ජාතික ජනබලවේගයට අමතරව ජනාධිපතිවරණය සඳහා තරඟ වැදුණු රොහාන්
පල්ලෙවත්ත සහ මහේෂ් සේනානායක යන අපේක්ෂකයන්ගේ අරමුණ වූයේද එය බව කියැවේ.
කෙසේ වෙතත් එවැනි ප්‍රකාශයක් නිකුත් කරන මැතිවරණයක් ලෙස ජනාධිපතිවරණයක්
තෝරා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදීව නිවැරදි වුවද ප්‍රායෝගික නොවේ. මන්ද එවිට
සිදුවන්නේ යම් තීරණාත්මක ඡන්ද ප්‍රමාණයක් ප්‍රධාන මැතිවරණ වේදිකා වලින්
ඉවත් වීම පමණි. එසේ ඉවත් වීම වෙනුවෙන් නියෝජනයක් එම ඡන්ද සඳහා
ජනාධිපතිවරණයෙන් පසු නොලැබේ. එනම් ප්‍රායෝගික අර්ථයෙන් ගත්කල ඒවා අපතේ ගිය
ඡන්ද ප්‍රමාණයක් බවට පත්වේ.
එබැවින් විකල්ප මතයක් ප්‍රකාශ කරන අතරම
එයට නියෝජනයක් ලබාගැනීමට ඉඩ ප්‍රස්තාව ඇති මැතිවරණයකදී විකල්ප මතයක්
ඉදිරිපත් කිරීම වඩා ප්‍රායෝගික වේ. එවිට විකල්පය වෙනුවෙන් භාවිත කරන ඡන්ද
අපතේ නොයා යටත් පිරිසෙයින් ආසනයක් දෙකක් හෝ එම ඡන්ද නියෝජනය සඳහා ලැබෙනු
ඇත. ඒ අනුව විකල්පයට සැබෑ වටිනාකමක් නිර්මාණය වන්නේ ජනාධිපතිවරණයේදී නොව
ඉදිරියට එන මහ මැතිවරණය සහ පළාත්සභා මැතිවරණ වලදීය.
ඉදිරි මහ
මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2/3ක බලයක් ලබාගැනීමට අනිවාර්යයෙන්ම
උත්සාහ දරනු ඇත. එය බොහෝවිට සාර්ථක වීමටද ඉඩ තිබේ. ඉන්පසු තනතුරු තානාන්තර
වරප්‍රසාද නොමැතිව ජීවත් වීමට නොහැකි, එජාපයෙන් තේරී පත්වන මන්ත්‍රීවරුන්
ගණනාවක්ද පොහොට්ටුවට එක්වීම අනිවාර්ය සංසිද්ධියක් වනු ඇත. මෙම තත්වය එජාප
පාක්ෂිකයා මෙන්ම පාවෙන විකල්ප මතධාරියාද දනී. තමන්ට ජයග්‍රහණය කළ නොහැකි
මැතිවරණයකදී අඩුම වශයෙන් තමා භාවිත කරන ඡන්දය පාවාදී අනික් පැත්තට නොපනින
පුද්ගලයෙකුට ඡන්දය දීමේ වටිනාකම ඔවුන් මැනවින් දනිති. එබැවින්
ජනාධිපතිවරණයේදී අඩු තක්සේරුවට ලක්කරනු ලැබුවද මහ මැතිවරණයකදී එජාප
පාක්ෂිකයන් සැළකියයුතු ප්‍රමාණයක සහ පාවෙන විකල්ප මතධාරීන් සැළකියයුතු
ප්‍රමාණයක තේරීම ජනතා විමුක්ති පෙරමුණ වීමට බොහෝදුරට ඉඩ තිබේ.
එබැවින් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය අධෛර්යයට පත්විය යුතු
නැත. ඔවුන්ට සැබැවින්ම ඇති නියෝජනය යම අධි තක්සේරුවක්ද සහිතව මහ
මැතිවරණයකදී පෙනෙනු ඇත. ඉතා දීර්ඝ කාලයකට පසු ජනතා විමුක්ති පෙරමුණ ස්වාධීන
දේශපාලන මාවතකට අවතීර්ණ වීම අගය කළ යුත්තකි. එසේ අවතීර්ණ වී ඔවුන්ගේ
දේශපාලන වේදිකාවේ සඳහන් කෙරුණු සෑම කරුණක්ම පාහේ ප්‍රධාන දේශපාලන වේදිකා
දෙකටම වඩා තර්කානුකූල සහ නිවැරදි ඒවා වේ. ඒ අනුව මාලිමාව පෙන්වූ දිශාව
කිසිසේත් වැරදි නැත. නමුත් මාලිමාව දිශාව පෙන්වූයේ එම දිශාව පෙන්වීමේ
මෙහෙවරේ ප්‍රායෝගික වැදගත්කම අවම අවස්ථාවකදීය. නමුත් එය අනාගත ආයෝජනයක්
නොවන්නේ යැයි කිය නොහේ.
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
පාහියන් ගල්ලෙනේ සිදුකළ කැණීම් වලින් වසර 48000ක් පමණ පැරණි බව සැක කෙරෙන දුනු ඊතල වල අවශේෂ කොටස් සොයාගැනීමට පුරාවිද්‍යාඥයින් සමත් වී ඇත. මෙ...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
-
රත්න ශ් රී විජේසිංහයන් ලියපු රෝහණ වීරසිංහයන් සංගීතවත් කරපු මේ සුන්දර ගීතය පිළිබදව අර්ථකථන ගණනාවක් මම කියවලා තියෙනව. ඒවා බොහොම සුන්දර අර්...
No comments:
Post a Comment