ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය යනු කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ නීතිවේදී උපාධි පාඨමාලාවේ Con 1 සහ Con 2 වශයෙන් කොටස් දෙකකට කඩා පුරා වසර දෙකක් තිස්සේ උගන්වන විෂයකි. අර්ථ නිරූපණ නීතියද වෙනම විෂයයක් ලෙස පුරා වසරක් තිස්සේ උගන්වයි. සමහරු හෑල්ලුවට ගෙන හිතූ හිතූ හැටියට අර්ථදක්වන්නේ එවැනි බරසාර විෂයක් බව අමතක නොකළ යුත්තේය. (මෙය හුදී ජනයාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හෑල්ලු කිරීමක් නොව කරන කාර්යයේ සහ අදාළ විෂය ක්ෂේත්රයේ බර ඇති සැටියෙන් දැක්වීමක් ලෙස පමණක් කියවන්නෝ භාරගනිත්වා)
අධිකරණ තීරණය කුමක් වුවද එයට ගරු කිරීමට සියළුම පුරවැසියන් බැදී සිටිති.
එවැනි තත්වයක් තුල අධිකරණය පිළිබඳවද, එහි සිටින විනිසුරුතුමන්ලා පිළිබදවද
ඇතැම් අය විවිධ පූර්ව නිගමන පළකිරීමද අපහාසාත්මක කාරණා ප්‍රචාරය කිරීමද
හෑල්ලුවට ලක්කිරීමද පක්ෂ භේදයකින් තොරව අනුමත කළ නොහැකි තත්වයකි. එසේ අපහාස
කරන අයගේ මනෝභාවයේ සහ අවබෝධයේ තරම විදහා පාන්නකි.
හෙට දිනයේ තීන්දුව ලබාදීමට නියමිත මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් ඒවායේ විභාගය ආරම්භ වූ පසු මත හා විවේචන ඉදිරිපත් කරන නීතිඥවරයෙකු මාගේ ෆේස්බුක් මිතුරන් අතර මා තවම දැක්කේ නැත. මාගේ මිතුරු ලැයිස්තුවේ දෙපාර්ශවයම නියෝජනය කරන සහ ඒ එක් එක් පාර්ශවයන් වෙනුවෙන් ප්‍රබල ලෙස පෙනී සිටින නීතිඥවරුන් රාශියක් සිටියද ඔවුන් මේ මොහොතේ නිහඩව සිටින්නේ නඩු විභාගයේ ඉදිරිපත් වන කාරණා සම්බන්ධයෙන් කියන්නට දෙයක් නැතිවාට නොව නීතිඥවරුන් වශයෙන් ඔවුන් තමන්ගේ විනය ආරක්ෂා කරන බැවිනි.
මේ පිළිබදව අවබෝධයක් නොමැති ඇතැම් පුද්ගලයන් කිහිපදෙනෙකු අධිකරණයට බලපෑමක් සිදුවන ආකාරයේ පෝස්ට් හුවමාරු කරගන්නවා මම දුටුවෙමි. එය ස්වේච්ඡාවෙන්ම තම තමන්ව අවදානමකට ලක්කරගැනීමක් මිස ඥානාන්විත පියවරක් නොවේ. ඔබ අධිකරණයට අනිසි බලපෑම් කිරීමේ හෝ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට ලක්වීමේ අවදානමක් පවා එහිදී නිර්මාණය වේ. එවැනි චෝදනාවකදී "ඇයි අහවලාට නැද්ද?" වැනි මෝඩ ප්‍රශ්න ඇසීම නිදහසට කාරණයක් නොවන අතර තනිව එයට මුහුණ දීමට සිදුවීම අනිවාර්යය.
නඩු තීන්දුවක් දීමේදී අධිකරණය සළකා බලනු ලබන්නේ නීතිමය තර්කයන් සහ පාර්ශවයන් විසින් ඉදිරිපත් කරනු ලබන කාරණාය. ඒ අනුව "අසවල් තීන්දුව ලබාදුන්නොත් දේශප්‍රේමී සහ ලබා නොදුන්නොත් දේශද්‍රෝහී" යනුවෙන් හෝ වෙනයම් ලේබලයක් මත ඔබ අධිකරණය විනිශ්චය කිරීමට යාම නිෂ්ප්රයෝජන සහ අවදානම් කාරියකි.
මෙය තීරණාත්මක මොහොතක් බවට කිසිදු තර්කයක් නැත. එය තීරණාත්මක වන්නේ ඇයිද යන්නට ඔබට හා මට මත දෙකක් තිබිය හැකිය. නමුත් එකී මතවාදයන් මත අධිකරණයට බලපෑම් කිරීමට හෝ අධිකරණය අසවල් තීරණය ගතහොත් එය වැරදියැයි කල් ඇතිව කීමට ඔබට හෝ මට කිසිදු අයිතියක් නොමැත.
එබැවින් අධිකරණය හෙට කුමන තීන්දුවක් ලබාදුන්නද එය සම සිතින් භාරගැනීමටත් තීන්දුවට පෙර හෝ පසු අධිකරණයට කුමන හෝ ආකාරයෙන් අනිසි බලපෑම් හෝ නින්දා අපහාස කිරීමෙන් වැලකීමටත් සෑම නීතිගරුක පුරවැසියෙකුටම මගහැරිය නොහැකි වගකීමක් ඇත.

No comments:
Post a Comment