(2018 ජනවාරි 4 වැනි දිනැති පොස්ටුවකි)
මෙය අද වැඩිදෙනාගේ මුවග රැදුණු වචනයයි. බොහෝ අය බැදුම්කර වංචා කළ බවට
යම් යම් දේශපාලනඥයන්ට පස්පඩංගුවේ බැණවදිනු පෙනේ. කලකට පෙර එසේ බැන්න
සාමාන්‍යයෙන් දැනුම් තේරුම් ඇත්තෙකු ලෙස මා සැලකූ අයෙකුගෙන් "බැදුම්කර
වංචාවක් වුණා කියලා ඔයා කියන්නෙ කොහොමද" කියා ඇසුවෙමි. ඔහු ඊට කෙළින් උත්තර
නොදී පිම්මේ වටේ යන්නට විය. මම නැවතත් ඔහුව කොටුකර වඩාත් ඍජුව පෙර
ප්‍රශ්නයම ඇසුවෙමි. "මල්ලි මේ බයිලා කතා කරනවා. රටම දන්නවා උන් හොරාකෑවා
කියලා" යැයි උත්තර දුන්නේය. එවර මම ඇසුවේ "බැදුම්කර කියන්නේ මොනවාද"
කියාය. ඔහුගේ පිළිතුර වූයේ "ඔය පත්තර වල තියෙන්නේ" යනුවෙනි. තවදුරටත්
ප්‍රශ්න අසා ඔහුව අමනාප කර නොගෙන මම කතාව නැවැත්වූයෙමි. කෙසේ වෙතත්
බැදුම්කර ගැන සමාජයේ සාකච්ඡාවට භාජනය කරන වැඩිදෙනාගේ තත්වය ඕකය. නොදන්නා
දේවල් කියන්නට ගොස් වරිගෙ නහගැනීම සැබැවින්ම ලජ්ජාවට කාරණයකි. එසේ හෙයින්
පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ දැනගැනීම පිණිසද අනාගතයේ මැතිවරණය ආශ්‍රිතව
ඇතිවන සංවාද වඩාත් ඵලදායී ඒවා බවට පත්කර ගැනීමටද බැදුම්කර පිළිබදව මෙම සටහන
තබමි.
මොනවද මේ බැදුම්කර?
බැදුම්කරයක් යනු යම්කිසි ණයක් ලබාගෙන
ඊට ඇප පිණිස ණය දුන් අය වෙත නිකුත් කරන යම් ලියවිල්ලකි. උදාහරණයක් ලෙස මට
රැපියල් 90ක ණයක් අවශ්‍ය වී යම් අයෙකුගෙන් එම මුදල අද ණයට ඉල්ලාගෙන තව මාස
3කින් එළඹෙන දිනයකදී රැපියල් 100ක් ඔහුට ගෙවන බවට පොරොන්දු වී ඔහුට ලිපියක්
දීම දැක්විය හැක. එවිට රැපියල් 90 ණය මුදලයි. රැපියල් 100 යනු බැදුම්කරයේ
මුහුණත වටිනාකමයි. ඒ වටිනාකම් දෙක අතර වෙනස වන රැපියල් 10 එම ණයට අදාළ
පොලියයි.
රජයක් විසින් තරගකාරී පොලී අනුපාත යටතේ ණය ලබාගැනීමට මෙම
බැදුම්කර නිකුත් කිරීමේ ක්‍රමය භාවිත කරයි. එය හදුන්වන්නේ භාණ්ඩාගාර
බැදුම්කර නිකුත් කිරීමක් යනුවෙනි.
උදාහරණයක් ලෙස රජයට රැපියල්
මිලියන 90ක ණයක් අවශ්‍ය වූ විට රජය විසින් මිලියන සියයක් සදහා රැපියල්
මිලියනය බැගින් වූ බැදුම්කර සියයක් අසවල් දින වෙන්දේසියේ විකුණන බව
ප්‍රසිද්ධ කරයි. එවැනි අවස්ථාවක රජයෙන් ඍජුවම බැදුම්කර මිළදී ගත හැක්කේ
ප්‍රාථමික ගැණුම්කරුවන්ට පමණි.
ප්‍රාථමික ගැණුම්කරුවන්:-
බැදුම්කර වෙළෙදපොලේ ගනුදෙනු කරන සමාගම්ය. බොහෝවිට වාණිජ බැංකු විය හැකිය.
මේ දිනවල කතාබහට ලක්වී ඇති Perpetual Tresuries සමාගම එවන් ප්‍රාථමික
ගැණුම්කරුවෙකි. ඔවුන් රැපියල් සියයේ බැදුම්කර වෙන්දේසියෙන් රැපියල් අනූව
බැගින් මිලට ගෙන කල්පිරීමේදී ඒවා ආපසු රජයට දී එක් බැදුම්කරයකට රැපියල්
සියය බැගින් ලබාගතහොත් ඔවුන්ට එක බැදුම්කරයකින් රැපියල් දහයක පොලියක් ලැබී
ඇත.
ද්විතීයික වෙළෙදපොල:-
මෙහිදී සිදුවන්නේ රජය වෙතින් ඍජුවම
නොව ප්‍රාථමික ගැණුම්කරුවන් වෙතින් බැදුම්කර මිලට ගැනීමයි. උදාහරණයක් ලෙස
රැපියල් 100 බැදුම්කරයක් රැපියල් 90කට රජයෙන් මිළදීගත් A නම් ප්‍රාථමික
ගැණුම්කරු එය රැපියල් 95කට C යන අයට විකිණීම දැක්විය හැක. එවිට Aගේ ලාභය
රැපියල් 5කි. පසුව බැදුම්කරය කල්පිරීමේදී Cට එය රජයට ලබාදී රැපියල් 100ක්
ලබාගත හැකිය. එය Cගේ ලාභයයි.
බැදුම්කර වෙන්දේසිය:-
බැදුම්කර
වෙන්දේසියේ සිදුවන්නේ ප්‍රාථමික ගැණුම්කරුවන් විසින් බැදුම්කර සදහා රජයට
ලංසු ඉදිරිපත් කිරීමයි. එහිදී රජයට වැඩිම ණය මුදලක් අඩුම පොලියට ලබාගත හැකි
ලංසු වලට බැදුම්කර නිකුත් කිරීම සිදුකරයි. උදාහරණයක් ලෙස රැපියල් 100
බැදුම්කර වෙන්දේසියේදී පිළිවෙලින් රැපියල් 90, 92, 95 වැනි මිළගණන් වලට
ලංසු ඉදිරිපත් වී තිබේනම් රජයට වඩාත් වාසිදායක රැපියල් 95කට බැදුම්කර
විකිණීමය. මන්ද එවිට රැපියල් 95ක ණය මුදලක් ලබාගත හැකි අතර ගෙවිය යුතු
වන්නේ රැපියල් 5ක පොළියක් පමණි.
අභ්‍යන්තර තොරතුරු
Insider information :-
බැදුම්කර නිකුතුවට අදාල රහස්‍ය වූත් සංවේදී වූත් තොරතුරක් මෙසේ හැදින්වේ.
උදාහරණයක් ලෙස රැපියල් 100ක බැදුම්කරයක් සදහා ලැබී ඇති උපරිම ලංසුව වන්නේ
85 බව යම් ආයෝජකයෙකු දැනගතහොත් ඔහු ලංසුව තබනු ඇත්තේ 86කට පමණි. එයින් පාඩු
2ක් රජයට සිදුවේ. එකක් නම් ලැබෙන ණය ප්‍රමාණය අඩුවීමය. අනෙක ගෙවීමට සිදුවන
පොළිය අධික වීමය. යම් හෙයකින් එම ආයෝජකයා 95ක ලංසුවක් ඉදිරිපත් කලේ නම් එය
රජයට බොහෝ වාසිදායක වන්නට තිබුණි. මෙය අභ්‍යන්තර තොරතුරක් පාවිච්චි කර
ගනුදෙනුවක් සිදුවිය හැකි එක් ක්‍රමයක් පමණි. තවත් අනේකවිධ ස්වරූපයන්ගේ
උදාහරණ තිබිය හැක.
අයුතු ලාභය:-
සාධාරණ ලෙස තරගකාරීව බැදුම්කර
මිළදී නොගෙන ඉහත පරිදි තමාට දැනගන්නට ලැබෙන අභ්‍යන්තර තොරතුරක් මත යම්
පුද්ගලයෙකු උපයන ලද ලාභය අයුතු ලාභයක් බවට පත්වන අතර එයින් තමන්ට සිදුවන
පාඩුව අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා අයකර ගැනීමට අලාභ විදින පාර්ශවයට
හැකියාව ඇත.
සැ.යු - මෙහි දක්වා ඇති මිළගණන් උදාහරණ පමණි. බැදුම්කර ගනුදෙනු සිදුවන්නේ කෝටි ගණන් වලින් වන අතර ලාභ පාඩුද කෝටි ගණනින් වේ.
බැදුම්කර නිකුතු ක්රියාවලියද මෙහි දක්වා ඇත්තේ ඕනෑම අයෙකුට පහසුවෙන්
අවබෝධ කරගැනීම සදහා හැකි උපරිම ලෙස සරළ කිරීමෙන් පසුවය. ප්‍රායෝගික
ක්‍රියාවලිය මීට වඩා බොහෝ සංකීර්ණ එකකි.
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Monday, April 13, 2020
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment