(2018 ජනවාරි 18 වැනි දිනැති පොස්ටුවකි)
කොට්ඨාස ක‍්‍රමය යනු එක් එක් මැතිවරණ කොට්ඨාස වලින් ජයගන්නේ කවුදැයි
තීරණය කර ඒ අනුව කොට්ඨාස වැඩිපුර දිනාගත් පක්ෂය හෝ පුද්ගලයා ජයග‍්‍රාහකයා
ලෙස තෝරාපත්කැරගැනීමේ මැතිවරණ ක‍්‍රමයයි.
මේ ක‍්‍රමය බැලු බැල්මට
ඉතා යහපත් එකකි. මන්ද සෑම මැතිවරණ කොට්ඨාසයකටම ඔවුන්ගේ මතය සදහා සමස්ථයෙන්
ස්වාධීන වූ නියෝජනයක් ලැබෙන නිසාය. මහ මැතිවරණයකදී පළාත් සභා හෝ පළාත් පාලන
මැතිවරණයක් වැනි නියෝජිතයන් රාශියක් පත්කරගන්නා මැතිවරණ වලදී මෙම ක‍්‍රමය
ඉතාම ජනප‍්‍රිය වන්නේ අනිවාර්යයෙන්ම කොට්ඨාසයට නියෝජිතයෙකු ලැබෙන බැවිනි.
එසේ වුවද මෙම ක‍්‍රමයේ විශාල ගැටලුවක්ද පවතී. එම ගැටලුව සත්‍ය උදාහරණයක් මගින් පැහැදිළි කිරීම වඩාත් යෝග්‍ය වනු ඇත.
වර්ෂ 2016 නොවැම්බර් 8 වැනි දින පැවති ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට‍්‍රම්ප්
ජයග‍්‍රහණය කරන ලද බවත් ඔහුගේ ප‍්‍රතිවාදියා වූයේ හිලරි ක්ලින්ටන් බවත්
ඔබට මතක ඇතැයි සිතමි.
මෙහිදී ජයග‍්‍රාහක ඩෙනල්ඩ් ට‍්‍රම්ප් විසින්
මැතිවරණ දිස්ත‍්‍රික්ක 304ක් ජයගත් අතර හිලරි ක්ලින්ටන් ලැබූ මැතිවරණ
දිස්ත‍්‍රික්ක 227ට වඩා දිස්ත‍්‍රික්ක 77කින් එම ප‍්‍රමාණය වැඩිවූ හෙයින්
ට‍්‍රම්ප් ජයගත්තේය.
එසේ නමුත් ඩොනල්ඩ් ට‍්‍රම්ප් ලබාගත් මුළු මනාප
සංඛ්‍යාව (62,984,825) හිලරි ක්ලින්ටන් ලබාගත් මනාප (65,853,516) චන්ද
සංඛ්‍යාවට වඩා විසි අටලක්ෂ හැට අටදහස් හයසිය අනූ එකකින් (-2,868,691) අඩු
වූයේය. ඒ අනුව රටේ ජනතාවගෙන් වැඩිදෙනෙකු කැමති ජනාධිපතිවරයා වූයේ ජයගත්
ට‍්‍රම්ප් නොව පැරදුනු හිලරි ක්ලින්ටන්ය. ඒ අනුව බලන කල ශ‍්‍රී ලංකාවේ
ජනාධිපති තෝරන ක‍්‍රමයට ඇමෙරිකාවේ ජනාධිපති තේරුවේ නම් ජයග‍්‍රාහකයා
හිලරි මිස ට‍්‍රම්ප් නොවනු ඇත.
ප‍්‍රතිශතයක් වශයෙන්ද සමස්ථ චන්ද
සංඛ්‍යාවෙන් 46.1%ක් ට‍්‍රම්ප් ලබාගනිද්දී 48.2%ක් හිලරි ලබාගත්තාය.
ශ‍්‍රී ලංකාවේ මෙවන් දෙයක් වූයේ නම් ඇතැම් බුද්ධිමතුන් හිලරි අම්මා
වෙනුවෙන් මහමග ගිනිතබාගනු ඇත. නමුත් ඒ ඇමරිකාවේය.
ඒ අනුව සීයට
සීයක් කොට්ඨාස ක‍්‍රමය යොදාගතහොත් දිනුවද නොදින්නා සේ පැරදීමට හැකිය. එසේම
ජයග‍්‍රහණය කළ විට ලබාගත් චන්ද සංඛ්‍යාව සමග සමානුපාතික නොවන අධි නියෝජනයක්
ජයගත් පක්ෂයට ඇතිවිය හැකිය. එවන් අත්දැකීමක් අපේ රටටද 1977දී ලැබුණි. ඒ
අනුව ඉතා ආසන්න තියුණු තරගයකින් පැරදුණද ඉතාම සීමිත ආසන සංඛ්‍යාවක් පමණක්
ලැබිය හැකිය. එනම් ජයග‍්‍රහණයේදී ජයද පරාජයේදී පැරදීමද කොට්ඨාස ක‍්‍රමය
යටතේ අතිශයෝක්තියට නැගෙනු ඇත.
සියයට සියයක් කොට්ඨාස ක‍්‍රමය භාවිත
කරන මැතිවරණයක කොට්ඨාස සියල්ලම එක පක්ෂයක් ජයගතහොත් විපක්ෂයේ මන්ත‍්‍රීධුර
කියා දෙයක් නැත. එවිට විපක්ෂය යනු පාර්ලිමේන්තුවෙන් පිටත ක‍්‍රියාත්මක වන
හුදු එකමුතුවක් පමණක් වනු ඇත.
සමානුපාතික නියෝජන ක‍්‍රමය
ඇතිකරන්නේ ඊට විසදුමක් වශයෙනි. ඒ අනුව පරාජය වුවද පරාජිතයාගේ හඩටද
පාර්ලිමේන්තුව තුල පළාත් සභාව තුල ප‍්‍රාදේශීය සභාව තුල ඉඩක් ලැබෙන්නේ
සමානුපාතික ක‍්‍රමය නිසාය.
නමුත් ශුද්ධ සමානුපාතික ක‍්‍රමය යටතේ
දිවයිනේ බොහෝ ප‍්‍රදේශ වලට මන්ත‍්‍රී නියෝජනයක් නොලැබෙන බවට චෝදනා එල්ල
වුණි. මන්ත‍්‍රී වරුන් වැඩි වශයෙන් ජනගහණය අධික ප‍්‍රදේශ වලින් බිහිවනු
දක්නට ලැබුණු අතර සාපේක්ෂව ජනගහණය අඩු පිටිසර ප‍්‍රදේශ වලට මන්ත‍්‍රී
නියෝජනයක්ද නැති එසේ හෙයින් සංවර්ධන කටයුතු කිසිවක්ම සිදු නොවන තත්වයක්
උද්ගත වුණි.
එසේ හෙයින් නැවතත් පෙර පැවති කොට්ඨාස ක‍්‍රමය යළි ගෙනආ
යුතු බවට සමාජයේ විවිද ස්ථර වලින් යෝජනා ගලා එන්නට විය. සමානුපාතික
ක‍්‍රමයට පසුව හදුන්වා දෙන ලද මනාප චන්ද ක‍්‍රමය හරහා අන්ත දූෂිතයන්
දේශපාලනයට පිවිසීම නිසා මැතිවරණ ක‍්‍රමය ප‍්‍රතිසංවිධානය කිරීම අත්‍යවශ්‍ය
විය.
නමුත් නැවත ශුද්ධ කොට්ඨාස ක‍්‍රමයක් කරා යාම තුල 1977දී
මුහුණදුන් තත්වය හා සමාන ගැටලු උද්ගත විය හැකි බැවින් එසේ කළ නොහැකි විය.
එම තත්වය තුල 60% ක් කොට්ඨාස ක‍්‍රමය යටතේද 40% ක් සමානුපාතික ක‍්‍රමය
යටතේද තෝරාගන්නා නව ක‍්‍රමය යටතේ ශ‍්‍රී ලංකාව ළග එන පළාත් පාළන මැතිවරණයට
යන්නේ පළමු වතාවටය.
මෙම මිශ‍්‍ර ක‍්‍රමය ඇත්තෙන්ම ශ‍්‍රී ලංකාවේ
අපිට අලුත් ක‍්‍රමයකි. ඒ අනුව කොට්ඨාස ක‍්‍රමය යටතේ සෑම කොට්ඨාසයකටම
මන්ත‍්‍රීවරයෙකු ලැබෙන බව තහවුරු කෙරෙන අතර සමානුපාතික ක‍්‍රමයට පත්වන
මගින් ජයග‍්‍රහණය හෝ පරාජය අතිශයෝක්තියට නොනැගීම තහවුරු කෙරේ.
මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාව අධික ලෙස වැඩිවීම මගින් පරිපාලන වියදම් ඉහළ යාම
මෙම ක‍්‍රමයේ බැලු බැල්මටම පෙනෙන විශාලම අඩුපාඩුවය. වෙනත් අඩුපාඩු හෝ
ගුණදොස් ගැන කියන්නට තවමත් කල් වැඩිය.
නමුත් 40% ක්ම සමානුපාතික
නියෝජනයට දීම තුල සුළු පක්ෂ පමණට වඩා බලවත් වී පළාත් පාලන ආයතන වල ස්ථාවර
බවට දැඩි හානි පැමිණෙනු ඇති බවටද චෝදනා නැගෙමින් පවතී. නමුත් එම තත්වය ගැන
යමක් නිශ්චිත වශයෙන් පැවසීමට තවමත් කල්වැඩිය.
දේශපාලනය හා සම්බන්ද
කිසිදු කරුණක් 100% ක නිරවද්‍යතාවයකින් යුතුව පුරෝකථනය කිරීමට හැකියාවක්
නැත. හොදම උදාහරණය ලෙස දශක 3ක් පමණ කාලයක් තිස්සේ සමානුපාතික ක‍්‍රමය යටතේ
කිසිදා 2/3 බලය සහිත ආණ්ඩුවක් බිහි නොවන බවට විශ්වාසයක් පැවතියද එය සාවද්‍ය
බව 2010දී සනාථ වීම දැක්විය හැක. එහිදීද බොහෝ දෙනා පැවසුවේ 2/3 බලයක්
සහිත ආණ්ඩුවක් නැවත කිසිදා බිහි නොවන බවය. එයද බොරු කරමින් විවේචන
හැලහැප්පීම් මාධ්‍ය සංදර්ශන මධ්‍යයේ වුවද අදටත් ශ‍්‍රී ලංකාවේ පවතින්නේ
2/3ක බලයක් ඇති ආණ්ඩුවකි. ඒ අනුව ඉතිහාසය නැවත නැවතත් ඔප්පු කර ඇත්තේ ලොව
නිත්‍ය එකම දෙය අනිත්‍යතාවය පමණකි යන ධර්මතාවය දේශපාලනයටද පොදු බවය.
එබැවින් සිදුවන්නේ කුමක්ද යන්න පූර්ව නිගමන පසෙක තිබියදී ඉවසිල්ලෙන් බලා
සිටීමට සිදුවනු ඇත.
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ‍්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment