Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Monday, April 13, 2020
සිතුවමක කතාව
(2018 ජනවාරි 19 වැනි දිනැති පොස්ටුවකි)
මෙම අපූරු සිතුවම මට දක්නට ලැබුණේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ විශේෂ අමුත්තන්ගේ භෝජනාගාරයේ දීය. එය දුටු වහාම මට සිනහ පහළ විය. රටේ උත්තරීතරම ආයතනයේ මෙවැනි සිතුවමක් තිබීම එක්තරා ආකාරයට දෛවයේ සරදමක්දැයි මට සිතුනි.
මා එසේ කියන්නේ ඇයි?
ශ්‍රී ලංකාවේ කාරණා කටයුතු සිදුවෙන උතුරු දකුණ මාරු වූ ඔල්මොරොන්දං ස්වභාවය මෙම චිත්‍රය මගින් මැනවින් නිරෑපණය කර තිබේ.
ඔබ මේ සිතුවම දෙස හොඳින් බැලුවහොත් මෙහි දියපහරක් දක්නට ලැබෙන බවත්, එම දිය පහර ඉහළ අලි නාවන අයුරුත්, ඊට පහළින් මිනිසුන් දියනාන අයුරුත් දක්නට ලැබෙනු ඇත. ශ්‍රී ලංකාවේ කාරණා කටයුතු සැමදා සිදුවූයේද සිදුවෙමින් පවතින්නේද අප මොනවා කතා කළත් ඉදිරියට සිදුවන්නේද, මුලින් කළ යුතු දේ අන්තිමටද අන්තිමට කළ යුතුදේ මුලින්ද වශයෙන් අන්තිම අංජබජල් ආකාරයටය. මෙය නිවැරදි කිරීමෙන් තොරව සියල්ලට තාවකාලික පැලැස්තර අලවමින් යන ගමන තුල සියලු දේ මහා අවුල් ජංජාලයක් බවට පත්වීම පුදුමයට කාරණයක් නොවන්නේමය.
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
පාහියන් ගල්ලෙනේ සිදුකළ කැණීම් වලින් වසර 48000ක් පමණ පැරණි බව සැක කෙරෙන දුනු ඊතල වල අවශේෂ කොටස් සොයාගැනීමට පුරාවිද්‍යාඥයින් සමත් වී ඇත. මෙ...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
-
රත්න ශ් රී විජේසිංහයන් ලියපු රෝහණ වීරසිංහයන් සංගීතවත් කරපු මේ සුන්දර ගීතය පිළිබදව අර්ථකථන ගණනාවක් මම කියවලා තියෙනව. ඒවා බොහොම සුන්දර අර්...

No comments:
Post a Comment