Saturday, April 11, 2020

දිය රෙද්ද

(2015.12.25 ලියන ලද පෝස්ටුවකි)



සුන්දර පැය කීපයක් නිලාවැලි වෙරළ තීරයේ ගතකරන්න ඊයෙ අවස්ථාව ලැබුණා. සතුටින් සැහැල්ලුවෙන් රැුළි එක්ක පොරබදන්න. ආයෙත් පොඩි ළමයි වගේ සෙල්ලම් කරන්න ලැබුණා කාලෙකට පස්සෙ. හැබැයි එතනට ඇවිත් හිටපු එක්තරා කොටසක් ගැන මට කණගාටුවක් ඇතිවුණා. 
මම මුහුදට බහිනකොට අදින්න ඔන ඇදුම ගැන මට කිසි තහනමක් නෑ. මට හිතේ හැටියට විනෝද වෙන්න නටන්න දගලන්න පුලුවන් ඇදුමක් ඇන්ද කියල කිසි කෙනෙක් මට මොකවත් දොසක් කියන්නෙත් නැහැ. නමුත් කාන්තා පාර්ශවයට මේ කතාව සම්පූර්ණයෙන්ම වෙනස්.
අපේ රටේ කාන්තා පාර්ශවයෙ පොදු නාන ඇදුම තමයි දිය රෙද්ද. දිය රෙද්ද ඇදගෙන මුහුදු රැුල්ල එක්ක හටන් කරන්න බැරි බව කියන්න දෙයක් නෑනෙ. ඉතින් වැඩිදෙනෙක් කරල තිබුණෙ තමන් ගමනට ඇදපු සාය හැට්ට ගවුම් ඩෙනිම් ටීෂර්ට් පිටින්ම වතුරට බහින එක. ඒවට වතුර අල්ලපුවම කොයි තරම් බරද ඒව ඇදගෙන නාන පීනන දගලන එක කොයි තරම් අමාරුද කියන එක තේරුම් ගන්න එහෙම ඇදගෙන බැහැලම බලන්න ඔන.
නමුත් තමන් මුහුදෙ නාන එක උපරිමයෙන් විදින්න බාධාවක් නොවන විදියට ඇදපු කීප දෙනෙකුත් හිටිය. ඒ අයට මූණටම නොවුණත් අනෙක් අයෙගෙන් මෙහෙම ප‍්‍රතිචාර ලැබෙනව මං අහගෙන.
''අන්න බලපන් මට පිටිපස්සෙ කෙල්ලෙක් Swimming kit එකක් ඇදගෙන නානව ......... එළියෙ''
''ෂා සුපිරි ....... බන් ෂේප් එකේ බලපන්''
''බඩුවක්ද කොහෙද බන්. නැත්නම් මේ සෙනග අස්සට ඔහොම ඇදන් එයි යැ''
''අර ඒකිගෙ කොල්ලත් ඉන්නව ඌට ලැජ්ජාවක් නැද්ද බන්''
''දෙමව්පියො හදල තියෙන විදිය තමයි බන්. ඒකි ගෙදරට ඉන්නෙ හෙළුවෙන් වෙන්න ඇති''
ඒව අහළ දැකල මට හිතුණෙ මම හිතේ හැටියට සැහැල්ලු ඇදුමක් ඇදල ඒක ගැන නොහිත මුහුදෙ නානව. මටත් කවුරුහරි කිව්වොත් උසාවියට අදින කිට් එක නෙවෙයි අඩුම ගානෙ ඩෙනිමයි ටී ෂර්ට් එකයි ඇදගෙන මුහුදට බැහැපන් කියල මම දෙනව ඌට හොම්බට දෙකක්. ඒත් අපේ බහුතරයගෙ ඊනියා සදාචාරවාදී වල් චින්තනය නිසා අපේ කාන්තා පාර්ශවයෙ වැඩිදෙනෙකුට මුහුණ දෙන්න වෙලා තියෙන්නෙ එහෙම තත්වෙකට.
''මේ ගෑනු පව් නේද බන්?'' මම මුහුදෙ ඉදන්ම මගෙ මිතුරෙකුට කිව්ව.
''ඔව් බන් මුන්ට පිස්සුනෙ. ඔළුවෙ හිටන් වහගෙන කොහෙද මූදෙ නාන්නෙ?'' ඌ කිව්ව.
ඒ හරුපෙ මොකක්ද කියල බලන්න මම හැරිල බලනකොට මුස්ලිම් කාන්තාවො දෙන්නෙක් බුර්කාව පිටින්ම නානව.
තවත් පව් තමයි. නමුත් මගේ මිතුරා අවුලක් විදියට දැකල තිබුණෙ බුර්කාව ඇදගෙන නාන්න බැරි එක විතරයි.
''උන් විතරක් නෙවෙයි බන්. මම කිව්වෙ හැමෝම'' කියපු මම ඒ ප‍්‍රකාශයට උත්තරයක් ලැබෙන්න කලින් ඊළගට ආපු රළ පහරත් එක්ක වෙරළ පැත්තට පාවෙන්න ගත්ත.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...