Saturday, April 11, 2020

සනී ලියෝන්ට මව් පදවිය අකැපද?

(2015.12.15 දින ලියන ලද පෝස්ටුවකි)

සනී ලියෝන් මවක් වෙන්න අදහසක් තියෙනවා කියල මාධ්‍ය මගින් අද වාර්තා කරල තිබුණ. ඒක සිංහලෙන් වාර්තා කරල තිබුණෙ ගොසිප් ලංකා නිවුස්. සුපුරුදු විදියට අපේ ඊනියා සුචරිතවාදියො ටික සනී ලියෝන්ට පලු යන්න බැණල තිබ්බ. නමුත් ඇයත් කාන්තාවක් බවත් මව් පදවිය ලබන එක ඇගේ අයිතියක් බවත් මතක් කරපු කිසිකෙනෙක් හිටියෙ නෑ. ඇත්තටම ඇය වැනි කාන්තාවකට සාමාන්‍ය ජීවිතයක් ගතකරන එක තහනම් වෙනවද?
සනී ලියෝන් කවුද? මොනවද කළේ / කරන්නේ?
වර්ෂ 1981 මැයි මාසෙ 13 වැනිදා Karenjit Kaur Vohra නොහොත් Karen Malhotra නොහොත් Sunny Leone උපත ලබන්නේ කැනඩාවේ ඔන්ටාරියෝහි සානියා කියන ප‍්‍රදේශයේ. ඒ පන්ජාබ් සික් ජාතික දෙමාපියන්ට දාව. ඇයට වයස 13දි ඇගේ දෙමාපියෝ ඇයත් සමග කැනඩාවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප‍්‍රාන්තයේ ෆෝට් ග්‍රෙෂියට් වෙත සංක‍්‍රමණය වෙනවා.
හෙදියක් වශයෙන් පුහුණුව ලබන කාලයේදී නාටිකාංගනාවක් ලෙස සේවය කළ ඇගේ මිතුරියක් මාර්ගයෙන් ඇය Adult Entertainment Industry එකේ අත්පොත් තබන්නෙ 2001දි. ඒ ඇයට අමතර මුදලක් සොයා ගැනීමේ අරමුණින්. නමුත් නිරුවත් චායාරූප සදහා නිරූපණයෙන් ඇරඹුණු ගමන එතැන් සිට ලිංගික නොවන නිරුවත් චිත‍්‍රපට ලිංගික චිත‍්‍රපට යනාදී වශයෙන් කඩයිම් එකින් එක පසුකරන ඇය වර්ෂ 2010 වනවිට Adult Entertainment ක්ෂේත‍්‍රයේ කිරුළු පලන් රැුජිනක් බවට පත්වෙනවා.
බොහෝ නිල් චිත‍්‍රපට නිළියන්ට නොමැති සුවිශේෂී පෙනුමත් මන බදනා සිරුරත් ඇගේ ඉන්දියානු සම්භවයත් හේතුවෙන් ඇය විශේෂයෙන් දකුණු ආසියාතික කළාපයේ අතිශයින් ජනප‍්‍රිය නිල් චිත‍්‍රපට නිළිය ලෙස අදටත් අවිවාදයෙන් හැදින්වෙනවා. නිල් චිත‍්‍රපට රංගනයට අමතරව පළමු පන්තියේ කෝටිපති සාද සදහා රංගනයෙන් දායක වන්නියක් ලෙසද ඇය කටයුතු කර තිබෙනවා.
ඇය ඇගේ දෙමාපියන්ගේ දේශය වූ ඉන්දීයාවේ සිනමා කර්මාන්තයට පිවිසෙන්නේ ජිස්ම් 2 චිත‍්‍රපටය මගින්. එයින් පසු ඇය නිල් චිත‍්‍රපට රංගනයෙන් බැහැර වී පූර්ණ කාලීන බොලිවුඩ් නිළියක් බවට පත්වෙනවා.
නිල් චිත‍්‍රපට නිළියන්ට පිස්සුද?
මෙය බොහෝ දෙනා අහන ප‍්‍රශ්නයක්. විශේෂයෙන් සනී ලියෝන් වැනි අතිශය සුරූපී කාන්තාවක් මුළු ලෝකයටම තම අතිශය පෞද්ගලික ස්ථාන හා පෞද්ගලික කාර්යයන් ප‍්‍රදර්ශනය කරන වෘත්තියක නිරත වීම පුදුමයට කාරණයක් ලෙස බොහෝ දෙනා සළකන බව පෙනෙනවා. එය හුදෙක් මුදලට ඇති ආසාව, වල්කම, මත් ද‍්‍රව්‍ය වලට දැඩි ලෙස ඇබ්බැහි වීම හෝ ප‍්‍රතිකාර ගතයුතු මානසික විකෘතිතාවයක් ලෙස හදුන්වන්නත් බොහෝ දෙනා පසුබට වන්නේ නැහැ. එමෙන්ම ඔවුන් එවැනි තත්වයකට වැටී ඇත්තේ ඔවුන්ගේ අසරණකම ගොන්කම වැනි කරුණු නිසා යැයි කියා ඔවුන්ගේ තත්වය ලඝු කරන්නට උත්සාහ ගන්න අවස්ථාද තිබෙනවා. යම් මනුශ්‍යයෙකුට අප මම වෛද්‍යවරයෙකු වෙමි මම ඉංජිනේරුවෙකු වෙමි යන වෘත්තීන් තෝරාගැනීම සිදුකරන සබුද්ධිකභාවයෙන්ම තමන් නළුවකු නිළියක වන බවද විශේෂයෙන් නිල් චිත‍්‍රපට නළුවකු නිළියක වන බවද තෝරාගැනීම සිදුවිය හැක්කක් බව බොහෝ දෙනා විශ්වාස කරන්නේ නැහැ. එනම් නිල් චිත‍්‍රපට නළු නිළිකම මෙන්ම ගණිකා වෘත්තියද (සුචරිතවාදීන්ට නයාට අදුකොළ මෙන් වුවද) වෘත්තීන් බවත් ඒවායේ නියැලෙන අය දවස පුරාම දකින දකින උන් සමග ඒ අහවල් ක‍්‍රියාව සිදු කර කර සිටින්නන් හෝ දවසම නිරුවතින් සිටින්නන් හෝ නොවන බවත් ඔවුන්ද දවසේ වැඩ අහවර කරන බවද ඉන්පසු ඔවුන්ටද ඇත්තේ සාමාන්‍ය මිනිස් දින චරියාවක් බවද පිළිගැනීම බොහෝ දෙනා ප‍්‍රතික්ශේප කරනවා. ඔවුන් ගෙදර එන තුරුද බලා සිටින දයාබර සැමියෙකු බිරිදක දරුවන් මෙන්ම දෙමාපියන්ද සිටිය හැකි බවද ඔවුනට ඒ නිල් චිත‍්‍රපට නලුවා හෝ නිළිය නිරතවන වෘත්තිය තවදුරටත් තවත් වෘත්තියක් පමණක් වී ඇති බව පිළිගැනීමට ඔවුන් දැඩි අකැමැත්තක් දක්වනවා.
නමුත් එයට ඔවුන්ට දොස් පැවරීමට හැකියාවක් නැහැ. මන්ද කිසිදු සිතුවිල්ලක් ප‍්‍රත්‍යක්ෂ නැහැ. සියලු සිතිවිලි සාපේක්ෂයි. එනම් අප සිතන්නේ පතන්නේ අප කුඩා කළ සිට හැදුණු වැඩුණු සමාජ වටපිටාවට අනුලෝමව සමානුපාතිකව. එනම් අපේ පරිසරයෙහිදී අප වෙත කාවද්දන ලද අගනාකම් ධර්මතා පිළිකෙව් කළ යුතු දෑ අප කොන්දේසි විරහිතව පිළිගන්නවා සහ පිළිකෙව් කරනවා. අප සමස්ථ ලෝකය අර්ථ දක්වන්නට යන්නේ අප වෙත කුඩා කළ කාවැදුණා වූ එම මතවාද ධර්මතා කිසිදා නොසෙල්වෙන ප‍්‍රත්‍යක්ෂතා ලෙස සිතාගනිමිනුයි. එනම් ඒ ප‍්‍රත්‍යක්ෂ වලට පිටින් යමක් සිදුවූ කල පසුබිම් කාරණා සළකා බැලීමකින් තොරව එය අසම්මත හෙළාදැකිය යුතු ලැජ්ජා සහගත හෝ පිළිකෙව් කටයුතු ලෙස තීරණ වල එල්බ ගැනීමට අප පෙළඹෙනවා. නමුත් ලෝකයේ විවිධ සමාජ සිරිත් විරිත් පැවැතිය හැකි බවත් ඒවාට අනුව තවත් සමාජයක පුද්ගලයෙකු අප නොසෙල්වෙන යැයි විශ්වාස කරන සුචරිතවාදී ප‍්‍රත්‍යක්ෂයන්ට ඉදුරා පටහැණි ආස්ථානයක පිහිටා කටයුතු කළ හැකිය යන්නයි සත්‍යය වන්නේ.
ඩැනියෙල් වෙබර් ලොව ඉවසිලිවන්තම මිනිසාද?
බොහෝ දෙනා සනී ලියෝන් ගේ සැමියා වන ඩැනියෙල් වෙබර් ලොව ඉවසිලිවන්තම ස්වාමිපුරුෂයා ලෙස හදුන්වනවා. එයට හේතුව වන්නේ තම බිරිදගේ සිරුරේ අගලක් පාසා සමස්ථ ලෝකය දකින තුරු ඉවසා සිටින්නකු අප හැදුණු වැඩුණු සමාජ සංස්කෘතිය අනුව සැබෑ ඉවසිලිවන්තයෙකු විය යුතු යැයි අප සිතන නිසා. නමුත් විවිධ හේතූන් නිසා එසේ නොසිතන සැමියන්ද ලොව සිටිය හැකි බව අප අමතක කරනවා.
රොබර්ට් නොක්ස්ගෙ එදා හෙළදිව පොතේ ලංකාවෙ මිනිස්සුන්ගෙ කළගුණ සැලකීමේ විදි ගැන සදහන් වෙනවා. මට දැන් පිටුව හා වචන හරියටම මතක නැතත් තමන්ගෙ නිවසේ නවාතැන් ගන්න ගරු කටයුතු අමුත්තෙකුට සිංහල ගැමියන් සලකන ආකාරය පිළිබද එහි එක්තරා තැනක මෙසේ දැක්වෙනවා.
''........අමුත්තා වැදගතෙකු වූ කල ඔහු සමග රාත‍්‍රි විහරණය කිරීමට තම බිරිදට හෝ දියණියකට ගෙහිමියා අවසර දෙන්නේය......''
(වචන මේ ආකාරයෙන්ම නොවිය හැකිය)
එතකොට එහෙම ස්වාමි පුරුෂයො ලංකාවෙත් ඉදල තියෙනවා. තවත් ඉන්නවා. ඉදිරියටත් ඉදීවි. ලෝකයේ අනෙක් තැන් වල එහෙම ස්වාමි පුරුෂයො තව ලක්ෂ ගාණක් ඉන්න පුලුවන්. නමුත් ඩැනියෙල් වෙබර්ට ප‍්‍රශ්නයක් නොවන සනී ලියෝන්ගෙ නිරුවත ප‍්‍රශ්නයක් වෙලා තියෙන්නෙ අපි හැදුණු වැඩුණු පරිසරයට සාපේක්ෂව ඒක අර්ථ දක්වන්න හදන අපිට.
ටයිටැනික් රෝස කුසුම කේට් වින්ස්ලට්ගෙ සම්පූර්ණ නිරුවත මුළු ලෝකයම දැක තිබෙනවා. නමුත් ඇගේ සැමියාගේ ඉවසීම කිසිවෙකු ප‍්‍රශ්න කරන්නෙ නෑ. ලංකාවේත් ජනප‍්‍රිය ට්විලයිට් චිත‍්‍රපට මාලාවේ ප‍්‍රධාන නිළිය ක‍්‍රිස්ටීන් ස්ටුවර්ට්ගේ නිරුවත on the road චිත‍්‍රපටයෙන් ලොවම දැක්කා.තවමත් අවිවාහක ඇයගේ පෙම්වතාගේ ඇගේ දෙමාපියන්ගේ ඉවසීම කිසිවකු ප‍්‍රශ්නයක් කරගෙන නැහැ. ඔවුන් එය ගැටලුවක් කරගන්නේද නැහැ. ඒ ඔවුන්ගේ වල්කම නොව ඔවුන් හැදුණු වැඩුණු සමාජය අනුව එය ගැටලුවක් නොවන නිසා. නැවතත් සාපේක්ෂයි.
මෙතන තවත් අවුලක් තියෙනවා. ඩැනියෙල් වෙබර්ද නිල් චිත‍්‍රපට නළුවෙක්. ඔහුගේ සිරුරේද අගලක් පාසා සමස්ථ ලෝකය දැක තිබෙනවා. නමුත් කිසිවෙකු සනී ලියෝන් ලොව ඉවසිලිවන්තම ගැහැණිය ලෙස හදුන්වන්නේ නෑ. එයට හේතුව මා පෙර සදහන් කළ අචාර ධර්ම වල ඇති සාපේක්ෂතාවයයි. අප සමාජයක් ලෙස නොදැනුවත්වම වරද කාන්තාවට දමන්නට පුරුදු වී සිටිනවා. පිරිමියා නිදොස් කොට නිදහස් කරනවා.
සනී ලියෝන්ගෙ තවම පිළිසිදගෙනවත් නැති දරුවා ඉස්කෝලෙදි පල් වෙයිද?
ඔහුව කොන් කිරීමට භාජනය වෙන්න පුළුවන් ඔවුන් දිගටම ඉන්දියාවේ සිටියොත්. මන්ද ඉන්දියාවේ ඉන්නේද බොහෝ දුරට අපට සමාන සමාජ වටපිටාවක හැදුණු අපේ බාසාවෙන් කියනවා නම් හොරෙන් වැල බලා එළිපිට ගරහන උන් නිසා. සනී ලියෝන්ගෙ දරුවා ලංකාවෙ නැත්නම් ඉන්දියාවෙ පාසලකට ගියොත් අනික් ළමයි මෙහෙම අහයි.
උඹලගෙ අම්ම ගෙදරදි ඇදුම් අදිනවද බං?
උඹලගෙ තාත්තට අම්මගෙ පරණ ජොබ් එක අවුල් නැද්ද බං?
උඹලගෙ අම්මයි තාත්තයි අරක කරනවා උඹත් දැකල තියෙනව නේද ඇත්ත කියපං?
දවසට ගෙදරට මිනිස්සු කී දෙනෙක් විතර එනවද ?
අම්ම රූට එළියට ගියාම එන්නෙ කීයටද?
ඇත්ත කියපං උඹත් අම්ම එක්ක කරල තියෙනව නේද?
අම්මගෙ මුල් කාලෙ ෆොටෝ වීඩියෝ තියෙනවනං ගෙනැත් දීපංකො
මෙයට ඒ දරුවන්ට දොස් පවරා වැඩක් නැත. එයටද හේතුව හැදී වැඩුණු සමාජ පරිසරයට සාපේක්ෂව ලිංගිකත්වය කෙරෙහි රෝපණය වූ ගුඪ හැගීම මත එයින් කුණු රසයක් ලැබීමට පමණක් අප පෙළඹී සිටීමයි. නිල් චිත‍්‍රපට නිළි වෘත්තියද තවත් වෘත්තියක් පමණක් ලෙස සලකන සමාජයක සනී ලියෝන්ගේ දරුවා තවත් සාමාන්‍ය දරුවකු පමණි.
එබැවින් මා විශ්වාස කරන පරිදි කවුරුන් කුමක් කීවද මව් පදවිය ලැබීම සදහා අන් සෑම කාන්තාවකට මෙන්ම සනී ලියෝන්ටද අයිතියක් ඇත. එයට එරෙහි වීම කුහක කමකි. ලන්ඩන් විශ්ව විද්‍යාලය මගින් සිදුකරන ලද එක්තරා සමීක්ෂණයකින් හෙළි වූ පරිදි නිල් චිත‍්‍රපට වලට ප‍්‍රසිද්ධියේ දෝෂාරෝපණය කරන අයගෙන් සියයට 90ක්ම නිල් චිත‍්‍රපට ලෝලීහු වෙති. සියයට 10ක් පමණක් එය අහිතකර බව සැබෑ ලෙස විශ්වාස කරති. සමීක්ෂණ රහිතව මට පැවැසිය හැක්කේ මාගේ මේ සටහන සම්පූර්ණයෙන් කියවනු ඇති තුන් හතර දෙනාගෙන් යටත් පිරිසෙයින් දෙදෙනෙකු වත් මෙය කියවා අවසන් වූ වහාම සනී ලියෝන්ගේ එක් නිරුවත් චායාරූපයක් හෝ නරඹනු ඇත. ඉන්පසු ඇයට ප‍්‍රසිද්ධියේ බණිනු ඇත. මව් පදවිය පාච්චල් කරන බව කියනු ඇත. නැවතත් ඇයගේ නිරුවත් චායාරූප කිහිපයක් හෝ වීඩියෝවක් හෝ නරඹනු ඇත. නැවතත් බණිනු ඇත. කවුරුන් මොනවා කීවද ඇත්ත එයය. එය පිළිගැනීමට කොන්දක් අප අතර බොහෝ දෙනාට නැත.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...