Saturday, April 11, 2020

නිකම් සිට විදේශ විනිමය ඉපයීමේ කලාව හෙවත් ස්විස් බැංකු ක‍්‍රමය ශ‍්‍රී ලංකාවට...............?


(2015.12.11 දින ලියන ලද පෝස්ටුවකි)

ස්විස් ෆ‍්‍රෑන්ක් එකක මිළ මෙම සටහන ලියන අවස්ථාවේදී ඇමෙරිකානු ඩොලර් 1.01 කි. ස්විට්සර්ලන්තය මෙතරම් වාසිදායක විනිමය අනුපාතයක් පවත්වාගෙන යන්නේ කෙසේද යන්න අධ්‍යයනය කිරීමට වටිනා කරුණකි. ඔබ මට බොහෝ හේතු ඒ සදහා සපයනු ඇත. ස්විට්සර්ලන්තය සංවර්ධිත රටකි යුරෝපා රටකි ඔවුන්ට මොනවාද අඩු ඔවුන් නිෂ්පාද ආර්ථිකය දියුණු කර ඇත යනාදී විවිධ හේතු මා හට ඔබ සපයනු ඇත. නමුත් ඒ සදහා ප‍්‍රබලතම මෙන්ම විශාලතම හේතුව ඉහතකී කිසිවක් නොවේ. සිවිට්සර්ලන්තය යනු සමස්ථ ලෝක පාතාළයේ බැංකුකරුවාය. ඔනෑම දහදුරා වැඩක් සිදුකොට උපයන කළු සල්ලි චනයකුදු නොවිමසා අධික පොළියට තැන්පත් ලෙස භාරගන්නේ ස්විට්සර්ලන්තයය. ඔවුන්ගේ ගිණුම්වල රහස්‍යභාවය කෙතෙක්දයත් ඔවුන් කුමන හෝ හේතුවක් නිසාවත් ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාවය හෝ වත්කම් හෝ හෙළි නොකරති. මේ හේතුවෙන් ලොව පුරාම අයථා ලෙස මුදල් උපයන්නන් තම මුදල් ඩොලර් වලින් ස්විස් බැංකු වල තැන්පත් කරති. එය සදාචාරවත් නොවන බවට යමෙකුට තර්ක කළ හැකි වුවද ඒ හේතුවෙන් ස්විට්සර්ලන්තයට ඩොලර් සුනාමි ගසා ඇති බව පිළිගැනීමට සිදුවේ.

පාතාළ ආර්ථිකය බොහෝ දෙනා ප‍්‍රතික්ශේප කරන බව සැබෑය. නමුත් එවැන්නක් පවතින බව පිළිගැනීමට සිදුවේ. මත්පැන් මත්ද‍්‍රව්‍ය ජාවාරම් ගණිකා වෘත්තිය හොරබඩු හොර අවි ජාවාරම් යනාදී නොයෙකුත් නීති විරෝධී හා සමාජ විරෝධී ක‍්‍රියාකාරකම් සියයට සියයක් නවත්වා අත්හිටුවීම කිසිදා කළහැකි දෙයක් නොවේ. එබැවින් ස්විට්සර්ලන්තය එයින් ප‍්‍රයෝජනයක් ගැනීමට තීරණය කර ඇත.

එබැවින් වර්තමානයේ ස්විට්සර් ලන්තයෙන් බටහිරට ගත් කල පැරීසිය ලන්ඩනය නිව්යෝර්ක් හරහා චිකාගෝ වැන්කුවර් සැන් ප‍්‍රැන්සිස්කෝ දක්වාද පෙරදිගට ගත්කල ඇෆ්ගනිස්ථානය ඉන්දියාව ශ‍්‍රී ලංකාව ජාවා සුමාත‍්‍රා තායිලන්තය පිළිපීනය මෙන්ම ජපානය දක්වාද මහා පරිමාණ පාතාළ ජාවාරම්කරුවන්ගෙන් සියයට 90කගේ බැංකු කරුවා වී ඇත්තේ ස්විට්සර්ලන්තයයි. ඒ හරහා ගලා එන මහා දැවැන්ත ඩොලර් ප‍්‍රවාහය භාවිත කර ඔවුන් තම රටේ ජනතාවගේ අධ්‍යාපනය සෞඛ්‍යය යටිතල පහසුකම් අත්‍යවශ්‍ය නිෂ්පාදන කටයුතු යනාදී දහසකුත් එකක් ආර්ථිකමය අවශ්‍යතාවයන්හි ආයෝජනය කර ඇත.

ශ‍්‍රී ලංකාවටද ස්විස් බැංකු ක‍්‍රමවේදය හදුන්වාදීමට යෝජනා කර තිබීම පිළිබදව මෙහිදී අවධානය යොමු කළ යුතුව ඇත. මා දන්නා පරිදි එම යෝජනාවට අනුව ශ‍්‍රී ලාංකිකයන් නොවන පුද්ගලයන් විදේශ රටවල සිට ඍජු ප්‍රෙෂණ මගින් තැන්පත් කරනු ලබන මුදල් කිසිදු ප‍්‍රශ්න ඇසීමකින් තොරව අධික පොළියක් යටතේ උපරිම රහස්‍ය භාවය ආරක්ෂා වන පරිදි භාරගැනීමේ ක‍්‍රමවේදයක් යෝජනා කර ඇත.

මෙහිදී ඇතිවන ප‍්‍රධාන ගැටළු ගණනාවක් ඇත. පළමු ගැටළුව වන්නේ ශ‍්‍රී ලංකාව බෞද්ධාගමික පසුබිමක් ඇති රටක් වීම තුල ඉහත කී උපක‍්‍රමය භාවිත කර රටට කළු සල්ලි ආකර්ශණය කරගැනීම සදාචාර විරෝධී ලෙස දකිමින් ඊට එරෙහිව දැවැන්ත ආගමික විරෝධයක් මතුවීමට ඇති හැකියාවයි. තවත් ප‍්‍රධාන ගැටළුවක් නම් මෙතෙක් ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර ප‍්‍රජාව තුල තබා ඇති විශ්වසනීයත්වයේ සළකුණ එතරම් දැවැන්ත එකක් නොවීමය. එනම් පසුගිය 1970 දශකයේ පටන් මේ දක්වාම ශ‍්‍රී ලංකාව රටක් ලෙස ජාත්‍යන්තරයේ විශ්වාසය පළුදු කරගෙන ඇති අවස්ථා අධික වේ. මේ යටතේ කුමන කොන්දේසි මත කුමන පොළී අනුපාතයක් යටතේ තැන්පතු භාරගත්තද ආණ්ඩු පෙරළියකදී ප‍්‍රතිපත්ති වෙනස් වීම තුල තමන්ගේ මුදල් වල සුරක්ෂිතභාවය පිළිබද ලෝක මට්ටමේ පාතාලයන්ද දෙවරක් සිතනු ඇත.

කෙසේ වෙතත් ආසියාතික පාතාළ බැංකුකරුවාගේ තනතුර තවමත් පවතින්නේ පුරප්පාඩුවක් ලෙසිනි. අපගේ අසල්වාසි ඉන්දියාව මෙන්ම තායිලන්තය මියන්මාරය මැලේසියාව ජාවා සුමාත‍්‍රා පිලිපීනය වැනි රටවල් අති දැවැන්ත පාතාළ ආර්ථිකයන් ක‍්‍රියාත්මක වන රටවල් වේ. එම රටවල් වල පාතාළ ලෝකයේ වර්තමාන බැංකුකරුවා වන ස්විට්සර්ලන්තයට වඩා පහසුවෙන් ගනුදෙනු කළ හැකි ආසන්නයේ පිහිටා ඇති ශ‍්‍රී ලංකාව එම පාතාළයන්ට වඩාත් ආකර්ශණීය විකල්පයක් වනු ඇති බව නම් සක්සුදක් සේ පැහැදිළිය.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...