නව මැතිවරණ ක්‍රමය අනුව පළාත් පාලන ආයතනයකට පත්වන අපේක්ෂක සංඛ්‍යාවෙන් 40% ක් සමානුපාතික ලැයිස්තුවෙන් පත්වේ. එහි සිටින අපේක්ෂකයන් බොහෝ දෙනා සිතා සිටින්නේ අනිත් අයට ප්‍රථමයෙන් ලැයිස්තුවෙන් ඇතුලට යන්නේ තමන් කියාය. ලැයිස්තුවේ සෑම අපේක්ෂකයෙකුටම පාහේ "ඔයා තමයි මම අනිවාර්යයෙන්ම මුලින් දාන්නෙ" පොරොන්දුව ආසන සංවිධායක විසින් ලබාදී තිබීම ඊට හේතුවයි. නමුත් ඔවුන් බොහා් දෙනා නොසිතන කාරණය නම් එම ලැයිස්තුවේ අනෙක් අයටද ඔය ආසන සංවිධායක ඔය විදියටම පොරොන්දු දී ඇති බවයි.
සමානුපාතික ලැයිස්තුව යනු විවෘත ලැයිස්තුවකි. එනම් එම ලැයිස්තුවේ මුලින්
සිටින අය මුලින්ම සභාවට යනවා කියා එකක් නැත. ආසන සංවිධායකවරයා කැමති
තැනකින් ලැයිස්තුවේ අපේක්ෂකයන් සභාවට නම් කළ හැකි අතර පරාජයට පත්වන
අපේක්ෂකයන්ට නැවත සභාවට පැමිණීමට පාලමක් ලෙසද සමානුපාතික ලැයිස්තුව
අවභාවිතාවට ලක්වනු ඇත.
පළාත් පාලන ආයතනයේ අනිවාර්ය කාන්තා නියෝජනය 25%කි. අපේක්ෂක ලැයිස්තුවෙන් ඉදිරිපත් වන කාන්තාවන් ජයග්‍රහණය නොකළොත් එම 25%ම පුරවන්නට වන්නේ සමානුපාතික ලැයිස්තුවෙනි. එවිට සමානුපාතික ලැයිස්තුවේ සිටින පිරිමි අපේක්ෂකයන්ට ඉතිරිවන්නේ (40%-25%) 15%කි. එයද පක්ෂ අතර බෙදී යයි. එහිදී මුලින්ම ප්‍රායෝගිකව ප්‍රමුඛතාවය ලැබෙන්නේ මැතිවරණයට ඉදිරිපත් වී කොට්ඨාසයෙන් පරාජය වූ නමුත් සභාවට යැවිය යුතුම යැයි ආසන සංවිධායක කල්පනා කරන ප්‍රබල අපේක්ෂකයන්ටය.
ඊළගට අවස්ථාව ලැබෙන්නේ සමානුපාතික ලැයිස්තුවෙන් අනිවාර්යයෙන්ම සභාවට යැවීමට ආසන සංවිධායක වරයාට සිදුවන අපේක්ෂකයන්ටය. කලින් මන්ත්‍රී වරයෙක්ව සිට කොට්ඨාසයක් දීගත නොහැකි වීම නිසා ලැයිස්තුවට දැමූ ප්‍රබලයින්, පක්ෂ මූලස්ථානය හෝ නායකත්වය සමග ශක්තිමත් සම්බන්දතාවයක් ඇති අයට සහ මැතිවරණය සදහා වැඩියෙන්ම මුදල් වියදම් කළ අයට මේ යටතේ අවස්ථාව ලැබෙනු ඇත.
ලැයිස්තුවේ ඉතිරිවන මහා වියදමක්ද නොකළහැකි, පක්ෂ නායකත්වය හෝ මූලස්ථානය සමග ප්‍රබල සම්බන්ධයක් නොපවතින අවශේෂ අපේක්ෂකයන්ට අවස්ථාව ලැබෙන්නේ ඉන් පසුව අන්තිමටය.
නමුත් ආසන සංවිධායක වරයාගේ පොරොන්දු විශ්වාස කර අවස්ථාව ලැබෙන්නේ නොවැරදීම තමන්ට බව සිතාගෙන මහත් වෙහෙස මහන්සි වී මැතිවරණ කටයුතු වලට ආසනය පුරා දුවන අසරණ ලැයිස්තු අපේක්ෂකයන් සෑම පක්ෂයකම දක්නට ලැබෙන අතර ඔවුන් පිළිබදව පක්ෂ භේදයකින් තොරව මට ඇත්තේ කණගාටුවකි. මන්ද කාගේ හෝ බොරු පොරොන්දුවක් මත විශ්වාසය තබා ඔවුන්ගෙන් වැඩිදෙනෙකු "වසරේ මෝඩයා" (idiot of the year) බවට පත්වන බැවිනි.
එබැවින් සමානුපාතික ලැයිස්තුවේ පිරිමි අපේක්ෂකයන් බොහෝදුරට සමාන වන්නේ ජන කවියක එන මරණ තුනක් තියෙද්දී පැණි කෑ මිනිසාටය.
වනේ ගිජිඳාය දුටුවොත් වනසාය
ළිඳේ පනිදාය වැටුණොත් ඌ කාය
අතෙකින් කරවළෙකි අතෙකින් දඬුබෑය
මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය
ඒ අනුව,
1. කාන්තා නියෝජනය
2. පරදින ප්‍රබලයන් හා හිටපු මන්ත්‍රීවරු
3. මුදල්මය හේතු හෝ පක්ෂ මූලස්ථානයේ බලපෑම් මත හෝ තම අභිමතය මත අනිවාර්යයෙන්ම පත්කිරීමට සිදුවන අය
යන මරණ තුනෙන්ම දෙවියන්ගේ පිහිටෙන් ගොඩයාගත හැකි කෙනෙකුට "කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකින්නා වැනි" අතිශය දුර්ලභ අහම්බයකින් සමානුපාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් ලබාගැනීමට හැකිවනු ඇත.

No comments:
Post a Comment