ඉස්සර පන්සල සහ ගම අතර අන්තර් සම්බන්දතාවය - ගමට පන්සලක් තියෙනව. පන්සලේ හාමුදුරුවෝ ගමේ මිනිස්සුන්ට ධර්මය කියාදෙනව. අනිත්‍යය කියන්නෙ මොකක්ද කියල කියාදෙනව. ජීවිතයේ යථාර්ථය දුකයි ඒ හින්ද සසර දුකෙන් අතමිදෙන්න ඕන කියල කියාදෙනව. ගමේ මිනිස්සු පන්සලේ හාමුදුරුවන්ට යැපෙන්නට අවශ්‍ය ආහාර දානය වශයෙන් පූජා කරනව. අනෙකුත් අත්‍යවශ්‍ය දේවල් "ටික" පිරිකර වශයෙන් පූජා කරනව. ගම්මු හාමුදුරුවන්ටවත් හාමුදුරුවෝ ගම්මුන්ටවත් ඇණයක් වෙන සිරිතක් නෑ.
වර්තමාන පන්සල සහ ගම අතර අන්තර් සම්බන්දතාවය - ගමකට පන්සල් තුනක් විතර තියනව. පන්සලේ හාමුදුරුවෝ තරඟෙට සතිපතා projects organize කරනව. ඒවට දායක ප්‍රදේශයේ ගෙවල් වලින් ගෙවිය යුතු ගාණක් නියම කරනව. ඒක දෙතුන් දෙනෙක් එක්ක ගෙදරටම ඇවිත් බලෙන්ම එකතු කරගෙන යනව. (සමහර හාමුදුරුවරු දෙනකල් යන්නෙ නෑ) ටිකක් ඇතිහැකි වගේ පේන ගෙවල් වලට අැණයක් වෙලා කීයක් හරි වැඩිපුර කඩාගන්නව. දුන්නැත්නම් බැණ බැණ යනව. සල්ලි නොවන වෙන විදියකට උදව් කරන්න අහපුවම එපා කියල සල්ලිම ඉල්ලල කරදර කරනව. වියදම් කරන තරමට පිං සිදුවෙනව කියල ගොබ්බ තර්ක ඉදිරිපත් කරනව.
ගමේ තියන පන්සල් දෙකතුනට එහෙම කප්පම් ගෙව්වම මාසෙ ජීවත් වෙන්න
මිනිස්සුන්ට සල්ලි හිඟ වෙනව. සමහර සැදැහැවත් බෞද්ධයන් ඉන්නව හාමුදුරුවෝ
සාක්කුවට බහින්න බලං ඉන්න නිසා පන්සල් පැත්ත පලාතෙ නොයන.
ඉස්සර ස්වාමීන් වහන්සේ නමක් ගෙදරකට වැඩියාම ඒක ටිකක් අසිරිමත් පින්බර සිදුවීමක් විදියට මිනිස්සු භාරගත්තෙ. පුටුවකට සුදු ඇතිරිල්ලක් එළලා ආසන පනවලා පසග පිහිටුවලා වැන්දෙ හදවතින්ම එන ගෞරවයෙන්. ඒකට දැන්. අන්න අරූ ඇවිත්. කීයක් හරි කොටාගන්නද කොහෙද. ගෙදර නෑ වගේ ඉමු. ඔය ජනේලෙන් බලනකොට පෙනෙයි. අපි ගමනක් යන්න හදන්නෙ කියල එතනින්ම යවමු. වගේ දේවල් කියන තැනට ඇවිත් තියනව. ඒක කරගත්තෙ හාමුදුරුවරුමයි.
ඒ කප්පම් අරගෙනත් ධර්මය දේශනා කිරීම පැත්තක තියල කරන්නේ වෙන දේවල්. සමහර හාමුදුරුවරු බණ කියල කියන්නෙ දේශපාලනය, තවත් සමහරු සිවුරු දාගෙන කට්ටඩිකම් කරනව තක්කඩිකමුත් කරනව. තවත් සමහර අය බණ කියනව කියල ආතල් දෙන රැල්ලකුත් හදාගෙන තියනව. එ් හාමුදුරුවන් කරන්නෙ බණ කියනව කියල විකට චිත්‍රපට වල ජවනිකා වගේ ආතල් දෙන එක. ඔය ඔක්කොම කරල වෙලාවක් තිබුණොත් බුදුබණත් චූට්ටක් කියනව.
ඔය දේවල් කරන්න අර අතීතයෙ ගමයි පන්සලයි අතර තිබුණ සරළ ඒත් ශක්තිමත් සම්බන්ධය ප්‍රමාණවත් වෙන්නෙ නෑ. මහා මාලිගා වගේ ආවාසගෙවල් හදන්න නඩත්තු කරන්න ලක්ෂ ගණන් වියදම් වෙනව. ඉතිං හාමුදුරුවෝ කප්පම් ගන්න පෙළඹෙනව. ඔය ඇත්ත දැකපු අතිපූජ්‍ය කලෝටුවාවේ නායක හාමුදුරුවෝ එක පාරක් බණට කිව්ව මේ ලොකෙ සියලුම සත්වයෝ නිවන් දැකලා ඉවර වුණාම අන්තිමට තමයි හාමුදුරුවරු නිවන් දකින්නෙ කියල. බලාගෙන යනකොට ඒකත් සහතික ඇත්ත.
(ජනයා සසරින් එතෙර කරවීමට මහා මෙහෙවරක් කරන සැබෑ ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේලාට අපහාසයක් නොවේවා. කප්පම් සාදුලාටද අපහාසයක් නොව උපහාසයක් පමණක්ම වේවා)

No comments:
Post a Comment