අපේ පවුලට අළුතින් එකතු වුණ චූටි දෝණිගෙ උප්පැන්න ලියාපදිංචියට කුරුණෑගල ශික්ෂණ රෝහලේ තියෙන උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් කාර්යාලයට ගියා.
ඒක හරි පුදුම තැනක්. කවුළු දෙකක් තියෙනව. එකක් උප්පැන්න. අනික මරණ. උප්පැන්න ලියාපදිංචි කරන්න එන වැඩි දෙනෙක් ටකරන් වහලෙ යට දාඩිය පෙර පෙර කට්ට කන්න වුණාට ඉන්නෙ රටක් රාජ්‍යයක් ජයගත්ත වගේ සතුටින් පිරිලා. ඒත් එතනම අඩි දෙකක් එහාපැත්තෙ කවුළුව ළග ශෝකයෙන් මැළවුණ අය පෝලිමේ.
ඒ අතර රෙජිස්ට්‍රාර් කන්තෝරුවෙ තරුණ පහේ ලිපිකාර නෝනලා ගජරාමෙට වැඩ. ඔලුව
උස්සන්නවත් ඉස්පාසුවක් නැති තරමයි. කොච්චර වැඩ තිබුණත් රෙජිස්ට්‍රාර්
මහත්තය සැහැල්ලුවෙන් හිනාවෙලා ඉන්න කෙනෙක් පාටයි. විනාඩි දහ පහළොවකට සැරයක්
හයියෙන් මොනවහරි කතාවක් කියල විහිළුවක් කරල ලිපිකාර නෝනල ටිකවයි ටකරං වහලෙ
යට ග්‍රීස්මෙ උහුලන්න බැරුව කට්ට කන අපිවයි සැහැල්ලු කරන්න එතුමා
වගබලාගන්නව.
බලාගෙන ඉන්නකොට හරි හරි වැඩ තමයි එතනත් වෙන්නෙ. තාත්තා මැරුණ දුවක් මරණ සහතිකය ඉල්ලගෙන ඇවිත්. ඊට දෙන්නෙකුට කලින් ඒ මරණ සහතිකයම ඉල්ලල පුතා ඉල්ලුම්පතක් භාරදීලා ගිහින්. "ඕකා අපේ දේපල කොල්ලකා ගන්න පොටක් මහත්තයා ඔය" කිල දුව එකම අඬෝවැඩියාවයි.
ලියකියවිලි භාරදීලා මම ඉඳගෙන ඉන්නකොට සුදු සාරියක් ඇඳපු ගැහැණු කෙනෙක් මට මරණ සහතිකේ ඇප්ලිකේෂන් එක පෙන්නල "මේ ඔක්කොම පුරවන්න ඕනද මහත්තය?" අහනව. මමත් ඇප්ලිකේෂන් එක කියවල බලල පුරවන්න ඕන තැන් එපා තැන් පැහැදිලි කරල දීල කරබාගන්නව. ඒ කාන්තාව මට ඉස්සරහ කොන්ක්‍රීට් බංකුවෙ ඉඳගෙන සුසුම් හෙල හෙල අර පත්‍රිකාව පුරවනව.
ලියන ඒව මටත් හොඳට පේනව. මරණය සිදුවූ දිනය 2018-04-14. මරණයට හේතුව - හදිසි හෘදයාබාධයක් කියල ලියද්දිම එතනය සට සට ගාල පොද වැටෙන්න ගන්නව. වහිනවද බලන්න මම වටපිට බලනව. වහිනව නෙවෙයි අර කාන්තාවට අැඬෙනව. සිංහල අවුරුදු දවසේ එයාගෙ ආරණීය ස්වාමිපුරුෂයා එයාව දාල ගිහින්. මමත් සුසුමක් හෙළල වෙන පැත්තක් බලනව.
ඒ අතරෙ ක්ලාක් නෝන කෙනෙක් අද උදේ වෙච්ච කතාවක් කියනව. "ඔය ලියන ඒව වරද්දන්න එහෙම එපා ඕං. සාරිය ගලවල ඔලුවෙ පටලවනව කිව්ව" නෝන කියනව.
"කවුද අප්පච්චියේ ඒ?" රෙජිස්ටාර් මහත්තය අහනව.
"උදේ ආපු මහත්තයෙක්. මේ මිස්ගෙ සාරිය ගලවල ඔලුවෙ පටලවනව කිව්ව උප්පැන්නෙ නම වරද්දලා කියල"
"අද ලියපු එකක්ද?"
"නෑ අවුරුදු 5කට කලින් ලියපු එකක්"
" අවුරුදු 5කට කලින් මේ මිස් ඉස්කොලෙ යනව ඇති. ඇයි ඉතිං එයාට බැන්නෙ?"
"කවුද රෙජිස්ට්‍රාර් මහත්තය දන්නෙ? සාරි ඇඳගෙන ඉන්නෙ මෙි මිස් විතරයිනෙ. ඒක වෙන්න ඇති එහෙම කියන්න ඇත්තෙ"
"කාංචන බණ්ඩාර" කවුද කාලෙකින් මට ඒනම කියල අඬගහන්නෙ කියල මං ගැස්සිල බැලුව. බලනකොට මගේ වැඩේ ඉවර කරල.
"හරිද බලල අරං යන්න" මමත් උප්පැන්නෙ කියවල බලල ස්තුති කරල හදවතින්ම පිං දිදී එන්න ආව. මගෙ මුළු ජීවිතේටම රජයේ කාර්යාලයකින් ඔය තරම් කඩිනමින් වැඩක් කරගත්තමයි.

No comments:
Post a Comment