පොල්ගහවෙල ශාන්ත බර්නදෙත් ආදර්ශ මහා
විද්‍යාලයේ හිටපු විදුහල්පති, දිවංගත මාපා රත්මලේ ගුරු පියාණන්ගේ මේසය මත
තිබූ කුඩා ඵලකයක එසේ සඳහන් විය.
මෙයට විවිධ අර්ථකථන ලබාදිය හැකිය. ධර්මානුකූලව "පමාවට කරුණු" ලෙස දක්වා ඇති දේ මා වෙත රැගෙන එන්න එපා යන්න එහි එක් අර්ථයකි.
නමුත් ප්‍රධාන වශයෙන් අතිශය කාර්යබහුල තැනැත්තෙකු රාජකාරි වේලාවේ හමුවීමට යන්නේ නම්, එහිදී කාලය නාස්ති කරන වල්පල් නොකියා, කෙළින්ම පැමිණි කාරණයට බසින්නට යැයි, එසේ හමුවන්නට එන අයට කරනු ලබන පූර්ව දැනුම්දීමක් ලෙස එය ප්‍රදර්ශනය කරන ලද්දේයැයි සිතීම වඩාත් තර්කානුකූලය.
එය ශ්‍රී ලංකාවේ ජනතාවට වඩාත් යෝග්‍ය මඟපෙන්වීමක් වන්නේ ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් බහුතරයක් තමා හමුවන්නට යන පුද්ගලයා කෙතරම් කාර්යබහුලදැයි මෙළෝ අවබෝධයක් නැති, ඒ ගැන සත පහක තැකීමක්ද නොමැති අය වන බැවිනි.
ලෝඩ් කිං බානට් මෙන් සොල්දාදු පියවරින් ගොස් හමුවන්නට යන පුද්ගලයා වැඩක යෙදී සිටින්නේද නැත්ද යන්නවත් නොසළකා අනාරාධිතවම "ඩොක්" ගා අසුන් ගෙන තමන්ගේ විස්තරය කියන උදවිය නීතිඥවරුන් වශයෙන් අපට දිනපතා දැකිය හැකිය.
එසේ අසුන්ගෙන කිය යුතු දේ හැකිතාක් කෙටියෙන් කියනවා වෙනුවට වටාපිටාවේ අනවශ්‍ය කාරණා රාශියක් කියමින් කාලය නාස්ති කිරීම බොහෝ විට සිදුවන්නකි.
ඉතින් එවන් කාලය නාස්ති වීම් වලක්වා ගැනීම සඳහා මා ජීවිතයේදී දුටු පෞරුෂය අතින් සහ ප්‍රතාපවත් බව අතින් අග්‍රස්ථානයේ සිටි එම විදුහල්පතිවරයා යොදාගන්නා ලද එම සරළ මෙන්ම කෙටි උපක්‍රමය වර්තමානයේදී වුවද කාර්යබහුල පුද්ගලයන් හට ඉතා ඵලදායී පියවරක් වනු ඇත.

No comments:
Post a Comment