Tuesday, April 14, 2020

මහාචාර්ය කාලෝ ෆොන්සේකා සමුගනී

2019.09.02




සිරිලක ශ්‍රේෂ්ඨතම බුද්ධිමතෙකු වසර 86ක් ආයු වළඳා මීට මොහොතකට පෙර දිවි ගමනින් සමුගත් බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

මිනිසෙකු පිළිබඳව හදුන්වා දීමේදී ඔහු කවුරුන්දැයි බොහෝවිට වචන කිහිපයකින් හදුන්වාදිය හැකිය. එසේ වචන කිහිපයකින් හදුන්වාදීමට නොහැකි තරම් පෘඵුල වූ ක්ෂේත්‍ර ගණනාවක නම රැඳවූ පුද්ගලයන් ඉතා දුර්ලභ වෙති. කාලෝ ෆොන්සේකා එවැනි අති දුර්ලභ මනුෂ්‍ය ප්‍රාණියෙකි.

වෛද්‍ය ක්ෂේත්‍රයට, සාහිත්‍ය ක්ෂේත්‍රයට සිදුකරන ලද අමිල මෙහෙයට අමතරව ලක්වැසියන් අවිද්‍යාවෙන් දුරු කරවීමට ඔහු කළ සේවය අති මහත් වේ.

හේතුවාදී චින්තකයෙකු වශයෙන් "හැකිනම් මාගේ පරීක්ෂණය යටතේ අද්භූත යමක් කර පෙන්වනු" යනුවෙන් සමස්ථ ලෝකවාසී ගුප්ත ශාස්ත්‍රඥයන්ට මුදල්මය ත්‍යාගයක්ද සමග ඔහු සිදුකළ අභියෝගය තවමත් කිසිවෙකු ජයගෙන නැත.

ගිනි පෑගීමෙහිදී ගිනි පාගන පුද්ගලයා එයින් නොපිළිස්සෙන්නේ දේව භක්තිය හෝ දෙවියන්ගේ ආනුභාවයකින් නොව විද්‍යාත්මක කාරණා හේතුවෙන් බව ඔහු ප්‍රසිද්ධියේ ඔප්පු කර පෙන්වූයේ දෙවියන්ට බැණ වැදී, මත්පැන්ද පානය කොට ඌරු මස් අනුභව කිරීමෙන් පසු වෛද්‍ය ශිෂ්‍යයන් පිරිසක් ලවා ගිනි පෑගවීම තුලිනි.

අද්භූතබව ජීවන වෘත්තිය කරගත් බොහෝ දෙනෙකු ඒ ඒ දෙවියන්ගේ ආනුභාවයෙන් ඔහුට දිගින් දිගටම හෙණ ඉල්ලුවද වසර 86ක් ආයු වළඳා වයෝවෘද්ධයෙකු ලෙස ස්වභාවික මරණයකට පත්වනතුරු ඔහුට පාත් වූ හෙණයක් නම් නැත.

එපමණක් නොව කනප්පු කරකැවීම, නූල් පන්දු දිවවීම, දේවාරූඪය වැනි මහජනතාව බදා වැළඳගෙන ඇති මිත්‍යා මත සුන්නත්දූලි කිරීමට ඔහු කළ සේවය අතිමහත්ය.

නිරාගමිකයෙකු වූ එතුමන්ට නිවන්සුව ලැබේවායි පතා ඔහුගේ චින්තනයට අපහාස කිරීමට මම සූදානම් නැත. ඒ වෙනුවට ඔහු අකුරු කළ සොඳුරු පද කිහිපයකින් මෙම සටහන අවසන් කරමි.

"නොතිර ලොවේ විරහ දුකේ
කඳුල හිමි විණි
මරු කතරේ සුළඟ ලෙසේ
තනිව පිටවෙමි"

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...