ඒක කොළඹ වගේලු
නෑ ඒක නුවර වගේලු
එහෙ උයන්වතු මාරයිලු
වතුර නොදැම්මොත් මැළවෙන
තඩි මල් පිපෙන ගස්වැල් පිරිලලු
කඩපිල් පොළවල්
රසක්වත් ගුණක්වත්
සුවඳක්වත් නැති
පළතුරු එළවළු පිරිච්ච
තඩි කූඩ පිරිලලු
දුම්දාන කෝච්චියි
කඩිකුලප්පුවෙ දුවන
දිස්නෙ ගහන
කාර් මහ ගොඩකුයි
හැමතැනම දුවනවලු
ඒවයෙ නැගපු රෝසපාට මිනිස්සු
කොහෙදෝ ඉදන් කොහාටදෝ
හැල්මෙ දුවනවලු
සතුට උතුරන්න හදපු ගෙවල්
මිනිස්සු පිරිලලු
ඒත් හිස්ලු
අපායෙ ගෙවල් මාර ගතිලු
ඒත් කොයිවෙලේ පාරට වැටෙයිද
නිතරම බයෙන්ලු
මුඩුක්කුවෙ විලාවෙ වෙනසක් නෑලු
ඒ බයටම මිනිස්සු දියවෙලාලු
(Bertolt Brecht ගේ "Contemplating Hell" ඇසුරින්, ඔව්. ලිව්වෙ මම තමයි)
No comments:
Post a Comment