Monday, April 13, 2020

කක්කි බබාලාගේ TOILET අර්බුදය

(2018 නොවැම්බර් 12 වැනි දිනැති පොස්ටුවකි)

හිතන්න ඔබ ඉන්නෙ ජනතාව ගැවසෙන පොදු ස්ථානයක. හෝටලයක කියල හිතමු. ඔබට වැසිකිලි යාමේ අවශ්‍යතාවයක් මතුවෙනවා. ඔබ හෝටල් සේවකයෙක්ගෙන් අහනවා වැසිකිලිය කෝ කියලා. එයා දොරක් පෙන්නනවා. ඒකෙ TOILETකියලා ගහල තියනවා. ඔබ ඒකෙ දොර ඇරගෙන ඇතුලට යනවා. ගියාම ඇතුලෙ තව දොරවල් දෙකක් තියෙනවා. එකක කාන්තා වැසිකිලියට අදාළ ලකුණ තියනවා. අනිකෙ පිරිමි වැසිකිලියට අදාළ ලකුණ තියනවා. ඔබ පිරිමියෙක් නම් පිරිමි වැසිකිලියටත් කාන්තාවක් නම් කාන්තා වැසිකිලියටත් ගිහින් අවශ්‍යතාවය ඉටුකරගනෙ ආපහු යනවා. කාටවත් අවුලක් නෑ. 

හැබැයි ඔබ පිරිමියෙක් වෙලා කාන්තා ටොයිලට් එකට ඇතුලු වුණොත් "ඊ........" වගේ සද්දයක් එක්ක කුඩපාරවල් සෙරෙප්පු පාරවල් කන්න වෙනවා. කාන්තාවක් වෙලා පිරිමි ටොයිලට් එකට ඇතුලු වුණොත් කවුරුවත් සෙරෙප්පු පාර නොදුන්නට වෙන වෙන ගැටලු ඇතිවෙයි. ඒ කියන්නෙ කාන්තාවක් පිරිමි ටොයිලට් එකටත් පිරිමියෙක් කාන්තා ටොයිලට් එකටත් යාම අවුලක්. ඔබ ඇතුලු වුණේ TOILET කියලා ගහපු දොරකින් හින්දා ඔබට ඒ දෙකෙන් කැමති එකකට යන්න පුළුවන් කියලා හිතාගෙන කටයුතු කලොත් ඒක අවුල්.

එහෙමත් නැතුව ඔයාට හදිස්සිම වෙලා TOILET කියල ගහපු ප‍්‍රධාන දොරෙන් ඇතුලු වුණ ගමන් එතනම කක්කි දැම්මොත් එහෙම ඊටත් වඩා අවුලක්. ඒ වගේමයි තමන්ට අදාල ගැහැණු හෝ පිරිමි ටොයිලට් එකේ වුණත් සින්ක් එක උඩට, ජනෙල් පඩිය උඩට, ටැප් එකේ හැන්ඩ්ල් එකට විතරක් නෙවේ කොමෝඩ් එකෙත් පියන වහල ඒක උඩට කක්කි දාන්නෙත් නෑ. ඔයාට කියන්න බෑ මම කක්කි දැම්මෙ TOILET කියල ගහපු දොරෙන් ඇතුලෙ කියල. එහෙම කීවොත් හෝටලේ උන් ඔයාව අල්ලල ඒ කක්කි ගොඩේම මූණ අතුල්ලල දෙකක් ඇනල එළියට වීසි කරයි. ඉතින් "මම හොදට කක්කි බර වෙලානෙ ආවෙ" කිව්වත් බේරෙන්න නම් බැරිවෙයි. එහෙම තමයි ඒකෙ හැටි. TOILET කියන දොරෙන් ඇතුලට ගියාම පිස්සා වගේ වටේට වනන්න බෑ. කොටින්ම TOILET කියන sign එක ඔබට එතනින් එහා කැමති තැනක කක්කි දාන්න දෙන ලයිසන් එකක් නෙවේ. එතනින් ඇතුලෙ පවා ඒක කරන විදියක් තියෙනව.

මේ කිව්වෙ ඔය ඩිංග නොතේරෙන සහ තේරිලත් නොතේරුණා වගේ දගලන හැමෝටම. කක්කි කියන වචනෙ පාවිච්චි කළාට තරහ ගන්න එපා. ඒ වචනෙ යොදාගත්තෙ වෙලා තියන වැඩේ කක්කි ලොරියකටත් වඩා ගද හින්ද. තේරුණානම් හැමතැනම කක්කි දාන කක්කි බබාලටත් බලන්න Share කරන්න.


No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...