ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හා සම්බන්ධව ඇතිවී ඇති අර්බුදය සම්බන්ධයෙන් විවිධ නීතිඥවරු විවිධ මත ප‍්‍රකාශ කරන්නේ ඇයිදැයි බොහෝ දෙනාට ගැටලුවක් මතුවී ඇත. ඊයේ දිනයේ වෙනත් කරුණකට මා හමුවට පැමිණි සේවාදායකයෙකු කියා සිටියේ වෛද්‍යවරු ගණනාවකගෙන් එකම රෝගය සම්බන්ධයෙන් අදහස් විමසීමකදී බොහෝ විට එක සමාන පිළිතුරු ලැබුණත් නීතිඥවරුන් දස දෙනෙකුගෙන් එකම කරුණ සම්බන්ධයෙන් විමසීමේදී පිළිතුරු දහයක් ලැබීම පිළිගත නොහැකි තත්වයක් බවයි.
මෙහිදී කිවයුතු කරුණ වන්නේ වෛද්‍යවරයෙකුගේ භූමිකාව මෙන් නොව නීතිඥ
වරයෙකුගේ භූමිකාව වන්නේ තමා පෙනී සිටින පාර්ශවය වෙනුවෙන් තර්ක ගොඩනැගීම හා
ඉදිරිපත් කිරීම බවයි. සැබෑ ලෙසම නීතිඥවරයාගේ විශේෂයෙන් අධිකරණයේ පෙනී සිටින
නීතිඥවරයෙකුගේ වගකීම වන්නේ තම සේවා දායකයා වෙනුවෙන් තර්ක ගොඩනැගීමයි.
එහිදී නීතිඥවරයා ගොඩනගන තර්කය, තර්කයක් ලෙස මිස නියතයක් හෝ අවසාන නියෝගයක් ලෙස භාරගැනීමට යාමෙන් ගැටලු මතුවිය හැක. නීතිඥවරයෙකුට අවසාන නියෝගයක් ලබාදිය නොහැක. එය අධිකරණයේ කාර්යයකි. නමුත් නීතිඥවරයාට තමාට හැගී යන ආකාරයට නියෝගය මෙය විය යුතුය යනුවෙන් තර්ක ඉදිරිපත් කළ හැක.
මෙම ව්‍යවස්ථා අර්බුදය පිළිබදව මෙන්ම නෛතික කාරණා ප‍්‍රශ්නගත වූ සෑම අවස්ථාවකදීම නීතිඥවරයෙකු ඉදිරිපත් කරන්නේ තමාගේ වෘත්තීය මතය පමණි. එය තවත් කෙනෙකු ඉදිරිපත් කරන මතයෙන් ඉදුරා වෙනස් එකක් වීමට බොහෝදුරට ඉඩ තිබේ. එසේ ඉදිරිපත් කරන මත ගණනාවක් දෙස බැලීමේදී ඒවා සියල්ලම එකිනෙකට පටහැණි වුවද තර්කානුකූල බවත් ඇතැම් විට ඔබට හැගී යනු ඇත. එය නීතිඥවරයෙකුගේ භූමිකාවේ ස්වභාවය මිස නීතිඥවරයාගේ වරද හෝ දැනුමේ අඩුවක් හෝ වාසියට හෝයියා කීමක් හෝ ලෙස වරදවා වටහා නොගත යුතුය.
එකිනෙකට විරුද්ධ මත දෙකක් දරණ නීතිඥවරුන් දෙදෙනෙකු ඒ පිළිබදව facebookහි සංවාද කළද එතැනින් එහාට ගොස් එකිනෙකාට අපහාස කරනු ඔබ දැක තිබේද? බොහෝ දුරට නැත. ඒ ඔවුන් තම තමන්ගේ භූමිකාවන් දන්නා නිසාය. තමා දරණ දේශපාලන මතයට පක්ෂපාතීව තවත් නීතිඥවරයෙකු විසින් ප‍්‍රකාශිත මතයක් උපුටා දක්වමින් නීතිඥවරුන් නොවන අය නීතිඥවරුන්ට අපහාස කරන ඔවුන්ගේ දැනුම බාල්දු කරන අවස්ථා නම් මම ඇති තරම් දැක ඇත.

No comments:
Post a Comment