(2018 නොවැම්බර් 18 වැනි දිනැති පොස්ටුවකි)
විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යුතු නිවැරදි ආකාරය
පිළිබඳව අගමැති ලේකම් යැයි කියන අයෙකු විසින් එවන ලද ලිපියක් දෙරණ
ප්‍රවෘත්ති වල මේ දැන් කියවන ලදී. කොළඹ සිට නුගේගොඩට යාම,
බොරැල්ල-වත්තල-කඩවත-පිලියන්දල-මහරගම-නාවින්න හරහා කරන්නේ කෙසේදැයි එහි අනු
අංක පිළිවෙලට දක්වා ඇත. සිනා උපදවන කාරණය වන්නේ ඒ ඒ මග පෙන්වීම් කුමන
ස්ථාවර නියෝග යටතේ එන්නේදැයි දක්වා නොතිබීමයි. එයට හේතුවක් ඇත. මන්ද ඔහු
කියන ආකාරයේ එවැනි පුදුමාකාර ස්ථාවර නියෝග ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අතර නොමැති බැවිනි.
ඒ අනුව අගමැති ලේකම්යැයි කියන එකී පුද්ගලයා එවැනි ලිපියක් එව්වේ ඇයි?
උත්තරය සරළය. අරමුණ විශ්වාසභංගය ගෙන ආ ආකාරය නීති විරෝධී බව කියමින් සිටි
අය "නීති විරෝධී වන්නේ කෙසේදැ"යි ඇසූවිට නිරුත්තර වී අපහසුතාවයට පත්වීම
වලක්වා "අර අගමැති ලේකම් කියලා තියෙන්නේ" යනුවෙන් උත්තර දී ජාමය බේරාගැනීමට
හැකි තත්වයකට පත්කිරීම එහි අරමුණ ය.
සැගවීමට කිසිවක් නැත.
පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ස්ථාවර නියෝග ඕනෑම අයෙකුට බාගත කරගත හැකිය. ඒවා
බාගත කර මුල සිට අගටත් අග සිට මුලටත් කියවා ඔය ගැටලුව නිරාකරණය කරගැනීමට
කැමති ඕනෑම සිංහල තේරෙන කෙනෙකුට හැකියාව ඇත.
සම්මත කරන ලද
විශ්වාසභංගය ඉදිරිපත් කිරීමට පෙර ස්ථාවර නියෝග 135 යටතේ යෝජනාවක්ද සම්මත කර
ඇති බවත් ඒ මත ඔය කියන සියලු විවේචන බල රහිත වන බවත් පමණක් කීම සෑහේ.
කරු ජයසූරිය මහතා කතානායකවරයා විසින් ක‍්‍රියාකළ ආකාරය පිළිබදව මට ඇත්තේ
එක විවේචනයක් පමණි. එනම් විශ්වාස භංග යෝජනාව සදහා ඡන්දය විමසූ ආකාරයයි.
කටහඩ අනුව ඡන්දය විමසීමට ඔහුට පූර්ණ බලතල ඇතත් රටක අගමැතිවරයා ධුරයෙන් පහ
කරන විශ්වාස භංග යෝජනාවක ඡන්දය නමින් හෝ ඉලෙක්ට්‍රොනික ක‍්‍රමයට ගත යුතුව
තිබිණි. මන්ද රටේ අගමැති වරයා ඉවත්කරන විශ්වාස භංගයකදී පාර්ලිමේන්තුවේ
බහුතරය විසින් අගමැතිවරයා පරාජය කර ධුරයෙන් පහකළ බව ඉතා පැහැදිලිව රටේ
ජනතාවට ඒත්තු යා යුතු නිසාය. එම ධුරයෙන් පහතිරීම බලාත්මක වීම සදහා
ජනාධිපතිවරයා එය පිළිගැනීම අනිවාර්ය නැත.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 74 ව්‍යවස්ථාවේ මෙසේ සදහන් වේ.
74 (1)ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට යටත්ව -
(ii) පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමේ පිළීවෙල විධිමත් කිරීම සදහාද
පාර්ලිමේන්තුවේ රැස්වීම් වලදී විනය ආරක්ෂා කිරීම සදහාද ආණ්ඩුක‍්‍රම
ව්‍යවස්ථාවෙන් නියම කොට ඇත්තාවූ හෝ වෙනත් කාරණා සදහාද
යෝජනා සම්මතයෙන් හෝ ස්ථාවර නියෝග මගින් හෝ විධිවිධාන සැලැස්වීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේය.
ඒ අනුව ස්ථාවර නියෝග ප‍්‍රකාරව හෝ යෝජනා සම්මතයක් මගින් වෙනත් පටිපාටියක් හෝ අනුගමනය කිරීමට හෝ ව්‍යවස්ථෘමය බාධාවක් නොමැත.
තවද,
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 135 යටතේ මෙසේ සදහන් වේ.
135. පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරයන් බහුතරයක් විසින් යම් රැස්වීමක දී
දැනුම් දීමෙන් අනතුරුව ඉදිරිපත් කරනු ලබන යෝජනාවක් මගින්, යම් විශේෂ
කටයුත්තක් තීරණය කිරීමට හෝ සුදුස්සක් කර අවසන් කිරීමට හැකිවනු පිණිස
ස්ථාවර නියෝග එකක් හෝ ඊට වැඩි ගණනක් අත්හිටවනු ලැබීමට හැකි ය:
එසේ වුව ද, මෙම ස්ථාවර නියෝගය යටතේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයකු
විසින් ඉදිරිපත් කරනු ලබන්නේ නම් මිස, බෙදීමකින් තීරණය කරනු ලැබිය යුතු
අතර, බහුතරයේ මන්ත‍්‍රීවරයන් විසි දෙනෙකුට අඩු සංඛ්‍යාවක්ෝ ජනාවට පක්ෂව
ඡන්දය ප‍්‍රකාශකොට ඇති බව පෙනී යන්නේ නම් එම යෝජනාව නිශ්ඵල බවට ප‍්‍රකාශ
කරනු ලැබිය යුත්තේ ය.
ඒ අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 74 (1) ii
අනු ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 135 යටතේ ස්ථාවර නියෝග
අත්හිටුවා මෙම විශේෂ අවස්ථාවේ ක‍්‍රියා කිරීමට සුමන්දිරන් මන්ත‍්‍රීවරයා
විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත‍්‍රී
සංඛ්‍යාවක් විසින් අනුමත කරනු ලැබීමෙන් පසු විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන්
කටයුතු කිරීමට කතානායකවරයා විසින් තීරණය කරන ලදී.
වැඩිදුරටත් පාර්ලිමේන්තු ස්ථාවර නියෝ 143 පහත පරිදි දැක්වේ
143. මෙම ස්ථාවර නියෝගවල නිශ්චිත වශයෙන් විධිවිධාන සලසා නොමැති සියලූ ම
කරුණු ද, මෙම ස්ථාවර නියෝග ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ වැඩි විස්තර
සම්බන්ධයෙන් සියලූ ම ප‍්‍රශ්න ද, මෙහෙයවීම සිදුකරනු ලැබිය යුත්තේ
කථානායකවරයා විසින් යෝග්‍ය යැයි සලකනු ලබන ආකාරයට වරින් වර කරනු ලබන නියෝග ප‍්‍රකාරව ය.
ඒ අනුව විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීම දක්වා සියලු කාරණා නීත්‍යානුකූල හා ස්ථාවර නියෝග වලට අනුකූල ලෙස සිදුකර ඇත.
ඡන්දය දීම පිළිබදව ස්ථාවර නියෝග 47 පහත පරිදි දක්වා ඇත.
47. (1) කථානායකවරයා විසින් ප‍්‍රශ්නය විමසනු ලැබිය යුතු අතර,
”පක්ෂයි”සහ ”විරුද්ධයි” යනුවෙන් කටහඬවල් අනුව ඡුන්දය ලබාගෙන කථානායකවරයා
විසින් ප‍්‍රතිඵලය ප‍්‍රකාශ කරනු ලැබිය හැකි ය.
(2) කථානායකවරයාගේ තීරණය සමග යම් මන්ත‍්‍රීවරයකු එකඟ නොවන්නේ නම්, කථානායකවරයා විසින් නිශ්චය කරනු ලැබිය හැකි මතු සඳහන් කවර
හෝ ක‍්‍රමයකට ඡන්දයක් සඳහා බෙදීමක් ඉල්ලා සිටිනු ලැබිය හැකි ය. එවැනි
අවස්ථාවක දී, බෙදුම් සීනු මිනිත්තු පහක් නාද කරනු ලැබිය යුතු අතර, ඉන්අ
නතුරුව -
(අ) මන්ත‍්‍රීවරයන් එක් පේළියෙන් පේළිය බැගින් තම
ස්ථානවලින් නැගී සිට සභාව ඉදිරියේ තිබෙන යෝජනාවට පක්ෂව හෝ විරුද්ධව ඡුන්දය
භාවිතා කිරීම, ගණන් කිරීමෙන් කරනු ලැබිය යුතු ය;
(ආ) විද්‍යුත්
ඡුන්ද සටහන් කිරීමේ යන්ත‍්‍රය භාවිතයෙන් ඡන්දය ගනු ලැබිය යුත්තේ ය. මෙහිදී
මන්ත‍්‍රීවරයන් කථානායකවරයා විසින් ඉඩදෙනු ලබන කාල සීමාව ඇතුළත ඔවුන්ගේ
තීරණය දැක්වීම සඳහා අදාළ බොත්තම
එබීමට කටයුතු කරනු ලැබිය යුත්තේ ය;
(ඇ) මහ ලේකම්වරයා විසින් එක් එක් මන්ත‍්‍රීවරයාගෙන් එම මන්ත‍්‍රීවරයා
ඡන්දය දීමට රිසි කවර ආකාරයෙන් ද යන්න විමසා ඒ අනුව ඡන්ද සටහන් කර ගනු ලැබිය
යුත්තේ ය. මහ ලේකම්වරයා විසින් පළමුව අග‍්‍රාමාත්‍යවරයාගේ ද, ඉන්පසු
අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්ගේ ද,
අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන
අමාත්‍යවරයන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයන්ගේ ද, ඉන්පසු අනෙකුත්
මන්ත‍්‍රීවරයන්ගේ ද ඡන්දය ඔවුන්ගේ නම්වල අකාරාදී අනුපිළිවෙළට විමසනු ලැබිය
යුතු අතර, යම් මන්ත‍්‍රීවරයකු ඡුන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටීමට
අදහස්ක රන්නේ නම්, ඒ බව මහ ලේකම්වරයාට ප‍්‍රකාශ කරනු ලැබිය හැකි ය.
එවැනි අවස්ථාවක මහ ලේකම්වරයා විසින් එම මන්ත‍්‍රීවරයාගේ නම වාර්තා කරමින්
ඔහු ඡුන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටි ලෙස සටහන් කරනු ලැබිය යුත්තේ ය.
(3) කථානායකවරයා විසින්, තීරණයට පක්ෂව හා විරුද්ධව ප‍්‍රකාශ කරනු ලැබ ඇති
ඡන්ද ගණන නිවේදනය කරනු ලැබිය යුතු අතර, ඡුන්ද සංඛ්‍යා සමාන නම්,
කථානායකවරයාට තීරක ඡුන්දය දෙනු ලැබීමට හැකි ය. කථානායකවරයා විසින්, ඉන්පසු
ඡන්ද විමසීමෙහි ප‍්‍රතිඵලය ප‍්‍රකාශ කරනු ලැබිය යුත්තේ ය.
ඒ අනුව
කතානායකවරයා ක‍්‍රියා කොට ඇත්තේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 47 (1) යටතේ
බව පෙනේ. ඒ අවස්ථාවේදී එයට විරුද්ධ යම් අයෙකු වී නම් කළ යුතු තිබුණේ
ස්ථාවර නියෝග 47 (2) යටතේ බෙදුණු ඡන්දයක් ඉල්ලා සිටීමය. ඒ අනුව ක‍්‍රියා
නොකොට ස්ථාවර නියෝග උල්ලංඝනය කලේ යැයි කරන ප‍්‍රකාශයට නෛතික බලධාරීත්වයක්
නොමැත.
ඒ පිළිබදව විධායක ජනාධිපතිවරයාට ලිපියක් මගින් අභියෝග කිරීම
සිදුකිරීමේ හැකියාවක් නැත. මන්ද එය ව්‍යවස්ථාදායකය විසින් සිදුකරන ලද
යෝජනා සම්මතයක් වන බැවිනි.
ඒ ප‍්‍රතිපාදන වල තත්වයයි. කෙසේ වෙතත්
මාගේ පුද්ගලික මතය වන්නේ රටේ අගමැතිවරයා බලයෙන් පහකිරීමේ යෝජනා සම්මතයක්
සදහා හුදෙක් හඩ අනුව තීරණයක් දීම අයෝග්‍ය බවයි. ඒ සදහා බාධා මධ්‍යයේ වුවද
නමින් ඡන්ද විමසීමක් කළ යුතුව තිබුණි.
ඒ සදහාද විසදුමක් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 48 යටතේ දක්වා ඇත්තේ පහත පරිදිය.
48. ඡුන්දය විමසීමක දී සටහන් කරන ලද සංඛ්‍යා හො ් නම් සම්බන ්ධයෙන
්අන්‍යාකාරයෙන ් න ිවැරදි කළ නොහැක ි පැටල ිල ි සහගත තත ්ත ්වයක ් හො ්
වරදක් ඇති අවස්ථාවක දී කථානායකවරයා විසින් ඉන් අනතුරුව වහා ම තවත ් ඡුන ්ද
විමස ීමක ් වෙත පාර්ල ිමේන ්ත ුව යොම ු කරන ු ලැබිය ය ුත ්තෙ ් ය.
ඒ
අනුව මෙහිදී ඇතිවී ඇති තත්වය නිරවුල් කිරීම සදහා කතානායක වරයා විසින්
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 48 යටතේ නැවත පැහැදිලි විනිවිද පෙනෙන ඡුන්ද
විමසීමක් පැවැත්වීම වඩාත් යෝග්‍ය වන අතර. පැවති නීත්‍යානුකූල එහෙත් විනිවිද
නොපෙනෙන ඡන්ද විමසීම මත කටයුතු කිරීම ගැටලු රාශියකට මග පාදනු ඇත.
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප‍්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment