ජනාධිපති තනතුර දක්වා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වැනි ව්‍යවස්ථාව හරහාය. 19 වැනි සංශෝධනය මගින් එකී 30 වැනි ව්‍යවස්ථාව ඉවත් කර අලුත් 30 වැනි ව්‍යවස්ථාවක් ආදේශ කරන ලදී.
එනම් තාක්ෂණික වශයෙන්, පැවති ජනාධිපති තනතුර අහෝසි කර නව තනතුරක් ඇතිකර
ලදී. නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ධුරයේ දිවුරුම් දෙන අවස්ථාවේ
පැවැතියේ පැරණි 30 ව්‍යවස්ථාව යටතේ වූ ජනාධිපති ධුරයකි. එනම් ඔහු දිවුරුම්
දුන්නේ ජනාධිපති ධුරය පිළිබඳව පැවති පැරණි නිර්වචනය යටතේ වන අතර නව
නිර්වචනය යටතේ නැවත දිවුරුම් දීමක් සිදුවූයේ නැත.
ඒ අනුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපති තනතුරට සිදුකළ වෙනස්කම් සහ සීමා කිරීම් පැරණි ජනාධිපති ධුරය යටතේ දිවුරුම් දුන් අයෙකුට අදාළ නොවන බවට තර්ක කළහැකිව තිබුණි.
නමුත් එම තර්කයට එරෙහිව ප්‍රතිතර්ක 2ක් ඇත:-
1. 19 වැනි සංශෝධනයේ 1(2) සහ (3) අනු ව්‍යවස්ථා මගින් එහි ප්‍රතිපාදන 2015 මැයි 15 සිට පැහැදිලිව බලාත්මක කර තිබීම.
2. ජනාධිපති ධුර කාලය පිළිබඳව සිරිසේන ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද අධිකරණ මතය විමසීමකදී 19 වැනි සංශෝධනයෙන් ඇතිකරන ලද සීමාව ඔහුටද බලපාන බවට තීරණය කර තිබීම.
මෙම දෙවැනි තර්කය ජනාධිපතිවරයාට අහිතකර බව බැලු බැල්මට පෙනුණද ඔහු අනූ නවයෙන් බේරී ඇත්තේද අධිකරණයේ එම තීරණය නිසාය. ඔහු නව නිර්වචනය යටතේද ජනාධිපති බව නීතිමය වශයෙන් පිළිගැනීමට ලක්වූ එකම තැන එතැනය.
මන්ද 19 වැනි සංශෝධනය මගින් පැරණි ජනාධිපති ධුරය අහෝසි කරන ලද්දේ නම් දැනට එවැනි තනතුරක් ඇත්තේ නැත. සිරිසේන ජනාධිපතිවරයා නව නිර්වචනය යටතේ ජනාධිපති ධුරයේ දිවුරුම්දී නැති තත්වයක් තුල තාක්ෂණික වශයෙන් ගත්කල ජනාධිපති ධුරය හිස්වී ඇත. ඒ අනුව ජනාධිපති ධුරය හිස්වී ඇත්තේ 19වැනි සංශෝධනය සම්මත වූ 2015 මැයි මස 15 වැනිදාය. ඒ අනුව ජනාධිපති තනතුර හිස්වූ අවස්ථාවකදී ඇති නීතිමය හා ව්‍යවස්ථාමය ප්‍රතිපාදන අනුව දැනට ශ්‍රී ලංකා ජනරජයේ ව්‍යවස්ථානුකූල ජනාධිපතිවරයා වන්නේ එම අවස්ථාවේ සිටි අගමැතිවරයාය.
ඒ අනුව ජනාධිපතිවරයා යම් හෙයකින් තමන් 19 වන සංශෝධනයේ ප්‍රතිපාදන වලින් ආවරණය නොවන බවට තර්කයක් ඉදිරිපත් කර එය අධිකරණයේ පිළිගැනීමට ලක්වුවහොත් එයින් වක්‍රව අදහස් වන්නේ ඔහු තවදුරටත් රටේ ජනාධිපති නොවන බවය.

No comments:
Post a Comment