කාලෙකට පස්සෙ දකින්න ලැබුණ හතර අතට වෙඩිතියන චිත්රපටියක්. කතා කරන්නෙ මැද පෙරදිග රටක් පාලනය කරන ආඥාදායකයෙකු ගැන. නමුත් එතනදි ඒ ඒකාධිපතියාව විතරක් නෙවෙයි, ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකරන්නය කියල මැදිහත් වෙන බටහිර රටවල්වල යටි අරමුණු ගැනත් හරිම උපහාසාත්මක විදියට නිරෑපණය කරල තිබ්බ. ඒ නිසා හාස්‍යෝත්පාදක සිනමා නිර්මාණයක් වුණත් යථාර්ථවාදී දෘෂ්ටිකෝණයෙනුත් ඉදිරියෙන් තියන චිත්රපටියක්. ඒකයි මම කිව්වෙ හතර අතට වෙඩි තියනවයි කියල.
ඒකාධිපතියාගේ නමට කලින් Admiral General කියල එකිනෙකට නොගැලපෙන විශේෂණ පද
දෙකක් එක් කරන තැන ඉදන් අන්තිමට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට යැයි කියමින්
බලයට පත්වෙලා President Prime Minister කියල තවත් එකිනෙකට නොගැලපෙන විශේෂණ
පද දෙකක් එකතු කරගැනීම හරහා පෙරදිග නායකයන්ගෙ ප්‍රදර්ශනකාමී බලලෝභීත්වය
මැනවින් පෙන්නුම් කරනව.
නමුත් ඒ සියල්ල තිබියදී, පාලකයෙකුට යම් පෞරැෂයක් තිබිය යුතුයි යන කරැණ චිත්රපටිය පුරාම අවධාරණය කරනව.
මේ ඒකාධිපතියා බොහොම මෝඩ ලපයි සිපයි චරිතයක් විදියට මුලින් පෙන්නුවත්, ඔහුත් යම් බුද්ධියක් දැක්මක් සහිත තැනැත්තෙකු බවත් ඔහු නැතිව ඔහුගේ රට බොහොම පහසුවෙන් අරාජිකත්වය කරා ගමන්කළ හැකි බව බොහොම සියුම්ව පෙන්නල තියනව.
මම political comedy films ගොඩක් බලල තිබුණත් අද දක්වා මතක හිටියෙ උතුරු කොරියානු supreme leader "කිම් ජොන් උන්" ඝාතනය කිරීම සම්බන්ධයෙන් හදපු The Interview හාස්‍යෝත්පාදක චිත්රපටිය පමණයි. නමුත් The Dictator චිත්රපටියත් අද සිට බොහෝ කලක් මතකයේ රජයනු ඇති බවට කිසිම සැකයක් නැහැ.

No comments:
Post a Comment