(2018 සැප්තැම්බර් 25 වැනි දිනැති පොස්ටුවකි)
අවසන් දින කුමන්ත‍්‍රණය - සිඞ්නි ෂෙල්ඩන්
පරිවර්තනය - පූජිත කරුණාරත්න
ආශිර්වාද ප‍්‍රකාශකයෝ
මිළ රු. 590
මිනිසකුට අසාර්ථක විය හැක්කේ කෙසේද? අසාර්ථකත්වයේ උපරිමය කුමක්ද? මෙම
විශේෂිත වූ කාර්යභාරය පවරනු ලබන අවස්ථාවේදී කොමදෝරු රොබට් බෙලමි සිටින්නේ
එවන් තත්වයකය. ආදරණීය බිරිද ඔහු හැරගොස්, වෙනත් ගැහැණියකගෙන් හෝ ලිංගික
තෘප්තියක් ලබාගැනීමට නොහැකි ආකාරයට එම විරහව ඔහු බෙලහීනයෙකු බවට පත්කොට,
ඔහුගේ විශ්වාසය දිනූ නාවික බුද්ධි අංශ ප‍්‍රධානියා එතැනින් මාරු කොට දේශපාලන හෙංචයියෙකු එතැනට පත්කොට.
මෙම මෙහෙයුම ඉටුකිරීමට තම නව ප‍්‍රධානී
ඩස්ටින් තෝන්ටන් ඉදිරිපිට භාරගන්නා ලද්දේද ඔහු එවිට ජීවිතයේ මුහුණදී තිබූ
අපේක්ෂා භංගත්වය නිසාමය. මන්ද එවන් මෙහෙයුමක් සාර්ථක වේ යැයි තැබිය හැකි
වන්නේ සීයට පහකටත් අඩු බලාපොරොත්තුවක් පමණි.
ස්විස්ටර්ලන්තයේ ඇල්ප්ස් කදු ප‍්‍රදේශයට නේටෝ සංවිධානයට අයත් කාළගුණ බැලූමක් කඩා වැටුණි. එය සියැසින් දකින ලද්දේ ඒ අවස්ථාවේ සංචාරක බස් රථයක් මගින් ඒ ප‍්‍රදේශයේ ගමන් කරමින් සිටි හත් දෙනෙකුගෙන් යුතු සංචාරක කණ්ඩායමකට හා එහි රියැදුරාට පමණි. එය දුටු ඔවුන්ගේ මුවින් පිටවූයේ මෙවැනි වදන්ය.
”මට පපුවෙ අමාරුවක් වගේ, පියාණෙනි අපට පිහිට වෙන්න, අපව ගලවාගන්න, මේ
යක්ෂ දිෂ්ටියෙන් අපව ගලවාගනු මැන. අන්තිමේදී අපි සාතන්ගේ මූණ දැක්කා. මේ
තමයි ලෝක විනාශය. අවසන් විනිශ්චය දිනය උදාවෙලා. හොද හා නරක අතර සටන පටන්
අරගෙන. අවසන් විනිශ්චය දිනය උදාවෙලා.”
කොමදෝරු රොබට් බෙලමි හට පැවරෙන රාජකාරිය වන්නේ ඉහත සංචාරක බස්රථයේ සිටි පුද්ගලයන් අට දෙනා සොයාගැනීමය. මෙම කාලගුණවිද්යා
බැලූනයෙහි අතිශය රහසිගත උපකරණ අඩංගු වූ බවද, එම රහසිගත භාවය ආරක්ෂා
කරගැනීමට එය දුටු පුද්ගලයන්ගේ නිහඩ භාවය අතිශය වැදගත් බවද, එම පුද්ගලයන්
ඔහු විසින් හදුනාගනු ලැබීමෙන් පසු විශේෂිත බලධාරී කණ්ඩායමක් මගින් ඔවුන්ට
නිහඩව සිටීමට උපදෙස් ලැබෙන් ඇති බවද කොමදෝරු බෙලමි හට ප‍්‍රකාශ කෙරේ.
කෙසේ වෙතත් අපේක්ෂා භංගත්වයකින් ඇරඹෙන පරීක්ෂණය සාර්ථකත්වයේ සාර්ථකත්වයට
පත්කරමින් අදාළ සිද්ධිය සියැසින් දුටු අට දෙනාම හදුනාගැනීමට බෙලමි සමත්
වෙයි. තමාට රාජකාරිය භාර දුන් පුද්ගලයන් පිළිබදව කිසිදු සැකයකින් තොරව
බෙලමි තමා සොයාගනු ලබන තොරතුරු එවෙලේම තම ප‍්‍රධානියාට
දැනුම්දෙයි. එසේ දැනුම්දී පැය කීපයක් ඉක්ම යන්නටද මත්තෙන් එසේ සොයාගන්නා
ලද පුද්ගලයන් එකිනෙකා අභිරහස් ලෙස මරණයට පත්වනබව රොබට් බෙලමි නොදනී. ඔහුට
එය දැනගැනීමට ලැබෙන්නේ එම අහිංසක මිනිසුන් සියල්ලෝම ඔහුගේ සහාය ලැබිය හැකි
සීමාවෙන් ඉවත් වූ පසුවය. කම්පාවට පත්වී අතීතය දෙස නැවත හැරී බලන බෙලමිට
අවබෝධවන භයංකාර සත්යය නම් තමාට පැවරුණු ඉලක්කය සාක්ෂාත් කරගත් පසු ඔහුද ඉලක්කයක් බවට පත්වී ඇති බවයි.
එතැනින් පසු හඹායන්නා පළායන්නා බවට පත්වේ. එතැනින් පසු හඹායන්නෝ වන්නේ අතිශය බලවත් රාජ්‍යතාන්ත‍්‍රික
මට්ටමේ පුද්ගලයන් වන අතර බෙලමිගේ ගැලවීම අතිශය අවිනිශ්චිතතාවයට පත්වෙයි.
කෙසේ වෙතත් මාරාන්තික පුහුණුවකින් පසු සේවයට අවතීර්ණ වී ඇති කොමදෝරු රොබට්
බෙලමි ඉතා ආකර්ශණීය ගැලවීමේ මෙහෙයුමකින් පසු සාර්ථකත්වය අත්පත් කරගන්නා
නමුත් ඔහුට සොයාගැනීමට ලැබෙන සත්යය ඔහුව සම්පූර්ණ අපේක්ෂා භංගත්වයට පත්කරවන්නකි.
කොමදෝරු රොබට් බෙලමිගේ බිරිද ඔහු හැරයාමේ සිට මෙම කාළගුණ බැලූනය දුටු
අවසාන සාක්ෂිකරුවා සොයාගන්නා අවස්ථාව වන තුරුම සිදුවන තිරය පිටුපස සිදුවීම්
දාමය එකම සැලැස්මක පුදුමාකාර කොටස් වන්නේ කෙසේද? ඒ සියල්ල එකම මොළයක
සැළසුම් වන්නේ කෙසේද? කොමදෝරු රොබර්ට් බෙලමිගේ ගැලවීමට අවසානයේදී හේතු වන
අති විශේෂ නවවැනි සාක්ෂිකරුවා කවුද? අභිරහස් කාලගුණ විද්යා බැලූය සම්බන්ද සැබෑව කුමක්ද? මේ සියලූ සත්යය දැනගැනීමට වහාම කියවන්න අවසන් දින කුමන්ත‍්‍රණය.
බටහිර සාහිත්ය ලොවට සිඞ්නි ශෙල්ඩන් බිහිවන්නේ ත‍්‍රාසෝත්පාදී නවකතාකරුවකු වශයෙනි. නමුත් ඔහු ඇමරිකා එක්සත් ජනපදය තුල වඩාත් ජනප‍්‍රිය වූයේ අති සාර්ථක තිරනාටක රචකයෙකු ලෙසය. ඔහු විසින් රචිත ”හාට් ටු හාට්” ටෙලි චිත‍්‍රපට පෙල අසූව දශකයේ ශ‍්‍රී ලංකාව තුලද විකාශය විය. සිය නිර්මාණයන්ට පසුබිම් වන ක්‍ෂේත‍්‍රය මැනවින් ගවේශණය කිරීමත්, නාට්යමය සිදුවීම් බහුල වීමත්, අවසන් මොහොත දක්වා පාඨකයා කුතුහලයෙන් ඇද බැද තබාගැනීමත් ශෙල්ඩන්ගේ විශේෂ ලක්ෂණ ලෙස හදුනාගත හැකිය.
හින්දි සහ දකුණු ඉන්දීය චිත‍්‍රපට, ශෙල්ඩන්ගේ නිර්මාණයන්හිදී හමුවන සිදුවීම් අමු අමුවේම යොදාගැනීමෙන් ඔහුගේ කෘතීන් කෙතරම් නාට්යමයදැයි වටහාගත හැකිය. මෙම පරිවර්තනයේ මුල් කෘතිය ශෙල්ඩන් විසින් නිර්මාණය කරන ලද්දේ ඇමරිකානු අජටාකාශගාමීන්, විද්යාඥයන්, බුද්ධි අංශ නිලධාරීන් සහ හිටපු ජනාධිපතිවරුන් සමග පවා පැවැත්වූ සාකච්චා වලින් අනතුරුව බව ඔහු පවසා ඇත.
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ‍්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment