ෆාස්ට්
ඇන්ඩ් ෆියුරියස් සීරිස් එක මුළ ඉදන් අගට බලල ටිකක් ඒක අත්හදා බලන
මෙන්ටැලිටි එකක ඉන්න වෙලාවක මේ ෆිල්ම් එක බලන්න තෝරගත්තෙ එකම එක හේතුවක්
උඩ. ඒ මේක වුල්ෆ්ගෑන්ග් පීටර්සන්ගෙ චිත්‍රපටයක් වීම. ඔහුගේ අනෙක් චිත්‍රපට
වගේම මේ චිත්‍රපටයෙනුත් ඔහු මාව හෙළෙව්වා. ගොඩක් අය චිත්‍රපටයක් බලන්න 1991
වගේ වසර 29කට වගේ කලින් හදපු එකක් තෝරගන්න එකක් නැහැ. නමුත් මේ චිත්‍රපටය
තේරීමෙන් කිසිම පාඩුවක් නම් නොවන බව
වගකීමෙන් කියන්න පුළුවන්. මේ බැලුවාම ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් අත්හදා බලන්න
හිතෙන එක සම්පූර්ණයෙන්ම නතර වෙනබව ඊටත් වඩා වගකීමෙන් කියන්න පුළුවන්.
චිත්‍රපටය පටන්ගන්නෙ භයානක රිය අනතුරකින්. යුවළක් ගමන් ගන්නා මෝටර් රථයක් පාරෙ තාප්පය කඩාගෙන ප්‍රපාතයකට විසිවෙනව. කාන්තාව කාර් එකෙන් එළියට විසිවෙලා බේරෙනව. නමුත් පුරුෂයාා දිගටම කාර් එක ඇතුලෙ පල්ලමට පෙරලිලා යනව. ඔහු මැරෙන්නෙ නැහැ. නමුත් යම් ආකාරයක මතකය අහිමි වීමකුත් අදුරන්න බැරි තරම් විරූපි වුණ මුහුණකුත් සමග තමයි ඔහු සුවය ලබන්නෙ. ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු කාන්තාව ලබාදෙන ඡායාරූප අනුව විශාල වෙහෙසක් දරල මුහුණ හරිගස්සනව. ඩෑන් මෙරික් මහතා සහ ජුඩිත් මෙරික් මහත්මිය රෝහලෙන් පිට වෙලා ගෙදර එන්නෙ පුරුෂයාට මතකය නැතත් ආදරණීය යුවළක් විදියට.
නමුත් ඩෑන්ට නිරන්තරයෙන්ම හැමදේම මොකක්දෝ වරදක් තියන බව දැනෙනව. ඔහුට පයිප්ප දුම්කොල ගබඩා කරන පෙට්ටියක හංගල තියන දළ සේයා පට කිහිපයක් අහම්බෙන් දකින්න ලැබීමෙන් තත්වය වඩාත් අවුල් වෙනව. එහි තියෙන්නෙ ඔහුගෙ භාර්යාව ඔහු නොදන්නා යම් පුරුෂයෙකු සමග සම්භෝග සුවය විදින ඡායාරූප. ඔහුගෙ හිත ඒක දැකල ගොඩක් ගැස්සුණත් ඒ බව ජුඩිත්ට නොපෙන්වන්න ඔහු ප්‍රවේශම් වෙනව. නමුත් මේකෙ ඇත්ත නැත්ත හොයාගන්න ඩෑන් තරයේ හිතට ගන්නව.
තමන් මහ විශාල කෝටිපතියෙක් බවත් තමන්ගෙ ව්‍යාපාරික හවුල්කරු වන ජෙබ් ස්කොට්ගෙ බිරිද වන ජෙනී ස්කොට් සමග තමන්ගෙ සම්බන්ධයක් තිබිල තියෙන බවත් ඩෑන් හොයාගන්නව. ජෙනී ඒ අතරම ඩෑන්ට අනතුරු අගවන්නෙ ජුඩිත් ආපහු සැරයක් ඩෑන්ව මරන්න හදයි කියල. අර ඡායාරූප වල ඉන්න පිරිමියා ජැක් සැටැන්ටන් නැමති කෙනෙක් බව ඩෑන්ට කියන්නෙත් ජෙනී.
තමන් මීට කලිනුත් සේවය ලබාගෙන තියෙන ගස් ක්ලේන් නම් පෞද්ගලික රහස් පරීක්ෂකයගෙ සේවය ලබාගන්න ඩෑන් තීරණය කරන්නෙ මේකෙ ඇත්ත නැත්ත හොයාගන්න. එහෙම හොයාගෙන යන ඩෑන්ට සහ ගස්ට ඩෑන්ගෙ පෙම්වතා ස්ටැන්ටන් කියන්නෙ වෙස්වලාගෙන ඉන්න ඩෑන්ගෙ බිරිද ජුඩිත්ම බව හොයාගන්න ලැබෙන්නෙ අනපේක්ෂිත විදියට. ජුඩිත් ඩෑන් ගාව අඩ අඩා කියන්නෙ තමන්ට ස්ටැන්ටන් එක්ක සම්බන්ධයක් තිබුණ බවත් ඩෑන් ස්ටැන්ටන්ට වෙඩි තියල මරල දාපු බවත් ඊට පස්සෙ දෙන්න එකතු වෙලා මිනිය හංගපු බවත් තමන් මේ හැම දෙයක්ම කලේ ඩෑන්ව මිනීමැරුමකට හසුවීමෙන් බේරාගැනීම සදහා බවත්. ඒක විශ්වාස කරනවා ඇරෙන්න ඩෑන්ට වෙන විකල්පයක් නැති වෙනව. දෙන්නා වෙනත් රටකට පැනල යන්න පවා සැළසුම් කරනව. නමුත් ඒ අතර ඩෑන්ට එන දුරකථන ඇමතුමකින් සියල් වෙනස් වෙනව. අවසානයේ තමන්ගෙ අතින් ඝාතනය වුණයි කියල හිතාගෙන ඉන්න ස්ටැන්ටන්ගෙ මිනිය හොයාගෙන යන ඩෑන් මෙරික්ට හමුවෙන්නෙ තමන්ගෙම මිනිය.
එහෙම වෙන්නෙ කොහොමද? එතකොට ස්ටැන්ටන් කෝ?
සමහරවිට හිතාගන්න පුළුවන් ඇති. ඒත් ඒක රසවත්ව විදින්න චිත්‍රපටය බලන්නම වෙනව.

No comments:
Post a Comment