අධිකරණ
නඩු කටයුතු තේමාව කරගත් චිත්‍රපට වලට කැමති අයට හොයාගෙන බලන්න වටින
චිත්‍රපටයක්. මේ තේමාවෙම එන No one killed Jessica හෝ Jolly LLB වගේ නැතත්
යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ගැන වෙනම පැත්තකින් කතා කරනව මෙතනදි.
ඕනෑම අපරාධ නඩුවකදි වගේම ස්ත්‍රී දූෂණ නඩුවකදි ගොඩක් වෙලාවට ඒක බාහිරව බලන අය චූදිතයා වැරදිකරුවෙක් කරනව. හරියට අදාළ සිදුවීම බලන් හිටිය වගේ. ශ්‍රී ලංකාවෙ මෑතකාලීන අපරාධ නඩු ගැන සමාජ ප්‍රතිචාරය සළකා බැලුවොත් කීදෙනෙක් අධිකරණයෙන් පිට ඉඳන මිනිස්සු වැරදිකාරයො කළාද කියල හොයාගන්න අමාරු නෑ.
ස්ත්‍රී දූෂණ නඩුවක බොහෝ විට ඇසින් දුටු සාක්ෂි නෑ. වීඩියෝ දර්ශන නෑ. බාලවයස්කරුවකු නොවන කාන්තාවක් කියනවනම් තමන් යම් පුද්ගලයෙකු එක්ක ලිංගිකව හැසිරුණේ කැමැත්තෙන් නෙවෙයි කියල, ඒක ඒ චෝදනාවට ලක්වෙන පුද්ගලයගෙ ජීවිතේම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න තරම් බරපතළ ප්‍රකාශයක් වෙනව.
කැමැත්ත නොතිබූ බවට ඔප්පු කරන්න බොහෝවිට යොදාගන්නෙ කැමැත්ත නොතිබූ බවට කාන්තාව කරන ප්‍රකාශය සහ ඇය දූෂණය සිදුවන අවස්ථාවේදී ප්‍රතිරෝධය පෑ බව පෙනෙන අනෙකුත් සාක්ෂි. එතනදි බොහෝවිට තැලුම්, සීරීම් තුවාල, ඉරුණු ඇඳුම් වැනි බලහත්කාරය යෝජනා කෙරෙන සාක්ෂි යොදාගන්නව. ඇත්තටම ඒ සාක්ෂි විවෘත මනසක් නැතිව දකින කෙනෙකුට එතන බලහත්කාරය තිබුණමයි කියල හිතෙන්නත් පුළුවන්.
නමුත් ලිංගිකත්වය කියන්නෙ අමුතුම විෂයක්. ඒ තුල විවිධ පුද්ගලයන් විවිධ විදියට නිර්මාණශීලියි. ඒ නිර්මාණශීලී බවත් එක්ක තවදුරටත් තැලුම් සීරීම් තුවාල හෝ ඉරුණු ඇඳුම් වැනිදෑ ඉතාම උද්වේගකර ලිංගික ජවනිකාවක් මිස බලහත්කාරයෙන් ලිංගික සංසර්ගයක් සිදුවූ බව ඔප්පු නොකරනව වෙන්නත් පුළුවන්.
අතවරයකට ලක්වූ කෙනෙකුට සාධාරණය ඉටුවිය යුතුයි. ඒකෙ කිසි තර්කයක් නැහැ. ආසියාතික රටවල ජනතාවගෙ ආකල්ප වල හැටියට අතවරයකට ලක්වූ තරුණියකගෙ ජීවිතේ එතනින් එහාට සෑහෙන්න වෙනස් වෙනව. ස්ත්‍රී දූෂණයක් පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙන කෙනෙකුට ඒ වෙනුවෙන් අපහසුතා දුෂ්කරතා ගොඩකට මුහුණදෙන්න වෙනව. පොලීසියට ප්‍රකාශයක් කරද්දි, ඊට පස්සෙ වෛද්‍ය පරීක්ෂණයෙදි, අධිකරණයෙදි ඇයට නැවත නැවතත් අර අප්‍රසන්න සිදුවීම විස්තර කරන්න වෙනව. එ් ගැන තියන ප්‍රකට කතාවක් තමයි ඇය නීතිමය ක්‍රියාමාර්ගය තුලදි නැවත නැවතත් දූෂණයට ලක්වෙනව කියන එක.
ඊට අමතරව දූෂණයට ලක්වුණු කාන්තාවකගෙන් හරස් ප්‍රශ්න ඇසීමේ අවස්ථාව විත්තිකරුගේ නීතිඥවරයාට ලැබෙනව. ඔහුට අහන ප්‍රශ්න පිළිබඳව ඉතා පුළුල් පරාසයක නිදහසක් ලැබෙනව. එතනදි සාක්ෂිකාරියගේ චරිතය හොඳ නෑ, ඇය විශ්වාසනීය නෑ වගේ දේවල් සනාථ කිරීම සඳහා විවිධ උපක්‍රම නීතිඥවරුන්ට අනුගමනය කරන්න පුළුවන්. එතකොට ඇත්තටම මේ සිද්ධියට අදාළ නොවන තමන් කලින් කරපු යම් සදාචාර විරෝධී වැඩක්, තමනගෙ අතීත ලිංගික ජීවිතය වැනි ඉතා රහසිගත දේවල් පවා සාක්ෂි කූඩුවේදි ප්‍රසිද්ධියේ කියන්න සිද්ධ වෙන වෙලාවල් තියනව. එ් හැම දෙයක්ම අවශ්‍ය ප්‍රමාණයට මේ චිත්‍රපටයෙ කතා කරනව.
ඇතැම් ස්ත්‍රී දූෂණ නඩු වලදි අපි අත්දැකල තියන දේ තමයි ඒක දූෂණක් වෙන්නෙ බාහිර පුද්ගලයෙක් අදාළ සිද්ධිය දැනගැනීමත සමඟ. එ් කියන්නෙ අදාළ කටයුත්ත රහසිගතව වෙන තුරු ඒක සබඳතාවයක් විදියට තිබිල කාටහරි අහුවුණාට පස්සෙ තමන්ගෙ සුද්ධවන්ත භාවය වෙනුවෙන් අහවලා මාව දූෂණය කළා කියන ස්ථාවරයට එන එක නිතරම දකින්න ලැබෙන දෙයක්.
තවත් ඒ හා සමාන අවස්ථාවක් තමයි පළිගැනීම සඳහා දූෂණ චෝදනාව එල්ල කරන එක. විශේෂයෙන්ම තමන් එක්ක ලිංගිකත්වයත් ඇතුලත් සම්බන්ධතාවයක් පවත්වපු කෙනෙක් තමන්ගෙ ඉල්ලීමක් ඉටු නොකළම, එහෙමත් නැත්නම් අනපේක්ෂිත විදියට අත්හැර දැම්මම, තමන්ව පහතට දාල කතා කළාම එන වෛරයත් එක්ක කෙනෙක් බොහොම පහසුවෙන් පළිගැනීම කියන ස්ථාවරයට පත්වෙන්න පුළුවන්.
පළිගැනීමේ චේතනාව කියන්නෙත් අමුතුම හැඟීමක්. පළිගැනීමේ අවශ්‍යතාවය තීව්‍ර වෙන්න වෙන්න, ඒ වෙනුවෙන් කරන්න තියන කැපකිරීම ඉහත සඳහන් කරපු ස්ත්‍රී දූෂණ නඩුවක තියන අප්‍රසන්න අත්දැකීම විඳින එක වුණත්, කෙනෙක් ඒ අපහසුතා නොසළකා පළිගැනීම වෙනුවෙන් එවැනි දේ කරපු අවස්ථා නැතුවා නොවේ.
අපරාධ නඩුවක් පිළිබඳව සම්පූර්ණ චිත්‍රයක් මේ චිත්‍රපටයෙන් ලැබෙනව කිව්වොත් මම කියන්නෙ බොරුවක් වෙනව. මොකද මේකෙදි නාටකීය බව සහ කුතුහලය ආරක්ෂා කරගැනීම සඳහා සාමාන්‍ය අපරාධ නඩුවක කාර්ය පටිපාටිය චිත්‍රපටයෙදි නිරූපණය කරන ආකාරය ටිකක් වෙනස් කරල තියනව. විශේෂයෙන්ම රජයේ නීතිඥවරිය විසින් විත්තියේ නීතිඥවරයාගේ කරුණු දැක්වීම් සඳහා ඉදිරිපත් කරන විරෝධතා වලින් ගොඩක් අධිකරණයක ඉදිරිපත් කළ හැකි වලංගු විරෝධතා නෙමෙයි. අනික සාක්ෂිකරුවන්ගෙන් දිවුරුම් පිට සාක්ෂි විමසීම කරන අවස්ථා වල කරන පැහැදිලි කිරීම් වැනිදේ ඇතුලත් වෙලා තියෙන්නෙ අධිකරණයක එහෙම වෙනවට වඩා නරඹන්නාට චිත්‍රපටය තේරුම් කරවන්න.
ඒ සියල්ල තිබියදී අපරාධ නඩුවකට අදාළ තාක්ෂණික වශයෙන් වැදගත් වන වෛද්‍ය සාක්ෂි, විශේෂඥ සාක්ෂි, විමර්ශකයන්ගෙ සාක්ෂි, ඡායාරූප, නඩු භාණ්ඩ ගලායාමේ දාමයේ ඇති වැදගත්කම වගේ ප්‍රායෝගික කාරණා ගොඩක් ගැන මේ චිත්‍රපටයෙ කතා කරනව. සමහරවිට නීති ක්ෂේත්‍රය ගැන උනන්දුවක් දක්වන්නෙ නැති අයට සහ අපරාධයකට චෝදනා ලබල උසාවි යනව කියන්නෙ ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම වැරදිකරුවෙක් කියන පූර්ව නිගමනයෙ එල්බගෙන ඉන්න කෙනෙක් මේ චිත්‍රපටයට ආස නොවෙන්න පුළුවන්. Drishyam වගේ කුතුහලය දනවන්නෙ නැති වුණාට අපරාධ නඩුවක තීරණාත්මක තාක්ෂණික කරුණු ගැන අදහසක් ගන්න පුළුවන් මම බලපු හොඳම හින්දි චිත්‍රපට වලින් එකක් මේක. වෙලාවකට හිතෙනව ඉංග්‍රීසි චිත්‍රපටයක කොපියක්ද කියලත්. කොපියක් වුණත් නැතත් ඒක හොඳට කරල තියනව.
අවසාන වශයෙන් කියන්න ඕන රඟපෑම් ගැන. විත්තියේ නීතිඥවරයාගෙ චරිතය රඟපාන ආක්ෂේ ඛන්නා මම අන්තිමට දැක්කෙ මම ගොඩක් ආසාවෙන් බලපු Accidental Prime Minister ෆිල්ම් එකේදි. ඒ තරමටම හොඳ රඟපෑමක් මෙතනදි ඔහු කරනව. මේ චිත්‍රපටයෙ සුපිරි නළුවො කියන කාණ්ඩයට වැටෙන එකම රංගන ශිල්පියා ඔහු. ඔහු නිසා මුළු චිත්‍රපටයෙම "සුපිරි නළු අවශ්‍යතාවය" ආවරණය වෙනව.
පැමිණිල්ලේ නීතිඥවරිය විදියට රඟපාන Richa Chadha විශිෂ්ට ගණයේ රඟපෑමක් කරනව නම් නෙමෙයි. හැබැයි ඇය රඟපාන හැම ජවනිකාවකම ඔබට ඇගෙන් ඇස් අහකට ගන්න හිතෙන එකක් නෑ. එ ඇයි කියල තේරෙන්න චිත්‍රපටය බලන්නම වෙනව.
චූදිතයා විදියට රඟපාන රාහුල් භාට් තමන්ගෙ චරිතයට සාමාන්‍යයෙන් සාධාරණයක් ඉටු කරනව. ඔහු කෙරෙහිත් ලොකු අවධානයක් යොමු වෙන්නෙ නෑ.
දූෂණයට ලක්වූණ තරුණිය විදියට රඟපාන මීරා චොප්රා ගැන මම මේ මොහොතේ මොකුත්ම කියන්නෙ නෑ. මේ මොහොතේ මම කියන එකම දේ චිත්‍රපටයේ ආරම්භයේ සිට අවසානය දක්වාම ඇගේ සියලුම හැසිරීම්, අංග චලන, ඇයව රූගත කරන කැමරා කෝණ වල වෙනස් වීම් පවා හොඳින් අධ්‍යයනය කරන්න කියන එක විතරයි.
චිත්‍රපටයෙ අවසාන ජවනිකාවෙදි විත්තියේ නීතිඥවරයා පැමිණිල්ලේ නීතිඥවරියට කියනව මෙහෙම:-
"අපේ වෘත්තිය යුක්තිය පසිඳලීම නෙමෙයි. අපේ වෘත්තිය නීතියට අනුව අධිකරණයට නඩුව ඉදිරිපත් කිරීම"

💕
ReplyDeleteනියමයි...
ReplyDelete