ඔබ
Air Force One, White House Down, Olympus Has Fallen, London Has Fallen
කියන චිත්‍රපට නරඹලා එ් කතා තේමාවට කැමති කෙනෙක් නම් එ් මාදිලියේ නවතම
චිත්‍රපටය තමයි මේ.
මෙතනදි තේමාව වෙන්නෙ ඇමෙරිකානු ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක්. ඇත්තටම බැලුවාම කුමන්ත්‍රණය ජනාධිපති ඝාතනයම නෙමෙයි. ජනාධිපති ඝාතනය කුමන්ත්‍රණයේ එක්තරා කොටසක් පමණයි.
ජනාධිපතිවරයා රුසියාව සමග සාමකාමී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ගැන කෝපයට පත්වෙන උප ජනාධිපතිවරයා නැවත ඇමෙරිකාව ශ්‍රේෂ්ඨත්වයට පත්කිරීමේ අදහසින් ජනාධිපතිවරයාව ඝාතනය කර, තමා ජනාධිපති ධුරයට පත්වී එහි සැකය ජනාධිපතිවරයාගේ විශ්වාසවන්තම ආරක්ෂක නිලධාරියාට ආරෝපණය කර ඔහු රුසියාවේ ක්රෙම්ලිනය සමග කෙළින්ම සබඳතා පැවැත්වූ බවට සාක්ෂි රෝපණය කොට, ඒ අනුව ඇමෙරිකානු ජනාධිපතිවරයා ඝාතනය රුසියාවේ වුවමනාවකට සිදුකළ වැඩක් සේ මවා පෙන්වා ඒ හරහා ඇමෙරිකාවේ ආරක්ෂක කටයුතු සඳහා තමාට හිතවත් පෞද්ගලික ආරක්ෂක ආයතනයක් සම්බන්ධ කරගැනීමත්, රුසියාව සමග යුද්ධයකට යාමෙන් ඇමෙරිකාව නැවත ශ්‍රේෂ්ඨත්වය කරා ගෙනයාම සහ /හෝ යුද්ධය හරහා ලාභ ඉපයීම තමයි කුමන්ත්‍රණය.
එය පැහැදිලිවම අසාර්ථක වෙනවා. එක අතකට ඒක චිත්‍රපටයක් නිසා. අනික් පැත්තෙන් මම මුලින් සඳහන් කරපු චිත්‍රපට සියල්ලටම වඩා මෙම චිත්‍රපටයේ දුෂ්ඨ සැලැස්ම මුළ ඉඳන්ම බොහොම පැහැදිලියි. ඒකට සම්බන්ධ කවුද කියන එකත් හරිම පැහැදිලියි. අබිරහසක් නෑ. නරඹන්නාට තියෙන්නෙ කුමන්ත්‍රණකරුවෙක් ලෙස හංවඩු ගැහෙන ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා, නරඹන්නා දැනටමත් දන්නා කුමන්ත්‍රණයක් පරාජයට පත්කිරීම සහ හෙළිදරව් කිරීම බලාසිටීම පමණයි. ඒ අතින් මේ කතා තේමාවෙ ඉහත කී චිත්‍රපට වලට වඩා රසවත්භාවය සහ කුතුහලය අතින් මේ චිත්‍රපටය තියෙන්නෙ මදක් පසුපසින්.
ඒත් ආරක්ෂක නිලධාරියා විදියට රගන Gerard Buttler ඔහුගේ චරිතයට සෑහෙන සාධාරණයක් ඉටුකරනව. ජනාධිපතිවරයා විදියට රගපාන Morgan Freemanගෙ රඟපෑම අති විශිෂ්ට බව මං හිතන්නෙ මම විශේෂයෙන් සඳහන් කිරීම අනවශ්‍යයි.

No comments:
Post a Comment