(2017 මාර්තු 26 වැනි දිනැති පොස්ටුවකි)
මෙච්චර කාලෙකට උගන්ඩාව කිව්වම මතක් වුණේ අඩි හයහමාරක් විතර උස මරුමූස් මූණක් තියෙන බඩතඩි මිනිහෙක්. ඒ තමා ඉඩි අමින්. උගන්ඩාව කිව්වම මට විතරක් නෙවෙයි. ගොඩක් දෙනෙකුට මතක් වෙන්නෙ ඉඩි අමින් තමා. ඉතින් ඒ නිසා නම ඇසූ පමණින් ඒ සුන්දර රට ගැන පහන් හැගීමක් නම් ඇතිවෙන්නෙ නෑ කොහොමවත්ම. ඒත් ඒ ආකල්පය වෙනස්ම පැත්තකට යොමු කරපු අපූරු චිත්‍රපටියක් තමයි Queen of Katwe හෙවත් කාට්වේහි රැජින.
මට මුලින්ම චිත්‍රපටය ගැන කියල අනිවාර්යයෙන්ම බලපන් කිව්වෙ Senarath Bandara Herath ආදරණීය සොයුරා. ඔහුට මුලින්ම අනේකවාරයක් තුති.
උගන්ඩාවෙන් බිහිවූ ලෝ ප්‍රකට චෙස් තරුව ෆියෝනා මුටේසිගෙ (Phiona Mutesi)
ජීවිත කතාව මේ සුන්දර චිත්‍රපටයෙ තියෙන්නෙ. ඒ චරිතය නිරූපණය කරන්නෙ
මදීනා නල්වන්ගා (Madin Nalwanga). ඇය ඉතාම සාර්ථක රංගනයක නිරත වෙනව. නමුත්
සම්පූර්ණ චිත්‍රපටය ගත්තම අති සාර්ථකම රංගනය දක්නට ලැබෙන්නෙ ෆියෝනාගේ මව
වූ නාක්කු හැරියට් (Nakku Harriet) ගේ චරිතය නිරූපණය කරන ලුපිටා න්යොන්ගෝ
(Lupita Nyong'o) ගෙන්.
ෆියෝනා තමන්ගෙ මවට පොරොන්දු වූ හැටියටම චෙස් ශූරියක් වෙලා ධනවත් භාවයට පත්වෙලා නිවසක් මිළදී අරන් තමන්ගෙ අම්මට ඒක බලන්න එක්ක ගිය වෙලාවෙ අම්මගෙ හැසිරීම හිතාගන්න බැරි තරම් තාත්වික අයුරින් හදවතට දැනෙන විදියට ඇය නිරූපණය කරල තිබ්බ.
සමහරවිට මට මේ චිත්‍රපටය මේ තරම් වැදුණෙ මමත් චෙස් ක්‍රීඩකයෙක් නිසා වෙන්න ඇති.
ඇත්තටම චෙස් කියන්නෙ එක්තරා ඇබ්බැහියක්. මේ ෆිල්ම් එක බලපුවාම ඒ ඇබ්බැහිකම ආයෙත් කුළුගැන්විලා නැගී හිටියද මන්දා. මගේ පැරණි චෙස් සගයන් වන Roshan Peramune, Madushanka Rajapaksha, Chathura Senanayake, Nissammika Jayakody, Buddhika Mahesh Ranaweera වැනි අයට (කාගෙවත් නමක් මගඇරුණ නම් සමාවෙන්න)
මම කියන්නේ එක පාරක් මේ චිත්‍රපටය බලන්න. අර චෙස් ක්‍රීඩකයන්ට විතරක්ම දැනෙන අපි ඉස්සර ආස කරපු ඒ අමුතුම හැගීම කාලෙකට පස්සෙ ආයෙත් වතාවක් විදගන්න පුලුවන් වෙයි.
චෙස් සම්බන්දයෙන් මෙතෙක් කල් මම දැකපු හැම චිත්රපටියකම චෙස් game එකක් පෙන්නන්නෙ කවුදෝ දෙන්නෙක් චෙස් අදිනවා කියල විතරයි. නමුත් මේ චිත්‍රපටයේ යම් ආකාරයකින් moves අතර දැහැන්ගත වෙන්නත් නරඹන්නාට ඉඩකඩ විවර කරනව. නමුත් චෙස් නොදන්න කෙනෙකුට ෆිල්ම් එක boring වෙන්නෙත් නැහැ. ඒ දෙපැත්තම බැලන්ස් කරල තියෙන විදිය ඇත්තටම පුදුමාකාරයි. ඒ ගැන කියන්න තියෙන්නෙ Walt Disney සමාගමේ තවත් ආශ්චර්යයක් කියල තමයි.
ඒ සියල්ලටම අමතරව උගන්ඩාවෙ දරිද්‍රතාවය, රැකියා විරහිතභාවය, ළමයින් අපයෝජනයට ලක්වන හැටි යනාදී දේශපාලනික කාරණා වගේම, මව් සෙනෙහස, සහෝදර සහෝදරියන් අතර තියෙන බැදීම, තවත් දුයිෂෙන් කෙනෙකුගෙ කැපකිරීම යනාදී දහසකුත් එකක් ලස්සන, රසවත් සහ ඇතැම් විට ඇසට කදුළු නංවන තරම් සංවේදී දේවල් ගොඩක් එක අහුරට අරන් ප්‍රෙක්ෂකයට පුදලා තියෙනවා මේ චිත්‍රපටයෙ.
ඒ සියල්ලම ගොඩක් තාත්විකව හිතට වදින්න හේතුව චිත්‍රපටය සත්‍ය සිදුවීම් මත පදනම් වෙලා තියෙන නිසා වෙන්න ඇති. චිත්‍රපටයෙ අවසානයේ ඒ එක් එක් චරිතය නිරූපණය කරපු රංගන ශිල්පීන් ඒ එක් එක් සැබෑ චරිතය සමග කැමරාවට මුහුණදෙනව. ඒ කොටසත් හරිම සුන්දරව ඉදිරිපත් කරල තිබ්බ ඔවුන් ගැන සංක්ෂිප්ත පසුකථනයකුත් එක්ක.
චිත්‍රපටයෙ මුළු කාලය පැය දෙකයි විනාඩි හතරයි තත්පර විසි හයක්. කොහෙත්ම පාඩු නැහැ ෆිල්ම් එක ඔබේ හිතට වදිනවා ෂුවර්. ඒ කාලය මිඩංගු කරලා අනිවාර්යයෙන්ම නරඹන්න. විශේෂයෙන්ම ඔබ චෙස් ක්රීඩකයෙකුනම්.

No comments:
Post a Comment