Sunday, April 12, 2020

කඩුවෙන් පැන්සල උල් කිරීම

(2017 මාර්තු 31 වැනි දිනැති පොස්ටුවකි)

නීතිඥවරු හැටියට අපිට එන දුරකථන ඇමතුම් පුළුවන් හැම අවස්ථාවකම answer කරන්න උත්සාහ ගන්නව. මොකද සේවාදායකයෙක් කතා කරන්නෙ ඉතාම හදිසි කාරණයකට වෙන්න පුළුවන් නිසා. උදාහරණයක් විදියට හදිසියේ පොලිස් අත්අඩංගුවට පත්වෙලා, එහෙමත් නැත්නම් රිය අනතුරකට ලක්වෙලා වගේ ක්ෂණිකව නීති උපදෙස් අවශ්‍ය අවස්ථාවක සේවාදායකයෙක් කතා කලොත් අපි ඒ වෙලාවෙම answer නොකලොත් සේවාදායකයට අපෙන් වැඩක් නෑ. යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද නේද?

අනික කෙනෙක් call එකක් ගන්නකොට answer කරගන්න බැරිවීම අනෙක් කෙනාගේ හිතේ තමන් ගැන අප්‍රසාදයක් රදවනව. කොහොමත් call එකකින් මළාට අල්ලගන්න බැරි මිනිස්සු ඉන්නව නේද call එනව දැක දැක answer නොකරන. එහෙම අය ගැන "කොන්දක් නැති හිපාටුවෙක්" කියල හැගීමක් එනවනේද? ඒ හැගීම ⁣කෙනෙක් lawyer කෙනෙක් පිළිබදව ඇතිකරගැනීම කොහොමත් ගුණ නෑ. 

ඒ නිසා එන හැම call එකක්ම පුළුවන් හැම වෙලාවකම answer කරන්න අපි උත්සාහ කරනව. නීතිඥවරයෙක් උසාවි යන උදේවරුවේ කොයිතරම් කාර්යබහුලද කියල දන්න බුද්ධිමත් සේවාදායකයො අනිවාර්යයෙන්ම "සර් උදේට කෑවද?" වගේ ප්‍රශ්න අහන්න සහ මාරාන්තික හදිසියක් නැති කාරණා වලට උදේවරුවේ call කරන්නෙ නෑ. ඉදලාම කෙනෙක් නොදැන එහෙම කරන අවස්ථා නැතුවම නෙමෙයි. සමහරු හිතලමත් එහෙම කරනව. එතකොට අපි යුද්ධයක් කියල හිතන් කඩුව අරන් දිව්වට සේවාදායකය අඩගහල තියෙන්නෙ කොස් කොටන්න. කාගෙවත් යුද්දෙකට වඩා මට මගෙ කො⁣ස් කෙටිල්ල ලොකුයි කියන සේවාදායකයොත් ඉන්නව. ඉතිං එහෙමනං යුද්ධයක් දාල ඇවිත් කොස් කෙටුවට හරියන ගාස්තුවක්වත් ගෙවන්න එපැයි. ඒත් ඒ ආවස්ථික පිරිවැයත් එක්ක ගාස්තුව කිව්වම සමහර සේවාදායකයො අපෙ මූණ බලනව නිකං අපි මිනිහට අසභ්‍ය දෙයක් කරන්න කිව්ව වගේ. හරි ඒක කමක් නෑ කියමුකො. ඒ මොනව වුණත් සේවාදායකයොනෙ.

අද උසාවියෙ බොහොම කාර්යබහුල වෙලාවෙ dialog අංකයකින් ඇමතුමක් එනව. සේවාදායකයෙක් කියල හිතපු මම ෆෝනු එකත් අරං සූ ගාලා හිටපු සෙනග අතරින් කොරිඩෝවට පීනල call එක answer කළා. මෙන්න යකෝ ගෑණියෙක් "ඔබත් ගොරෝසු යටඇදුම් නිසා පීඩා විදිනවාද? අදම ගන්න බොබී බ්‍රා. හැඩට වැඩට උඩුකයට....." කියල පටන්ගත්තෙ නැතැයි. මං මේ හුස්මක් ගන්නෙ කොයි වෙලාවෙද කියල ඉන්නකොට මේ ගෑනිට ගොරෝසු යටඇදුම් තමයි ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ. මම ඒ ගෑණිගෙයි dialog එකේ උන්ගෙයි පරම්පරාවටම හිතින් පින් අනුමෝදන් කරල ආපහු උසාවියට ඇවිත් ඉදගත්ත.

"කඩුව අරන් වරෝ" කිව්වම අපි කඩුව අරන් දුවන්නෙ යුද්ධයක් කියල හිතාගෙන. අඩගහල තියෙන්නෙ කොස් කොටන්න නම් තව කමක්නෑ කියමුකො යුද්දෙ දාල ගියාට ගාස්තුව ගෙවනවනම්. ඒත් අඩගහල තියෙන්නෙ පැන්සලක් උල තියාගන්න වගේ වැඩකට නම් උලතියපු පැන්සලේම, අඩගහපු එකාවත් උලතියන්න හිතෙනවනෙ ඉතිං.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...