(2017 අප්‍රේල් 27 වැනි දිනැති පොස්ටුවකි)
තොප්පිය කියන්නෙ එක අතකට මනුස්සයාට නැතුවම බැරි වස්තුවක්. අවුවෙන්
වැස්සෙන් බේරෙන්න ගල් යුගයේදි ගස්වල කොළ පොතු ඉහට තියලා තදකරගත්තු මිනිහා
පස්සෙ ඒකට සෞන්දර්යාත්මක අලංකාරයකුත් එකතු කළා. අද තියෙන විදියට තොප්පිය
කියන එක අවුවෙන් වැස්සෙන් බේරෙන්න තියෙන ආම්පන්නයක් බව අමතක වෙන තරමට ඒකට
නොයෙක් විච්චූර්ණ විලාසිතා එකතුවෙලා.
තොප්පිය විකාශනය වුණ හැටි හොයා
බලන එකත් එක්තරා විදියක රසවත් කටයුත්තක්. මුලින්ම තොප්පියක් ගැන සාක්ෂි
හමුවෙන්නේ තීබසයේ සොහොනක චිත‍්‍රයකින්. රෝමයේ සහ ග‍්‍රීසියේත් නිදහස් කළ
වහලුන්ට නිදහසේ සංකේතයක් විදියට පිරිනමලා තියෙන්නෙත් තොප්පියක්. ක‍්‍රිකට්
ක‍්‍රීඩාවෙදිත් පිට පිට කඩුලු 3ක් දවාගත්තාම තෑග්ගට දුන්නෙත් තොපපියක්. ඒ
නිසා දැන් තොප්පියක් තෑගි නොදුන්නත් අපි තාමත් ඒකට හැටි‍්‍රක් කියනවා. 16
වැනි සියවස අගභාගයේදි කාන්තාවනුත් ඇදුම් ආයිත්තම් වල කොටසක් විදියට තොප්පි
පළදින්න පටන්ගෙන තියෙනව. 18 වැනි සියවස වෙනකොට ඉතා උසස් තත්වයේ මිළ අධික
තොප්පි නිෂ්පාදනය කර්මාන්තයක් වශයෙන් දියුණුවට පත්වෙල තියෙනව.
ඒ
කිව්වෙ සුද්දන්ගෙ තොප්පි ගැන. ඇයි අපි තොප්පි දාලදාලම නැද්ද? අපිත් දාල
තියෙනව. අපේ රජවරු හිසේ පැළදපු ඔටුන්න එක්තරා විදියක තොප්පියක්. මං
පුංචිකාලේ මගේ කිරි අත්ත උදේට වත්තේ ඇවිදින්න යනකොට සාලුවකින් ලොකු ජටාවක්
බැන්ද. ඒකත් තොප්පියක්. උඩරට නිළමේ ඇදුම ඇදලාත් තොප්පියක් පළදිනව. ඉතිං
තොප්පිය අපිටත් අමුතු නෑ. සුද්දන් තොප්පි තියා නූල් පොටක්වත් නැතුව හිටපු
කාලෙත් අපි තොප්පි දාගෙන ඉදලා තියෙනව.
මුලින්ම තොප්පිය පාවිච්චියට
ආවෙ අව්වට වැස්සට ආවරණයක් විදියටනෙ. ඉතිං අවශ්‍යතාවය මත වැඩිපුර තොප්පි
දැම්මෙ එළිමහනෙ වෙහෙස මහන්සි වෙලා වැඩ කරන අය, ක‍්‍රීඩකයො වගේ කට්ටිය. ඒත්
පස්සෙ පස්සෙ විලාසිතාවක් බවට පත්වීමත් එක්ක තොප්පිය කියන්නෙ ගේ ඇතුලටත්
පලදින ආභරණයක් බවට පත්වුණ. ඒබ‍්‍රහම් ලින්කන්ගෙ උස තොප්පිය, ෂර්ලොක්
හෝම්ස්ගෙ ඉබ්බෙක් වගේ තොප්පිය, වින්ස්ටන් චර්චිල්ගෙ තැලිච්ච තොප්පිය විතරක්
නෙවෙයි ජවහර්ලාල් නේරුගෙ තොප්පියත් ඒ අයගෙ ඇදුමෙ අනන්‍යතාවයෙ ලක්ෂණයක්
වුණා.
ඇමරිකාව, එංගලන්තය කියන්නෙ සීත රටවල්. සමහර කාල වලට අව්ව
ඇත්තෙම නෑ. ඒත් ලංකාව සමකාසන්න රටක් විදියට තුන්සිය හැටපස් දවස පුරාම මදි
නොකියන්න අවුව ලැබෙනව.
ඒත් සීත රටවල මිනිස්සු තොප්පි දාන තරම් අපි තොප්පි
දාන්නෙ නෑ. හැබෑට ඒ මොකද? මග තොටට බැහැල බලන්න. කීයෙන් කී දෙනෙක් ගිනි
කාස්ටක අව්වෙ තමන්ගෙ අත් ඔලුවට උඩින් අල්ලගෙන දාඩිය පෙර පෙරා යනවා එනවද.
ඒත් වැඩි දෙනෙක් තොප්පිය තමන්ගෙ ඇදුමෙ කොටසක් කරගන්න හිතුවෙ නෑ. ඒකට හේතුව
හොයන්න උත්සාහ කලත් වැඩක් වුණේ නෑ. මගෙ කටකාර යාලුවෙක් කිව්ව විදියට
තොප්පිය දාගෙන ගියාම මෝඩ පාටලු. ගිනි කාස්ටකෙන් මොලේ රත් වෙනකොට එයාගෙ
බැටරි චාජ වෙනවා ඇති සමහරවිට. තව කෙනෙක් කිව්වා තොප්පියක් දාගෙන පාරෙ යනකොට
නළුවෙක් හරි ගායකයෙක් හරි කියලා මිනිස්සු හැරි හැරී බලනවලු. ඒක එයාට
අපහසුවක්ලු.
ඒක එක විදියට ලාංකිකයගෙ ගොංකම. අපි හැම වෙලාවකම බලන්නෙ
අපිව පිටට පේන විදිය මිසක් අපිට පහසුවක් දැනෙන විදිය ගැන නෙවෙයිනෙ. තමං
කැතට පෙනෙයි කියල බයේ අව්වෙ තොප්පියක් නොදා කොච්චර අපහසුවෙන්ද අපේ අතිමහත්
බහුතරයක් බුද්ධිමත් ජනතාව යන්නෙ එන්නෙ.
තව දැන් දැන් කියන කතාවක්
තමයි බොරුවට පොෂ් වෙන්න හදනවා කියන එක. මට හිතෙන විදියට ඒකනම් මහ ගොන්
කතාවක්. අපි කවුරු කවුරුත් අපේ මට්ටම් වලින් පොෂ් තමා. වැඩිය අවුවෙ යන්න
සිදුවෙන රැකියාවක් නොකරන කෙනෙකුට අවුවෙ යන්න අවු කණ්නාඩි තොප්පි අත්‍යවශ්‍ය
වෙන්න පුළුවන්. ඒකෙ තියෙන්නෙ තර්කානුකූල කරුණක් මිසක් පොෂ් වීම, කැපී
පෙනීමේ උණ වගේ දෙයක් නොවන බව තේරුණත් නොතේරුණ ගාණට ගොඩක් අය ඒවට ගොං ජෝක්
එකක් දාල හිනා වෙන්න ප‍්‍රධාන හේතුව තමයි ඊරිසියාව නැත්තං කුහක කම.
තව මෙකී නොකී අපූරු උත්තර ගොඩක් ලැබුණා. කොහොම වුණත් අන්තිමට වුණේ ලංකාවෙ
මිනිස්සු තොප්පි නොදාන්න හේතුව හෙවිල්ල පැත්තකට දාලා මං තොප්පි දාන්න ගත්තු
එක. අදටත් මම කැෂුවල් අදින, නැත්නම් රාජකාරිමය ඇදුමක් නොඅදින අවස්ථා වලදි
මං ආස කරන විදියෙ ලස්සන fedora තොප්පියක් පළදිනව. මිළත් අඩුයි. සැහැල්ලුයි.
පෙනුමත් හොදයි. තොප්පියෙන් බලාපොරොත්තු වෙන අරමුණත් සීයට සීයක් ඉෂ්ට වෙනව.
ඒත් අදටත් මං තොප්පියක් දාල පාරෙ යද්දි තමන්ගෙ ඔලුවට ඉහළින් අත අල්ලගෙන
අව්වෙ පිච්චි පිච්චි යන සමහරු ''මූ මොකෙක්ද?'' වගේ බැල්මකින් මං දිහා බලන
අවස්ථා නැතුව නෙවෙයි. මං නම් ගණන් ගනී ඔව්ව. ප‍්‍රතිඵල ඇස් පනාපිට පේන්න
වුණා. ගෙන්දගම් පොළවෙ ගතකරපු අවුරුදු 6ක කාලයේ වැඩි හරියක් මාත් එක්ක හිටපු
ඔලුව කැක්කුම සතියෙන් මාව දාලා ගියා. නළල අයිනෙන් හීනි වේගෙන ආපු කොණ්ඩෙ
ආයෙත් තට්ටෙ වහගෙන නැගිටින්න පටන්ගත්ත. ගමනක් ගිහින් ආපුවාම දැනෙන මහා
මහන්සියෙන් බාගයක් අඩුවෙන් මට දැනෙන්න ගත්ත. තොප්පියෙ රග.
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Sunday, April 12, 2020
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment