Gustave
Flaubert විසින් රචිත Emma Bovary කෘතිය මම හඳුනවන්නෙ The text book of
adultery ලෙස. ඒ කෘතිය ඇසුරින් නිපැයුණු මේ සානමා සිත්තම අපූර්ව කලා
කෘතියක් ලෙස හැඳින්විය හැකියි. බොහෝ අවස්ථා වලදී සිනමා පටයකින් කෘතියකට
සාධාරණත්වය ඉටුවෙනවා අඩුයි. නමුත් මෙම චිත්‍රපටය යම් යම් සීමාවන් තුල වුනත්
මුල් කෘතියට යමු සාධාරණයක් ඉටු කරනවා.
එමා විවාහ ජීවිතයට ඇතුලත් වෙන්නෙ බොහොම බොළඳ ලාබාල තරුණියක් විදියට. ඇය මවාගෙන සිටින සිහිනය අනුව විවාහ ජීවිතය සුර ලෝකයක්. ඇයට හමුවන ස්වාමිපුරුෂයා වෛද්‍ය චාල්ස් බොවරි යහපත් පුද්ගලයෙක්. නමුත් ඔහු නිහඬ චරිතයක්. ඒ වගේම ඇය අපේක්ෂා කරන යම් ආකාරයකට වියදම් අධික සෙල්ලක්කාර ජීවිතය ඇයට ලබාදෙන්නට ආර්ථික අතින් මෙන්ම ආකල්ප අතිනුත් ඔහු අසමත්. ඇගේ බලාපොරොත්තු කඩවෙනවා.
ඒ සඳහා විසඳුම් ඇය දෙපැත්තකින් හොයනවා. එකක් ඇය ඇතිකරගන්නා පෙම් සබඳතා හරහා. අනික් පැත්තෙන් Lheureux නම්වූ ණය පදනම මත භාණ්ඩ ලබාදෙන වෙළෙන්දා වෙතින්.
අවසානයේ සිදුවන්නේ ඇය තමාගේ වියදම් අධික ජීවිතය මගින් ස්වාමිපුරුෂයා බංකොලොත්භාවයට ඇද දැමීම.
නමුත් අවසාන මොහොත දක්වාම ඇගේ ස්වාමිපුරුෂයා ඇයට ඉතා කරුණාවෙන් සළකන ආකාරයත් කිසිඳු අවස්ථාවක ඇයව සැක නොකරන ආකාරත් චිත්‍රපටය පුරාවටම කැපී පෙනෙන දෙයක්.
මෙම චිත්‍රපටය කලබලයෙන් බලන්න එපා. ඔබට එපා වෙයි. කම්මැලි හිතෙයි. හිතේ මනා සංයමයක් සහිතව ඉවසිල්ලෙන් එක දිගට නැරඹිය හැකි නම් එය වරක් හෝ නරඹන්නට වටින අගනා සිනමා කෘතියක් බව ඔබට හැඟේවි.

No comments:
Post a Comment