මම සාමාන්‍යයෙන් කේන්ති යාම අවම පුද්ගලයෙකි. ජීවිතයේ මේ දක්වාම මට
හරිහැටි කේන්ති ගිය අවස්ථා ඇත්තේ ඉතාම අතලොස්සක් පමණි. එහෙත් නිරන්තරයෙන්
පහසුවෙන් නිතර කේන්ති යන පුද්ගලයෙකුට වඩා මට කේන්ති ගිය ඒ අවස්ථා
අතලොස්සේදී සිදුවූ හානිය වැඩි බව ආපසු හැරී බැලීමේදී පෙනී යයි. එයට හේතු
ප්‍රධාන වශයෙන් 2කි.
1. ලෙහෙසියෙන් කේන්ති නොයන කලාතුරකින් කේන්ති
යන අයකෙුට කේන්ති යන විට ඉතා තදින් කේන්ති යාම, පාලනය කිරීම අපහසු වීම සහ
බොහෝ වේලාවක් යනතුරු කේන්තිය පහව නොයාම.
2. ඔබ කේන්ති නොයන අයෙකු
ලෙස සිතේ ධාරණය කරගෙන සිටින අන් අයට අනපේක්ෂිත ලෙස ඔබ දැඩි කේන්තියට පත්වී
දක්වන ප්‍රතිචාර දරාගැනීමට මානසික වශයෙන් අපහසු වීම.
කෙසේ වෙතත් කේන්තිය යනු අධ්‍යයනය කිරීමට වටින විෂයයකි. එහි ජීව විද්‍යාත්මක පැත්ත කුතුහලය දනවනසුළුය.
ඔබේ මොළයේ amygdala යනුවෙන් හඳුන්වන කොටසක් තිබේ. ඔබේ හැඟීම් සම්බන්ධ දෑ
පාලනය කෙරෙන්නේ මේ කොටසිනි. ඉන්පසු අදාළ හැඟීමට ගැලපෙන ශාරීරික ප්‍රතිචාර
ඇතිකිරීම සිදුවේ.
උදාහරණයක් ලෙස ඉහත කී කොට විවිධ රසායනික අණු
නිපදවීමට සංඥා ලබාදෙනු ලැබේ. මෙය සිදුවන්නේ අවධානයෙන් සිටීමට ඔබේ ශරීරයට
සංඥාවක් ලබාදීම සඳහා වේ. ඔබට කේන්ති යන විට catecholamine නම් රසායනිකය
ශ්‍රාවය කිරීමට ඒ හරහා සංඥා නිකුත් කෙරේ.
Epinephrine සහ norepinephrine හෙවත් ඇඩ්රිනලින් සහ නෝර්ඇඩ්රිනලීන් ජීව අණු
ඉහත කී catecholamine පවුලේ ජීව අණු වර්ග දෙකක් වන Epinephrine සහ norepinephrine කේන්ති යාමේ ප්‍රධාන භූමිකාව ඉටු කරන හෝමෝන වේ.
මෙම හෝමෝන ශ්‍රාවයත් සමඟම මිනිත්තු ගණනක් සඳහා ඔබේ ශරීරයට ජවයක් ශක්තියක්
ලබාදේ. කේන්ති ගිය විට යමෙකුට බැණ වැදීමට, ඇතැම් විට පහර දීමට, ඊටත් වඩා
දරුණු ක්‍රියාවක් සිදුකිරීමට සිත්වන්නේ ඒ අනුවය.
කෙසේ වෙතත් මෙම
හෝමෝන ශ්‍රාවය මගින් ඔබව කේන්තියට පත්කල පුද්ගලයාට හෝ දෙයට එරෙහිව යමක්
කිරීමට ඔබේ ශරීරය නිතැතින්ම සූදානම් කෙරේ. කේන්ති ගියවිට අනපේක්ෂිත ජවයක්
සමඟ සටන්කාමී මානසිකත්වයක් ඇතිවන්නේ ඒ අනුවය. ඇඩ්රිනලින් මගින් එවැනි
අවස්ථාවක ඔබට දැනෙන ශාරීරික මානසික වේදනා අවම කිරීම හෝ ඒවා නොතකන තත්වයට
පත්කරවයි. සුපිරි ජවයක් ලැබුණා සේ හැඟෙයි. බොහෝ අය කේන්තියෙන් සිදුකරන
ගුටිබැට හුවමාරු වලදී තුවාල ලැබුවද බොහෝවිට ඒවායේ වේදනාව පවා දැනෙන්නේ
නොසන්සුන් මානසිකත්වය පහවී යාමෙන් පසුවය. එයට හේතුව ඇඩ්රිනලින් වේ.
එමෙන්ම ඉහත කී හෝමෝන ශරීරයේ රුධිර සංසරණ වේගය වැඩි කරයි, හදගැස්ම වේගවත්
කරවයි, හුස්ම ගැනීමේ වේගය වැඩිකරයි. හෘද පේශිය සංකෝචනය කරවන අතර රුධිර නාල
තද කරයි.
මේ සමගම දහදිය දැමීම වැඩිකොට ඇසේ කණීනිකාව විස්තාරණය
කරවයි. රුධිර කේශ නාලිකා හරහා අධික වේගයෙන් රුධිරය පොම්ප කොට ඔබව සටනට
සූදානම් කරවයි. නිතර කේන්ති යන පුද්ගලයන්ට රතු පැහැයට හුරු මුහුණක් තිබීමට
හේතුව මෙය වේ.
බොහෝ අය කේන්ති ගිය විට ලේ නටන උණුවෙන බව කියති.
සැබැවින්ම එවැන්නක් සිදුවන්නේ නැත. ඔබේ රුධිර උණුසුම වැඩි වේ නම් රුධිරය
ජෙලි වැනි ද්‍රව්‍යයක් බවට ඝනීභවනය වී ඔබ ක්ෂණිකව මියයුනු ඇත. එබැවින් "ලේ
නටනවා හෝ උණු වෙනවා" යන ප්‍රකාශයේ ජීව විද්‍යාත්මක සත්‍යතාවයක් නැත.
කේන්ති යන්නේ ඇයි? එය බොහෝදුරට සිතිවිලි සමඟ බැඳී පවතී. අප යම් අවස්ථාවක්
පිළිබඳව යම් ප්‍රමිතිගත සීමාවක් තුල සිතන විට එම සීමාව යම් දෙයක් නිසා
ඉක්මවෙන්නේ නම් ප්‍රතිවිපාකය ලෙස කේන්තිය හටගනී.
උදාහරණයක් ලෙස
යමෙකුගෙන් ඔබ බලාපොරොත්තු වූ දෙයක් ඒ අයුරින් ඉටු නොවූ කල හෝ යමෙකු ඔබ
කිසිසේත් බලාපොරොත්තු නොවූ දෙයක් සිදුවූ කළ එය මොළය වටහාගන්නේ අසාධාරණයක්
ලෙසය. එවන් විටක කේන්තිය ඇතිවේ.
කේන්තිය සහ බිය යන සිතුවිලි දෙකටම
අප ශරීරය ප්‍රතිචාර දක්වන ආකාරය බොහෝදුරට එක හා සමාන වේ.මෙම සිතුවිලි දෙකටම
අදාළව ශ්‍රාවය වන හෝමෝන බොහෝවිට සමානය. අවස්ථාවට ප්‍රතිචාර දක්වමින් කලබල
වන්නේද, පැන දුවන්නේද ආක්‍රමණශීලීව සටන් වදින්නේද යන්න තීරණය වන්නේ ඔබේ
සිතුවිලි අනුව වේ.
කෙසේ වෙතත් බිය හා කේන්තියට ශරීරය දක්වන
ප්‍රතිචාරය අතර යම් වෙනස්කම්ද පවතින බව විද්‍යාඥයන් දක්වති. කේන්තියේදී
ශරීර උෂ්ණත්වය ඉහළ යාම සහ බිය ශරීර උෂ්ණත්වය පහළ දැමීම එවැනි එක්
වෙනස්කමකි.
කෙසේ වෙතත් කේන්තිය විසින් ඇතිකරනු ලබන ශාරීරික හා
මානසික ප්‍රතිචාර පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. සාමාන්‍යයෙන් නිතරම
අධික ලෙස කේන්ති යන පුද්ගලයන්ගේ කේන්තිය ඒ හා සමඟම වහාම අඩුවී යන බවත්
කළාතුරකින් කේන්ති යන පුද්ගලයන් බොහෝ වේලාවක් කෝපයෙන් දැවෙමින් සිටින බවත්
මම නිරීක්ෂණය කර ඇත. එහෙත් නිතරම කේන්ති ගෙන එය අඩු නොවී බොහෝ වේලා පවත්නා
අයද, කළාතුරකින් කේන්ති ගෙන ඒ සමගම කේන්තිය නිවෙන අයද, අවස්ථාද නැත්තේ
නොවේ. ඒ සියල්ල සිතුවිලි හා ආකල්ප මත පදනම් වේ.
කේන්තිය අවට සිටින
පුද්ගලයන්ට මෙන්ම කේන්ති ගන්නා පුද්ගලයාටද මානසිකව මෙන්ම ශාරීරිකවද අහිතකර
විය හැකිය. එබැවින් හැකි සෑම අවස්ථාවකදීම කේන්තිය පාලනය කරගැනීමද වහාම
කේන්තිය නිවා ගැනීමේ උපක්‍රම අනුගමනය කිරීමද වැදගත් වේ.
කේන්ති ගිය
අවස්ථා වල 1 සිට 10ට ගණන් කිරීම, කේන්තියට බලපෑ ස්ථානයෙන් පිටත්ව ගොස්
කේන්තිය නිවෙන තුරු මඳ වේලාවක් ගතකොට ආපසු පැමිණීම කේන්තිය පාලනය කරගැනීමේ
හා නිවා ගැනීමේ ප්‍රායෝගික ක්‍රම වේ.
හොඳ වාතාශ්‍රය සහිත සිසිල්
දැකුම්කළු සුවදායක පරිසරයක් කේන්තිය ඉක්මනින් නිවා දමනු ඇත. ආවරණය වූ කාමර,
දැඩි අවු රෂ්මිය, උණුසුම සහිත ස්ථාන කේන්තිය නිවීම පමා කරවනු ඇත. තවද
කේන්ති ගිය පසු කේන්තිය නිවෙන තුරු කේන්ති යාමට තුඩුදුන් කරුණ නැවත නැවත
සම්මුඛ නොවන සේ කටයුතු කිරීම ඉතා වැදගත් වේ.
කුමන ආගමක පැහැදිලි
කිරීමක් යටතේ ගත්තද, කුමන මනෝවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් ගත්තද කේන්තියෙන්
අත්වන සෙතක් නොමැත. කෙතරම් සාධාරණ හේතුවක් මත වුවද ඇතිකරගන්නා කේන්තිය ඔබට
අවසානයේ ඉතිරි කරන්නේ පසුතැවිල්ලක් පමණකි. එබැවින් හැකිතාක් කේන්ති නොගෙන,
කේන්ති නොගන්වා, නොරිදවා නොරිදවී ජීවත් වීම ප්‍රීතිමත් ජීවිතයක රහසයි.
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Tuesday, April 14, 2020
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment