2020.02.18
ඉස්සර ප්‍රවෘත්ති බලන්න කියල තිබුණෙ ජාතික රූපවාහිනියෙයි ස්වාධීන
රූපවාහිනියෙයි ප්‍රවෘත්ති විතරයි. ඒ දෙකම රජයේ නාලිකා.ඉතින් ඇහුණේ පවත්නා
ආණ්ඩුවේ හොරණෑව විතරයි. ඔහොම ඉද්දි ටිකෙන් ටික MTV විදියට පටන්ගෙන පස්සෙ
සිරස TV බවට පත්වුණ කිලී මහරාජාගෙ නාලිකාවෙ News1st ප්‍රවෘත්ති ප්‍රකාශය
ටිකෙන් ටික ජනතා විශ්වාසය දිනාගන්න පටන්ගත්ත. පස්සෙ පස්සෙ ආණ්ඩුවට ඡන්දෙ
දීපු කෙනෙකුට වුණත් ජාතික රූපවාහිනී, ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති
අප්පිරියාවක් නැතුව බලන්න බැරි තත්වෙට ආව. ඉතින් වැඩිදෙනෙක් පක්ෂ භේදයක්
නැතුව පුරුද්දක් විදියට News1st බලන්න ගත්ත.
ඒ කාලෙ News1st
නාලිකාවට දේශපාලන අරමුණක් තිබුණත් ඔවුන්ගෙ මූලික අරමුණ වුණේ ශ්‍රී ලංකාවෙ
ප්‍රමුඛතම ප්‍රවෘත්ති නාලිකාව බවට පත්වීම. ඇත්තටම ඔවුන් අති සාර්ථකව ඒක
කළා. 2010 වගේ වෙනකොට ඔවුන් හිටියෙ ඒකෙ උපරිම තැන. ප්‍රවෘත්ති බලන හැමෝම
වගේ පුරුද්දක් විදියට News1st රාත්‍රි 7 ප්‍රවෘත්ති බැලුව. නාලිකා විදියට
දෙරණ, ස්වර්ණවාහිනී තිබුණත් ප්‍රවෘත්ති නාලිකාවන් ලෙස සැලකියයුතු
අනන්‍යතාවයක් අත්පත් කරගන්න සිරස හමුවේ ඔවුන් දිගින් දිගටම අසමත් වුණා.
ඔහොම තියෙද්දි තමයි සිරිසට යකෙක් වැහුණෙ. ඇත්තටම කොහෙන්වත් ආපු යකෙක්
වැහෙනවට වඩා ඇතුලෙ හිටපු යකා එළියට ආව කිව්වොත් නිවැරදියි. සිරස තමන් ගැන
ප්‍රවෘත්ති නාලිකාවක් ලෙස නොව දේශපාලන පක්ෂයක් ලෙස කල්පනා කරන්න පටන් ගත්ත.
තමන්ගෙ දේශපාලන න්‍යාය පත්රයට අනුව රටේ දේශපාලන සිතියම හැඩගස්වන්න
ප්‍රවෘත්ති කාලය යොදවන්න ගත්ත. තමන්ගෙ සමාගම ගැන පාරම් බෑම්, පාරට්ටු
කරගැනීම්, ඔවුන්ගේ සමාගම තුලම වැටුප් ගෙවා තබාගෙන සිටින දේශපාලන විචාරකයන්
ලවා සිදුකරවන විචාර ආදියෙන් ප්‍රවෘත්ති නාලිකාවක අනන්‍යතාවය වැසී ගියා.
ඔවුන්ගේ නරඹන්නන් සිරස News1st අතහැර විකල්ප සොයන්නට පටන් ගත්තා.
අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් දෙරණ සහ හිරු නාලිකා විශාල මුදලක් වියදම් කර
තමන්ගේ ආවරණ පරාසය වැඩිකලා. වැඩි වැඩියෙන් වාර්තාකරුවන් බඳවාගත්තා.
ප්‍රවෘත්ති ප්‍රකාශන මැදිරි නවීකරණය කළා. දක්ෂ ප්‍රවෘත්ති නිවේදක
නිවේදිකාවන්ගේ සේවය ලබාගත්තා. 8ට ප්‍රවෘත්ති කිය කිය හිටපු දෙරණ 7ට
ප්‍රවෘත්ති කියන්න පටන්ගතතට පස්සෙ සිරස News1st බලපු බොහෝ දෙනෙක් අද දෙරණ
බලන්න පටන්ගත්ත. ස්වර්ණවාහිනියටත් තමන්ගෙ ප්‍රවෘත්ති වේලාව 7 කරන්න සිද්ධ
වුණා.
ඔයින් මෙයින් දෙරණ හිරු අතර යම් තරඟයක් බවට මේ තත්වය වර්ධනය
වුණා. ප්‍රවෘත්ති වේලාව සවස 7 නොව 6.55බවට පත්කලේ ඔවුන්. මේ සියල්ල සිදුවන
අතර ස්වර්ණවාහිනිය තිබුණේ ඊට ගොඩක් පසුපසින්. ඔවුන්ට යම් නරඹන්නන් පිරිසක්
සිටියත් ප්‍රමුඛතම නාලිකාව බවට ඔවුන් පත්වුණේ නෑ.
නමුත් ටිකෙන්
ටික සිරසට වුණා වගේම දෙරණ සහ හිරු අභ්‍යන්තරයේ සිටි යකුන් එළියට එන්න
පටන්ගත්ත. ඒ තත්වය ටිකෙන් ටික වර්ධනය වෙලා දින පනස්දෙකේ ආණ්ඩුව සමයේදී
ප්‍රවෘත්ති නාලිකාවක වගකීම අමු අමුවේම පැහැර හරින තත්වයට ඔවුන් ආවා. එයින්
පසු දෙරණ බොහෝ දුරට පක්ෂයකට නතුවූ නාලිකාවක් බවටත් හිරු එහි හිමිකරුගේ
සහෝදරයා නිදහස් කරගැනීමේ නාලිකාවක් බවටත් පත්වුණා.
ප්‍රවෘත්ති
ප්‍රකාශ පමණක් නොව උදෑසන පුවත්පත් කියවීම පවා තම දේශපාලන මතය නරඹන්නාට
පොම්ප කිරීමට යොදාගන්නා තැනට ඔවුන් ගියා. එපමණකින්ද නොනැවතී රසවින්දනාත්මක
වැඩසටහන් මෙන්ම ටෙලිනාට්‍ය පවා විචාර බුද්ධි හීනකරණය සැළසුම් සහගතව
සිදුකරන මෙවලම් බවට පත්කරගත්තා. මේ තුල යම් පිරිසක් නැවතත් විශ්වාසකටයුතු
ප්‍රවෘත්ති නාලිකාවක් සොයන්නට පටන් ගත්තා.
ස්වර්ණවාහිනිය මේ
තත්වයෙන් ප්‍රයෝජන ගත්තා. ඔවුන් අනෙක් සියළුම නාලිකා වලට සාපේක්ෂවය
අපක්ෂපාතී වාර්තාකරණයක් කරන්නට උත්සාහ කළා. මැතිවරණ කොමසාරිස්වරයා ඉදිරිපත්
කළ කාල සමීක්ෂණ වාර්තාව අනුවත් ස්වර්ණවාහිනිය ශ්‍රී ලංකාවේ අපක්ෂපාතීම
ප්‍රවෘත්ති නාලිකාව බවට පත්වීමත් සමඟම මෙතෙක් නොතිබූ අවධානයක් ඔවුන් වෙත
ලැබුණා.
ජනාධිපතිවරණයෙන් පසුව තත්වය මදක් වෙනස් වුවත් අනෙක් සියලුම
විද්‍යුත් නාලිකා වලට සාපේක්ෂව තමන්ගෙ ස්වාධීනත්වය අද දක්වාම
ස්වර්ණවාහිනිය ආරක්ෂා කරගෙන තියෙනව.
ඒ තුල ඔවුන්ට හැකි වී තිබෙනව/
ඔවුන් නැවතත් නිර්භය වී තිබෙනව ඔවුන්ගෙ ප්‍රවෘත්ති විකාශ වේලාව රාත්‍රි 8
බවට පත්කරන්න. ඒ ගැන සතුටුයි. අනෙක් සියළුම නාලිකා වල් වැදී තියෙන යුගයක
ලංකාවේ ප්‍රමුඛතම ප්‍රවෘත්ති අනන්‍යතාවය බවට පත්වෙන්නට ස්වර්ණවාහිනියට නැවත
නොඑන වටිනා අවස්ථාවක් ඇවිත් තියෙනව. ඔවුන් එයින් ප්‍රයෝජන ගනී කියල
බලාපොරොත්තු සහගත විශ්වාසයක් තියෙනව.
සුබ පැතුම්!
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Tuesday, April 14, 2020
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment