(2017 නොවැම්බර් 1 වැනි දින ලියන ලද පොස්ටුවකි)
සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ..
නෙලා ගන්න හිතයි දොතට මල් කොහොම වටින්නේ....
කදුලු මල් ගොඩක් පාර දෙපැත්තේ...
නෙලා ගන්න එපා...මගේ මල් පුංචී කුමාරියේ..
ජීවිතේට එබිකම් කරන සෙනෙහෙවන්ත හැගීම් එක්ක පරිස්සම් වෙන්න කියල අම්ම
කෙනෙක් දුවට දෙන අවවාදයක් හැටියට නේද බැලු බැල්මට පේන්නෙ? ඒත් මගෙ හිතවතෙක්
මේ ළගදි ඔය ගැන දුන්න වෙනස්ම විදියක නිර්වචනයක්.
ඒ තමයි ඔය හිනා
මල් - කදුළු මල් ලීසිං කරල ගන්න වාහන වලට උපමා කිරීම. අපි පාරෙ යනකොට
දෙපැත්තෙම තියෙන වාහන සේල්වල අලුත්ම අලුත් දිලිහෙන කිරි කිරි ටොයියා වාහන
පේන්න තියනවනෙ. ඉතිං ඔවුවා අත්පිට මුදලටක් දීල ගන්න අපි වැඩි දෙනෙකුට
වත්කමක් නැතිබව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනෙ. එතනදි තමයි ලීසිං කොම්පැනි
සහයට එන්නෙ.
ගියපු ගමන් ''සර්'' කියල අපූරුවට පිළිඅරං අපේ වාහන
හීනය හැබෑ කරල දෙන්න වෙන මහන්සිය ඇහැට කදුළු උණන තරම් සංවේදී එකක්. අපේ
සිහිනය ඉටුකරල දෙන්න සැදී පැහැදී ඉන්න ඉෂ්ඨ දේවතාවො විදියට තමා පේන්නෙ.
වාහනය ගන්නකල්ම (ඩොකියුමන්ට් ටිකට අත්සන් ගන්නකල්ම) මේ ලීසිං කොම්පැනි වල
මූල්‍ය සැලසුම් මාර නම්‍යශීලි කියල තමයි පෙන්නන්නෙ. ඒ නම්‍යශීලී බව මූල්‍ය
පහසුකම දීපු හැටියෙ වහාම අතුරුදහන් වෙලා යන්නෙ හිරු දුටු පිණිබිදු වගේ
තමයි. ඊට පස්සෙ ඉතිං පහසුකම ගත්තු එකාට වෙන්නෙ අර ගලේ පහරපු බළලාට වෙච්ච
දේ. ඉදගෙන ඉන්ඩත් බෑ නැගිටින්ඩත් බෑ.
ඇයි ඒම? ඒකට හේතුව තමයි වාහන
සදහා දෙන කල්බදු පහසුකම් වලදි වාරික හදන පිළිවෙල. ඒක නම් ඇරපු අතක් නැති
ඔරිජිනල් කැකිල්ලේ සිස්ටම් එකක්. මුලින්ම ඉල්ලන ණය මුදල අරන් ඒකට වාර්ෂික
පොළිය ගණන් බලනව. ගණන් බලල ණය කාලසීමාවේ වසර ගාණෙන් පොළිය වැඩි කරනව.
දැන් අපිට හිතෙන්නෙ ඒ පොලියත් අර ණය මුදලට එකතු කරල මුළු ගාණ සමාන වාරික
වලට බෙදනව කියලනෙ. එහෙම හිතුවොත් සොරි තමා. එහෙම වෙන්නෑ.
සමාන
වාරික වලට බෙදනව තමා. හැබැයි ඒ වාරික වල ණය වාරිකය සහ පොලිය තියෙන්නෙ සමානව
නෙවෙයි. මුල් වාරික වල බොහෝ විට සීයට අනූවක් විතර තියෙන්නෙ පොළිය. ඉතුරු
සීයට දහය වගේ තමයි ණය මුදලින් අඩු කරන්නෙ. උදාහරණයක් විදියට වාරිකය රුපියල්
30000ක් නම් මුල් වාරික වලදි 25000ක් විතරම පොළිය. 5000ක් විතර තමා
කැපිටල් එකෙන් අඩුවෙන්නෙ.
ඒක හින්ද වාරික 20ක් විතර ගෙවාගෙන ගිහිං
අතට සල්ලි ටිකක් ආපු වෙලාවට ඉතුරු ටික එකපාර ගෙවනව කියල හිතාගෙන
කොම්පැණියෙන් ගිහිං අහපුවම එතන ඉන්න කෙනා කොම්පියුටරේට කොටල full
settlement amount එක හැටියට කියන ගාණ බොහෝ විට අපි ගත්තු ණය මුදලටත් වඩා
වැඩි ගාණක්. එතකොට තමයි වාරික විස්සක් තිස්සෙ ගෙවපුවා යකා කාලද කියල හිතිල
ඌරු ජුවල් නගින්නෙ.
ඔය කතාව ලීසිං කොම්පැණි ණය දෙන වෙලාවෙදි බොහෝ
විට නොකියා ඉන්න උත්සාහ කරනව. එහෙම නැත්නම් මට "එකපාර ගාණක් දාන්න
පුලුවන්ද?" ඇහුවාම "අපෝ පුළුවන් සර්" වගේ කෙටි උත්තරේකින් ෂේප් වෙලා යනව.
නමුත් ගෙවන්න ගියාම තමයි ඇත්ත කතන්දරේ තේරෙන්නෙ. ඔය කතන්දරේ දැනගත්තු
ගමන් බොහෝ විට පාරිභෝගිකයො කලබල වෙනව. Facility එක reschedule කරන්න
ඉල්ලනව. ඒත් ඒ reschedule schemes බොහෝවිට කොම්පැණියටම තව වාසි වෙන
පාරිභෝගිකයට අතින් පාඩු වෙන ඒව.
තවත් දෙයක් තමා ලීසිං පහසුකමක්
තියෙන වාහනයක් තව කෙනෙකුට විකුණන එක. මේ සම්බන්දයෙන් ලංකාවෙ කිසිම ලීසිං
කොම්පැණියක් නම්‍යශීලී නෑ. කෙනෙක් වාහනේ විකුණන්නත් ලෑස්තිනං තව කෙනෙක්
ගන්නත් ලෑස්තිනං ඒ අලුතින් ගන්න කෙනො ලීසිං පහසුකමකට අවශ්‍ය සුදුසුකම්
සපුරන්නත් ලෑස්තිනම් ඒකට අවශ්‍ය ලිපි ලේඛන වියදම් ගෙවන්නත් ලෑස්තිනම්
කොම්පැනියට අලද මං අහන්නෙ? ඒත් කොම්පැණිය එහෙම වෙලාවක ඒ වගේ ඉල්ලීමක් බොහොම
නිර්දය විදියට ප‍්‍රතික්ශේප කරනව. විකුණන්නම අවශ්‍ය නම් ඇටෝර්නියක් ගහල
පවරන්න කියල අපි ගාවට එවනව. ඔය කාරණය හින්ද දැනට ලංකාවෙ පාරවල් වල දුවන
වාහන වලින් සීයට 40-50 අතර ප‍්‍රමාණයක් නියම අයිතිකාරය නොවන කෙනෙක්
පාවිච්චි කරන trend එකක් හැදිල තියනව. ඒක භයානක තත්වයක්.
ගෙවන්න
තියන මුදල Settle කරල අලුත් අයිතිකාරයට පවරන්න ගියත් full settlement
amount එක විදියට නොසෑහෙන ගාණක් කියනව. එතකොට ඊයෙ ලීසිං දීපු වාහනයකට අද
එකපාර settle කරන්න ඉල්ලුවත් ලක්ෂ 30ක විතර වාහනේට ලක්ෂ 45ක විතර
settlement amount එකක් තමයි දෙන්නෙ. මේක ඇත්තටම මහපාරෙ මංකොල්ලකනව වගේ
වැඩක්. ලීසිං කොම්පැණි වලම වෙලාවට මේ වගේ දේවල් අධිකරණයක් ඉස්සරහ කරන්න
ඉදිරිපත් වෙන පාරිභෝගිකයො අඩුයි. ඒ නිසා ඒ මංකොල්ලය බාධාවක් නැතුව දිගටම
කරගෙන යනව.
එහෙම බලනකොට ලීසිං පහසුකමකින් වාහනයක් ගන්න කෙනෙකුට
කරන්න තියෙන අලාභය අඩුම වැඩේ තමයි තමන් ලබාගත්තු පහසුකමේ කොන්දේසි අනුව
දිගටම ගෙවාගෙන යන එක. වාහනේ ලීසිං කාලෙ මැද්දෙදි විකුණන්න හරි හිටපු ගමන්
සල්ලි හම්බ වෙලා ණය සම්පූර්ණයෙන් settle කරන්න හරි ගියොත් අතින් පාඩුයි. ඒක
හින්ද තමයි මම කිව්වෙ ගලේ පහරපු බළලා වගේ තමයි කියල.
එහෙම බලනකොට
අර ගීතයට මගේ හිතවතාගෙ නිර්වචනය සීයට සීයක් ගැලපෙනව. පාරෙ යනකොට අලුත්ම
අලුත් වාහන ඔබ දිහා බලල හිනා වෙනව. ඒත් එතනදි බුද්ධියට ඉඩදෙන්නෙ නැතුව
ආසාවට ඉඩදීල තමන් ළග නැති මුදලකට ලීසිං පහසුකමකින් වාහනයක් ගත්තොත් අර කියන
හිනා මල කදුළු මලක් වෙනව. බිස්නස් කරන කෙනෙකුට සහ දවසින් දවස ආදායම් උපයන
professional කෙනෙකුට ඒක ලාභදායී වෙන්න පුළුවන්. ඒත් මාසෙකට සැරයක් පඩි
ගන්න, tough budget එකකින් අමාරුවෙන් ජීවත් වෙන කෙනෙකුටනම් ඒක පැහැදිලි
ලෙසම කදුළු මලක්ම තමයි.
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment