Tuesday, April 14, 2020

Kal Ho Na Ho

අහල තියෙන හින්දි ගීත අතරින් හිත්ගත් අංක එක මොකක්ද කියල කවුරුහරි ඇහුවොත් මගෙ නොවරදින උත්තරය Kal Ho Na Ho. හරියට මට ඒ ගීතය වගේම චිත්‍රපටය සමඟ ආත්මීය බැඳීමක් තියෙන ගානයි. ඉඳහිට වැඩියෙන්ම මිමිණෙන ඒ හින්දි ගීතයේ තේරුම මොකක්ද කියල බලමුද?

----------------------

Har ghadi badal rahi hai roop zindagi
Chaon hai kabhi, kabhi hai dhoop zindagi
Har pal yahan jee bhar jiyo
Joh hai samaan kal ho naa ho
හැම මොහොතකම ජීවිතය වෙනස් වෙනවා. සමහර වෙලාවට අඳුරුයි. තවත් සමහරවෙලාවට එළියයි. ජීවත් වෙන හැම මොහොතක්ම උපරිමයෙන් ජීවත්වෙන්න. මන්ද මේ මොහොත, මේ නිමේෂය හෙට නොතිබෙන්නට, යළි නොඑන්නට පුළුවන්.

Chahe joh tumhe poore dil se
Milta hai woh mushkil se
Aaisa joh koi kahin hai
Bas wohi sabse haseen hai
Us haath ko tum thaam lo
Woh meherban kal ho naa ho
ඔබට මුළු හදින්ම ආදරය කරන කෙනා සොයාගැනීම හරිම අපහසුයි. එහෙම කෙනෙක් කොතැනක හෝ සිටී නම් ඒ කෙනා තමයි ඔබට හමුවන සුන්දරම දෙය. ඒ අත හයියෙන් අල්ලාගන්න. මන්ද ඒ කෙනා හෙට එතැන නොඉන්නට පුළුවන්.

Palkon ke leke saaye Taking the support of your eyes
Paas koi joh aaye When someone comes near
Lakh sambhalo pagal dil ko Control your crazy heart
Dil dhadke hi jaye It will keep on beating
Par soch lo is pal hai joh But remember that what is there now
Woh dastan kal ho naa ho That story may not be there tomorrow
නෙත් යොමා බලන්න. කෙනෙක් ඔබ අසළට එනවිට පිස්සු හැදුණ ඔබේ හදවත පාලනය කරගන්න. එය දිගින් දිගටම ගැහේවි. නමුත් අමතක කරන්නට එපා, දැන් එතැන තිබෙන ඒ දෙය, ඒ කතාව හෙට එතැන නොතිබෙන්නට පුළුවන්.

---------------------
ඒක චිත්‍රපටයේ කතා තේමාවත් සමඟ 100%ක් ගැලපෙන ගීතයක්. චිත්‍රපටය බලලා නැති අය ඒක බලලා නැවත මේ පරිවර්තනය කියවන එක තමයි හොඳම.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...