බව
දුක මුළින්ම මම අදුනගන්නෙ පාරෙ ගහල තිබුණ පෝස්ටර් වලින්. මම දෙක වසරෙ
හෝතුන වසරෙ ඉගෙනුම ලබපු කාලෙ කුරුණෑගල තාප්ප වැහෙන්න පෝස්ටර් ගහල තිබුණ "බව
දුක" චිත්‍රපටය ගැන. ඒව දැකල විශේෂ කුතුහලයක් මට ඇතිවුණේ නෑ. පස්සෙ කාලෙක
සිනමා ලෝලියෙක් විදියට විවිධ චිත්‍රපට සියගාණක් බලල තිබුණත් බව දුක සහ බව
කර්ම බලන්න මේ වෙනකල් බැරි වුණා.
බව දුක - ඇත්තටම බව දුකක්ම තමයි. මුහන්දිරම් අතින් දූෂණය වෙන නෝනාහාමිව පේදුරු කසාද බඳින්නෙ ඒ බව නොදැන. බඳින දවස වෙද්දිත් මුහන්දිරම්ගෙ දරුවා නෝනාහාමිගෙ බඩේ. ඒක කොහොමින් කොහොමින් හරි පේදුරු දැනගන්නව.
ඉන් පස්සෙ පොලීසියේ රාජකාරි කරපු, කට්ටඩිකමත් කරපු ජීවයෙන් පිරුණ තරුණයෙක් වෙච්ච පේදුරු වෙනස් මිනිහෙක් බවට පත්වෙනව. රස්සාවත් අහිමි කරගන්නව. ඒත් නෝනාහාමිට තියෙන ලැදියාව අඩු වෙන්නෙ නෑ.
නමුත් නෝනාහාමි ඊට වඩා වෙනස්වෙනව. දරුවන්ගෙ වැඩයි අගහිගකමුයි එක්ක පේදුරු ගැන නෝනහාමිගෙ හිතේ තිබුණ ආදරය ටිකෙන් ටික නැතිවෙලා ගිහින් නෝනහාමි නිකම්ම නිකං නපුරු ගෑණියෙක් බවට පත්වෙනව. ඒත් පේදුරු නෝනහාමිගෙ ඇණුම් බැණුම්, නින්දා අපහාස ඔක්කොම තමන්ට නෙවේ වගේ පාඩුවෙ විඳ දරාගෙන ඔහේ ජීවත් වෙනව. තමන්ට පුළුවන් විදියට කීයක් හරි හොයාගන්න උත්සාහ කරනව. ඒත් ඒ හැමදෙයක්ම නෝනහාමිගෙ සමච්චලයට හෝ අපහාසයට ලක්වෙනව මිසක් සිද්ධ වෙන හොඳක් නෑ.
චිත්‍රපටය අවසාන වෙන්නෙ මුහන්දිරම්ට දාව නෝනහාමිට උපන්න දරුව අතුරුදහන් වීමෙන්. ඒ වැඩිමල් දරුව ගිරිගෝරිස් තමන්ගෙ නැගණියක් කරපු වැඩකට කේන්ති ගිහින් බත් මඩක්කුවෙන් දමල ගහනව.එකට ඒ කෙල්ලට තුවාල වෙනව. තුවාල වෙලා ලේ ගලන කෙල්ල දකින කවදාවත් තරහ නොයන පේදුරුට තරහ ගිහින් ගිරිගෝරිස්ට ගහන්න පන්නනව. ගිරිගෝරිස් දුවල ගිහින් ගඟට පනිනව. පේදුරු කොච්චර හෙව්වත් හම්බ වෙන්නෙ නෑ.
ගෙදර ආවම නෝනහාමි පේදුරුගෙන් අහනව "තොට කොහෙන් ආපු හයියක්ද යකෝ මගෙ කොල්ලට ගහන්න?" කියල. ඊට පස්සෙ කොල්ලව කැලේට ගෙනිහින් මරල දැම්ම කියල දෙස් දෙවොල් තිය තිය චෝදනා කරනව.
චිත්‍රපටිය බැලුවයි කියල ලොකු තෘප්තියක් සතුටක් දැනෙන්නෙ නෑ. මොකද ඒක කොහොමටවත් සුන්දර කතාවක් නෙමෙයි. කාලෙකට කලින් "බව දුක" ගැන කෙනෙක් කිව්ව ඒකෙ තියෙන්නෙ සුද්දට ගොට්ට අල්ලපු උන්ගෙ කැරැට්ටුව ගැනලු.
නෑ. සුද්ද එන්න කලිනුත් ඔය කැරැට්ටුව ඔහොමම තමයි. දිසාවෙලා, රටේ රාලලා, අදිකාරමලා නෙවෙයි රජවරු පවා තමන් යන එන තැනකදි ලස්සන කෙල්ලක් දැක්කොත් ලේසියකට අතාරින්නෙ නෑ. පොදුවෙ එතනින් එහා ගියාමත් එහෙමයි. ඒක අපේ අභිමානවත් ඉතිහාසයේ කතා නොකරන ගඳ ගහන තැන් වලින් එකක්. ඒකත් එක්ක අනත් මිනිස්සුන්ගෙ ජීවිත හැඳිගෑවිලා ඇඹරිලා යන හැටි මේ චිත්‍රපටයේ හොඳටම පෙන්නල තියෙනව.
"බව දුක" බලද්දි පේදුරු ගැන අනුකම්පාවකුත් නෝනාහාමි ගැන අනුකම්පාවක් එක්කම එන යම් තරහකුත් ඇති වෙනව. ඒත් සමස්ථය ආපහු බලපුවාම නෝනහාමිගෙ ඇති වරදකුත් නෑ. ඉතිරිය දැනගන්න "භව කර්ම" බලන්න ඕන හෙට.

No comments:
Post a Comment