හේ
දෑස් හැර බැලීය. හාත්පස මඳ අඳුරකි. සෙමෙන් නැගී සිට වටපිට බැලූ ඔහුගේ
සිරුර සැඳෑ අඳුරත් සමග මෝදු වූ බියජනක හැගීමකින් ගැස්සී ගියේය.
එ් ඔහුට ඇසුණේ අඩි ශබ්දයක්ද? මදක් කන් යොමා නිසොල්මනේ සිටියේ නැවත එය අසන්නටය. පැහැදිලිවම යම් හඬක් ඇසේ. හේ ජනේලයෙන් පිටත ගොම්මන් අඳුර දෙස බැලීය. භයංකාර අද්භූතත්වයට පණ ලැබෙන අඳුර දසත වෙළාගෙනය.
බිය යටපත් කරගෙන අඩි කිහිපයක් තැබූ හෙතෙම දොර රෙද්ද සෙමෙන් මෑත් කොට හිස යොමා සාලය දෙස බැලුවේය. ගොම්මන් අඳුර මැද රඟ දෙන සුදෝසුදු සළුව ඔහුගේ නෙත ගැටිණ. ලොමු ඩැහැගන්වන භීතියකින් හිරිවැටීගිය හේ අඩියක් පසුපසට තැබීය. භීතියේ සහ තනිකමේ නිමේෂය ඔහුට සරදම් කරනවා වැනිය. අඩවන් වූ ජනේලයෙන් හමන මද සුළගින් ඒ මේ අත වැනෙන ජනෙල් රෙද්ද ඔහු බියගන්වයි.
සියල්ලන් කොහිද? තමා අඳුරේ තනිවීලාය. මද වේලාවක් කල්බලමින් සිටි ඔහු හඬ නොනැගෙන සේ සෙමෙන් සෙමෙන් සාලය මැදට පියමැන්නේය. ඔවුන්ගේ හඬ ඔහුට ඇසෙනවා වැනිය. ජීවයෙන් පිරීගිය දහවල සහ සෙවණැලි අරක්ගත් බියකරු රාත්‍රිය ඔහු වෙව්ලුවාලීය.
හදිසියේ ඇසුණු සර සරයකින් හේ ගැස්සී ගියේය. ඒ කුමක්ද? කිසිවෙකු නිවස තුල සිටිනවා විය යුතුය. බිය මැඩගනිමින් සෙමෙන් අඩි කිහිපයක් ඉදිරියට තැබූ ඔහු සෝපාවට මුවාවී කෑම කාමරය දෙස එබී බැලුවේය.
දහවලත් රාත්‍රියත් අතර ඇති බියකරු මද අඳුරට ඔහු කැමති නොවීය. එය ලොමු ඩැහැගන්වන සෙවණැලි වලට පණ දෙයි. ඔහුට වැරදී නැත. නොවැරදීම කෑම කාමරයෙන් සර සරයක් ඇසේ.
අන්න නැවතත්. භයංකාර ගොම්මන් අඳුරේ නිවසට වැදුණු අද්භූත ආගන්තුකයා කවුද? ඔහු නැවතත් හඬ නොනැගෙන සේ පියවර මැනීය. කිසිවෙකු පෙනෙන්නට නැත. නමුත් සර සරය නොනවතී. භීතිය පසෙකලා ධෛර්යය උපදවාගත් හේ කෑම කාමරයට පිවිසියේය. මඳ අඳුරේ නටන සෙවණැලි තවමත් ඔහුව බිය ගන්වයි.
අන්න නැවතත් ඒ සර සරය. ඔහුගේ හදගැස්ම වේගවත් වනු ඔහුටම දැනුණි. ඒ අවතාරයක්ද? කිසිවෙකු පෙනෙන්නට නැත. අද්භූත ආගන්තුකයා සෙවණැලි අතර සිට ඔහු ගොදුරු කරගැනීමට බලා සිටින්නේය යන හැඟීම බිය එළවනසුළු විය. සර සරය ඇසෙන්නේ මේසය අසලිනි. ඔහු බිය යටපත් කරගෙන සෙමෙන් සෙමෙන් මේසය අසළට පියමැන්නේය.
සර සරය ළඟ ළගමය. අද්භූත ආගන්තුකයා තමා අසළම බව ඔහුට දැනුණි. ඈතින් ඇසෙන බියකරු රැහැයි හඬ භීතිය දෙගුණ තෙගුණ කරවීය. මේ ඔහුගෙ අවසානයද? ඔහුගේ මරුවා ඔහුටත් නොපෙනී ඔහු අසළටම පැමිණ අවසන්ය.
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
නමුත් එය හුරු පුරුදු සුවඳකි. බිය මොහොතකට අමතක කළ හ්‍ෙ පසුපස ගාත් වලින් සිටගෙන ඉදිරි ගාත් දෙක මේසය ගැට්ටේ තබා එබී බලන්නේ අඩක් විවෘත කර ඇති නයිස් බිස්කට් පැකට්ටුව දුටුවේය.
මොන හොල්මනක්ද? විවෘත කර තිබූ බිස්කට් පැකට්ටුවේ සරුව පිත්තල ආවරණය ජනේලයෙන් එන සුළඟට ඒ මේ අතට නටමින් සර සර හඬක් නැගීය. මොහොතකට පෙර ලොමු ඩැහැගැන්වූ ඒ හඬ දැන් ඔහුට කර්ණ රසායනයකි. මෙය නම් නිධානයකි. අසළ කිසිවෙකු නැතත් හේ වේගයෙන් වල්ගය වනන්නට විය. තව අඟලක් උස වූවා නම්? හේ ඉදිරි ගාත් දෙකෙන් දණි පණි ගාමින් බිස්කට් පැකැට්ටුවේ කෙළවර ඩැහැගන්නට උත්සාහ කලේය. තව ටිකයි. අන්න හරි.
බාගෙට විවෘත කර තිබූ බිස්කට් පැකැට්ටුවේ කොණක් කටින් ඩැහැගත් හේ එය වැරෙන් බිමට ඇද්දේය. මිහිරි හඬ නංවමින් නයිස් බිස්කට් රැස පොළෝතලය සිපගත්තේය. සතර මහා නිධානය පහළ වී නම් ඔහු මෙතරම් සතුටු නොවනු ඇත.
අහෝ ඒ රස ආකරය කා නිම කරන්නට ඔහුට ලෝභ සිතුණි. නමුත් ඔවුන් එන්නට පෙර සියල්ල කා නිමකල යුතුය. තාමත් අවට මඳ අඳුරේ වෙලී ඇත. අඳුරු සෙවණැලි, අද්භූත හඬවල් තවමත් ඇසේ. ඒ අවතාරද? මොකා වුවත් කමක් නැත. උන් කුද ගහගත්තාවේ යැයි සිතූ හේ කෙළවරක සිට නයිස් බිස්කට් නිධානය බුදින්නට පටන් ගත්තේය.
හෝරාවක් පමණ ගෙවී ගියේය. හංදියෙන් හරවද්දීම මෝටර් රථයේ හඬ ඔහු ඇඳින්නේය. මුළින් ගේට්ටුවේ අගුල ඇරෙන හඬද, කාරය ගරාජයට දිවෙන හඬද, ඉන්පසු ඉදිරි දොර විවෘත වන හඬද ඔහු අලස ලෙස වැතිර අසා සිටියේය. හදිසියේම දැල්වුණ විදුලි ආලෝකයෙන් දෑස් නිලංකාර වුවද යුතුකමක් ලෙස නැඟීසිටි හේ සිනාසෙමින් වල්ගය වනන්නට විය. ඔවුන් පැමිණ ඇත.
"මෙන්න මනුලෝ ඇතුලෙ" ඇය කියනු ඇසුණි.
තමා කලේ වරදක් නොවේදැයි යන හැඟීම ඔහුගේ චිත්ත සන්තානය වෙලාගත්තේය. ඔවුන්ගේ මුහුණ බලන්නේ කෙසේද? විශේෂයෙන් ඔහුගේ. අහෝ! තමා මහා පවුකාරයෙකි. පිළිගැනීමේ චාරිත්‍රය වහා නිමකළ ඔහු ඔවුන්ට මුහුණ නොදී මේසය යටට රිංගා ගත්තේය.
"ඇයි මනුලෝ මේසෙ යට? මොකක්හරි දඟ වැඩක් කරලද දන්නෑ" ඔහු කියනු ඇසේ.
අහෝ! ලෝකය කෙතරම් නපුරුද?
"දඟ වැඩක්? හොඳ දඟ වැඩේ. අප්පච්චියි දුවයි දෙන්නම ඇවිල්ල බැලුවනම් හොඳයි. මෙන්න මේසෙ උඩ තියල ගියපු බිස්කට් පෙට්ටියම ඇදල කාලා"
"මොකක්?"
"මනුලෝ.... එනව එළියට"
අනේ දැන් ඉතින් ඉඳලා මොකටද? ඔහු නොවේ මහරජ්ජුරුවන් කතා කළද තමා දැන්නම් එළියට යන්නේ නැත. ටිකෙන් ටික ළඟාවෙන ඔවුන්ගේ අඩි ශබ්දයට කන්දෙමින් හේ තව තවත් බිත්තිය දෙසට ගුලි ගැසුණි.
නිමි
පලි
-----
"මේ මොන මඟුලක්ද ඕයි ලියලා තියෙන්නෙ?"
"ඔය තමයි 'අමතක වෙලා බල්ලව ගේ ඇතුලට දාල වහල ගිහින් ආපහු එනකොට ඌ මෙසෙ උඩ තියන බිස්කට් පෙට්ටියම ඇදලා කාලා' කියන එක ලියන තවත් විදියක්. හැබැයි ඒක ඔය විදියට එක වාක්‍යයකින් ලිව්වනම් කිසි ගතියක් නෑ, කවුරුවත් ගණන් ගන්නෙත් නෑ, උඹ මෙච්චර වෙලා ඩේටා කපාගෙන මේක කියවන්නෙත් නෑ"

No comments:
Post a Comment