පුද්ගලයෙකු
සමාජ සම්මතයට සාපේක්ෂව අපරාධකරුවෙකු වන්නේ කෙසේද? අපරාධකරුවකු වීම නොවීමත්
සමාජ සම්මතය තුල පූර්වයෙන් ස්ථාපිත ප්‍රමිතීන් මත පමණක් තීරණය වන්නක්ද?
මෙම චිත්‍රපටය නරඹන ඔබ මෙම ගැටලු අතර අතරමං වනු ඇත.
සම්මතයට එරෙහි වීම තුල එනයින්ම බැලු බැල්මට පෙනෙන වීරත්වයක් තිබේ. මන්ද
ස්ථාපිත සමාජ පවුරු පදනම් වලට අභියෝග කිරීමට මෙන්ම ඒවා ප්‍රශ්න කිරීමටද
සැළකියයුතු ආත්ම ශක්තියක් අවශ්‍ය වන බැවිනි. වරප්‍රසාද ලත් පන්ත්ය විසින්
ස්ථාපිත කරන ලද සමාජ ආචාරධර්ම සහ ධූරාවලීන් තුල නිර්මාණය වන්නා වූ පීඩිතයා
මහ මග වැටී සිටියද ඔහුගේ මතින් පැන යාමේ සංස්කෘතිය මෙම චිත්‍රපට තුල නිර්දය
ලෙස විවේචනයට ලක්වේ.
කෙසේ වෙතත් ව්‍යාජ පදනම් බිද දැමීම සදහා
සිදුවන විප්ලවීය නැගිටීම නිසි ලෙස විනයගත නොවූ වියරු එකක් බවට පත්වූ කල
සිදුවන්නේ කුමක්ද යන්න පවා මෙහිදී සාකච්ඡා කෙරේ. අහිංසකයෙකුට පාඩුවේ
සිටින්නට නොලැබීම ඔහුව නිරන්තර කෙණෙහෙළිකම් වලට ලක්වීම සමච්චලයට මෙන්ම සමාජ
ගැරහුමට පහර කෑමට ලක්වීම ඔහුව ඇතැම් විටෙක වියරු විපලවවාදියෙකු කරනු ඇත. ඒ
හරහා නිර්මාණය කෙරෙන වියරුවට ඔහු ආදරය කරනු ඇත. ආශා කරනු ඇත. එය
ප්‍රවර්ධනය කරනු ඇත. ඔහු පසුපස යාමට ඔහු මෙන්ම පීඩිත සැළකියයුතු පිරිසක්
සිටිනු ඇත.
එයින් යම් රාමුවක් තුල ජයග්‍රහණයකැයි හැගී යන යමක්ද
ඔවුන් ළගා කරගනු ඇත. නමුත් එහි ඇති අවිධිමත් වියරු විනාශකාරී ස්වභාවය අවබෝධ
වීමට කළක් ගතවනු ඇත. එතෙක් එය විප්ලවීය ජයක්ම වනු ඇත්තේය.
ඒ අනුව
බැට් මෑන් කතා මාලාව ආශ්‍රිතව නිපදවෙන නවතම සිනමා නිර්මාණය වන ජෝකර්
අතිශයින්ම දේශපාලනික චිත්‍රපටයක් බවට පත්වේ. කුඩා කළ නැරඹූ බැට් මෑන්
කාටුන් චිත්‍රපට වල දුටු ජෝකර්ට වඩා ශක්තිමත් පදනමකින් යුතු හේතු සහගත
ජෝකර් කෙනෙකු මෙහිදී අපට හමුවේ. ඔහුගේ කතාව ඔහුගේ දෘෂ්ටියෙන් බලන කල ඔහු
පිළිබදව යම් අනුකම්පාවක්ද ජනිත වීම නොවැලැක්විය හැකිය.
කෙසේ වෙතත
ඕනෑම පුද්ගලයෙකු සියයට අනූවක් අවස්ථා වලදී ගනු ලබන්නේ තමන්ට කතාව කියන්නාගේ
පැත්ත වේ. මන්ද නිතැතින්ම ඒ හරහා කර්තෘ දෘෂ්ටිකෝණය වෙනස් වන බැවිනි.
ජෝකර්ටද එවැනි කතාවක් ඇත. එය මහත් අවධානයකින් නැරඹිය යුත්තකි. මන්ද එය
බටහිර ලෝකයට හෝ ගෝතම් නගරයට පමණක් නොව ශ්‍රී ලංකාවට පවා මනාව ගැලපෙන
ආකෘතියක කතාවක් වන බැවිනි. යමෙකුගේ කතාව අසා වැඩක් නැතැයි පූර්වයෙන්ම බැහැර
කරන සමාජයක ජෝකර් නම් කිතුල් ගහට නැගි මිනිහාගේ කතාවට සිනමා නිර්මාණයකින්
එහාට වටිනාකමක් ලැබේ දැයි මම නොදනිමි. නමුත් එය ඔබ දැන සිටිය යුතු
කතාවක්මය.
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Tuesday, April 14, 2020
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment