Tuesday, April 14, 2020

Harriet (2019)


ඇමරෙිකා එක්සත් ජනපදය වර්තමානයේ කොතරම් ප්රජාතන්ත්රිවාදය මානව නිදහස සමානාත්මතාවය පිළිබදව කතා කළද ඔවුන්ගේ එතරම් දුර නොවන අතීතය ඉතාම ලැජ්ජා සහගත එකක්. විශේෂයෙන්ම වහල්භාවය පිළිබදව ඔවුන් මෑතක් වනතුරුම අනුගමනය කරන ලද පිළිවෙත ඉතාම පිළිකුල් සහගතයි. එවැනි පිළිකුල් සහගත ඇමෙරිකානු ඉතිහාසය ගැන කියැවෙන මාගේ සිත්ගත් චිත්රපට ලෙස 12 years a slave, The Green Book සදහන් කරන්න පුළුවන්.

ඇමෙරිකානු වහල්භාවයේ අවසාන භාගයේදි දකින්න ලැබෙන කැපී පෙනෙන ලක්ෂණයක් තමයි ඇමෙරිකා එක්සත් ජනපදයේ උතුරුදිග ජනපද වල වහල්භාවයට එරෙහි මතයක් ව්යාප්ත වෙද්දි දකුණු දිග ජනපද වල වහල් භාවය අත්යවශ්ය දෙයක් ලෙස මතයක් පැවතීම. ඒ මතය කොතරම් දුරට ගිහින් තිබෙනවාද කියන්නේ නම් පැන යන වහලුන්ට අපායේ වෙනම කොටසක් වෙන්ව ඇති බවට පූජකයින් විසින් දේශනා පවා පවත්වනවා.

එවැනි කාලසීමාවක ඇමෙරිකාවේ දකුණු දිග ජනපදයක එක්තරා වහල් තරුණියක් තමන්ගේ නිදහස සොයා පලායන්නට තීරණය කරනවා. ඇගේ නම මින්ටි. ඇය ජීවිතයත් මරණයත් අතර සටනකින් පසු දින ගණනාවකට පසුව වහල්භාවය ප්රතික්ෂේප කරන ජනපදයක් වෙත ළගා වෙනවා. ඇයට එහිදී වැටුප් ලැබෙන රැකියාවක් සුවපහසු ජීවිතයක් ගෞරවනීය පිළිගැනීමක් ලැබෙනවා.

නමුත් ඒ සැපපහසුකම් භුක්ති විදිමින් සිටිනවා වෙනුවට ඇය තීරණය කරන්නේ දකුණුදිග ජනපද වල වෙසෙන තම සහෝදර වහල් ජනතාව තව තවත් මුදාගැනීම සදහා කැපවීමට. ඇගේ මින්ටි යන නාමය ඇය හැරියට් ටබ්මන් යනුවෙන් වෙනස් කරගන්නවා. දකුණු දිග ප්රදේශ වලට හොර රහසේ යන ඇය වහලුන් රංචු පිටින් කිසිවකුගේ ආධාරයක් රහිතව උතුරු ජනපද වලට රැගෙන යන්නට සමත් වෙනවා. මේ හේතුවෙන් ඇයට මෝසස් යනුවෙන් අන්වර්ත නාමයක් පවා පටබැදෙනවා.

මේ චිත්රපටය පුරා දිවෙන්නෙ හැරියට් ටබ්මන්ගෙ සත්ය ජීවිත කතාව. එය මානව නිදහස සමානාත්මතාවය අගයන සෑම මනුශ්යයෙකු විසින්ම නැරඹිය යුතුම චිත්රපටයක්.

චිත්රපටය බලන්න තවත් හොඳ හේතුවක් තමයි Janelle Monáe ❤️

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...