(2015 නොවැම්බර් 07 වැනි දින ලියූ පෝස්ටුවකි)
(පරිවර්තකවරු :- අභය හේවාවසම් මහතා සහ ආනන්ද සෙල්ලහේවා මහතා
මේ සෑම පොතක්ම සූරිය ප‍්‍රකාශනයකි.)
ෆ්‍රෙඩ්රික් ෆෝසයිත්ගෙ පොත් වලින් මට මුලින්ම දකින්න ලැබුණෙ යුධ බල්ලෝ (Dogs of War) 2004දි විතර මට මතක හැටියට. නමුත් පොතේ ස්වභාවයට මම ඒ තරම් කැමැත්තක් නොදැක්වුව නිසා වෙන්න ඇති පොත් කඩේදි පොත අතට ගත්තු හැම වෙලාවකම මම පොත ආපහු තිබ්බෙ.
මට වෘකයාගේ දවස (The Day of the Jackal) කියවන්න ලැබුණෙ විශ්ව විද්‍යාල ප‍්‍රවේශය අපේක්ෂාවෙන් ගෙදර ඉන්න කාලෙ. ඒ කතාව කොයිතරම් දුරට මාව ඇද බැද ගත්තද කිව්වොත් කතාවෙ අන්තිමට වෘකයා සාර්ථක වෙනවනම් කියල මම ප‍්‍රාර්ථනා කළා. වෘකයාගේ දවස තමයි මට හිතෙන හැටියට සිංහලයට පරිවර්තනය වුණ ෆෝසයිත් ගෙ පොත් අතරින් සාර්ථකම පොත. මාව ෆෝසයිත් රසිකයෙක් කළේ ඒ පොත.
ඊට පස්සෙ හිට්ලර්ගේ එස්.එස් හමුදාව (The Odessa File) පොත මං මිළදී ගත්තෙ අහම්බෙන්. ඒක ගත්තට පස්සෙ තමයි දැක්කෙ ඒකත් ෆෝසයිත්ගෙ එකක් කියල. ෆෝසයිත්ගෙ කතා වල දකින්න ලැබෙන එක දිගට ගලා යන ක‍්‍රියාදාම ස්වභාවය මේ කතාවෙත් තිබුණ. මේක තමයි ෆෝසයිත්ගෙ පොතක් හැටියට මගේ පොත් එකතුවට මුලින්ම එකතු වුණේ.
ඉන් පසසෙ මන් මිළදී ගත්තෙ යුධ බල්ලෝ. ඒක ගන්න කලින් අවුරුදු ගාණක ඉදන් පමම පනස් වතාවකට වැඩිය පොත අතටත් අරගෙන ආපහු තියන්න ඇත. යුධ බල්ලෝ මට හිතෙන හැටියට වෘකයාගේ දවස එක්ක බලනකොට අසාර්ථක නවකතාවක්. ක‍්‍රියාදාම ස්වභාවය ඒකෙ තිබුණත් ගොඩාක් ආකර්ශණීය කතාවක් වුණේ නැහැ මට නම්.
නැවතත් අර ෆෝසයිත්ට ආවේණික සුපිරි ආකර්ශණය මම වින්දෙ සංසන්දිකයා (The Negotiator) පොතෙන්. සුපුරුදු ක‍්‍රියාදාම ස්වභාවය මෙන්ම අවිනිශ්චිතභාවය ආරක්ෂා කරගන්න ගමන් කතාව පුරා අපූරුවට කුතුහළය රදවාගන්න මෙහිදිත් ෆෝසයිත් සමත් වෙලා තිබුණ.
ඔය කියපු ෆෝසයිත්ගෙ කතා සියල්ලට අමතරව භූත යානය (The Shepherd) කියන කෙටි නව කතාවත් ඇතුළු කතා 5ක් සිංහලට පරිවර්තනය කරල තිබුණෙ අභය හේවාවසම් මහතා. එතුමා ෆෝසයිත් අදහස් කළ දේයම ඒ විදියටම අපට කාවද්දන්න සමත් වෙලා තිබුණ. මම දන්න විදියට සංසන්ධිකයා තමයි අභය හේවාවසම් මහතා පරිවර්තනය කළ ෆෝසයිත්ගෙ අවසාන පොත. එතුමා අප අතරින් සදහටම සමුගත්තෙ පරිවර්තන සාහිත්‍යයේ නොමැකෙන ළකුණක් සනිටුහන් කරමින් වගේම පිරවිය නොහැකි හිඩැසක් ඉතිරි කරමින්. ඉන්පසු සූරිය ප‍්‍රකාශන ලෙස පළවුණු ෆෝසයිත්ගෙ පොත්වල අභය හේවාවසම් ලකුණ නොමැති වීමේ අඩුව මටනම් තදින්ම දැනුණා.
අභය හේවාවසම් මහතාගේ වියෝවෙන් පසු ෆෝසයිත්ගේ කෘති සිංහල පාඨකයාට දායාද කිරීමේ කාර්යයට අතගැසුවෙ ආනන්ද සෙල්ලහේවා මහතා. එතුමාගේ පළමු ෆෝසයිත් පරිවර්තනය පළිගැනීමේ මෙහෙයුම (The Avenger). එහි ඉංග‍්‍රීසි නවකතාව මම ඊට පෙර කියවා තිබුණා. එය අතිශය ආකර්ශණීය ක‍්‍රියාදාම නවකතාවක් වුණත් පරිවර්තනය ඒ තරම් සාර්ථක වෙලා තිබුණෙ නෑ. අභය හේවාවසම් මොන තරම් ජගතෙක්ද කියල තේරෙන්න ගත්තෙ මේ පොත කියවද්දි.
ඉන්පසු සෙල්ලහේවා මහතා අතින් පරිවර්තනය වුණ නාග මෙහෙයුම (The Cobra) , සිරකරුවා ඔත්තුකරුවා (The Afghan), මොස්කව් පෙරළිය (Icon), රවටිලිකරුවා (The Deceiver), අවසාන රාත‍්‍රිය (The Kill List) මෙන්ම මම දැන් කියවල අවසන් කරපු මහ සයුර ගිනි ගනී (Devil's Alternatiove) කෘතියත් අතරින් වඩාත් සාර්ථකම වගේම ආකර්ශණීයම වුණේ සිරකරුවා ඔත්තුකරුවා කෘතිය. අර වෘකයාගේ දවස, සංසන්දිකයා වැනි කෘතිවල මම දැකපු නොනවත්නා කුතුහළය දනවන ක‍්‍රියාදාම ස්වරූපය මේ පොතෙත් අඩු නැතුව තිබුණා.
ඒ පසුකාලීන පරිවර්තන කියවනකොට මට හිතුණ හැටියට අභය හේවාවසම් මහතා ෆ්‍රෙඩ්රික් ෆෝසයිත්ගෙ හොදම පොත් තෝරා බේරාගෙන පරිවර්තනය කර ඇතිදෝයි මට හිතුණ. මොකද, පස්සෙ ආප නවකතා වල ෆෝසයිත් වයසට යාම හින්දද කොහෙද අනවශ්‍ය විස්තර ගොඩක් වැඩිකරල තිබුණ. මොස්කව් පෙරළිය වගේම මහසයුර ගිනි ගනී වැනි පොත් වල කතාවට අනවශ්‍ය විස්තර මහා ගොඩක් අතරෙ කතාව හැංගිලයි තිබුණෙ. නමුත් ෆෝසයිත්ගෙ සාර්ථකම පොත් විදියට මා සළකන වෘකයාගේ දවස සහ සංසන්දිකයා පොත් වල කිසිම අනවශ්‍ය විස්තරයක් තිබුණෙ නෑ.
කොහොම වුණත් දැන් මම හිතන විදියට, මම ෆෝසියිත්ගෙ පොත් වලින් සිංහලයට පරිවර්තනය වුණ පොත් සියල්ලම, කියවා අවසන්. ඒ සියල්ලම මගේ පුස්තකාලයේ තිබුණා. දැනට ඉතිරි ඒවායේ ෆොටෝ එකක් තමයි ඔය තියෙන්නේ. භූත යානය හා පළිගැනීමේ මෙහයෙුම කියවන්න කියලා ඉල්ලගෙන ගිය කෙනෙක් ගෙනත් දීල නෑ. මම ඒක ලියාගත්තු පොතත් නැති වෙලා.
මේ සටහන කියවන කවුරුහරි ෆෝසයිත්ගෙ පොත් කියවලා නැති කෙනෙක්, කියවන්න හිතාගෙන ඉන්නවනම් මුලින්ම වෘකයාගේ දවස සහ සංසන්දිකයා කියන පොත් දෙක කියවල ඉන්න කියලයි මම නම් කියන්නෙ. මට ෆෝසයිත් පිස්සුව හැදෙව්වෙ ඒ පොත් දෙක. ඔබටත් නිසැකවම ඒ පොත් දෙක ෆෝසයිත් පිස්සුව බොකරන බවට සැකයක් නැහැ.

No comments:
Post a Comment